මෙවර අලුත් අවුරුද්ද පිළිබඳව වෙනදාට වඩා බොහෝ දෙනා කතාබහ කරයි. ඒ මෙවර අවුරුද්දේ ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර මධ්‍යම රාත්‍රියට යෙදී තිබීම හේතුවෙන්. ඒ පිළිබඳව සහ අලුත් අවුරුද්දේ ඉතිහාසය සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට අප මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා සම්බන්ධ කර ගත්තෙමු.
සිංහල හින්දු අලුත් අවුරුද්ද යන නම ලැබීම.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ජනතාව බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් අලුත් අවුරුද්ද සැමරීමට නිවාඩු ඉල්ලා තිබෙනවා. එපරිදිම දෙමළ ජනතාවත් ඉල්ලා තිබෙනවා.දින දෙකක් දෙපිරිසකට නිවාඩු ලබා දිය නොහැකි බැවින් දෙපිරිසටම එක් දිනක් අලුත් අවුරුද්ද සැමරීමට නිවාඩු ලබා දී තිබෙනවා.ඒ නිසා මෙය සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස හඳුන්වනවා.
අතීතයේදී නැකැත් නිර්මාණය වීම
නැකත් කෝරාල,නැකැත් මොහොට්ටාල, නැතිනම් නැකත් විදානේ යනුවෙන් හඳුන්වන පිරිස් ප්‍රථමයෙන්ම රජතුමාට නැකත් සීට්ටුව පිරිනැමීම සිදු කරනවා.ඉන්පසුව තවත් නැකත් තවත් සීට්ටු නිර්මාණය කර අනෙකුත් නිවෙස් වලට බෙදාහැරීම සිදු කරනවා.
හිරු මුල් කරගත්ත අවුරුද්දක්
සිංහල අලුත් අවුරුද්ද හිරු මුල් කරගත් උත්සවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.සූර්යය වටා අනෙකුත් ග්‍රහයන්ගේ පරිභ්‍රමණය වීමක් සිදුවන බව තමයි විද්‍යාත්මක මතය.
සූර්ය වන්දනාව
අතීතයේ ලංකාවේ සූර්ය වන්දනාවක් තිබුණු බව විනී විතාරණයන්ගේ සටහන් අනුව පැහැදිලි වේ. වර්තමානයේ ලංකාවේ සූර්ය වන්දනාවක් නොතිබුණත් ඉන්දියාවේ අදටත් මෙය දැකගත හැකියි.
පුණ්‍ය කාලය කියන්නේ නැකැත් නැති වෙලාවක් ද?
පුණ්‍ය කාලය නැකත් නොමැති වෙලාව ලෙස හඳුන්වනු ලැබුවත් ඒ වෙලාව තුළත් නැකත් ඇති බවට ඉතිහාසඥයන් පවසනවා.ඒ අනුව පුණ්‍ය කාලය කියන්නේ නැකැත් නැති වෙලාවක්ම නෙවෙයි.
මෙවර ජය වර්ණය නිල්.
බටහිර විද්‍යාවේ අංක විද්‍යාව අනුව අක්ෂර වලට අංක නියම කොට තිබෙනවා.ලඝු මාත්‍රා හා ගුරු මාත්රාවලට හිමිවන අංක එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවන්ට නියමිත වර්ණයක් තිබෙනවා.අපි එය ජය වර්ණය ලෙස හඳුන්වනවා.මේ වසරේ ජය වර්ණය වන්නේ නිල් වර්ණය.
වෙලාවටම නැකත් සිදු කිරීම.
වේලාවටම නැකත් සිදු කිරීම කියන්නේ අපි විසින් පිළිගත්ත විශ්වාසයක්.පිටරටවල් හි වාසය කරන ශ්‍රී ලාංකිකයනුත් අලුත් අවුරුද්ද සැමරීම සිදුකරනවා. ඔවුන්ට මේ වේලාවන් වෙනස් වන්න පුළුවන්.නැකත් ඒ වේලාවටම සිදු විය යුතුයි යන්න නීතියක් නැහැ. නමුත් අපගේ විශ්වාසයන්ට අනුව සැවොම එකම වේලාවකට නැකත් සිදුකිරීම පුද්ගලයාට සතුට දනවන කාරණයක් වෙනවා. තාරකා මණ්ඩල හා සුභ නිමිති මුල් කරගෙන අලුත් අවුරුදු චාරිත්‍ර නිසි වේලාවටම සිදුකිරීම පුද්ගලයාගේ සිතට චිකිත්සාවක් (Therapy) හා සතුටක් ගෙනදෙනවා.
අලුත් අවුරුද්ද Super Market එකක්
වර්තමානය වන විට සෑම දෙයක්ම වාණිජකරණයට හසුවෙලා තියෙනවා.අවුරුද්දකට වරක් සමරන උත්සවයක් වන අලුත් අවුරුද්දත් අද වෙළඳපොලක් බවට පත්වෙලා.වර්තමානයේ අලුත් අවුරුද්ද කියන්නේ Super Market වගෙයි.
නැකැත් ප්‍රශ්න පසෙකින් තබා දෙපිලකට බෙදී කෑ මොර දිම් නවත්වා අපි සැම දෙනා එක්ව විශ්වාසයෙන් යුතුව මේ අලුත් අවුරුද්ද සතුටින් යුතුව සමරමු.
සාකච්ඡා සටහන
පෙවින්ද්‍යා රශ්මි