සංසාර ගීය – 13 කොටස

author
0 minutes, 10 seconds Read

“මචං වැඩේ පත්තු වෙලාද කොහෙද බං අන්න මැඩම් කඩාගෙන මේ පැත්තට එනවා..”

මිතිල සස්මිත් එක්ක වට පිට බලමින් හිටියේ පාසල ඇතුලේ මෙවැනි දේවල් වලට කොහෙත්ම අනුමැතියක් නොමැති නිසයි..මුල් විනාඩි කීපයේ ඔවුන් දෙදෙනා අවට වට පිටාව ගැන සෝදිසියෙන් හිටියත් ඔවුන්ටත් නොදැනිම අවට වට පිටාවේ තිබුණ අවධානය ගිලිහි ගිහින් ඔවුන් දෙදෙනා හිටියේ බැරූම් සාකච්ඡාවක.. අහම්බෙන් මිතිල වට පිට බලද්දි ඔවුන් සිටින දිහාවට පැමිණෙන විදුහල්පතිතුමිය දුටුව ගමන් මිතල පුළුවන් උපරිම වේගෙන් දුවගෙන පැමිණ සනහස්ට අනතුරු ඇගෙව්වේ කරනා දෙයක් ඉක්මනට කරන්නයැයි පවසමින්..

“අපි දැන් මොකක්ද බං කරන්නේ..”

“අනේ..අයියේ..අම්මා දැනගෙන නම් මං ඉවරයි..”

“බය වෙන්නැතුව ඉන්න අමා මං මොනවා හරි කරන්නම්..”

සනහස් හිටියේ හිස ගිණිගත්තා වැනි වැඟීමකින් දැවෙමින්..තමන්ගේ මුරංඩු කම් නිසා ඇයට කැලලක් ඇති වුණොත් කියා සනහස් හිටියේ කැළඹීමකින්..

“කරන දෙයක් ඉක්මනට කරපං සනහස් මහ වෙලාවක් අපිට නෑ..”

“සස්මිට එන්න කියපං මචං..උඹ පලයන්..මං මෙතනින් ශේප් වෙන්නම්..”

සස්මි දුවගෙන මෙන් පැමිණියේ දහඩිය පිරුණු වතින්..

“හොඳ වෙලාවට ඈත තියාම දැක්කේ..අපි දැන් මොකක්ද සනහස් කරන්නේ අහු වුණොත් නම් අපි ඉවරයි..”

“සස්මි ප්ලීස් ඔයාට පුළුවන් ද අමාව පරිස්සම⁣ට මේ පාරෙන් පන්තියට එක්කරගෙන යන්න..මං මෙතන ඉන්නම් අමා මෙතන නැත්තන් මං හිටියට ප්‍රශ්නයක් නෑනේ..”

“ඒත් සනහස් මැඩම් දැනගෙනනේ එනවා ඇත්තේ ඔයා අමා නංගි එක්ක මෙතන ඉන්නවා කියලා..”

“කතා කර කර ඉන්න වෙලාවක් නෑ සස්මි අමාව එක්කරන් යන්න මං මෙතන බලාගන්නම්..”

සනහස් සස්මි එක්ක අමායව පාසලේ ළමුන් විතරක් භාවිතා කරන මාර්ගයකින් පිටත් කර හැරලා කොහොඹ ගසට හේත්තූ වී හැඟෙන හදවත සංසුන් කරගෙන බලාගෙන හිටියේ විදුහල්පතිතුමිය කොයි මොහොතක හෝ ඔහු සමීපයට පැමිණෙන තුරුයි..

සිය දියණිය පසු පසින් මාස කිහිපයක පටන් පිරිමි ළමයෙකු ගැවසෙන බව වටෙන් පිටෙන් බොහෝ දන්නා හඳුනන හිත මිතුරන් පැවසු නිසා දියණිය ගැන ඇතුවුණ බිය නිසාම වත්සලා සිය දියණියව තමන් රාජකාරි කරන පාසලට ඉතා ඉක්මණින් ඇතුළත් කරේ රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් එක්ක ඇයට සිය දියණිය ගැන බියක් ඇතිව තිබූ නිසයි..

උදෑසන ඇගේ පන්ති කාමරය වෙත ගිහින් ඇයව භාරදී පැමිණියත් වත්සලාගේ හිතට දැණුන නොසන්සුන් හැඟීම නිසා නැවත වතාවක් ඇයව සොයාගෙන පන්ති කාමරයට පැමිණෙන්න ආවත් මඟදි හමුවුණු ගුරුවරියක් සිය දියණිය තවත් සිසුවියක් හා පාසලේ යම් තරමේ හුදකලා ප්‍රදේශය දිහාවට පිටව යන අයුරු දුටුව බව පැවසු නිසා හිතට දැණුන සැකය නිසාවෙන් වත්සලා වහා ක්‍රියාත්මක වෙලා එම ප්‍රදේශය දිහාවට අඩි තිබ්බේ ඉක්මන් ගමනින් කැළඹුණු මනසක් ඇතිවයි..

“ඇත්තටම දැන් කාළේ ඉන්න ගුරුවරුත් කිසිම කමකට නෑ..ගෑණු ළමයි දෙන්නෙක් මේ කෑලැ ගාණේ යනවා දැක්කනම් කතා කරලා මොකට යනවද කියලා හොයලා බලන්නේ නැතුව අරහේ යනෝ දැක්කා මෙහේ යනෝ දැක්කා කියලා විතරයි කියන්න දන්නේ..”

“මං අල්ල ගන්නම්කෝ ඉක්මනට මගේ කෙල්ලට කුරුමානම් අල්ලන එකා මොකාද කියලා..”

වත්සලා තමන්ටම එලෙස පවසමින් කොහොඹ ගස් පේළිය දිහාවට ඇවිඳගෙන එද්දි සිය දියණිය තියා ඇයත් සමඟ පැමිණියයි කියා පැවසු අනෙක් ගෑහැණු ළමයගේ පවා කිසිම හෝඩුවාවක් නොමැති නිසා ගුරුවරිය මුසාවක් පැවසුවයි කියා හැරී ආපිට පැමිණෙන්න හදද්දි ඇහුණු වියළි කොළ පෑගෙන හඬ නිසා නැවතත් වත්සලා ඉදිරියට ගමන් කරේ හිතට දැණුනු සැකය නිසයි..

විනාඩි කිහිපයක් වට පිට සෝදිසි කර බලා කිසිවෙක් නොමැති වුණ නිසා වත්සලා පිටව ආවේ ඇයට මුසා පැවසු ගුරුවරියට දොස් නඟමින්..

සනහස් මිතිලට ඔහුව දමා පිටව ගන්නට කියා පැවසුවත් ඔහු සනහස් සමඟම හිටියේ දෙදෙනෙක් ඉද්දි කුමක් හෝ මුසාවක් පවසා බේරී යාහැකි නිසයි..

සනහස් මිතිල එක්ක විදුහල්පතිතුමිය පිටත්ව යනකන් විසල් කජු ගසක නැඟි වසන් වෙලා හිටියේ කුමක් හෝ ප්‍රශ්නයක් දමා ගන්නවට වඩා එය පහසු නිසයි..

“මදැයි ඔයින් ගියා..මං හිතුවා මචං අදනම් උඹ ඉවරෙටම ඉවරයි කියලා..යාන්තන් ඇති ඔයින් ගියා නේද මචං..”

“හම්මේ ඔව් බං මං පණ බයේ හිටියේ මොකක් හරි ප්‍රශ්නයක් අමායට ඇතිවෙයි කියලා..”

“අමායට විතරක් නෙමෙයි අහු වුණානම් උඹටත් ඒ ටිකම තමයි..උඹ නම් හැදෙන එකෙක් නෙමෙයි සනහසෝ..බලපං මගේ ඇගේ ලේ වතුර වෙලා හිටියේ..”

“එහෙම තමයි බං ආදරේ කරද්දි කවුරුත් අපිට කැමැත්තෙන් ඔය ගෑණු ළමයි කියන ජාතිය දෙන්නෑ..අපි මහන්සි වුණොත් තමයි අඩුම තරමේ කෙල්ලෙක්ගෙන් කැමැත්තක් හරි ගන්න පුළුවන්..”

“දැන් ඉතිං අමායා නංගි පුස්තකාලේ යන්නෙත් නැත්තම් උඹ කොහොමද නංගිව හම්බෙන්නේ..”

“ඒකට ක්‍රම සහ විධි තියෙනවා මචං..”

“දැන් වගේ ක්‍රම සහ විධිද..සස්මි කලන්තේ නොදා බේරුණේ අනූ නමයෙන් ඒකී බයවෙලා හිටියේ ඒ තරම්..”

“සස්මි කරේ නම් ලොකු උදව්වක් මචං..නැත්තන් කෙල්ලව තනියෙන් මේ පාරේ අරින්නද..”

“හම්මේ ඔව්..”

“දෙන්නත් එක්ක පරිසමට ගියාද දන්නෑ නේ මචං..”

“යන්නැති බං අපි ඉතිං නිතර ඔය පාරේ යන එන එකනේ..”

සනහස් පාසල නිම වන තුරුම පන්තිකාමරයට වී හිටියේ දවල් සිදුවුණ සිදුවීම ගැන සිතමින්..

“පුතා ඔහොම ඉන්න..”

නිවසට ගොඩවුණු මොහොතේ කවදාවත් නොමැති ලෙසින් මව කතා කෙරු නිසා සනහස් ඉහළ මහල වෙත නොගිහින් හැරි ආපසු පැමාණියේ මව සමීපයට..

“ඇයි අම්මා..”

“මෙතනින් වාඩි වෙන්නකෝ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන..”

සනහස් කුෂන් පුටු⁣වක් මතින් අසුන් ගත්තේ පොත් බෑගය පසෙකට දමන ගමන්..

“ඔයා හැම සෙනසුරාදාම ඇයි පුස්තකාලේ යන්නේ..”

සනහස් ගැස්සී මව දිහා බැලුවේ ඇයට කෙසේ එය ආරංචි වුණාදැයි සිතමින්..

“ඇයි ඔහොම අහන්නේ..”

“මං අහපු ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නකෝ වෙන වෙන ඒවා අහන්නේ නැතුව..”

“යන්නේ ඉතිං පාඩම් කරන්න..”

“අනේ මේ පුතා ඔයාට වෙන අයව අන්දන්න පුළුවන් වුණාට මේ මාව එහෙම ලේසියෙන් අන්දන්න බෑ..එක්ස්සෑම් එක කට උඩ තියාගෙන මොනවද පුතා ඔයා මේ කරන වැඩ,මට පුංචි හරි සැනසීමක් නැද්ද ඔයාගෙන්..හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් මට මේක දැන් ඇතිවෙලා තියෙන්නේ..ඉගෙන ගන්න ඕක කාලේ ඉගෙන ගන්නේ නැතුව ඉදලා ඔයා මොනවා කරන්නද බලාපොරොත්තුවෙන්නේ අප්පච්චි ගැන දැන දැනම ඔයාලා කිසිම වගකීමක් නැතුව ඔහොම කොහොමද ⁣හැසිරෙන්නේ..”

“අයියෝ අම්මා ඔයා බොරුවටනේ අනේ කෑ ගහන්නේ මං පුස්තකාලේ ගියේ නිකන් ජොලියට ඒක මේ ඔයාට කෑ ගහන්න තරම් දෙයක් නෙමෙයි අනේ..”

“මේ පුතා ඔයා මට බොරු විතරක් කරන්න හදන්න එපා මට විස්තරේ කියපු කෙනා සේරම දේවල් කිව්වා ඔයා තාම ඉන්නේ ඉගෙන ගන්න ඕන වයසේ ඔය පස්සෙන් යන ගෑණු ළමයා මේ අවුරුද්දේ ඕලෙවන් කරන්න ඉන්න පුංචි ගෑණු ළමයෙක් ඔයාගේ ඔය විකාර නිසා ඒ ළමයගේ වැඩ ටිකවත් ඒ ළමයා කොහොමද හරියට කරගන්නේ..මීට පස්සේ ඉස්කෝලේ ඇරුණ ගමන් කෙලින්ම ගෙදර එන්න ඕන..එහෙම නාවොත් ඒකත් මං බලාගන්නම්..රටේ ලෝකේ මිනිස්සු බනින්නේ අපිට අපි හරියට දරුවෝ හැදුවේ නෑ කියලා..ඔයා දැන් පොඩි නෑ සනහස් ඔයාට තේරෙන්න ඕන මේ ප්‍රශ්නේ කොච්චර බරපතලද කියලා..ඒ ළමයගේ ගෙදර අය ඕක ආරංචි වෙලා ඔයාව හොයාගෙන ගෙදරටම ඇවිත් මෙතන ගමටම ඇහෙන්න කෑ ගහනකන්ද ඔයා බලන් ඉන්නේ..”

“අම්මා ඔයා බොරුවට කෑ නොගහ ඉන්නකෝ අනේ ඒ ගෑණු ළමයගෙයි මගෙයි අතර එහෙම සම්බන්ධයක් නෑ..”

“ඔයා මට බොරු කියන්න එපා පුතේ..ප්ලීස් මේ ප්‍රශ්න තවත් දුරදිග යන්න කලින් ඔය සම්බන්දේ අදම නවත්තන්න පුතේ..”

“අම්මේ මං ඔයාට එක සැරයකුත් කිව්වේ අපි අතර එහෙම සම්බන්ධයක් නෑ..ඔයාට රටේ ලෝකේ මිනිස්සු කියන කතා පිළිගන්න පුළුවන් මං කියන දේ තමා පිළිගන්න බැරි..”

සනහස් අසුන්ගෙන හිටපු තැනින් නැගී සිටියේ එලෙස පවසන ගමන්..

“ඔය කොහෙද යන්නේ මං තාම කතා කරලා ඉවර නෑ..පුතා..ඔහොම ඉන්න..”

ශිරන්ති කොයි තරම් කතා කරත් සනහස් තරප්පු පෙළ නැග ඉහළ මහළ වෙත ගියේ ඇයව නොසලකා හරිමින්..

“මං ඔයාට කිව්වේ අම්මේ ඔය ගෑණු කෙනා ෂුවර් එකට ඔයාට බොරුවක් කියන්න ඇති කියලා..”

“ඒ වුණා සුදු මැණිකේ එහෙම කියන්න තරම් ඒ ගෑණු කෙනාට අපිත් එක්ක තරහක් නෑනේ..”

“තරහවල් තියෙන්නම ඕනද අනේ ඔය වගේ දේවල් එක දෙක කරලා කියන්න..”

“ඒ වුණාට එහෙමෙයි කියලා ඔය දේවල් හොයන් නැතුව ඉන්න පුළුවන් ද..”

“අම්මේ මං කිව්වේ හොයන් එපා කියලා නෙමෙයි අනේ..”

“ඔයාලගේ මේ ප්‍රශ්න නිසා හැමදාම තැලෙන්නේ මම..අප්පච්චි මේ දේවල් දැන ගත්තම මොනවයින් මොනවා වෙයිද කියලා මට නම් හිතාගන්න බෑ..”

සනහස් කාමරයට පැමිණ යහන ගමතින් අසුන්ගෙන කල්පනා කරේ මවට කවුරුන් එය පැවසුවාදැයි කියායි..

“ශික්..අදනම් මහ චාටර් දවසක්..”

සනහස් පාසල් යන දින වල නිවසේ දමා යන ජංගම දුරකථන රැගෙන ඇමතුමක් ගත්තේ මිතිලට..

“උඹට මං නැතුව විනාඩි පහක් ඉන්න බෑද මචං..”

ඇමතුමට සම්බන්ධ වුණ ගමන් මිතිල එලෙසින් ඇසුවේ ඔවුන් එකට සිට නිවසට පැමිණ එතරම් වේලාවක් ගත නොවූ නිසයි..

“එහෙම මඟුලක් නෙමෙයි මචං..කවුරු හරි මැඩම්ටයි අපේ අම්මටයි කේලම කියලා බං..මට හිතාගන්න බෑ කවුරු කිව්වද කියලා..”

“හප්පට සිරි ඉතිං..”

“අම්මා මං කියන එක පිළිගන්නෑ මචං..අම්මා හිතන්නේ මමයි අමායා අතරයි සම්බන්ධයක් තියෙනවා කියලා..”

“දැන් ඉතිං මො⁣කද බං කරන්නේ..මමත් ඔය පැත්තේ ඇවිත් ඉවරයි..”

“අනේ මංදා බං..කවුරු ඇවිත් අම්මට කිව්වද කියලා..”

“කොච්චර එවුන් ඉන්නවද බං..උඹව දන්න කවුරු හරි කේලම කියන්න ඇති..”

“මං දැන් මොනවා කරන්නද කියලා මට හිතාගන්න බෑ මචං..”

“ඔන්න ඔහේ ඉතිං ඇහුනේ නෑ වගේ හිටපං නැන්දා කොහොමත් ඕවා පිළිගන්නෑ..”

සනහස් රාත්‍රි ආහාරය ගන්න උඩු මහලේ ඉදන් පහළ මහලට ආවේ දෙතුන් වතාවක්
ශිරන්ති ඔහුට කෑ ගසමින් කතා කෙරූ නිසයි..එද්දි සැවොම හිටියේ ඔහු පැමිණෙන තෙක් බලාගෙන..

“දැන් මෙයා හිතන් ඉන්නේ මෙයා මහ ලොකු මනුස්සයා කියලනේ..කී පාරක් කෑ ගැහුවද කන්න එන්න කියලා දැනුයි කුමාරයට පහළට එන්න මතක් වුණේ..”

“අයියෝ අම්මා ඕවා අතැරලා දාන්න අනේ මල්ලි දැන් ආවනේ..”

“ලොකු පුතා ඔයා කියන විදිහට මෙයා කරන දේවල් අතැරලා දාන්න තිබුණා රටේ ලෝකේ මිනිස්සු අපිට කතා නොකිව්වනම්..”

“අම්මා මං ඔයාට හැමදාම කියනවා රටේ ලෝකේ මිනිස්සු කියන දේවල් විශ්වාස කරන්න කලින් අපිව විශ්වාස කරලා ඉන්න කියලා..”

“හරි මෙයාට ඒ ගෑණු ළමයා එක්ක සම්බන්ධයක් නෑ කියමුකෝ ඒත් මෙයා ඒ ගෑණු ළමයා පස්සේ යනවා කියන කතාව ඇත්තනේ..ඔයා අයියා කෙනෙක් විදිහට මෙයාගේ ⁣පැත්ත ගන්න එක නෙමෙයි කරන්න ඕන මෙයාට අවවාද කරන එක..”

“අම්මා දැන් කාලේ ළමයි ඔහොම තමයි අනේ මුන් මේ කාලේ ඕවා නොකර වයසට ගිහාම කෙල්ලෝ පස්සේ යන්නද..”

“මේ දේවල් අප්පච්චිගේ කනට ගිහාම සිද්ධ වෙන දේවල් ඔයාලා නොදන්නවා නෙවෙයිනේ..ඔයාලා ඇයි පොඩ්ඩක් මං ගැන හිතන්නේ නැත්තේ..එහෙන් සුදු මැණිකේ මෙහෙන් මෙයා..”

“සුදු මැණිකේ නම් දැන් තනියෙන් තීන්දු තීරණ ගන්න පුළුවන් වයසේ නිසයි මං එයාගේ දේවල් වලට කට පියන් ඉන්නේ..හැබැයි මේකනම් මට අනුමත කරන්න බෑ..සනහස් මං මේ ඔයාට හොඳින් කියන අන්තිම පාර දැන්ම ඔය හිතේ තියෙන විකාර පැත්තකට දාලා එක්ස්සෑම් එකට ලෑස්ති වෙන්න..අප්පච්චි ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ ඔයා කැම්පස් යනවා දකින්න මමත් එහෙමයි පුතේ අපි මේ තරම් මහන්සි වෙන්නේ ඔයාලා කවදම හරි හොඳ තැනකට එනවා දකින්නනේ..”

සනහස් කොයි තරම් රංඩු දඹර වලට පැටලුනත් ශිරන්ති සැනසීමකින් හිටියේ ඔහු ඉගෙනීමට දක්ෂ වුණ නිසයි..සිද්ධ වෙන දේවල් එක්ක ඇයට දැණුනේ බියක් ඔහු ඉගෙනීමත් අතර මැද නතර කර ගනියි කියලා..

පසුගිය සතියේ කොටස මෙතැනින් –

මතුසම්බන්ධයි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa