ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික අංගයන් විදහා දක්වන රටවල් දහයක් නියෝජනය කරමින් පළමු වතාවට පවත් world අවුරුදු කුමරා කුමරිය 2025 තරඟයේ ඩුබායි හි තරගය සූදානම පිළිබද කතා බහ කිරීමට අද Lets Talk සමගින් එක්වන්නේ National director වශයෙන් කටයුතු කරන ධනුෂ්ක මදුභාෂණ.
World අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගාවලිය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමු.
World අවුරුදු කුමරා කුමරිය කියන්නේ ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික අංගයන් ඔවුන්ට ලබාදීමට දරන උත්සාහයක් ලෙස හැඳින්විය හැකිය. මෙය ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ලංකාව, ඩුබායි, ජපානය, කොරියාව ආදී රටවල් දහයක මෙය ක්‍රියාත්මක වෙනවා.මෙහි Concept එක නිර්මාණය කළේ World Awurudu Kumara Kumariya තරගයේ සංවිධායක වන නිරාන් අසංක සහ ජාතික අධ්‍යක්ෂක ලලිත් පැරකුම් විසින්. මීට ප්‍රථමව පවත්වා ඇති අවුරුදු කුමරා කුමරිය තරග පවත්වා ඇත්තේ ලංකාවේ හෝ වෙන රටක් තුළ පමණයි.නමුත් මෙවර ලෝකය පුරා මෙය ක්‍රියාත්මක වෙනවා.රටවල් දහයක් නියෝජනය කරමින් පවත්වන මෙහි අවසාන තරඟය ලංකාවේදී පැවැත්වෙනවා.

World අවුරුදු කුමරා සහ කුමරිය Event එකේදී ඩුබායි නියොජනය කරමින් අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟ වටයක් පැවැත්වීමට ප්‍රධාන අරමුණ කුමක්ද?
විදේශ රටවල ජීවත් වන ඇතැම් ශ්‍රී ලාංකික පිරිස් ලංකාවේ සංස්කෘතිය මොනවගේ ද කියලා දන්නේ නැහැ. සමහරුන් ජීවිත කාලයටම රෙද්දය – හැට්ටයක් සරමක් ඇඳලා නැහැ.එවැන්නන්ට ලංකාවේ චාරිත්‍ර වාරිත්‍රයන් කියා දීම හා වේදිකාවක් මත ඔවුන්ගේ විශ්වාසය ඇති කිරීම හා සබකෝලය නැති කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ.
Event එකක National director කෙනෙක් වුණාම ඒ පුද්ගලයාට විශාල කාර්යභාරයක් තියෙනවා. world අවුරුදු කුමරා කුමරිය තරගාවලියේ ඩුබායිහිදී පැවැත්වෙන තරගාවලිය තුළ National director වශයෙන් කටයුතු කරන්නේ ඔබ. කොහොමද මේ අවස්ථාවට ඔබගේ දායකත්වය ලබා දෙන්නේ?
මම ධනුෂ්ක මදුභාෂණ.World අවුරුදු කුමරා සහ කුමරිය Event එකේ ඩුබාහි National Director විදිහට විදිහට වැඩ කරන්නේ මම. ඩුබායිහි ලාංකික තරුණ – තරුණියන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඔවුන්ව එකතු කරගෙන choreographer චරිත් ගුණසේකර සමග World අවුරුදු කුමරා කුමරිය තරගාවලියේ ඩුබායිහි වැඩ කටයුතු සංවිධානය කරනවා.

තරගාවලිය සදහා සහභාගීවන්නන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
මේ තරගාවලිය සාමාන්‍යයෙන් අපි පවත්වන අවුරුදු කුමර – කුමරිය තරග වලට වඩා වෙනස්.ඇත්තටම මෙම තරගයෙන් තමන්ටම වටිනාකමක් ලබා ගන්න පුළුවන්.තමන්ගේ පෞරුෂය හා තමන්ව promote කරගන්නා ආකාරය, Photoshoots, Music Videos,Movies, Commercials, Promotion Campaign වැනි දේවල් සදහා අවස්ථාවන් විවෘත වෙනවා.මේ තරගාවලිය වේදිකාවක් මත රවුමක් ඇවිදිනවා වගේ සරල දෙයක් නෙවෙයි.මාසයක කාලයක ඉදන් අපි මේ සදහා තරුණ – තරුණියන්ව පුහුණු කරනවා.එහිදී වේදිකාවක් මත ගමන් කළයුතු ආකාරය හා ඒ සදහා තමන් සතු ආත්ම ශක්තිය වර්ධනය කළයුතු ආකාරය පිළිබදව අපි උපදෙස් ලබා දෙනවා. මෙවැනි බොහෝ තරගවල වස්ත්‍රාභරණ ලබා දීමක් සිදුවන්නේ නැහැ. නමුත් අපේ මේ තරගාවලියේදී ඉදිරිපත් වන සියලු දෙනාටම වස්ත්‍රාභරණ අපි ලබා දෙනවා.
මේ Compilation එකට සහයෝගය සහ දායකත්වය දක්වන පිරිස ගැනත් අපි කතා කරමු.
ලෝකයටම විවෘත වුණු මෙවැනි කටයුත්තක් සිදු කරන්න අනුග්‍රාහකයන්ගෙන් අපට විශාල දායකත්වයක් ලැබෙනවා.ඔවුන් ගැන මතක් කලොත්, නිල රූපලාවණ්‍ය සහ විලාසිතා සඳහා අනුග්‍රහය Nimma – Nimesh Edirisinghe Saloon / Nimesh Bridle, නිල මුල් ඇඳුම් සඳහා අනුග්‍රහය පී.වී.එස්.ජයරත්න, නිල වස්ත්‍ර සඳහා අනුග්‍රහය – Omi Batik, වස්ත්‍රාභරණ සඳහා අනුග්‍රහය – Gamage Kandyan – Kandy, Men’s Costume Designer ලෙස Saramata Brand වගේම මෙහි Digital Media Partner ලෙස Colombo Journal කටයුතු කරනවා. මෙම තරගාවලිය ඩුබායිහී ප්‍රධාන වශයෙන් Zik Space Events, Mantra Entertainment සහ LP Dance Studio අපට දායකත්වය දක්වනවා.
සටහන
පෙවින්ද්‍යා රශ්මි