රට තුළ පවතින ආර්ථික ගැටළු හා රැකියා අහිමි විම නිසා ගෘහස්ත ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනිමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්.
එලෙස උනන්දුවක් දක්වන අය වෙනුවෙන්ම ස්වයං රැකියාවට අත්වැලක් යන මාතෘකාව යටතේ නිවසේ සිට සිදුකල හැකි ස්වයං රැකියා කිහිපයක් පිළිබඳව අප පසුගිය සතියේ දී ඔබත් සමඟ සාකච්ඡා කළා.
මෙවර අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ ස්වයං රැකියාවක් මාර්ගයෙන් ආරම්භ කරන ව්‍යාපාරයක්
පවත්වාගෙන යාමේදී ඔබ විසින් දැන සිටිය යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳයි.
ඔබට ව්‍යාපාරික අදහස් බොහෝ සංඛ්‍යාවක් තිබෙන්නට පුළුවන්. ඕනෑම ව්‍යාපාරයක් වුවද එය නියමිත ප්‍රමිතියකින් යුක්තව ආරම්භ කළ යුතු අතර ඒ සඳහා පළමුව ව්‍යාපාර සැලැස්මත් (growth plane) පසුව ව්‍යාපාරය සදහා දැක්ම (vision ) හා මෙහෙවර ප්‍රකාශය mission ඔබ විසින් සාදා ගත යුතු වේ.
මෙහි දී ඉතාම වැදගත් කොටස වනුයේ ව්‍යාපාර නාමය හෝ නිෂ්පාදනය ලියාපදංචි කිරීම යි. ඒ සඳහා ඔබට ළගම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් ඔබේ ව්‍යාපාර නාමය ලියාපදංචි කිරීමට අවශ්‍ය ලියකියවිලි ඔබ විසින් සකස් කර ගත යුතු වේ.
ලියාපදිංචි කිරිමේදි අයදුම් පත්‍රය භාර දුන් පසු ව්‍යාපාර යට ආදාල වන වාර්තා කිහිපයක් ද ඔබ සූදානම් කර ගත යුතු ය.
එහිදී,
මහජන පරික්ෂක වාර්තා,
පරිසර වාර්තා,
ඉඩම් අයිතිය හෝ අයිතිකරැගේ කැමැත්ත
තාක්ෂණික දැනුම පිලිබද වාර්තා
යනාදියයි.
ආහාර පනතට අනුව මහජන සෞඛ්‍ය පරික්ෂක තුමා (PHI) විසින් ඔබ නිෂ්පාදනය කරන දේ නිවැරදි සෞඛාරක්ෂිත ක්‍රම අනුගමය කරන්නේද යන්න පිළිබඳව එහි දී පරික්ෂා කරනු ලබන අතර එය අනාගතයේදි GMP වැනි ප්‍රමිති සහතික ලබා ගැනීමේ දී ඉතාම ප්‍රයෝජනවත් වනු ඇති බව සදහන් කළ යුතු ය.
දෙවන කරුණ නම් නිර්මාණාත්මක , පරිසර හිතකාමි හා කාලයට ගැලපෙන නිෂ්පාදනය සදහා ආරක්ෂිත ඇසුරැම තොරා ගැනිම හා නිවැරිදි ලේබල්කරණයයි.
භාණ්ඩ අලෙවිකරණයේදී භාණ්ඩයේ තත්වය (Quality) ,ලේබලය (Lable) ,නිමාව (Finish),වෙළඳනාමය (Brand Name) සහ ඇසුරුම (Packaging) යන කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර භාණ්ඩයෙහි අලෙවිය සඳහා මෙම සාධක සෘජු බලපෑමක් කරනු ලැබේ.
ලේබලය පාරිභෝගිකයා හට නිෂ්පාදනය ගෙනයනු ලබන ප්‍රධාන මාධ්‍ය බවට පත්ව ඇත.
වර්තමාන වෙළඳපල තුල ලේබල් අතර ද අභියෝගාත්මක හා තරගකාරීත්වයක්ද නිර්මාණය වී තිබේ.
එනිසා නිෂ්පාදනය වෙළදපල තුලට යොමු කිරීමේදී ලේබලය අනිවාර්ය සාධකයක් බව සදහන් කළ යුතුය.
ලේබල කරනයේදී,
භාණ්ඩයේ නම (Product Name)
වෙළද නාමය
කාණ්ඩ අංකය(Lot Identification)
නිෂ්පාදිතගේ, ඇසුරුම් කරුගේ සහ බෙදා හරින්නා ගේ නම සහ ලිපිනය
විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අවස්ථා වේ.
එහිදී ,
අඩංගු ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් පිළිබඳ ප්‍රකාශ
විශේෂයෙන් අන්තර්ගත කොට තිබිය යුතු අතර
ද්‍රව්‍ය ගබඩා කර තැබීමට සහ භාවිතයට උපදෙස්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය,
ආහාරයක් නම් පෝෂ්‍ය පදාර්ථ පිළිබඳ විස්තර
මුළු බර හෝ ප්‍රමාණය
යන මූලික කරුණු පිළිබඳව සැබෑ තොරතුරු පාරිභෝගිකයාට ඉදිරිපත් කිරිම
අනිවාර්ය වන බව සදහන් කළ යුතු බව මතක තබා ගන්න.
බාධක අභියෝග ජය ගනිමින් නොපසුබස්නා උත්සාහයෙන් සුළුවෙන් අරඹන ඔබේ ව්‍යාපාරයේ අනාගතය සාර්ථක කර ගැනීමට මෙම ක්‍රමවේදයන් ඔබට මහත් පිටුවහලක් වනු නිසැකයි.
උපදෙස් –
ශිරෝමි සපරමාදු මිය
දිස්ත්‍රික්ක විදාතා නිලධාරී