සංසාර ගීය – 22 කොටස

author
0 minutes, 11 seconds Read

උදෑසන දහය පමණ වනතුරු සනහස් සුව නින්දක පසුවුණේ පෙරදා රාත්‍රියේ පානය කල මත්පැන් වල බලපෑම නිසයි..

සනහස් අවදිවී පහළ මහළට පැමිණෙද්දි නිවැසියන් සියල්ලන්ම විසිත්ත කාමරයේ තැන් තැන් වල අසුන්ගෙන බලාගත්තු අත බලාගෙන සිටින්නේ මන්ද කියා සිතමින් ඔහු ඔවුන් සමීපයට කිට්ටු වුණේ කුතුහලයකින්..

“මොකද මේ කට්ටිය බලාගත්තු අත බලාගෙන තැන් තැන් වල වාඩිගෙන කල්පනා කරන්නේ..මොකක් හරි ප්‍රශ්නයක් ද..”

රන්දි අසුන්ගෙන සිටිය කුෂන් පුටුව මතින් නැඟී සිටියේ සනහස්ට රැව්මක් පා කරමින්..

“අහන ලස්සන කිසිම ලැජ්ජාවක් නැතුව අපි මේ තැන් තැන් වල වාඩිගෙන කල්පනා කරන්නේ තමුන් ගැන..ඊයේ වැටිලා හිටියේ කොහෙද කියලා හාමු මහත්තයට මතක නැද්ද..මොකක්ද මල්ලි මේ වැඩේ තේරුම ඔයා කිසිම වගකීමක් නැතුව කොහොමද මේ විදිහට ජීවත් වෙන්නේ..”

සියල්ලන්ම එලෙස සිටිමට හේතුව තමන් බව දැනගත් නිසා සනහස් සූදානම් වුණේ ඉහළ මහලේ ඔහුගේ කාමරයේ තනිවෙන්න..
ඔහු ඉහළ මහල වෙත යන්න පඩිළෙ මත පය තබද්දිම මව ඔහුට කතා කල නිසා සනහස් මව සමීපයට පැමිණියේ ඇයව නොසලකා හැරීය නොහැකි නිසයි..

“ඇයි පුතේ ඔයා මෙහෙම අපිට ගින්දරක් දෙනේනේ ඔයාට ඔයාව වටින්නේ නැති වුණාට මගේ එක පණක් ඔයා පුතේ තැන තැන බීලා වැටිලා ඉන්න එකෙන් වෙන්නේ ඔයා⁣ගේ නමට කැලලක්නේ..”

“එහෙම වැටිලා හිටියේ නෑ අම්මේ දන්නැද්ද චුට්ටක් වැඩි වුණා එච්චරයි..”

“හොඳ චුට්ට සංඛ අයියා GPS ට්‍රැක් නොකරනම් උඹ තාමත් අර මඟුලේ.. මොකක්ද මචං සනහසා මේකේ තේරුම අඩුම තරමේ කොහේ හරි යනවනම් මේ ගෙදර මිනිස්සුන්ට හරි කියලා පලයන්..උඹ එනකන් මේ ගෙදර මිනිස්සු ඉන්නේ ගිනි පත්තු වෙලා..”

මිතිල සනහස් සමඟින් කෝපයෙන් දැවෙමින් සිටියේ ඔහු කිසිවෙක් පවසන කිසිවක් නොඅසන නිසා දිනෙන් දින ඔහුගේ දිවිය අඳුරින් පිරෙන දිහා මිතිලට ⁣පසෙකට වී බලාසිටිය නොහැකි තරම් වුණ නිසයි..

“අනිත් එක උඹ ඊයේ මොන මඟුලටද අර කෙල්ලගේ ගෙදර ගියේ..”

“උඹ කොහොමද දැන ගත්තේ..”

“අහන ලස්සන..මං දැන ගත්තේ ඒ කෙල්ලගේ අම්මා අපේ ගෙදර ඇවිත් හොඳ නාඩගමක් නටලා ගියපු නිසා..”

“මැඩම් මොකටද උඹලෑ ගෙදර එන්නේ..”

සනහස් මිතල සමීපයට පැමිණ එලෙස ඇසුවේ පුදුමය පිරුණු හඬින්..

ශිරන්තියි, රන්දියි සනහස්ගේ ක්‍රියාකලාපය ගැන සිටියේ කලකිරීමකින්..

