විනය භාර නයන සර් පවසන දේවල් හිසත් බිමට නැඹුරු කරගෙන අහගෙන හිටපු සනහස්ලා ළඟට මැරයන් දෙදෙනා පැමිණියේ ඔවුන්ව අල්වගෙන හිටපු සිසුන් දෙදෙනාවත් පැත්තකට තල්ලු කර දමමින්..
“තමුසෙලා දෙන්නා හිතුවේ තමුසෙලා අපිට ගහලා මහ ලොකු හපං කමක් කරා කියලද,
අපි බලාගමු..අනිවාර්යයෙන්ම බලාගමු.. මේක මෙතින් ඉවර නෑ..”
මැරයන් දෙදෙනාගෙන් එක් අයෙක් ගුරුවරුන්ව පවා නොතකමින් සනහස්ගේ ඉදිරි පිටට පැමිණ දඹරඟිල්ල දිගු කරමින්
සනහස් දිහාවට වෛරය පිරි බැල්මක් හෙළන ගමන් තර්ජනය කරේ ඔවුන් මේ මොහොතේ පිටව ගියත් අනිවාර්යයෙන්ම ගැටුමේ වාඩුව ගන්නා බව දිව්රමින්..
“මොනවා බලා ගන්නද..ආ…”
සනහස් නැවත වතාවක් ඔවුන්ට ගහන්න පනිද්දි මිතුරු කැල සනහස්ව අල්ව ගත්තේ නැවත ගැටුමක් ආරම්භ වීමට පෙරයි..
“ඕක නවත්තනවා සනහස්..”
සනහස් දිහාවට රැව්මක් පා කර හරිමින් විනය භාර ගුරුතුමා මැරයන් දෙදෙනා ඉදිරි පිටට පැමිණියේ ගැටුම තවත් දුර දිග යාමට කලියෙන් සමතකයකට පත් කරන අරමුණින්..
“මේ අහන්න ඔය දෙන්නා මෙතන කරේ වරදක් කියලා ඔය දෙන්නත් දන්නවනේ..ඒ හිංදා මේ ළමයින්ට දැන් පාඩුවේ ඉන්න දෙන්න, තාම මේ ළමයි පොඩි වයසේ ඉන්නේ මේ වගේ සුළු සුළු දේවල් වලට ගහ මරාගෙන මේ ළමයින්ගේ අනාගතේ විනාශ කරගන්න දෙන්න බෑ අපිට.. මේක මෙතනින් නතර කරන්න..”
“මේ..මේ..සර්..අපිට ඔය සර්ලගේ බණ වලින් වැඩක් නෑ..මුන් ළමයි නම් ළමයි විදිහට ඉන්න ඕන අපේ ආතල් කඩන්නේ නැතුව..”
“මොකක්ද තමුසේ කිව්වේ..මගේ අක්කව තමුසෙට ආතල් එකක්ද.ආ…”
“සනහස්…තමුන් කට වහගන්නවා..”
“ඒත් සර්..”
“මං එක සැරයක් කිව්වනේ කට වහගන්නවා..”
මෙතන ප්‍රශ්න ඇති කරගන්න කැමති නැති නිසයි මං තමුන්ලා දෙන්නට කිව්වේ මේ ප්‍රශ්නේ මෙතනින් නතර කරමු කියලා..හැබැයි ඒකෙන් කියවෙන්නෑ තමුන්ලා කරපු දේ අපි සාධාරණීකරණය කරා කියලා..
කරුණාකරලා තමුන්ලා දැන් මෙතනින් යනවා තවත් ප්‍රශ්න ඇති නොකර..
“ඇයි අපි නොගියොත් මොනවා කරන්නද..මේක අපේ ගම පිටින් ආපු එවුන්ට බෑ අපිට පාට් දාන්න..”
“අපි මේ ඔහෙලා වගේ අත පය උස්සන් ප්‍රශ්න විසඳන මිනිස්සු නෙමෙයි පුතා..අවුරුදු විස්ස විසි පහ වුණ ගමන් හිතන්න එපා තමුන්ලා තමයි වැඩ කාරයෝ කියලා..එහෙම හිතනවනම් හිතාගන්න කරුණා කරලා මේ ඉස්කෝලෙන් එළියට ගිහින්..තමුන්නා දැන් මෙතනින් නොගියොත් අපි පොලිස්සියට කතා කරනවා..මේ තමුන්ලගේ ගම වුණාට මේ ඉස්කෝලේ භාරව ඉන්නේ අපි..ඒ හිංදා මෙතන බොරු ප්‍රශ්න ඇති කරන්න ලෑස්ති වෙන්න එපා..”
දඹරඟිල්ල දිගු කරමින් මෙය මෙතින් අවසන් නොමැති බව පවසමින් මැරයන් දෙදෙනා පිටව ගියේ සැවොම සැනසුම් සුසුමක් හෙලද්දියි..
“ඇති යන්නත් නයන සර් මං මේ බයේ හිටියේ ආපහු රන්ඩුවක් පටන් ගනියි කියලා..”
“මේ රටේ නීතිය හරි විදිහට ක්‍රියාත්මක වෙනව නම්, වැරද්දක් දැක දැකත් අපිට මෙහෙම කටවහගෙන ඉන්න වෙන්නෑ අචලා මිස්..දැන් බලන්න මෙතන වැරදි උන් වුණාට අපිට කටක් ඇරලා ඕවා කියන්න පුළුවන් කියලද..අපි ඕවා කියන්න ගියොත් හෙට වෙද්දි අපේ කෑලිවත් ඉතුරු වෙන්නේ නැති වෙයි..”
“ඒක ඇත්ත සර්..”
“මේ ප්‍රශ්නේ මෙතින් ඉවර වෙන්න ඕන සනහස්..තමුන්ට තේරුණා නේද මං කියපු එක..ඔළුව වනලා හරියන්නෑ කට ඇරලා උත්තර දෙනවා..”
“ඔව් සර්..”
“තමුන්ලා තාම මේ වගේ ප්‍රශ්න වලට පැටලෙන්න ඕන ළමයි නෙමෙයි..තව මාස කීයද එක්ස්සෑම් එකට, බලනවා ඉතිං කිසිම වගකීමක් නෑනේ..හැමදාම මොකක් හරි රංඩුවක්..අද ප්‍රශ්නෙදි මෙතන කවුද හරි කවුද වැරදි කියන එක වැදගත් නෑ ළමයි, බලය තියෙන්නේ කාටද කියන එක තමයි වැදගත්.ටවුමේ මැරයෝ එක්ක හැප්පෙන්න අපිට බෑ..අනිත් එක ඔය ළමයි තාම ගෙදරින් කාලා බිලා ඉගෙන ගන්න වයසේ ඉන්න ළමයි..තමුන්ලට රටේ ජඩ වැඩ කරන මැරයොත් එක්ක හැප්පෙන්න බෑ…ඒ හිංදා පාරක තොටක දැක්කත් ආපහු ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව ඉන්න එක තමුන්ලගේ වගකීම..තේරුණා නේද මං කියපු එක හැමෝටම..”
“ඔව් සර්..”
සනහස් ඇතුළු මිතුරු නඩයට තවත් අවවාද කිහිපයකුත් දීලා ගුරුවරු නැවත ඔවුන්ගේ රාජකාරියට පිටව ගියේ ගැටුම සමථයකට පත් වුණ නිසා වගේම තවමත් ක්‍රීඩා උළෙල අවසන් නොවුණු නිසයි.
“මල්ලි රිදෙනවද..”
රන්දි සනහස්ට තුරුළු වුණේ හඬමිනුයි
“ඒ තමුසේ අඬනවද අක්කේ..මං එක සැරයක් කිව්වේ ඕයි මට රිදෙන්නෑ..මේක මේ පුංචි තුවාලයක්..”
“බොරු කියන්න එපා මල්ලි..ඔයාට රිදෙනවා කියලා මං දන්නවා මේක කොහෙද පුංචි තුවාලයක් වෙන්නේ..අපි යන ගමන් ඩිස්පැන්සරියකින් බෙහෙත් ටිකක් දාගෙන යමු…”
“තමුසේ දන්නවනේ මට මේවා නතින් කියලා..මේ පොඩ්ඩක් ලේ ටිකක් ආවට කොල්ලා තාම ඉන්නේ ෆිට් එකේ ඉන්නේ..මේවට මේ බෙහෙත් දාන්න දෙයක් නෑ..”
සනහස් සහෝදරියව පපුතුරට තුරුල් කර ගත්තේ කොයි තරම් රන්ඩු සරුවල් වුණත් ඔහුගේ ජිවිතේ මවට පස්සේ ඉන්නේ තම එකම සහෝදරිය නිසයි..
“මං නිසානේ මෙහෙම වුණේ..”
හිසෙන් ගලනා රුධිරය ලේන්සුවකින් පිසින ගමන් රන්දි කියුවේ ඇය මෙතන නොවුණ නම් මෙවැනි ගැටුමකට ඔහු මැදි නොවන නිසයි..
“මෙතන කවුරු හිටියත් මගේ හැසිරීම එකයි අක්කේ..මෙතන ඔයා නැතුව වෙන ගෑණු ළමයෙක් හිටියත් මං මැද්දට පැනලා ඒ ගෑණු ළමයව බේර ගන්නවා..”
“ඔව් ඉතිං තමුසේ කොහොමත් වීරයා වෙන්න කැමතිනේ..”
රිදෙන්නම හිස මත ඇති රුධිරය පිසදන ගමන් රන්දි එලෙසින් පැවසුවේ හිතට දැණුන ඉරිසියාව නිසයි..
“ආව් ඕයි හිමින් පිහිදනවකෝ රිදෙනවා..”
“මචං උඹට අවුලක් නෑනේ..”
“නෑ මිතිලයෝ උඹට මොකෝ..”
“මට ශේෂ් උඹට තරම්වත් වැදුණේ නෑ..හැබැයි මං අරූට නම් දීලා ඇරියා ආයි රිදෙන්නම….”
“හම්මෝ බං ඔයින් ගියා මදැයි..උඹලා දෙන්නා අපි එහාට වෙනකං ඉදලා හැමදාම දා ගන්නේ පුදුම ලෙඩනේ බං..”
මිතිලගෙයි සනහස්ගෙයි කතාව මැදට පැන නවෝද් එලෙස පැවසුවේ නිතර දෙවේලේ ඔවුන් දෙදෙනා ප්‍රශ්න ඇති කර ගන්නේ මිතුරු නඩය ඔවුන් සමීපයේ නොමැති අවස්ථාවන් වල නිසයි..
“අපි දාගන්න ලෙඩ නෙමෙයි මචං ඒවා අපිව හොයාගෙන එන ලෙඩ..”
“මේ..ඒක නෙමෙයි කෝ උඹේ සම්මානේ..”
“මට අර වෙලාවේ ඒකක් මතක් වුණේ නෑ බං..මං එහෙම්මම ඒක බිමට අතැරියා.බලපංකෝ ඔය කොහේ හරි බිම තියෙනවද කියලා..”
“හරි ෂෝක් මොකෙක් හරි ඒක උස්සන් ගියාද දන්නෙත් නෑ..”
මිතුරු නඩය පඳුරක් සමීපයේ තිබී සනහස්ගේ කුසලානය සෙයා ගත්තේ මහත් වෙහෙසක් දරලා..
සනහස් කොයි තරම් අකමැති වුණත් රන්දි බලෙන් මෙන් සනහස්වයි,මිතිලවයි ඩිස්පැන්සරියකට රැගෙන ගිහින් ඔවුන්ගේ තුවාල වලට බෙහෙත් දමාගෙන නිවසට රැගෙන ආවේ රෑ බෝ වීමට කලියෙන් නිවසට යා යුතු නිසයි..
“දැන් අම්මා දැක්කොත් ඉවරයි..මල්ලි තමුසේ හෙමීට රූම් එකට යනවා මං අම්මව ශේප් කරගෙන හෙමීට විස්තරේ කියලා එක්කරන් එන්නම්..හොඳ වෙලාවට අයියා අද කොළඹ ගියේ..අප්පච්චි කොහොමත් එන්නේ ලබන සතියෙනේ ඒ හිංදා අම්මව ශේප් කරගන්න පුළුවන් වෙයි..”
“බයවෙන්න එපා ඕයි..අම්මව ශේප් කරගන්න එක මහ දෙයක් නෙමෙයි..අනිත් එක අද ඕයි මං මෙහෙම ගුටි කාලා ගෙදර ආපු පළවෙනි වතාව මේක නෙමෙයි ඒ හිංදා බය නොවී ඉන්නා..”
මිතිලවත් නිවසට ඇරලවලා සනහස් රන්දි එක්ක නිවස සමීපයට ඇවිත් පැති ගේට්ටුව සෙමින් විවර කරේ මව පෙනෙන්න සිටිනවද කියා දැනගැනීමට වුණත් ඔවුන් දෙදෙනාවම ගැහෙන්න ගත්තේ නිවස ඉදිරි පිට නවතා ඇති පියාගේ landrover රථය දුටු විටයි..
“තමුසේ හෙමීට ගෙට යනවා අක්කේ..මං පැයක් දෙකක් පහු වෙලා එන්නම්..තමුසේ මගෙත් එක්ක ගියොත් අප්පච්චි අනිවාර්යයෙන්ම තමුසෙටත් ගහනවා ඒක ෂූවර්..”
“කමක් නෑ..අපි දෙන්නම ගුටි කමු..ඔයාට මෙහෙම වුණේ මං නිසානේ..”
“අනේ මේ විකාර කියවන්නේ නැතුව යනවා ඇතුලට..මං අප්පච්චිගෙන් ගුටි කන්නේ පුරුදු වෙන්න නෙමෙයි කියලා තමුසේ දන්නවනේ..ඔය බෙල්ට් එකෙන් පාරවල් දෙකක් කන එක මට නතින්..”
රන්දි කඳුළු සලන්න ගත්තේ පියාට තිබෙන අධික බිය නිසයි..
“ඔන්න ආයි ටැප් එක ඇර ගත්තා..ඔය වගේ පුංචි පුංචි දේවල් වලට ටැප් එක ඇරගන්න එපා ඕයි..යනවා යනවා ඔය කඳුළු ටික පිහදලා ගෙට ගිහින් මොකක් හරි බොරුවක් කියලා කාමරේට ගිහින් ඉන්නවා මං එනකන්..”
“අනේ..මට බයයි මල්ලී…”
“බය වෙන්න එපා ඕයි..අප්පච්චි මට ගැහුවත් තමුසෙට මුකුත් කරන්නෑ කියලා දන්නවනේ අක්කේ..”
සනහස් එහෙම කිව්වේ රන්දිගේ හිත හැදෙන්නත් එක්ක..කුඩා කල පටන්ම දැඩි නීති රිතී මාලාවක් මධ්‍යයේ හැදි වැඩුණු නිසාම සහෝදරිය පියාට අධික ලෙස බිය වුණත් පියා ඇයට දඩුවම් කර ඇත්තේ දෙතුන් වතාවක් පමණයි..සනහස්ට නම් පියාගේ බැණුම් වගේම දඩුවමුත් හොඳට පුරුදුයි..ගැහැණු ළමයෙක් වුණ නිසා සහෝදරියට මව දඩුවම් දීමට පියාට අවස්ථාවක් නොදුන්න නිසා ඇයටත් හරියන්න ගුටි කෑවේ සනහස්..
පැයක් පමණ පාරේ එහාට මෙහාට ඇවිඳිමින් සනහස් කාලය කා දැම්මේ පියා නිදාගන්න යනකන් ඉඳලා නිවසට ඇතුල් වෙන්න බලාපොරොත්තු ඇතිවයි..
නිවස ඉදිරි පසින් නැතුව මුළුතැන්ගෙයි දොරටුවෙන් සනහස් නිවසට ඇතුල් වුණේ වට පිට බලමින්..
සාලය මැදින් හොරගල් අහුලමින් පැමිණ උඩු මහලට යෑමට පඩි පේලිට මත අඩිය තබද්දිම ඔහුව හැස්සි ගියේ උස් හඬින් ඇසුණු පියාගේ ගැඹුරු හඬ නිසයි..
“ඔහොම නවතිනවා..”
“අප්පච්චි..”
“තමුන් කොහේ ගිහිල්ලද ඔය එන්නේ..”
සනහස් පියා දිහාවට නොහැරී හිටියේ හිසෙහි වෙළුම් පටිය පෙනුනොත් පියාගෙන් ගැලවී යාම ලෙහෙසි පහසු නොවන නිසයි..
“අපේ ඉස්කෝලේ අද ස්පෝට් මීට් එක අප්පච්චි ඒ හිංදා පොඩ්ඩක් පරක්කු වුණා..”
“ඔය ට්‍රෝෆි එක මොකක්ද..ගේනවා බලන්න මෙහාට..”
සනහස් විනාඩි දෙක තුනක් පියා සමීපයට නොගිහින් හිටපු විදිහටම හිටියේ පියා දිහාවට හැරුණොත් සිද්ධ වෙන දේ ඔහු දන්නා නිසයි..
“මං දැන් එක පාරක් කියපු දේ ඇහුණේ නැද්ද තමුන්ට..”
“මේ එනවා අප්පච්චි..”
බොත්තම් කෑඩි ඇති කමිසය පිළිවෙලෙට යම්තම් හදාගෙන දූවිලිත් අතින් පිහදලා සනහස් හැරුණේ පියා දිහාවට..පත්තරය දිහාවට දෑස් තබාගෙන හිටපු පියා සමීපයට සනහස් හෙමින් හෙමින් පැමිණ නතර වුණේ දෑස් පියාගෙන..
“ශිරන්ති…ශිරන්ති..”
“ඇයි ජයේ මේ කෑ ගහන්නේ..”
“කෑ ගහන්නේ..කෑ ගහන්නේ බලනවා තමුන්ගේ පුතාගේ ලස්සන..ෂර්ට් ඉරාගෙන,බොත්තම් කඩාගෙන හරිම අපූරුයි ගෙදර එන විදිහ..”
“අනේ..මේ මොකද වුණේ පුතේ..කතා කරන්නකෝ..”
සනහස්ව දුටුව ගමන් ශිරන්ති දුවගෙන පැමිණියේ සනහස් ළඟට..
“මුකුත් නෑ අම්මේ මේ පුංචි රන්ඩුවක්..”
“අනේ..අප්පච්චි අද මල්ලි වරදක් කරේ නෑ… මල්ලිට යන්න දෙන්න අප්පච්චි…”
උඩු මහලේ සිට රන්දි දුවගෙන පැමිණ පියා සමීපයේ හඬන්න ගත්තේ පියා නැවත වතාවක් සහෝදරයට දඩුවම් කරයිදෝයි කියා සිතට දැණුන බිය නිසයි..
“පැත්තකට වෙනවා සුදු නෝනා..තමුනුත් දැන් පටන් ගත්තද මේ මදාවියගේ පැත්ත ගන්න..”
“අනේ…අප්පච්චි..අද මල්ලිට මෙහෙ වුණේ මං නිසා..අනේ අදට විතරක් මල්ලිට සමාව දෙන්න ප්ලීස් අප්පච්චි..”
කොයි තරම් රටේ ලෝකේ මිනිස්සු එක්ක වාද කරත්, ගහ මරා ගත්තත් සනහස් පියා ඉදිරියේ නිහඬව හිඳින්නේ ඔහු පියාට මහත් සේ ආදරය කරනා නිසයි..
“ජයේ..අදට විතරක් කොල්ලව අත අරින්න ජයේ..පුතා දැනටමත් ඉන්නේ අමාරුවෙන්නේ..”
“අනේ මේ ශිරන්ති තමුන් කට වහගෙන ඉන්නවා..තමුන්ගේ නොසැලකිලිමත්කම නිසා තමයි මේකා මෙහෙම නිකමෙක් වුණේ..තමුන් හරියට මෙයාලව හැදුවනම් මේ දේවල් මෙහෙම වෙන්නෑ..
මගේ වැරදි වලට අම්මට බනින්න එපා අප්පච්චි..
“තමුන් කටවහගෙන ඉන්නා..වැරදි කරලා මදිවට තව කියවගෙනත් එනවා…අද රෑට තමුන්ට කෑම නෑ..යනවා කාමරේට..”
“ඒත් අප්පච්චි..”
“සුදු නෝනා තමුන්ටත් බඩ ගින්නේ ඉන්න ඕන නම් මල්ලි වෙනුවෙන් කතා කරනවා..”
නිහඬවම රන්දි සනහස්ව වාරු කරගෙන ඇවිත් සනහස්ව ඔහුගේ කාමරේ ඇඳ මතින් වාඩි කෙරෙව්වේ හඬනා ගමන්..
“මං නිසානේ මේ හැමදේම..”
පසුගිය සතියේ කොටස මෙතැනින් –
අකුරු ගෙත්තම
අනූපමා කාරියවසම්