විවාහය කියන්නේ කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ජීවිතයේ දෙවැනි උපතයි. පොළොන්නරුවේ පදිංචි අචිනි පියුමිකාගේ ජීවිතයේ දෙවැනි වගේම වාසනාවන්ත ආරම්භය විවාහයෙන් පසුව සිදු වුනා කිව්වොත් නිවරැදියි. ඇත්තටම අපි ඒ විදිහට කියන්නේ ඇයි? ඒ කතාව අචිනිගෙන්ම අසා දැන ගනිමු.
මගේ ගම පොළොන්නරුව. පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයෙන් අධයාපනය ලැබුවා. 2015 වසරේ රාජ්‍ය සේවා කළමනාකරණ සේවා නිළධාරී තනතුර වෙනුවෙන් වූ බඳවා ගැනීමේ විභාගයෙන් සමත් වෙලා මම රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිළධාරී පත්වීමක් ලැබුවා. එතැන් සිට වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට සම්බන්ධ වුණා.
රාජ්‍ය සේවයට සම්බන්ධ වෙලා අතිරේක ආදායම් මාර්ගයක් විදිහට ව්‍යාපාර පැත්තට යොමු වෙන්න හිතුවේ ඇයි…?
ව්‍යාපාරිකාවක් වෙන්නම හිතුවේ නැහැ. මාසිකව ලබන වැටුපෙන් අපිට ලොකු දෙයක් කරන්න අපහසුයි. මගේ සැමියා ඇගළුම් ක්ෂෙත්රයේ රැකියාවක් කළා. එතැනින් පසුව විදේශගත රැකියාවකට ගියත් අප ිහිතුව තරම් විදේශ රටක ජීවත් වීම සුන්දර නැහැ. විවාහයෙන් පසුව අපට පුතෙකු ලැබුණා. ඒ වගේම ගෙයක් දොරක් හදා ගන්න හිතුවා. ගෙදර හදන්න නිවාස ණයක් ගත්තා. ඒ නිසා වැටුපෙන් මුදල් ණයට කැපෙනවා. මේ හින්දා වෙනත් ආදායම් මාර්ගයක් ගැන හිතන්න වුණා.
ඔබ හිතුව වෙනත් ආදායම් මාර්ග ගැනත්..
මම නොකළ දෙයක් නැති තරම්. මම පොල් විකුණුවා. කොරෝනා කාලයේ මුව ආවරණ විකුණුවා. පහන්තිර හැදුවා. මේ වගේ විවිධ වයාපාර කළා. මගේ මාසික වැටුපට අමතරව මේ විදිහට ආදායම් ලබන මාර්ග ගැන හිතුවා. අපේ පුතාගේ පාසල් ගමනත් සමග වියදම් පැත්ත තවත් වැඩි වුණා. නමුත් අපි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය ගොඩ නගන්න ඕන. අපේ ආර්ථික අපහසුකම් නිසා දරුවාගේ අනාගතය වෙනස් කරන්න බැහැ. ඒ නිසා මම රැකියාවට අමතරව ආදායමක් ලබන්න හැම වෙලාවේම හිතුවා.
ඔබේ හීනවලට පාර කිව්වේ
මම නිකමට වගේ ෆෝම් ෂිට් ගෙනත් ළදරු නිර්මාණ කරන්න හිතුවා. මුලින්ම ෆෝම් ෂීට් දහයක් අරගෙන ලස්සන රූප දෙක තුනකින් නිර්මාණ හදල පුතාගේ ඉස්කෝලෙ ළගට අරගෙන ගියා. එතැන හිටිය මගේ මිතුරියක් අනේ.. හරිම ලස්සනයි. කියල මගේ නිර්මාණ අගය කළා. ඒවා මේ යාළුවා මිළට ගත්තා.
දැන් ඔබට ජවයක් ආවා
ඔව්. මුලින්ම හදපු නිර්මාණ ලස්සනයි කියන ඇගයීම ලැබුන නිසා මම තවත් ෆෝම් ෂීට් නිර්මාණ කළා. ඒවා ගර්භණි අම්මලා හොයා ගෙන ගැබිණි මව්වරුන් ප්‍රතිකාර සඳහා එන සායනවලට අරගෙන ගිහින් අලෙවි කළා. ඉතින් හැම දෙනෙක්ම මේවා ලස්සනයි කියන ඇගයීම සමග මගෙන් මිළට ගත්තා.
ජංගම අලෙවියට අමතරව
ඔව්.. මම මෙතෙක් මගේ නිර්මාණ අරගෙන වෙළඳපොළ හොයා ගෙන ගියා. නමුත් මට හිතුනා පේජ් බුක් පිටුවට නිර්මාණයක් දාන්න. සමාජ මාධ්‍ය ගැන බොහොම දෙනා උනන්දු නිසා එතැනින් මටත් වෙළඳපොළක් හොයා ගන්න පුළුවන් වෙයි කියල හිතුවා.
ඒ නිසා මම දවසක් නිකමට වගේ මගේ නිර්මාණ ගැන පෝස්ට් එකක් දැම්මා. රත්නපුරේ නංගි කෙනෙක් මට ඉල්ලීමක් දාලා තිබුනා. මම සල්ලි ගෙවන්නම් මට මේ නිර්මාණයක් එවන්න කියලා. මගේ ඔන්ලයින් ඔස්සේ මුල්ම නිර්මාණය අලෙවි වුනේ ඔන්න ඔය විදිහටයි.
ඔබටම කියල පිටුවක් පටන් ගත්තා
මට හොඳ ආරම්භයක් ලැබුන නිසා මටම කියල පේජ් එකක් හදා ගත්තා. මගේ පුතාගේ නම මෙතුක. ඒ නිසා Methu craft ( මෙතු ක්‍රාෆ්ට් ) නමින් පිටුව පටන් ගත්තා. දැන් මට ඇනවුම් ලැබෙන්න ගත්තා. රාජකාරිය අතරේ මේවා නිර්මාණය කරන නිසා කාලයත් අවශ්ය්යි. අනෙක යන්ත්‍රානුසාරයෙන් කරන දෙයකුත් නොවෙයි. ඒ නිසා සමහර දවස්වලට රෑ එළිවෙනකම් වැඩ කරන දවස් තිබුණා. මම උදව්වට තවත් දෙන්නෙක් සම්බන්ධ කර ගත්තා. මගේ නිර්මාණ අතරින් අළුත් පැටියා පිළිගන්න ඇකජදපැ ඉදහි සහ වෙනුවෙන් වැඩි ඉල්ලුමක් තිබෙනවා. මේ වෙනුවෙන් මල්, කුරුල්ලන්, සමනල්ලු වගේ දේවල් යොදා ගෙන හැඩ කරනවා. ඊට අමතරව පංතිවලට අවශ්‍ය parts of the body වැනි නිර්මාණත් කරනවා.

නැන්දම්මා කියන්නේ තවත් අම්මා කෙනෙක්ද?
ඔව් සාමාන්‍යයෙන් අපේ ජන සමාජයේ තිබෙන පිලිගැනීම අනුව නැන්දම්මා කියන්නේ බොහොම නරක, දුෂ්ට චරිතයක්.. ඒත් මට එහෙම නැහැ. කාන්තාවක් විදිහට මම හරිම වාසනාවන්තයි. මගේ නැන්දම්මා මට ලේලියක් විදිහට නොවෙයි, ඇගේම දියණියකට වගේ සලකනවා. මගේ නිර්මාණවලට කාලය ලබා දෙන්න ඇය මගෙන් ඉටු විය යුතු කටයුතු සේරම ඇගේ යුතකමක් විදිහට කරනවා. මට කාලය ලබා දෙන්න ඒන හින්දා මගේ දවල් කෑම එකත් හදලා මගේම බෑග් එකට දාන තරමටම අපි වෙනුවෙන් කැප වෙනවා. ඒ නිසා මට නිවසේ කටයුතුවලින් බොහෝ දුරට නිදහස්. මගේ දරුවා ගැනත් ඇය සේරම සොයා බලනවා. මම දරුවාට කවන, පොවන වැඩ සහ එයා ළග ඉන්න ගමන් මේ වැඩ කරනවා. ඉතින් මට ඇගේ සහයෝගය , දායකත්වය මේ විදිහට දයාබරව නොලැබුනා නම් අද මෙතු ක්‍රාෆ්ට් නමින් මේ තරම් දුරක් යන්න ලැබෙන්නේ නම් නැති බව මටම සහතිකයි.

සැමියාගේ පැත්තෙන් ලැබෙන දායකත්වය ගැනත්
ඔහු හරිම දයාබර සැමියෙක්. කොටින්ම කිව්වොත් දෙවි කෙනෙකුට සමාන මනුස්සයෙක්. මගේ හැම දෙයක් වෙනුවෙන්ම විශාල සහයෝගයක් ඔහු ලබා දෙනවා.
ඔබේ අනාගත බලාපොරොත්තු
මගේ සතුට මගේ පවුල විතරයි.මගේ බාල කාලය එතරම් සුන්දර නැහැ. ඒ අත්දැකීම් අතරේ මම දැන් හරිම සතුටින් ජීවත් වෙනවා. අපේ පවුල කියන්නේ මගේ සැමියා දරුවා සහ මගේ සැමියාගේ මව ඒ කියන්නේ මගේ නැන්දම්මා. ඉතින් අපට හීන සැබෑ කළ මෙතු ක්‍රාෆ්ට් සමග බොහොම සතුටින් ජීවත් වෙනවා.
එහෙමනම් අචිනිට හීන කිව්ව මෙතු නිෂ්පාදනයක් ඔබටත් අවශ්‍ය නම්071 317 3231 වට්ස් ඇප් අංකයෙන් හෝ මෙතු ක්‍රාෆ්ට් පිටුවෙන් ඇනවුම් ලබා දෙන්නත් පුළුවනි. එහෙමනම් සතුටම කිරුළ කර ගත් අචිනි පියුමිකාට Colombo journal වෙතින් සුබ පැතුම්. ඔබේ ව්‍යාපාරික ජීවිතය තව තවත් දියුණු වේවා..
සටහන –
සිල්වා, සි