සබරගමු පළාතේ පළාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරගාවලියේ වෝලිබෝල් තරගාවලිය අද දින (06) රඹුක්කන බතඹුරය පිහිටි මහීපාල හේරත් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී සබරගමු පළාතේ විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරනු ලබන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් රැසක් මෙම තරගාවලිය සදහා සහභාගී වූ අතර ඉන් පිරිමි වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පිරිමි වොලිබෝල් කණ්ඩායම සමත් විය.රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියද සිය කණ්ඩායමට මග පෙන්වමින් හා ඔවුන්ව දිරි ගන්වමින් මේ අවස්ථාවට සහභාගී වී සිටියාය.


සටහන හා වාර්තාකරණය:-එච්.එම්.එස්.සංජීවනී කුමාරි