සංසාර ගීය අවසාන කොටස

author
0 minutes, 0 seconds Read

“මං ඒක අසාධාරණයක් විදිහට දකින්නෑ බබා මට එහෙම වෙන්න ඕන.හැබැයි මං නිසා මගේ පවුලට වුණ දේ ගැන මට අදටත් ලොකු පසුතැවීමක් තියෙනවා,පසුතැවීමට පුළුවන් බබා මනුස්⁣සයෙක්ව පණ පිටින් මරන්න..මං තාමත් ඒ දේවල් නිසා මැරි මැරී ජිවත් වෙන්නේ ඒත් ඒ පසුතැවීම අතරෙත් මට හරි අමුතු නිදහස් හැඟීමක් දැනෙනවා බබා..ඒ හැඟීම මගේ ජිවිතේට අරගෙන ආවේ ඔයා..මට දැන් ජිවිතේ අලුතින් පටන් ගන්න ලොකු ආසාවක් තියෙනවා මං ඒකයි අපේ ජිවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න කලින් අතීතේ සිද්ධ වුණ හැමදේම මට පුළුවන් විදිහට විසදලා ඉවර කරේ..

ඒ සිද්ධ වුණ දේවල් වලින් මට ආපහු යථා තත්ත්වයට ගන්න බැරි වුණ එකම දේ අපේ අප්පච්චිව ආපහු හිටපු විදිහටම දෙපයින් නැගිට්ටව ගන්න බැරි වුණ එක විතරයි බබා..අනිත් හැමදේම මං මට පුළුවන් විදිහට ආපහු අද වෙද්දි හරිගස්සලා ඉවරයි..”

“අප්පච්චිටත් ඉක්මනට හොඳ වෙයි අයියේ..ඔයා කාටවත් වැරැද්දක් කරපු කෙනෙක් නෙවෙයිනේ..දෙවියෝ ඔයාට තවත් පසුතැවි තැවි ඉන්න දෙන එකක් නෑ මට ඒක විශ්වාසයි..”

“ඔයා කවදම හරි පසුතැවෙයිද සයාරා මං වගේ මනුස්⁣සයෙක්ව මැරි කරාට..මට හොඳ අතීතයක් නෑ..තාමත් අතීතයේ දේවල් වර්තමානයට ඇඳලා අරගෙන ඒ මත්තේ නැහෙන මනුස්⁣සයෙක් මම..අතීතයේ දේවල් දැන් මගේ ජිවිතේට බද්ද වෙලා ඉවරයි ඒ ⁣දේවල් අමතක කරන්න නම් මං මැරිලා ඉපදෙන්න ඕන බබා මං හිතන්නෑ මගේ හිතින් ඒ දේවල් අයින් වෙලා යයි කියලා.. හැබැයි මං ඔයාට පොරොන්දු වෙනවා අතීතේ කිසිම දෙයක් ඔයාගේ ජිවිතේ එක්ක මං ගාව ගන්නේ නෑ කියලා..මං ඔයාට පොරොන්දු වෙනවා බබා..ඔයා කැමතිද එහෙම මනුස්⁣සයෙක්ව මැරි කරන්න..”

“ඔව් මං කැමතියි..ඔයාගේ අතීතය තමයි අයියේ මගෙත් අතීතය..මට ඔයාගෙන් එහෙම කිසිම පොරොන්දුවක් ඕන නෑ අයියේ අපි දෙන්නගෙම ජිවිතේ එක කොටසක් අක්කා එයා හැමදාම අපේ ජිවිතේ ඇතුලේ ඉදීවි..අපේ ජිවිතේ ඇතුලේ එයාට ඉඩක් හැමදාමත් තියේවී..කවදාවත් ඒ ඉඩ නැතිවෙන්නෑ..මට ඕන ඔයාගේ ආදරේ විතරයි…අතීතේ මොනවා වුණත් ඔයාගේ ජිවිතේ කවුරු හිටියත් වර්තමානය මං කියලා මං දන්නවා අයියේ ඒ විතරක් මට හොඳටම ඇති..”