ජිවිතේ මිනිස්සුන්ට වරදින එක සාමාන්‍ය දෙයක් වුණත් මනුස්⁣සයෙක් වරදින,වරදින සැරේට ආපහු ජිවිතේ යථා තත්ත්වයට පත් කර ගැනීමට උත්සහ කල යුතුයි..වසර ගණනක් වෙහෙසී සනහස් යථා තත්ත්වයට පත් කරගත් ජීවිතය මොහු නැවත වතාවක් වරද්ද ගන්න සූදානම් වෙන දිහා ඔවුන් දෙදෙනා පසෙකට වී බලා සිටියේ ඊට කිසිවක් කිරීමට ඔවුන්ට නොහැකි නිසයි..

“ඔයාට මේ දේවල් සෙල්ලමක්ද දරුවෝ..”

“අම්මා..මෙතන අඬන්න තරම් දෙයක් වුණේ නෑනේ..”

“ඒ ඔයා හිතන් ඉන්න විදිය පුතේ අවුරුදු ගානක් ඔයා මහන්සි වෙලා හදාගත්තු ජීවිතේ ඔය විදිහට විහින් විනාස කරගන්න දිහා අපි කොහොමද බලන් ඉන්නේ..මැඩම් කියන කතාව ඇත්ත අපි හරියට ඔයාව හැදුවේ නැති නිසා වෙන්නැති ඔයාට මේ දේවල් ගැන කිසිම කැක්කුමක් නැත්තේ..”

“මැඩම් ඔයාට කතා කරාද..මං කරපු දේට ඔයාට කතා කරලා ⁣වැඩක් නෑනේ එයා කතා කරන්න තිබ්බේ මට..මොනවද මැඩම් කිව්වේ..”

“කිව්වේ එයා⁣ගේ එක දරුවෙක්ව මරාගත්තා මදිද ඇහුවා එයාට දැන් ඉතුරු දරුවා පස්සෙනුත් යන්නේ..ඇත්තටම ඇයි පුතේ ඔයා අර දරුවගේ නංගි පස්සෙන් යන්නේ..ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවව හම්බෙන්න ගිහින්..”

“එයාට එහෙම වුණේ මං නිසා අම්මේ මමයි එයා අද අර විදිහට රෝදපුටුවක ඉන්න හේතුව..”

“සුදු පුතේ ඔයාට කොච්චර නම් කියන්නද..අමාය දුවට වෙච්ච දේටවත්, එයාගේ නංගිට වෙච්ච දේටවත්,ඔයාගේ කිසිම වැරැද්දක් නෑ කියලා..ඇයි ඔයා මේක තේරුම් ගන්නේ නැත්තේ..”

“වැරැද්දක් නෑ කියන්නේ කොහොමද අම්මේ ඒ දෙන්නගෙම ජීවිත වලට එහෙම වෙන්න වග කියන්න ඕන මමයි..මං අමයාගේ ජීවිතේට නාවනම්;එයා අදත් ජීවතුන් අතර තිත්ත උනත් මට ඒ ඇත්ත අමතක කරන්න බෑ අම්මේ..”

“හරි අපි කියමුකෝ ඔයා තමයි ඒ දෙන්නටම සිද්ධ වුණ දේට වගකියන්න ඕන කියලා..
ඔයා මොකක්ද මල්ලි ඒ වෙනුවෙන් කරන්නේ..ඔයා වගකිව්වා කියලා අමාය නංගිට ආපහු පණ එනවද..සයාරා නංගිට කකුල් දෙකින් හිටගන්න පුළුවන් වෙනවද..
ඔයා මෝඩයෙක් වගේ බීගෙන නැටුවට ඒ දෙන්නගේ ජීවිත ආපහු තිබුන විදියට ගන්න බෑ මල්ලි..මෙතන තිත්ත උනත් ඇත්ත තේරුම් ගන්න බැරි ඔයාටයි..

ඔයා මහන්සි වෙලා අවුරුදු ගානක් හදාගත්තු නම මේ විදිහට විනාශ වෙන දිහා අපි කොහොමද බලන් ඉන්නේ?අනිත් එක ඔයා අද මේ තත්ත්වේ ඉන්නේ ඔයාගේම මහන්සියෙන් විතරක් නෙවෙයි අපිත් මහන්සි වුණා ඔයාව අද මේ තත්ත්වයට ගන්න..
අප්පච්චි අද රෝද පුටුවක ඉන්නෙත් ඔයා නිසා මල්ලි..ඔයාට පුළුවන්ද ඒ දේවලුත් තිබුණ විදියටම හරිගස්සන්න..අයියා උසස් වීමක් අත ළඟ තියාගෙනත් මාරුවීමක් ගත්තෙ ඔයා නිසා,අපි මේ කාත් කවුරුවත් නැති පැත්තක ජීවත් වෙන්නෙත් ඔයා නිසා මේ දේවලුත් ඔයාට වෙනස් කරන්න පුළුවන්ද
බෑ නේද…ඒ නිසා කරුණාකරලා තවත් ප්‍රශ්න ඇති නොකර අර ගෑණු ළමයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න..”

“මට අමායට ආපහු පණ දෙන බෑ තමයි අක්කේ..හැබැයි මට සයාරවයි අප්පච්චිවයි හොඳ කරන්න පුළුවන්…ඒ දෙන්නා ආපහු හිටපු තත්ත්වයට ගන්න මං මට පුළුවන් හැමදේම කරනවා..”

“හරි අප්පච්චුව හොඳ කරයි කියමුකෝ..ඒත් ඔයා හිතනවද සයාර නංගි ලඟට ඔයාට ලං වෙන්නවත් ඉඩ දෙයි කියලා..ඒ මිනිස්සු ඔයත් එක්ක ඉන්නේ වෛරයකින් ඒ වෛරය ඔයාට නැති කරන්න පුළුවන්ද මල්ලි..”

“මං දන්නෑ..”

සනහස් ඉහළ මහලට පිවිසුණේ සම්පූර්ණයෙන්ම අවුල් වුණ මනසකින්..

“අනේ මං දන්නෑ අම්මේ මෙයා හොඳවයින් පාඩමක් ඉගෙන ගන්න කන් නම් ඔය මෝඩ කම් අතාරින්නෑ..මැඩම් නම් කීයටවත් මෙයාට ඒ ගෑණු ළමයා කිට්ටුවටවත් එන්න දෙන එකක් නෑ..”

“⁣මූ අක්කේ දෙයක් හිතුවොත් ඒක නොකර ඉන්න මනුස්⁣සයෙකුත් නෙවෙයිනේ..මේ පාර මොන මරාලයක් පාත් කර ගනියිද මංදා..
සයාරා නංගිව හොඳ කරන එක මූට ⁣සැනසීමක් නම් ඒක අපි කරන්න දෙමු නැන්දේ..වෙන දෙයක් වෙච්චාවේ කොහෙන් හරි අලුතෙන් ජිවිතේ පටන් ගන්න දැන් කාලේ හරි..”

“ඒ වුණාට මිතිල මල්ලි ඒ මිනිස්සු ඔය දේට ඉඩ දෙයි කියලා ඔයා හිතනවද..”

“අපි බලමුකෝ අක්කේ පිස්සෙක් වගේ මේකා බිබී ඉන්නවට වඩා ඔය වගේ දෙයක් හරි කරලා හිත හදාගන්න පුළුවන් නම් අපි මූට උදව් කරමු අක්කේ..”

දින කිහිපයක් ගතව ගියේ සනහස් සයාරා ගැන සිතමින්ම කාලය ගත කරද්දියි.. සනහස්ට ඕන වුණේ සයාරට ඇගේ හීන පසු පස යන්න ඇයට නැවත වතාවක් දෙපයින් නැඟී සිටීමට හැකියාව ලබාදෙන්නයි..ඔහු ඒ වෙනුවෙන් පුරා මාසයක් පමණ දිවයින පුරා වෛද්‍යවරු ගැන සොයා බලමින් ඇගේ වෛද්‍යය වාර්තා සයාරගේ නැන්දනිය වුණ නෙළුම්ගෙන් ඉල්ලාගෙන ඔහු රැගෙන ගිහින් ඇසුවත් සෑම වෛද්‍යවරයෙක්ම පැවසුවේ නැවත වතාවක් ඇයට දෙපයින් නැඟී සිටීමට නොහැකි බවයි..

සෑම දිනකම පාහේ සියලු වැඩ අතැර සනහස් සයාරා හමුවීමට ගියේ ඇගේ ජිවිතේ එකම තැන නතර වීමට ඔහුත් වගකිව යුතුයි කියා වරදකාරී හැඟීමකින් ඔහු පෙලුන නිසයි..

සයාරා ගැන ඔහුගේ හිතේ තිබුණේ අනුකම්පාවක්..

සනහස්ගේ මේ නොසැලකිලිමත් වැඩපිළිවෙළ නිසාම ඔහු⁣ට බොහෝ දෙනාගේ දෝෂාරෝපණයට ලක්වීමට සිද්ධ වුණේ ඔහු මුදල් ලබාගෙන පැමිණෙන බව පැවසූ සංගීත සංදර්ශන,රූපවාහිනී වැඩසටහන් සියල්ලම පසෙක දමා සයාරා හමුවීමටත්,ඇගේ වෛද්‍යය වාර්තා රැගෙන වෛද්‍යවරු හමුවීමට ඔහු කාලය වෙන්කල නිසයි..

මේ සිදුවීම් දිහා බලාසිටිය නොහැකි නිසා මිතිල සයාරා හමුවීමට පැමිණ සනහස් වසර පහකට කලින් සිදුවීම නිසා මානසිකව ඇද වැටී සිටි ආකාරයත් එම නිසා ඔහු වසර ගණනාවක් ඖෂධ ලබාගත් ආකාරයත් ඔහුට මුහුණ දීමට සිදුවුණු කරදරද මේ සියල්ලම ගැන ඇය සමඟින් මිතිල පවසා සිටියේ ඇගේ මාර්ගයෙන් හෝ සනහස්ගේ සිත සෑදීමේ බලාපොරොත්තුවෙන්..

“නංගි මං දන්නවා මෙහෙම ඉල්ලන එක හරි වැරදියි ඔයාලට සිද්ධ වුණ දේවල් එක්ක ඒත් සනහස් කියන්නේ පිටින් සාමාන්‍ය මනුස්⁣සයෙක් වගේ පෙනුනට ඇතුලින් ජිවිතේ කඩාගෙන වැටුණු මනුස්⁣සයෙක්..ඔයාට පුළුවන් නම් උගේ හිත ටිකක් හදන්න නංගි..මේ දවස් වල බාරගත්ත කිසිම වැඩක් කරන්නෑ සල්ලි ආපහු රිටන් කරලා ඩොක්ටර්ස්ලා පස්සේ යනවා ඔයාගේ රිපෝට් අරගෙන..”

“මං කීප දවසෙම මෙහේ ආවම ඒකට බැන්නා අයියේ ඒත් එයා මං කියන දෙයක් අහන්නෑ..මං මේ ඉන්න තත්ත්වය හොඳ කරන්න බෑ කියලා මං දන්නවා මගේ බලාපොරොත්තුවකුත් නෑ කකුල් දෙකෙන් හිටගන්න මං ආපහු වතාවක් කියලා බලන්නම්..”

“ගොඩක් ලොකු පිනක් නංගි ඔයාගේ අක්කා ඇක්සිඩන්ට් වෙන වෙලාවේ මාත් එතන හිටියා ඔයාගේ අක්කා ඇත්තටම සනහස්ට ආදරේ කරා එයා අම්මට බය නිසා පාරෙදි වත් සනහස්ව හම්බෙන්න කැමති වුණේ නෑ..එදා ඔයාලගේ අම්මා මීටින් එකක් නිසා කොහොමත් අම්මා පාරට එන්නෑ කියලා දැනගෙන හිටියත් අමායා නංගි බය වුණා කවුරු හරි කියලා අම්මා දැනගනියි කියලා ඒකයි සනහස් එයත් එක්ක කතා කරන්න හදද්දි පාර හරියට නොබලා පාර පැන්නේ..
එහෙම දෙයක් වෙනවා කියලා දන්නවා නම් සනහසා කීයටවත් ඔයාගේ අක්කා එක්ක කතා කරන්නෑ..මගේ යාළුවා හින්දා කියනවා නෙවෙයි ඌ පව් නංගි මං දැකලා නෑ ඌ තරම් ආදරේ නිසා විඳවපු එකෙක්ව දවස් ගාණක් නොකා නොබී කාමරේ ඇතුළට වෙලා දොරවල් පවා වහගෙන හිටියා අපි හිතුවෙම ජීවිතේ නැකිකර ගනියි කියලා දෙතුන් වතාවක් නිදිපෙතිත් බීලා තිබුණා හැබැයි ඒ එක පාරකදි වත් ඌ මැරුණේ නෑ..ඔයාගේ අම්මට එයාගේ දරුවා නැති වුණ වේදනාව දැණුනේ එකපාරයි නංගි තාමත් ඒ වේදනාව මං දන්නවා ජිවිතේ තියෙනකන් අමතක වෙන්නෑ කියලා ඒත් සනහස්ගේ අම්මා දවස ගාණේ මැරි මැරී ඉපදෙනවා නංගි ඌ විඳවන දිහා බලාගෙන..

සනහස් අවුරුදු ගාණකින් හරියට නිදාගෙන නෑ..මේ ළඟක් වෙනකන්ම ඌ නිදාගත්තේ නිදි පෙත්තේ පිහිටෙන්..දැන්නම් මේ දවස් වල කොහොමද දන්නෑ මං බලෙන්ම ගිය මාසේ ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න එක්කරන් ගියා නින්ද යන්නේ නැති නිසා.. දැන් දවස ගාණේ බෙහෙත් බොනවා මං හිතන්නේ..ඔයාගෙන් මං අත්දෙක එකතු කරලා ඉල්ලන්නම් නංගි අපේ එකාව පුළුවන් නම් ආපහු පරණ සනහසා කරලා දෙන්න නංගි අපිට..ඔයාට ඒක කරන්න පුළුවන් කියලා අපි දන්නවා..ඌ⁣ට දැන් ඕන කාගේ හරි ආදරයක් ඔය දෙන්නම අඳුරු අතීතය නිසා විඳවන දෙන්නෙක් මේ මගේ පෞද්ගලික අදහස විතරයි මං හිතනවා ඔය දෙන්නට ජිවිතේ අලුතින් පටන් ගන්න පුළුවන් කියලා..”

“අයියා අදහස් කරන දේ මට තේරෙනවා ඒත් සනහස් අයියා මගේ අක්කා ආදරේ කරපු කෙනා අනිත් එක සනහස් අයියා තාමත් ආදරේ මගේ අක්ක⁣ට..මං කොහොමද මගේ අක්කා ආදරේ කරපු කෙනා එක්ක අලුතින් ජිවිතේ පටන් ගන්න හිතන්නේ..”

“ඒ මීට අවුරුදු පහක⁣ට කලින් නංගි දැන් අක්කා වෙන ආත්මෙක ඉපදිලත් ඇති ජිවිතේ හැමදාම එකම දෙයක් නිසා අපිට විඳවන්න බෑ නංගි අපි කාලය ගමන් කරන විදිහට ඉස්සරහට යන්න ඕන දැන් ඔය දෙන්නම අතීතයේ හිටියා ඇති මං ඔයාට බල කරන්නෑ ඔයා උත්සහ කරලා බලන්න සනහස් එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්න..”

එහෙම කරන්න පුළුවන් වෙයිද නැද්ද කියලා මං දන්නෑ අයියේ..සනහස් අයියා ගැන මට මුලින්ම තිබුණේ ගොඩක් ලොකු කේන්තියක් එයා නිසා ම⁣ගේ අක්ක⁣ට එහෙම වුණා කියලා..දැන් නම් මට ඇත්තටම එහෙම කේන්තියක් දැනෙන්නෑ..මට තේරුම් ගියා මං හිතාගෙන හිටපු විදිහේ මනුස්⁣සයෙක් නෙවෙයි කියලා සනහස් අයියා..මං උත්සහ කරලා බලන්නම් සනහස් අයියා එක්ක ජිවිතේ අලුතෙන් පටන් ගන්න..”

“අපේ එකාගේ ආදරේ ඔයාගේ අක්කවත් හරියට විඳලා නෑ නංගි..සනහස්ගේ හිතේ දැන් ඔයාගේ අක්කා ගැන තියෙන්නේ ආදරයක් නෙවෙයි එයා නිසා එහෙම දෙයක් වුණා කියන පසුතැවීම..”

මතුසම්බන්ධයි…

22 සංසාර ගීය

පසුගිය සතියේ කොටස මෙතැනින් –

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa