වර්ණ, රේඛා, හැඩතල සහ ස්වරූප වල සංකීර්ණ භාවිතය ඔස්සේ හැඟීම් සහ විචාර හෙළිදරවනු ලබන අපූරු කලාවක් ලෙස චිත්‍ර කලාව හැඳින්විය හැකිය. සිය සංවේදනයන් විවිධ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරමින් නව්‍ය වූ නිර්මාණාත්මක භාවිතාවන් සිදුකිරීමට උත්සාහ කරන අපූරු කලාකාරිණියක සමඟයි අද මගේ කතාබහ.
ඇය නමින් සරෝජා ධර්මදාස.
මුලින්ම අප ඔබ ගැන කතා කරමු.
මම සරෝජා ධර්මදාස.මගේ ගම රත්නපුර.මගේ පියා මැණික් වෙළඳ ව්‍යාපාරිකයෙක්.මව ගෘහණියක්.මට අක්කා කෙනෙක්, නංගිලා දෙදෙනෙක් සහ මල්ලිලා දෙදෙනෙක් සිටිනවා.මම මූලික අධ්‍යාපනය රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයෙන් හා St. Paul’S විද්‍යාලයෙන් ද ද්විතීක අධ්‍යාපනය කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සහ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් හැදෑරුවා.ඉන් පසුව උසස් අධ්‍යාපනය කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සෞන්දර්ය අධ්‍යාපන ආයතනය මගින් අධ්‍යාපනය හදාරා අවසන් කළා.
අපි හය දෙනාටම චිත්‍ර කලාව පිළිබඳ ලොකු උනන්දුවක් තිබුණා. මගේ අක්කා ගොඩක් දක්ෂ කෙනෙක්. නංගිලා දෙන්නත් එහෙමයි. මල්ලිලාටත් චිත්‍ර අඳින්න පුළුවන්කම තිබුණා . මම අපොස උසස් පෙළට මියුසස් විද්‍යාලයේ චිත්‍ර විෂය තිබුණේ නැති නිසා රත්නපුර සුමන බාලිකා මහා විද්‍යාලයට ආවා, උසස් පෙළ හදාරන්න. එහිදි උසස් පෙළ චිත්‍ර විෂය හැදෑරුවේ ගුණදාස ගමගේ ගුරුතුමා යටතේ. උසස් පෙළ අංශයෙන් මම චිත්‍ර විෂය හදාරා කැලණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයට තේරී පත්වුණා.
මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ මම අවුරුදු හතරෙන් අවුරුදු දෙකයි සම්පූර්ණ කරේ. ඊට හේතුව තමයි විශ්වවිද්‍යාලයේ තිබ්බා පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් වගයක්. ඉතින් ඒ නිසා මේ විශ්වවිද්‍යාලය අවුරුද්දක් වසා තැබුණා. උසස් පෙළ අවසානයෙන් පසු විශ්ව විද්‍යාලයට පිවිසෙන්නට ප්‍රථම මම English teaching කරා පාසල් දෙකක. එකක් තමයි පලාවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ අනිත් එක ඇහැලියගොඩ මහින්ද මධ්‍ය මහා විද්‍යාලය
මේ දිනවල වැඩ කටයුතු කොහොමද?
මම දැනට රැකියාවක නිරත වන්නේ නැහැ. එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහන ( UNITED NATIONS WORLD FOOD PROGRAMME ) විශ්‍රාම ගත් පසුව මම චිත්‍ර කලාව අධ්‍යනය කරන්න යොමු වුණා. එබැවින් සංචාරය කරමින් චිත්‍ර කලාවේ යෙදෙමින් ඒ වෙනුවෙන් දැනුම ලබා ගනිමින් ඉදිරියට යෑමට මේ දවස්වල කටයුතු කරනවා.
චිත්‍ර කලාවෙහි නැවත නිරත වීමට සිතුවේ ඇයි?
මගේ චුටි නංගි මට හැමදාමත් චිත්‍ර අදන්න කියනවා. අපි අප්‍රේල් අවුරැද්දට පවුලේ කටිටියම එකතු වෙනවා. එතකොට අපි එකතු වෙලා චිත්‍රයක් දෙකක් අදිනවා.
නැවතත් මට චිත්‍ර නිර්මාණය කිරීමට ආසාවක් ඇති වූයේ මගේ විශ්ව විද්‍යාල මිතුරන්ගේ නැවත හමු වීමත් සමඟයි. එම හමුවීමෙන් පසුව මගේ මිතුරෙකු විසින් රාජස්තාන් වල කාන්තා දින චිත්‍ර සමුළුවක් සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දුන්නා.ඒ සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් කලාකරුවන් හතළිස් අටක් (48) පමණ සහභාගි වුණා.එමගින් චිත්‍ර නිර්මාණය සඳහා බොහෝ දෑ ඉගෙනීමට මට අවස්ථාව උදා වුණා. කොරෝනා වසංගතය සමයේ මාර්ගගතව (online) රැකියාවේ වැඩ කටයුතු කරමින් චිත්‍ර නිර්මාණයේ නියැලීමටද මට හැකියාව ලැබුණා. නැවතත් චිත්‍ර කලාවට මගේ වැඩි අවධානයක් මේ නිසා යොමු වුණා කියලා මම සිතනවා.
චිත්‍ර කලාව තුළ Mandala සිතුවම් නිර්මාණයට ඔබ යොමු වූයේ ඇයි?
මම Mandala චිත්‍රවලට වැඩි උනන්දුවක් දැක්වූයේ අන් හැමදේම අමතක කොට එයට භාවනාවක් මෙන් සමවැදීමට මට හැකියාව ලැබෙන නිසා. මම වඩාත් කැමති නිදහසේ නිර්මාණය කළ හැකි චිත්‍ර වලට. මීට අමතරව මම වැන්ගෝගේ චිත්‍ර කලාව හා මෝඝල් චිත්‍ර කලාව අත්හදා බලා තිබෙනවා. හදිස්සියට කරන චිත්‍රවලට වඩා හිත එක්ලස් කරන චිත්‍ර වලට මම ගොඩක් කැමති යි.
චිත්‍ර කලාව තුළ Mandala සිතුවම් ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?
ඒ ගැන මේ විදියට අර්ථ දක්වන්න පුලුවන්. මණ්ඩල (Mandala) කියන්නේ රවුමක්. ඒ රවුම තුළ සිදුකරන චිත්‍ර කලාවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. බුද්ධාගම, හින්දු, ජෛන යන ආගම්වල මෙම චිත්‍ර කලාව පෝෂණය වෙනවා.
ඒ වගේම මම සංචාරය කළ රටවල් අතරින් ඉන්දියාව සහ භුතානයෙහි මෙම චිත්‍ර කලාව පවතිනවා.ඉන්දියාවෙ හරියට “මන්ඩල” චිත්‍ර වලට මුල් තැනක් දෙනවා.
ඒ අනුව මෙය ආගම හා සම්බන්ධ චිත්‍ර කලාවක් ලෙස තවදුරටත් අර්ථ ගන්වන්න පුළුවන්. මගේ නිර්මාණ තුළින් Mandala නිර්මාණයට පමණක් සීමා නොවී Mandala නිර්මාණයන්ට මල්, ලියවැල් හා Illuminated Manuscript වැනි වෙනත් Design එකතු කරමින් වෙනසක් ගෙන ඒමට උත්සාහ කළා.
චිත්‍ර කලාව තුළ වර්ණ භාවිතය ගැන ඔබේ අදහස් මොනවාද?
ඇසට ප්‍රිය වගේම සිතට සතුටක් දැනෙනවා යයි සිතන වර්ණයන් මගේ නිර්මාණයන් සඳහා භාවිතා කරනවා. මන්ද නිර්මාණයන් රස විඳින්නාට අලංකාරවත් දෙයක් ලබා දීමට මම සැම විටම උත්සාහ කරනවා. චිත්‍ර නිර්මාණයේදී උණුසුම් වර්ණ, අඳුරු වර්ණ යනාදී ලෙස වර්ණයන් තිබෙනවා. ඉන් මම බොහෝ විට උණුසුම් වර්ණ වලට හා දීප්තිමත් වර්ණවලට වැඩි කැමැත්තක් දක්වනවා. ඒවගේම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වර්ණයන් (contrasting colors) එකතු කරමින් ඒවායේ පවතින අලංකාරයන්ද මම සොයා ගැනීමට නිතරම උත්සාහ කරනවා.
පසුගිය දින පැවති ඔබේ සිතුවම් නිර්මාණ ප්‍රදර්ශනය පිළිබඳවත් අපි මතක් කරමු.
මම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානයෙන් රැකියාවේ නියැලෙමින් සිටියදිත් මෙවැනි ප්‍රදර්ශනයක් කිරිමේ අදහසක් තිබුණා. නමුත් ඒ සදහා කාලය ලැබුණේ ජූලි මාසයේ විශ්‍රාම ලබා ගත් පසුවයි. මගේ පවුල, නෑදෑ හිතමිතුරන්ගේ දිරිමත් කිරීම වගේම කතෘ වරෙයක්, චිත්‍ර ඉතිහාසය පිළිබද විශේසඥයෙක්, අධ්‍යක්ෂක වරයෙක් වන Dr. Sinharaja Tammita-Delgoda සහ නාගානන්ද විශ්ව විද්‍යාලයේ, Professor Rangamini Werawatta ගේ කන්ඩායමත් විශාල සහයෝගයක් ලබා දුන්නා. George Keyt Foundation හි Chairman Mr. Malaka Thalwattha ගේ ප්‍රධානත්වයෙන් Harold Peiris Gallery යේ ඔක්තෝබර් 04 ආරාධිත අමුත්තන් සඳහාත් 05 සහ 06 දෙදින අනෙක් සියලුම දෙනාටත් ප්‍රදර්ශනය පැවැත්වූවා. මම නොදන්න පිරිස් පවා සමාජ මාධ්‍ය හරහා දැනුවත් වී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියා. ඒ වගේම පැමිණි බොහෝ පිරිස් මගේ නිර්මාණ ඇගයීමට ලක් කළා. මගේ පළමු ප්‍රදර්ශනය මෙවැනි ආකාරයට පැවැත්වීමට වචනයකින් හෝ උදව් උපකාර කළ සෑම කෙනෙකුට මේ අවස්ථාවේ දී මම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා.
මෙම සිතුවම් ප්‍රදර්ශනය සඳහා “භාවනාව” යන නම යොදා ගැනීමට සිතුවේ ඇයි?
චිත්‍ර ප්‍රදර්ශනය සඳහා නමක් සොයන විට මම බොහෝ දේවල් සිතා බැලුවා.මේ සඳහා ගැලපෙන්නේ කුමන ආකාරයේ නමක් ද යන්න සිතා බලන විට,මේ චිත්‍ර වලින් මා කුමක්ද කරන්නේ යන්න ප්‍රශ්න කරන විට මට ලැබුණු පිළිතුර මම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා යොදා ගැනීමට තීරණය කළා. චිත්‍රවලින් මම බොහෝ විට සිදු කරන්නේ මාගේ සිත එක් ස්ථානයකට පිහිටුවා ගැනීමයි. චිත්‍ර සිදු කරන වේලාවට මා අවට පරිසරයේ සිදුවන සෑම දෙයක්ම අමතක කොට චිත්‍රයේ සඳහා අවධානය දීමට මට හැකියාව ලැබෙනවා.ඒ වගේම බොහෝ දේවල් පිළිබඳව ධනාත්මක සිතීමටද මේවා මට උපකාරී වේ. එබැවින් “භාවනාව” යන නාමය මගේ චිත්‍ර ප්‍රදර්ශනය සඳහා මැනවින් ගැළපේ යැයි මා සිතුවා.
කලාව තුළින් ජීවිතය වෙනස් කළ හැකි යැයි ඔබ සිතනවාද?
ඇත්තටම මම හිතනවා කලාව කියන්නේ සෑම පුද්ගලයෙකුටම තමන්ගේ සිත නිදහස් කර ගැනීමට,විවේකයක් ලබා ගැනීමට හොඳ තෝතැන්නක් කියලා. ජිවිතයේදි මෙන්ම රැකියාවේදීද අපි මුහුණ දෙන ගැටලු වලින් මානසික සුවයක් ලබා ගැනීමට ගීතයකින්, නර්තනයකින්, චිත්‍රයකින් ලබාගත හැක්කේ විශාල පිටිවහලක්. මගේ ජීවිතයට චිත්‍ර කලාවේ මණ්ඩල කලාව භාවනාවක් වුණා.
චිත්‍ර කලාව කෙරෙහි කැමැත්ත දක්වන නවකයන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?
ඇත්තෙන්ම තමන්ට ඒ දෙය කරන්න පුළුවන් වෙයිද යන්න සිතන්නේ නැතිව මට එය කරන්න පුළුවන් කියන අධිෂ්ඨානයෙන් දෙයක් කරන්න කියලා මම ඔවුන්ට කියන්න කැමැතියි. වැහුණු දොරවල් දිහා බලාගෙන අඬන්න එපා. එතකොට විවෘත වෙලා තියෙන දොරවල් ඔබට පෙනෙන්නේ නැති වෙයි. ඒ නිසා තමන්ට යමක් කිරීමට අවශ්‍ය නම් අතපසු වුණු දේවල් ගැන හිත හිතා දුක් වෙන්න එපා. අනාගතයේදී මට කවුරුන්ද විය යුත්තේ,ඒ වෙනුවෙන් අද මම මොනවද කරන්න අවශ්‍යය යන්න සිතා වැඩ කටයුතු කරන්න.
ඉදිරි වැඩ කටයුතු මොනවාද?
මම 2000 වර්ෂයේ සිට රැකියා කිහිපයකම නිරත වුණා. එනිසා මම හිතුවා ඉදිරි කාලය මම ආස කරන දේවල් කරමින් නිදහසේ කාලය ගත කරන්න. මම දැනට හිතාගෙන ඉන්නවා අවුරුද්දක පමණ විවේකයක් ලබාගෙන ඉන්පසුව කළ යුතු දේවල් තීරණය කරන්න.
සටහන – පෙවින්ද්‍යා රශ්මි