මිනිස් හිත් කියන්නේ ආදරේ ළඟදී වෙනස් වෙන දේකට සයාරා වගේම සනහසුත් කවදාවත් සිතුවේ නෑ ඔවුන් දෙදෙනාගේ ජිවිතේ එකම මාවත අරඹන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙනයි කියලා..

සනහස් කවදාවත් නැවත කාටවත්ම ප්‍රේම නොකරන බව පැවසුවත් දෛවයට ඕන විදිහට හැමදේම සිද්ධ වෙනවා කියන්නේ නිකන් නෙමෙයි කියලා ඔහුට තේරුම් ගියේ සයාරා ගැන ප්‍රේමයක් ඔහුට දැනෙන්න පටන්ගත්තු දිනයේදීයි..

සනහස් සයාරා සමඟින් විවාහ ගිවිස ගත්තේ ඉතා සරල ආකාරයටයි, ඔවුන් දෙදෙනාටම ඕන වුණේ ඉතා සරල විවාහ උත්සවයක් පවත්වන්න..

විවාහයේ සියලුම කටයුතු අවසන් වී ඔවුන් දෙදෙනා මදුසමයට පිටත්වන මොහොතේ අමායගේ වගේම සයාරාගෙත් මව වුණ වත්සලා සනහස් සමීපයට පැමිණියේ කඳුළු සලමින්..

“මට දැන් ඉන්නේ එක ඇහැක් විතරයි ⁣සනහස්..මට මගේ ඇස් දෙකම එක වගේ පරිස්සම් කරගන්න බැරි වුණා..ඔයා ළඟ මගේ ළමයි දෙන්නගෙම හිත නතර වුණේ ඇයි කියලා මං දන්නෑ..සමහර විට ඔයාලා තුන්දෙනාගෙම දෛවය එකට ගැට ගැහිලා තියෙන නිසා වෙන්නැති, ඉස්සර මොනවා වුණත් අද මම මේ අත ඔයාගේ අත උඩින් තියන්නේ ලොකු විශ්වාසයකින් පුතේ…මගේ කෙල්ලව පරිස්සමට බලාගන්න..”

“මං මොනවා කියන්න ඕනද කියලා මට හිතාගන්න බෑ මැඩම්..මාව විශ්වාස කරාට ගොඩක් පිං..මං කවදාවත් ඒ විශ්වාසේ කඩන්නෑ..සයාරා තමයි මගේ හැමදේම..”

සනහස් එලෙස පැවසුවේ සයාරා දෙස සෙනෙහස පිරි බැල්මක් හෙලමින්..

ඔවුන් දෙදෙනා ගාල්ල නගරයේ ඉතා ජනප්‍රිය හෝටලයක් මදුසමය වෙනුවෙන් වෙන්කර ගත්තේ සයාරා මුහුදට මහත් සේ ඇලුම් කල නිසයි..

“ජිවිතේ කියන්නේ හරි පුදුම දේකට නේද අයියේ..අපි දෙන්නා මෙහෙම මැරි කරයි කියලා මං කවදාවත් හිතලා තිබුණේ නෑ..මට ඔයා ගැන ⁣ඒ දවස් වල තිබුණේ කේන්තියක්නේ ඉස්සර ටිවී ප්‍රෝග්‍රෑම් වලට ඔයා එන දවසට මං මඟ නොඇර ඒවා බලනවා.. ඔයා මොනවා හරි බොරුවක් කිව්වොත් ලයිව් කෝල් කරලා බනින්න ෆෝන් එකත් ළඟ තියන් ඉන්නේ..

අහන්නකෝ..එක දවසක් ප්‍රෝග්‍රෑම් එකක නිවේදිකාවක් ඔයා ළඟම හිටපු නිළියක්ට කිව්වා ඔයා වගේ කෙනෙක්ව හොයා ගත්තොත් නම් හැමදාම ආදරෙන් ඉන්න පුළුවන් කියලා..ඒ නිළිය නිවේදිකාව එහෙම කියපු වෙලේ ඉදන්ම ඔයාට පැණි හල හල හිටියේ..මට ඒ වෙලේ හිතුනා ටිවී එක ඇතුලට ගිහින් ඒ් පැය ගාණෙම ඔයාව කන්න වගේ බලන් හිටපු ඒ නිළියට හොඳ කම්බුල් පාරක් දෙන්න..”

