සයාරව වෙද ගෙදර නතර කර පැමිණියාට පසු සනහස් නිතර නිතර ඇයව හමුවීමට ගියේ ඇගේ සුවදුක් බැලීමට බව අන් අයට
ඒත්තු ගන්වමින් වුණත්, ඔහු ඇයව බැලීමට ගියේ ඔහුගේ හදවත ඇය ළඟ නතර වී තිබුණ නිසයි..අමායාගේ රුවම හිමි සයාරා ගැන ඔහුගේ හදවත පවසන කතාව සනහස් සිටියේ පිළිගැනීමට අදිමදි කරමින්..
සයාරගේ බලකිරීම නිසාම පසුගිය කාලයේ අතහැර දමා තිබුණු ප්‍රසංගයන්ට සනහස් සහභාගී වුණ නිසා ක්ෂේත්‍රය ඇතුලේ දිනෙන් දින ඔහු ජයප්‍රියත්වය පත් වෙමින් තිබුණේ ඔහුව අධික ලෙස කාර්‍යබහුල කරමින්..
දින කිහිපයක් එක දිගට රාත්‍රි සංගීත සංදර්ශන කිහිපයකට සහභාගී වෙලා තෙහෙට්ටුවෙන් සිටියත් ඔහු උදෑසනම සුදානම් වී නිවසින් පිටත් වුණේ ඇයව දැක ගැනීමේ බලාපොරොත්තුවෙන්..
වෙද ගෙදර සියලුම දෙනා සනහස්ව මහත් ගෞරවයකින් ඔහු එහි යන සෑම අවස්ථාවකම පිළිගත්තේ ඔහු නිහතමානී ගායන තරුවක් වුණ නිසයි..
“මහත්තයා ඒවි කියලා අපේ කෙල්ල දවස් ගාණක් මඟ බලන් හිටියා..”
“මල්මි නංගි මට කෝල් එකකුත් අරගෙන තිබුණා වෙද හාමිනේ මං වැඩ වගයක හිටපු නිසා මට ගන්න වුණේ නෑ..පහුවෙලා ගන්න හිටියත් මට අමතක වුණා මොකක් හරි හදිස්සි වැඩකටද වෙද හාමිනේ කතා කරේ..”
ඔවුන් ඔහුට ලබාදුන්න ඇමතුම හා සම්බන්ධ වීමට ඔහුට නොහැකි වුණ නිසා සනහස් එලෙස ඇසුවේ පසුතැවීමෙන්..
“මොන හදිස්සි වැඩක්ද මහත්තයෝ ඔය අපේ කෙලී මොකක් හරි මගෝඩි වැඩකට වෙන්ටැති කතා කොරන්න ඇත්තේ..මං නොදන්නවැයි අපේ කෙලී ගැන..මං මේ කිව්වේ අපේ කෙලී මඟ බලන් හිටපු නිසා..”
“නංගි අද ගෙදරද වෙද හාමිනේ..”
“නෑ මහත්තයෝ ඉස්කෝලේ ගියා..මොකක්ද මංදා ඔය උත්සවයක් තියෙන කතාවක් මේ දවස් ටිකේම කිව්වා ඒකේ වැඩෙයි කියලා හැමදාම දැන් කුකුළත් අතින් අරන් ඔය මේ ටිකේම ඉස්කෝලේ ගියේ..”
“දැන් සයාරට ගුණයක් තියෙනවද වෙද හාමිනේ හොඳ කරගන්න පුළුවන් වෙයිද..”
“ම්..හ..ඒ ගැන නම් මහත්තයෝ මහ ලොකු විශ්වාසයක් දැම්ම කාරිය තියා ගන්න එපා..අවුරුදු පහකට එහානේ ඔය අනතුර වෙලා තියෙන්නේ කකුල් හොර වෙලා තියෙන්නේ එකම තැන ඉදලා බෙහෙත් අහනවත් හොරයි..මං මගේ උපරිමය කරන්නම් මහත්තයෝ..අපි බලමුකෝ මෙහෙට ආපුම කාලෙට වැඩිය දැන් ඒ දරුවට ගූණයි..මහත්තයම ගොහින් බලන්නකෝ..”
සනහස් වෙද හාමිනේට සමුදීලා ඇවිඳගෙන ගියේ සයාරා නවාතැන්ගෙන සිටින නිවාස කිහිපය සදා ඇති ඉඩමට..ඔහු ඉඩමට පිවිසෙද්දි ඈත තියාම දුටුවේ ඇසල ගස් හෙවනේ රෝදපුටුව මතට වී පොතක් කියවමින් සිටිය ඇයවයි..
සනහස් සයාරලා සමීපයට කිට්ටු වෙද්දි ඇය හිස උස්සා ඔහු දෙස බැලුවේ ඔහුගේ අඩි ශබ්දය නිසයි..
“කොහොමද දැන ගත්තේ කවුරු හරි ආවා කියලා මං සද්ද ඇහෙන්නැති වෙන්නනේ ආවේ..”
“මට තියෙන්නේ හා කන් පුංචි කොළයක් පෑගුණත් ඇහෙනවා..”
“ම්..ඒකත් එහෙමද..මොකක්ද කියවන පොත..”
සනහස් ඇය සමීපයෙන් අසුන්ගත්තේ ලෙස අසමින් පොත දෙසටත් බැල්මක් හෙළමින්..
“නුපුරුදු සුවඳක්..”අනූපමා කාරියවසම්ගේ..”
“මං එහෙම කෙනෙක් ගැන මීට කලින් අහලා නෑනේ..”
“එයා අපේ කාලේ අලුත් රයිටර් කෙනෙක්..මේ කතාවෙත් ඉන්නවා ඔයා වගේම කෙනෙක් හැබැයි එයා නම් ක්‍රිකටර් කෙනෙක්..එයත් ඔයා වගේ බීගෙන පිස්සු නටපු මනුස්සයෙක් හැබැයි සමාරා නිසා එයා බොන එක නතර කරා සමාරගේ පවුලේ හැමෝවම බලාගත්තා මාත් කවදා හරි හොයාගන්නේ දිහස් ගෝකුල් රත්වත්තේ වගේ බෝයි කෙනෙක්ව..ගෑණු ළමයෙක්ට ඉන්න ඕන එයා වගේ හස්බන්ඩ් කෙනෙක් හීන පස්සේ දුවන්න ඉඩ දෙන..අසීමාන්තිකව ආදරේ කරන..
මේ කතාවේ ගෑණු ළමයා හරි දුප්පත් සනහස් අයියා එයා ජොබ් දෙකක් කරා ගෙදර අයව එයාගේ නංගිලා තුන්දෙනාවයි අප්පච්චිවයි බලාගන්න..එක නංගි කෙනෙක් නම් හරි නරකයි සමාරගේ හිත රිද්දන්නමයි හදන්නේ ඒ නංගිට එයාගේ අක්කා ගැන කිසිම දුකක් නෑ මට මගේ අක්කා හිටියනම් මං නම් එයාව තේරුම් ගන්නවා එහෙම තනියෙන් හැමදේම කරනකන් බලන් ඉන්නෑ..”
අමායා ගැන සයාරා කියවද්දි සනහස්ට දැණුනේ වරදකාරී හැඟීමක්..සයාරා වෙනුවෙන් හදවතේ නිතර ඇරෙන වැහෙන ආදර කවුළුව මේ මොහොතේ තදින් වැසී ගියේ සනහස්ට දැණුන නිසයි ඔහු වරදක් කරනවා හා සමාන හැඟීමක්..
“මං ඔයාටවත් අමායාට වත් ගැලපෙන කෙනෙක් නෙවෙයි නංගි..”
ඔහු එලෙස පවසා ගත්තේ තමන්ටමයි..
සයාරා සනහස් දෙස බැලුවේ ඇය පවසන කිසිවකට ඔහු පිළිතුරු නොදුන් නිසයි..සනහස් කල්පනාවක බව දකිද්දියි සයාරට තේරුම් ගියේ තමන් ඔහුට පැවසූ දේවල් වල බැරෑරුම් කම..සනහස් ඉතා අපහසුවෙන් ජිවිතේ පිළිවෙළක් කරගන්න ගමන් ඉද්දි නැවතත් අතීතය මතක් කිරීම ගැන ඇයට ඇති වුණේ ඇය ගැනම කේන්තියක්..
සයාරා සනහස් සමඟින් කතා කිරීමට, ඔහුගේ සිත සෑදීමට සිතද්දි මල්මී ඔවුන් සමීපයට දිවගෙන පැමිණියේ සනහස්ට කතා කරමින්…සනහස්ගේ ගැඹුරු කල්පනාව බිඳී ගියේ මල්මීගේ හඬින්..
“සනහස් අයියා..මං මේ ඔයා ආවා කියලා දැනගත්තු ගමන්මයි මෙහෙට දුවන් ආවේ..”
“සොරි නංගි මට එදා කෝල් එක ගන්න බැරි වුණාට..මං වැඩ ගොඩක ඒ වෙලේ හිටියේ..”
“අයියෝ ඕක මොකක්ද අයියා..හැබැයි ඔයා අද ආවේ නියම දවසේ..මං අයියට කතා කරේ අපේ ඉස්කෝලේ උත්සවයක් තියෙනවා කියලා ඒකට එන්න පුළුවන් ද අහන්න..අද හවස තියෙන්නේ අයියට පුළුවන් ද එන්න..මං එදා කතා කරේ ඒක අහන්න..අයියා එනෝද..”
දෑස් පුංචි කරමින් විටෙක දෑස් කරකවමින් මල්මී සනහස් දෙස පාන කෝලම් දෙස සයාරා බලාගෙන සිටියේ සිත යටින් ඇයට බැණ වඳිමින් කොතෙක් ඔවුන්ගේ වයස් වලට වඩා ඇය කුඩා දැරියක් වග මනසට ඒත්තු ගන්වන්න උත්සහ කරත් සනහස් ඉදිරියේ මල්මී හැසිරෙන ආකාරය බොහෝ අවස්ථා වලත් මීට පෙර සයාරා දැක ඇති නිසා ඇය මල්මී සමඟින් සිටියේ අමනාපයෙන්..සනහස් ගැනත් ඇගේ හිතේ ඇතිවුණේ නොපහන් හැඟීමක් ඔහු මල්මීව සුරතල් කරමින් කතා බස් කරමින් ඉන්නා නිසා..
“ඉල්ලීම ඉතිං අහක දාන්නත් බෑනේ මේ පුංචි ගෑණු ළමයා ඉල්ලපු පළවෙනි උදව්වනේ..මං හවස එන්නම්..තව අමුත්තෙක් එක්කන් ආවට කමක්නෑද මල්මී නංගි..”
“එකට දහයක් එක්කන් ආවත් අපේ ඉස්කෝලෙන් මල්මාල දාලා පිළිගනී ඔයා එනවනම් අයියේ..තැන්ක්‍යු අයියේ මං කියපු ගමන් එන්න කැමති වුණාට..මං මේකට කතා කරා කියලා අත්තම්මට නම් කියන්න එපා හොදේ..”
“නෑ මං කියන්නෑ..”
“අයියා එහෙනම් අමුත්තවත් එක්කන් ඒ පැත්තේ එන්නකෝ මං ඉස්කෝලෙට දුවනවා මේ ආරංචිය කියන්න..අපේ මැඩම් පුදුම වෙයි මං කිව්වම..”
සිනහවක් දොතොලතර රඳවගෙන මල්මී පිටන යන දෙස බලාගෙන සිටින සනහස් දිහා සයාරා පසෙකට වී බලාගෙන සිටියේ සික යටින් ඔහුට බනිමින්..
“මොකද මගේ දිහා රවාගෙන බලාගෙන ඉන්නේ සයාරා නංගි..මං මොකක් හරි වරදක් කරාද..”
සනහස් සයාරා ඔහු දෙස බලාසිටින බැල්ම දුටු නිසා එලෙස ඇසුවේ ඔහු ඇය වෙනුවෙන් රැගෙන පැමිණි ආහාර පිරවු විසල් කඩදාසි බෑගය ඇය දෙසට දිගු කරමින්..
“මේ මොනවද..”
සනහස් ඇසූ ප්‍රශ්නය මඟ ඇර සයාරා එලෙස ඇසුවේ ඇගේ හැඟීම් ගැන ඇයට ලැජ්ජාවක් ඇතිවුණ නිසයි..
“ඔයාට හැදිලා තියෙන පිස්සුව නම් සෙල්ලම් නෑ සයාරා..සනහස් අයියා ආදරේ අක්කට එයා මොනවා හිතයිද ඔයා එයාට ආදරෙයි කියලා දැන ගත්තොත්..”
සයාරා සිතින් එලෙස තමන්ටම පවසා ගත්තේ බෑගය විවෘත කර එහි ඇති දේවල් දෙස බලමින්..
“මෙහේ ඉතිං ඔයා කැමති කෑම ගන්න තැනක් නෑනේ ඒ නිසා මං නෙළුම් ආන්ටිට කතා කරලා ඔයා කැමති ජාති ටිකක් අහලා අරගෙන ආවා..”
“අනේ..තැන්ක්‍යු සනහස් අයියා..වෙනදා නිතර නිකර කනවනේ මෙහේ ඉතිං මේවා හොයන්න තැනක් නෑ ටවුන් එකෙත් p&s එකේ එහේ තරම් කෑම ජාති නෑ..නැන්දා ගෙනාවා ටවුන් එකට ගියපු දවසක..”
“කෝ නෙළුම් ආන්ටි..ඇතුලෙද..”
“නෑ අයියේ ටවුන් එකට ගිහින් එන්න ගියා දැන් පැයකට වැඩියි සමහර විට බස් එකක් නැතුව ඉන්නවද දන්නෑ..මෙහේ ඉතිං පැයකට සැරයක්නේ බස් තියෙන්නේ..”
“බස් වල එන්නේ නැතුව ත්‍රීවීලර් එකක ආවනම් ඉවරනේ සයාරා නංගි ආන්ටිට කිව්වේ නැද්ද බලන් නොයිද එහෙම වෙලාවට එන්න කියලා..”
“මෙහේ ත්‍රීවීලර් ත් මහ ගොඩක් නෑලූ අයියේ තිබුණත් මෙහෙට එන්න තියෙන පාර සවුත්තු නිසා එන්න කැමති නෑලු..”
“මං ගිහින් එක්ක එන්නම් කලින් දන්නවනම් මං එහෙම්මම එක්කන් එනවා..”
සනහස් නෙළුම්ව රැගෙන එන්න පිටත්ව ගිහින් සුළු මොහොතකට පස්සේ නැවත වතාවක් මල්මී පැමිණියේ සනහස්ව හොයාගෙන සයාරා සමීපයට..
“අයියා කෝ අක්කේ ගියාද..”
“නෑ..ටවුමට ගියා..නංගි..ඔයා ඉස්කෝලෙට ගිහින් මේ තරම් ඉක්මනට ආවද..”
“මං අඩියට දෙකට දුවලා ගියේ අක්කේ මැඩම්ට ආරංචිය කියලා ඉක්මනට එන්න ඕන නිසා සනහස් අයියා ඉතිං හැමදාම එන්නෑනේ..අර අලුත් සිංදුව අහන්නත් එක්ක ආවේ දුවගෙන..අපරාදේ මං හිටියනම් මාත් ටවුමට ගිහින් එනවා වාහනේ යන එකනේ..
සනහස් අයියා මං හිතුවටත් වඩා හරිම හොඳයි අක්කේ මට චොකලට් මල්ලක් ගෙනත්..”
මල්මී එලෙස පවසමින් සයාරා සමීපයෙන් අසුන්ගත්තේ සයාරා ඇය දෙස දෑස් පුංචි කරමින් බලා සිටිද්දියි..
“සනහස් අයියට ගෑණු ළමයෙක් නැද්ද අක්කේ..”
“ඇයි එහෙම අහන්නේ..”
“නෑ මං මේ නිකන් ඇහුවේ..අර ගිය දවස් වල ෆේස්බුක් එකේ විඩීයෝ එකක් ගියානේ අයියා ආදරේ කරපු ගෑණු ළමයා මොකක්ද අනතුරක් වෙලා නැතිවෙලා කියලා ඒකයි මං ඇහුවේ..සනහස් අයියා පවු නේද අක්කේ හොඳ මිනිස්සුන්ටමනේ එහෙම වෙන්නේ අපේ අත්තම්මා කියනවා වගේ..”
සනහස් සයාරවත් රැගෙන ඇගේ විරෝධය නොතකා අනුරපුර මහ විදුහලට සවස හතරට පමණ පැමිණියේ මල්මීගේ ආරාධනාව මතයි..විදුහලේ විදුහල්පතිතුමිය මහත් හර සරින් සනහස් සහ සයාරව පිළිගත්තේ දුෂ්කර පාසලක් වුණ එම පාසලට මින් පෙර කිසිදු ජනප්‍රිය පුද්ගලයෙක් නොපැමිණි නිසයි..
“අපිට හරිම සතුටුයි මහත්තයා අපේ ඉස්කෝලෙට ආවට..මල්මී කියද්දි මං විශ්වාස කරෙත් නෑ..මේක හරි පුංචි උත්සවයක් මහත්තයෝ මේ පාසල් හරි දුෂ්කරයිනේ අපි ළමයි වෙනුවෙන් ප්‍රසංගයක් වුණත් පවත්වන්නේ හරිම සරලව..”
“මට මේ පාසලේ ළමයි වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් කියන්න මැඩම්..මං හරි කැමතියි මේ ළමයි වෙනුවෙන් මොනවම හරි දෙයක් කරන්න..”
“අඩු පාඩු නම් එමටයි මහත්තයෝ..මං කලාපෙට ලියුම් කඩදහි විස්සක් විතර යැව්වා ඒත් කිසිම උත්තරයක් නෑ..මං මේ ලබන සතියේ කලාප කාර්යාලයට යන්න කියලා හිතන් ඉන්නේ ඒ නිසා මහ දේවල් නෙවෙයි මහත්තයෝ පුළුවන් නම් මේ ඉස්කෝලේ ගෑණු ළමයි වෙනුවෙන් ටොයිලට් එකක් හදලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්..දැන් තියෙන එක හොඳටම අබලන් වෙලා දොරක්වත් හරියට වහ ගන්න බෑ..මහත්තයාට ඒ උපකාරිය කරන්න පුළුවන් නම් ලොකු පිනක්..”
සනහස් ඒ මොහොතෙම චෙක් පතක බිංදු ගණනක මුදලක් ලියා අත්සන් කර විදුහල්පතිතුමිය වෙත චෙක්පත බාර දුන්නේ ඔහු බෝහෝ කලක පටන් අමායා වෙනුවෙන් එවැනි පුණ්‍ය කර්ම කරනා නිසයි..
“මහත්තයෝ මේ තරම් මුදලක් නම් ඒ වෙනුවෙන් වියදම් වෙන්නෑ මහත්තයා බලලා අපිට යන ගාණ විතරක් දුන්නම ඇති මහත්තයෝ..”
“තව ඉස්කෝලේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවනම් ඒ දේවලුත් කර ගන්න මැඩම් මං නිතර මෙහේ එවෙන්නෑ ඔය දේවල් බලලා කරන්න මැඩම්ට කැමති විදිහකට ඒ දේවල් කර ගන්න..”
“මහත්තයට වැඩි වැඩියෙන් හරියන්න ඕන අපේ ළමයි වෙනුවෙන් මේ කරපු පුණ්‍ය කර්මය නිසා..”
සනහස් එයට කිසිවක් නොපවසා මඳ සිනහවක් පමණක් විදුහල්පතිතුමියට තිළිණ කර සයාරා සමීපයට පැමිණ අසුන්ගත්තේ ඔහුට අවශ්‍ය තමන්ට හරියනවට වඩා අමායට පිං පිණිස දේවල් කිරීමට වුණ නිසයි..
“එයාලට එහෙම සල්ලි දීලා එයාලා ඔය කියපු දේවල් කරයිද කියලා කවුද දන්නේ අයියේ..”
“කරත් නොකරත් ඒක එයාලගේ වැඩක් නංගි අපි අපේ යුතුකම කරානේ ඒ ඇති..පවු අහිංසක ළමයි මේ ඉස්කෝල වලටත් හරිනම් නගරවල තියෙන ඒවට තියෙන පහසුකම්ම තියෙන්න ඕන..ගමේ ,නගරේ කියලා වෙනසක් නෑනේ හැම ඉස්කෝලෙකම ඉන්නේ ළමයි..”
මතුසම්බන්ධයි..
පසුගිය සතියේ කොටස මෙතැනින් –