“පුදුම විස බෝම්බයක්නේ මේක..ඔහොම නම් හරියන්නෑ බබා..ඔයාට අද ඉදන් හොඳ ඉවසීමක් තියෙන්න ඕන මගේ වයිෆ් හැටියට..”

“වයිෆ් වුණා කියලා මං නම් ඉවසන්නෑ ඔයා මගේ විතරයි අයියේ..එක එක නැට්ටිච්චියෝ ඔයාගේ කරේ එල්ලෙන්න ආවොත් නම් මං එහෙම පාඩුවේ පැත්තකට වෙලා බලන් ඉන්න කෙනෙක් නම් නෙවෙයි..ගෙදරට ගිහින් ගහලා එන්නේ..”

“හරි හරි ආච්චි අම්මේ කැමති දෙයක් කරන්නකෝ..”

සනහස් එලෙස පැවසුවේ ඔහුගේ තුරුලට වී මුහුද දෙස බලා සිටින සයාරගේ උරහිස මතින් සිපුමක් තබමින්..

“ඔයා හැමදාම අනිත් අය වෙනුවෙන් සිංදු කියනවා අයියේ..මට ඕන අද ඔයා මං වෙනුවෙන් සිංදුවක් කියන්න..”

“මොකක්ද දැන් ඉතිං මං කියන්න ඕන සිංදුව..”

“අර වෙදගෙදර අපි මුලින්ම ගියපු දවසේ මං කියපු සිංදුව අර දිමංකගේ එක..
“නූඹ ඇවිඳින්”

ඇය වටා දෑත් යවා තව තවත් තදට ඇයව පපුවට තුරුලු කරගෙන ඇගේ ඉල්ලීම නිසා ඔහු ගයන්න ගත්තේ ඈත සිතිජය දෙස බලාගෙන..

පුන්සඳ පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

තරු ගොමු වැල් වල වැතිරීලා
සීතල සුළගේ දිගා වෙලා
මගේ හද අරණට සුවද වෙමින්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

පුන්සඳ පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

සැඩගං ඉවුරෙන් එගොඩ වෙලා
තහංචි වැට කොටු පන්නාලා
මගේ හද මැදුරේ දොරටු ඇරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

**

අමායා මියගිහින් වසර දහයක් සපිරීම නිමිත්තෙන් සනහස් ඇය වෙනුවෙන් “සංසාර ගීය”ලයිව් ඉන් කොන්සට් ලෙසින් ඒක පුද්ගල ප්‍රසංගය සුදානම් කරේ ඔහු ගායන ⁣ක්ෂේත්‍රයට පිවිසි දිනයේ පටන් ඔහු අතින් නිර්මාණය වුණ ගීත සියල්ලම නිර්මාණය වුණේ ඇය වෙනුවෙන් වුණ නිසයි..

ප්‍රසංගය ආරම්භ කර ගීත කිහිපයක් ගායනා කර අවසන් වුණාට පසු සනහස් මයික්‍රෝෆෝනය රැගෙන අසුන්ගෙන සිටිය තැනින් නැඟී සිටියේ දහස් ගණනක් ප්‍රේක්ෂකයන් ඔහුගේ නම කෑ ගසමින් පවසද්දියි..

“සනහස්…සනහස්…සනහස්…..”

ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන් දෙස මඳ වෙලාවක් බලා සිට සනහස් හැරී බැලුවේ පස් මසක කුසක් දරාගෙන ඔහු දෙස සෙනෙහස පිරි දෑසින් බලාසිටින ඇය දෙසයි..

“මාව දකින්න, මගේ ගීත රසවිඳින්න ආපු ඔයාලා හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි..අද දවස මගේ ජිවිතේ අවුරුදු ගාණකට කලින් දුකම දවසක්..හැබැයි අද ඒ දවස අලුතින් ලියවුණා සතුටු මතක එක්ක, ඔයාලගේ ආදරේ නිසා..

කීප දෙනෙක් මගෙන් ඇහුවා අද කොන්සට් එක⁣ට ඇයි “සංසාර ගීය” කියලා නම දැම්මේ කියලා..ඒක මගේ වයිෆ්ගේ තේරීමක්..නැවත වතාවක් බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම..

“මේ ගීතය මගේ ගීතයක් නොවුණත් මං ගයන්නේ මගේ ආදරණීය බිරිඳ වෙනුවෙන්..”

සනහස් සයාරා සමීපයට පැමිණ ඇයව වේදිකාව මතට රැගෙන ආවේ අත්පොලසන් නාදය මධ්‍යයේයි..

සනහස් සයාරා වෙනුවෙන් ඔහු තෝරාගත් ගීතය ගායනා කර,ඔහුගේ ඉතිරි ගීත කිහිපයත් ගායනා කර අවසන් කරලා ප්‍රේක්ෂකයන් සමඟින් ඡායාරූප වලට පැයක් පමණ පෙනී සිටියේ පැමිණි සියලුම දෙනා ඔහුත් සමඟින් ඡායාරූප ගැනීමට උත්සහ කල නිසයි..

ප්‍රසංගය අවසන් වුණාට පසු සනහස් සයාරව ප්‍රවේසමෙන් මෝටර් රථයේ අසුන්ගන්වලා ඔහුත් එහා පසින් මෝටර් රථයේ අසුන්ගෙන මෝටර් රථය සෙමෙන් ධාවන කරේ සයාරගේ සුව පහසුව ගැන සිතමින්..

“පැය ගාණක් වාඩිගෙන හිටපු නිසා අමාරුද බබා..”

“නෑ අයියේ ඒ තරම් අමාරුවක් නෑ..”

“රෑට මොනවා හරි අරගෙන යමු..අක්කලා එහෙම්මම කුරුණෑගල යනවා කිව්වනේ දානෙ හෙට නිසා ඔයාට අමාරු නම් අපි හෙට නොයා ඉමු..”

“නෑ..නෑ..මට අමාරුවක් නෑ අයියේ අපි යමු..හැමපාරම අපි යනවනේ මේ පාරත් කොහොම හරි යමු..”

“කකුල් දෙකත් ඉදිමිලා අපි මේ පාර නොගිහින් ඉමු බබා..අමායා තරහ වෙන්නෑ අපි එයාව බලන්න නාවට..”

“මට එක වෙලාවක⁣ට හිතෙනවා අයියේ අක්කා අපේ බබා විදිහට මෙතනට ඇවිත්ද කියලා..”

සයාරා සනහස්ට එලෙස පැවසුවේ පස් මසක පිරුණු කුස සෙමෙන් පිරි මඳිමින්..

“අමායා ⁣දැනටමත් හොඳ තැනක ඉපදිලා ඇති බබා මං හිතනවා එහෙම වෙලා ඇති කියලා අපි එයා වෙනුවෙන් කරපු පිං කම් නිසා..
ඒක නෙවෙයි මං අහන්නමයි හිටියේ ඇයි බබා කොන්සට් එකට “සංසාර ගීය” කියලා නම දාන්න හිතුවේ..ඒක හරි අමුතු නමක්නේ..”

“ඔය දෙන්නට කවදම හරි මේ සංසාරේ දවස හමුවෙලා එකතු වෙන්න ලැබෙන්න කියලා හිතාගෙන මං ඒ නම දැම්මේ..”

“මට ඔයා ගැන හරි පුදුමයි බබා මං ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් ගෑණු ළමයෙක්ගේ අතකින් ඇල්ලුවක් ඉරිසියාවේ පුපුරන ඔයා ඇයි අමායා ළඟදි විතරක් එහෙම නැත්තේ කියලා..”

“ඒ මොකද දන්නවද ඔයා මගේ අක්කට අයිති දෙයක් නිසා..මමයි ඔයාව මගේ කර ගත්තේ මං නොහිටියනම් සමහර විට තාමත් අයියා අක්කා ගැන හිත හිත එයා වෙනුවෙන් සිංදු ලිය ලිය ඉන්න තිබුණා..මට නිතර හිතෙනවා මගේ දෛවයේ ඔයාව ලියවිලා තියෙන නිසාද කියලත් අක්කට මේ ලෝකෙන් යන්න වුණේ..
අමායා කියන චරිතේ මේ කතාවේ නොහිටියනම් සයාරා කියන චරිතෙට කිසිම වටිනාකමක් හම්බෙන්න නෑ අයියේ..ඔයා මාව හොයා⁣න ආවේ මං අක්කා වගේ නිසා..මට ඔයාව හම්බුණෙත් අක්කා නිසා..අපි දෙන්නා එකතු වෙන්න හේතුව අක්කා..ඉතිං මං කොහොමද එයාට ඉරිසියා කරන්නේ..මමයි මේ කතාවේ අනු චරිතේ..මේ කතාවේ ප්‍රධාන චරිතේ අක්කා..”

“එහෙම හිතන්න එපා බබා ඔයා මගේ ජිවිතේට නාවනම් සමහර විට මං අද ජීවතුන් අතර නැති වෙන්නත් තිබුණා..ඔයා
මං ජිවිතේ හැමදේම එපාවෙලා මැරෙන්න ඕන කියලා හිතපු, මානසිකව කඩාගෙන වැටිලා හිටපු කාලෙක මගේ ජිවිතේට ඇවිත් මගේ ජිවිතේ පිළිවෙළක් කරපු කෙනා..

මං ඔයාට ආදරෙයි මගේ ජිවිතේ තියෙන තාක්කල් කිසිම වෙලේම ඔයා ගැන අවතක්සේරුවට හිතන්න එපා බබා මං ඔයාට කරන ආදරේ නෙවෙයි අමායට කරේ ඔයා කිසිම වෙලේක අපේ මැද්දට ආවේ නෑ..

මං අමායට ආදරේ කරද්දි අවුරුදු දහ නවයයි බබා මට දැන් හිතෙනවා මං ඒ කාලේ ආකර්ශනයට ආදරේ කියන නම දැම්මද කියලත්..එහෙම බැලුවොත් මං ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ ඔයාට..මට අමායව අමතක කරගන්න බැරි වුණේ ඒ සිද්ධිය නිසා ඒක ඇත්තටම අමතක කරන්න අමාරු දෙයක් නේ..මිනිස්සු පරිණත වෙද්දි තමයි සමහර දේවල් තේරුම් යන්නේ..

දැන් මං ඒ කාලේ හිටපු කොළු ගැටයා නෙවෙයි මං දැන් මගේ හැඟීම් හොඳට තේරුම් අරන් ඉන්නේ බබා.. මං ඔයාට ආදරේ කරේ ඔයා අමායගේ නංගි නිසාවත්,ඔය දෙන්නට එකම පෙනුම තියෙන නිසාත් නෙවෙයි බබා..මං ඔයාට ආදරේ කරේ ඔයාගේ ගතිගුණ නිසා.. මං මගේ ජිවිතේ දැකපු ශක්තිමත්ම ගෑණු ළමයා ඔයා,මං හිතන්නේ මටවත් ඔයා තරම් උපේක්ෂාවෙන් දේවල් දරාගන්න බෑ..මං හරි වාසනාවන්තයි ඔයා වගේ බිරිඳක් ලබන්න..මං ආදරෙයි බබා..”

“මාත් ආදරෙයි අයියේ..හැබැයි ඔයා මට කොයි තරම් ආදරේ කරත් ඊළඟ භවේදි මේ සංසාරේ කවදම හරි ඔයා එකම එක සැරයක් හරි අක්කගේ වෙන්න ඕන..මං එයාට පොරොන්දු වුණා ඔයාව මං මේ ආත්මේ විතරක් අයිති කරගන්නවා කියලා..”

සමාප්තයි…

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa