සමාජ මාධ්‍ය , මේ දිනවල බොහෝ දෙනා අතර නිරන්තරව කතාබහට ලක්වන මාතෘකාවකි.
අද වනවිට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සන්නිවේදන මාධ්‍ය බවට පත්ව තිබෙන මෙය ලොව පුරා බිලියන 3.96 කට ආසන්න බව ප්‍රජාවක් භාවිත කරන බවට හෙළි වී තිබේ.
දෛනික ජීවිතයේදී විවිධ තොරතුරු හුවමාරු කරගැනීමට , පුවත් දැන ගැනීමට,විවිධ පුද්ගලයින් සමග සහ සම්බන්ධතා ඇති කර ගැනීමට හා විනෝදාස්වාදය සදහා සමාජ මාධ්‍ය භාවිතා කරයි .එලෙස සමාජ මාධ්‍ය භාවිතයේදී අප විසින් දැනගත යුතු කරුණු කාරණා රැසක් පවතී.
එසේ නම් අද අප සූදානම් වන්නේ තොරතුරු තාක්ෂණ හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය රඟමිණි වේරවත්ත මහතා සමග සමාජ මාධ්‍ය පිළිබඳ ඉතාමත් වැදගත් තොරතුරු රැසක් ඔබට ලබා දීමටයි.
සමාජ මාධ්‍ය යනු කුමක්දැයි විග්රහ කිරීමට ප්‍රථමව ඔබ විසින් දැනගත යුතු මූලික කරුණු කිහිපයක් ඇත.
එය අපට ප්‍රධාන කොටස් කාණ්ඩ දෙකක් යටතේ විග්රහ කළ හැකියි.
1. Internet
2. Web
1. Internet ( අන්තර්ජාලය)
Internetයනුවෙන් සරලව විග්රහ කිරීමේ දී එය ලෝකයේ ව්යායාප්ත පරිගණක ජාල පද්ධතියක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවනි. මෙහි මූලාරම්භය වූයේ වර්ෂ 1969 දී ඇමරිකා එක්සත් ජනපද රජයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ARPANET පර්යේෂණ ව්‍යාපෘතියයි.
2. Web (වෙබ්)
Web යනු තනි ඩොමේන් නාමයක් යටතේ පිහිටා ඇති වෙබ් පිටුවල එකතුවකි.
වෙබ් පිටු මගින් ව්‍යාපාරයක් , සංවිධානයක් හෝ ආයතනයක් පිළිබඳ තොරතුරු ඡායාරූප, වීඩියෝ මගින් ප්‍රදර්ශනය කල හැකිය.
මෙහි දී වෙබ් පරිශීලකයින්ට වෙබ් බ්‍රවුසරයකට පිවිසීමට නම් බ්‍රවුසරයක් සහිත උපාංගයක් (ලැප්ටොප්, ස්මාර්ට් ෆෝන් හෝ ටැබ්ලට් ) මෙන්ම අන්තර්ජාල සබදතාවක් ද අවශ්‍ය වනු ඇත.
එසේ නම් අන්තර්ජාලය සහ වෙබ් යනු සංකල්ප දෙකක් බව ඔබට පැහැදිලි වෙයි.
වෙබ් අඩවියේ ආරම්භය
වෙබ් අඩවිය ආරම්භය පිලිබද සදහන් කිරීමේදී පලමුවෙන්ම World wide web එකක් නිර්මාණය වුයේ 1989 වර්ෂයේ දී ය. World wide web හි පියා ලෙස සැලකෙන්නේ CERN නම් වූ යුරෝපීය න්‍යෂ්ටික පර්යේෂන මධ්‍යස්ථානයේ සිටි විද්‍යාඥයෙකු වන ටිම් බර්නස්-ලී නම් පුද්ගලයායි . ඔහු HyperText Markup Language (HTML) නම් භාෂා පද්ධතියක් භාවිතා කරමින් සිය ලියකියවිලිවල අඩංගු තොරතුරු හුවමාරු කර ගැනීම සදහා නව ක්‍රමවේදයක් නිර්මාණය කරනු ලැබුවා. එම HyperText Markup Language මගින් පිටු ටික එකකට එකක් සම්බන්ධ වීම නිසා තමයි World wide web ජාලයෙන් අද වෙනකොට අපිට තොරතුරු ලබා ගන්නට හැකියාව ලැබී තිබෙන්නේ.
වෙබ් 2.0 යනු,
වෙබ් අඩවිය නිර්මාණය වුණු මුල් අවධියේ දී වෙබ් අඩවියක හෝ වෙබ් පිටුවක් මගින් පරිශීලකයාට සිදුකර හැකිවූයේ වෙබ් අඩවියට ඇතුලත් කරන ලද තොරතුරු කියවීම පමණයි. එම තොරතුරට යම් අදහසක් පල කිරීම ,වෙනස් කිරීම හෝ වෙනත් අයෙකුට ඒවා හුවමාරු කිරීමේ හැකියාවක් එම අවධියේ වෙබ් පිටුවක හෝ අඩවියක තිබුණේ නැහැ.
කෙසෙවෙතත් වර්ෂ 1995 වන විට එම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්නට පටන් ගනිමින් විශ්ව ගම්මාන බිහිවීමත් සමග Dynamic වෙබ් පිටු නිර්මාණය වෙන්න පටන් ගත්තා. මෙලෙස නිර්මාණය වුණු වෙබ් පිටුවක ඇතුළාන්තය අලුත් කරන්න හැකියාව ලැබුණා.
උදාහරණයක් වශයෙන් , ලංකාවේ මහ බැංකුවෙන් නිකුත් කරනවා foreign exchange rates. ඒක දිනපතා ඒවා යාවත්කාලීන වෙනවා.
එතකොට අපි දැන් වෙබ් සයිට් එකක් කරනවා නම් ලංකාවේ විදේශ විනිමය ගැන. එතනදි හුවමාරු වන මුදල් ඒකක ප්‍රමාණය කොහොමද යන්නේ කියලා අපි දිනපතාම මහ බැංකුවෙන් නිකුත් කරන තොරතුරු බල බල සාමාන්‍ය වෙබ් එකේ දී යාවත්කාලීන කරන්න ඕනේ.
හැබැයි වෙබ් 2.0 එකේදි එහෙම අවශ්‍ය නැහැ.
මෙතැනදී අර තොරතුරු ටික auto update වෙන පහසුකම හැදිලා තියෙනවා.
එතකොට වෙබ් 2.0 එකේ මූලික විශේෂාංගය වන්නේ content එක Dynamic වීම සහ අන්තර්ජාල සමග සිදු කල හැකි කටයුතු ප්‍රමාණ වැඩි වීමයි.
සමාජ මාධ්‍ය යනු,
මෙතෙක් සාකච්ඡා කරන ලද සියලුම කරුණු සැලකිල්ලට ගනිමින් සමාජ මාධ්‍ය යනු කුමක්දැයි අර්ථකථනය කිරීමේ දී,
Web 2.0 මත පදනම් වූ අන්තර්ජාලය භාවිතා කරමින් ක්‍රියාකල හැකි යෙදුම්ක් (application) සමාජ මාධ්‍ය යනුවෙන් සදහන් කල හැකිය.
“group of Internet-based applications that build on the ideological and technological foundations of Web 2.0 and that allow the creation and exchange of user-generated content”
සමාජ මාධ්‍ය පිළිබඳව තවදුරටත් නිර්වචනය කිරීමේදී එය ප්‍රධාන කොටස් 5ක් යටතේ විග්රහ කළ හැකිය.
1.Collaborative projects
පුද්ගලයින් කිහිප දෙනෙකු එකතු වී සිදු කරන ව්‍යාපෘතියක් මෙයින් හදුන්වා දෙයි.
උදා – Wikipedia
Wikipedia එකට ඇතුලත් කරන තොරතුරු තනි පුදලයකු විසින් කරන දෙයක් නෙවෙයි. පුද්ගලයින් විශාල ප්‍රමාණයක් එකතු වී සිදු කරන දෙයක්.
2. blogs and micro blogs
බ්ලොග් එකක් යනු අන්තර්ජාලය මත පදනම් වූ ඕනෑම කෙනෙකුට නොමිලේ තැනිය හැකි සාමාන්‍ය වෙබ් අඩවියකි. මයික්‍රො බ්ලොග් එකක් යනු වචන ප්‍රමාණය 140කට සීමාවුණ වෙබ් අඩවියක්.
උදා – WordPress, Twitter
3.content community
එකම වර්ගයට අයත් තොරතුරු පල කිරීම content community කොටසට අයත් වේ.
උදා – YouTube, Flickr, slideshare
4. Social networking sites
පුද්ගලයින් අතර සමාජ සහසම්බන්ධතා ඇති කරගැනීමට භාවිත කරන අන්තර්ජාලය පදනම් කරගත් මාධ්‍ය වේදිකාවක්.
උදා – Facebook, Instagram, Pinterest, LinkedIn
5.Virual world
මෙය ඔන්ලයින් ගේමින් ප්ලැට්ෆෝම් එකක් හරහා තොරතුරු හා අදහස් හුවමාරු කරගැනීමට භාවිත කරන වේදිකාවක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවනි.
උදා – secondlife , online games
ඒ අනුව මේ ආදී වශයෙන් සමාජ මාධ්‍ය කාණ්ඩ 05කට වෙන් කර දක්වන්න පුළුවන්.
එසේනම් ඔබට පහත් සඳහන් නිර්ණායක ඔස්සේ යම් කිසි යෙදුමක් සමාජ මාධ්‍යට අයත් ද ? නැද්ද? යන්න ඔබට පැහැදිලි කරගත හැකියි.
එම නිර්ණායක මෙසේය,
අන්තර්ජාලය භාවිත කරනවද ?
වෙබ් 2.0 ප්ලැට්ෆෝම් එකට අදාල යෙදුමක්ද?
User generated content නිර්මාණය කරන්න් හෝ හුවමාරු කරගන්න පුළුවන් ද?
සමාජ මාධ්‍ය භාවිතයේ වාසි අවාසි
සමාජ මාධ්‍යයේ වාසි අවාසි සාම්ප්‍රදායක මාධ්‍ය සමඟ සැසඳීමේ දී ,
වාසි
1. Quality
සමාජ මාධ්‍ය ඔස්සේ ඇතුලත් කරන ලද digital අන්තර්ගතය ගුණාත්මක භාවයෙන් ඉහළයි.
2.Reach
සමාජ මාධ්‍යවල වඩාත්ම පිළිගත් වාසියක් නම් එය විශිෂ්ට ගෝලීය සන්නිවේදනයක් සක්‍රීය කර තිබීමයි. සමාජ මාධ්‍ය හරහා ලොව පුරා සිටින පරිශීලකයින් සමඟ සම්බන්ධ වීමට දැන් හැකියාව ඇත.
ලෝකයේම මේවන විට පුද්ගල ජනගහනය බිලියන 7.91කි. ලෝකයේ ජංගම දුරකතන ප්‍රමාණය බිලියන 8.28කි. ඒ අනුව ලෝකයේ ජනගහනයට වඩා ජංගම දුරකතන ප්‍රමාණය ඉහල බව පැහැදිලි වනු ඇත. මෙතනදී ලෝකයේ ජනගහනයෙන් අන්තර්ජාලය භාවිත කරන පිරිස බිලියන 4.95ක්. ඊළඟට ලෝකයේ ජනගහනයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස බැලුවොත් බිලියන 4.62ක්. ඒ අනුව ලෝක ජනගහනයෙන් 58% සමාජ මාධ්‍ය (active accounts) භාවිත කරනවා.
දැන් අපි ලංකාව ගැන ගත්තොත් 2022 පෙබරවාරි වෙනකොට ජනගහනය මිලියන 21.54ක්. ඒ වගේම ජංගම දුරකථන ප්‍රමාණය ලංකාවේ මිලියන 32.29 කි. අන්තර්ජාලය භාවිත කරන ප්‍රමාණය මිලියන 11.34 ක්. මේ අනුව ඔබට පැහැදිලි වෙන්නේ සියයට 52.6% ලංකාවේ අන්තර්ජාලය භාවිත කරනවා .සමාජ මාධ්‍ය භාවිත කරන ප්‍රමාණය මිලියන 8.2 ක්.
සමාජ මාධ්‍යයේ වාසි පිළිබඳ කතාබහ කිරීමේදී ඔබ දැනගත යුතු කරුණක් මෙපමණක් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩ ලබා දිය හැකි බවයි.
මෙය ලංකාවේ , ලෝකයේ හෝ නගරයක් වැනි විශාල පරාසයක විශාල පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ ගමන් කළ හැකි යි. මින් පැහැදිලි වන්නේ මෙවැනි විශාල ප්‍රමාණයකට අපිට සමාජ මාධ්‍ය හරහා reach කල හැකි බවයි.
තවද ගුවන්විදුලියේ, පත්තර, රූපවාහිනී වැනි සාම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ යම් පණිවුඩයක් ලබා දීමේදී යම් යම් සීමාවල් පැවතුනද සමාජ මාධ්‍ය ඔස්සේ සීමාවන් නොමැති වීම හේතුවෙන් විශාල ප්‍රේක්ෂක පිරිසකට එකවර reach කිරීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සංස්කෘතීන්වල පුද්ගලයන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම, ප්රවණතා මාතෘකා පිළිබඳ නවතම යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම, ඔබේ නිර්මාණශීලිත්වය බෙදාගැනීම සිදු කල හැකිය.
3. An excellent tool for education
නව නිපුණතා සහ සංකල්ප ඉගෙනීමට පහසුකම් සැලසීම සඳහා සමාජ මාධ්‍ය ඵලදායී මෙවලමක් බව ඔප්පු වී ඇත.
විවිධ සමාජ මාධ්‍ය වේදිකා විවිධ වයස් කාණ්ඩවල සිසුන් සහ ඉගෙනුම ලබන්නන් සමඟ ගුරුවරුන් සහ වෘත්තිකයන් එක් කර ගනිමින් ඉගෙනීම දිරිමත් කරයි.
සමාජ මාධ්‍ය මෙවලම් සමඟ, ඔබට උපදේශකයින් සමඟ සම්බන්ධ වීමට සහ ඔබේම වේගයෙන් ඉගෙන ගැනීමට හැකි වේ. සමාජ මාධ්‍ය සමස්ත ඉගෙනුම් ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රවර්ධනය ඇති කරයි.
4. Frequency
මේ පිළිබඳ සඳහන් කිරීමේ දී සාම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ යම් තොරතුරක් පළකරනවා නම් එය දිනපතා හෝ සතිපතා එක් වරක් පමණක් පල කල හැකියි.
නමුත් සමාජ මාධ්‍ය තුළ අවශ්‍ය තරම් වාර ගාන අපට එම තොරතුර පළ කිරීමේ හැකියාව පවතිනවා.
5. Durability
යම් content එකක් නිර්මාණය කිරීමේ දී සමාජ මාධ්‍ය තුළ එය විවිධ වේදිකාව සේ විවිධාකාරයෙන් පළ කිරීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් ලෙස ෆේස්බුක් හි යම් තොරතුරක් පළකරනවා නම් එය වීඩියෝවක් සේ නිර්මාණය කර youtubeඔස්සේ පල කරන්න පුළුවන්.
ඒ වගේම හදිස්සි පුවතක් පළ කිරීමේ දී එය පත්තරේක හෝ රූපවාහිනීයෙ පල කිරීමේ කාලයයි සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙන කාලයයි අතර ලොකු වෙනසක් පවතිනවා. බොහෝ වේලාවට සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි තොරතුරු ඉතාමත් වේගයෙන් බොහෝදෙනා අතර හුවමාරු වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන එම තොරතුර ඔබට ඕනෑම කාලයක ඕනෑම වෙලාවක බැලීමේ පහසුකම තියෙනවා.
6. Cost effectiveness
සාම්ප්‍රදායක මාධ්‍යයේ නම් සාමාන්‍යයෙන් තොරතුරක් පළ කිරීම සඳහා යම් මුදලක් වැයවෙනවා. ඒ මුදලට වඩා දහස් ගුණයක් අඩුවෙන් තමයි සමාජ මාධ්‍යයේ යම් තොරතුරක් හෝ පණිවිඩයක් පල කිරීමට වැය වෙන්නේ. ඕනෑම ජංගම දුරකථනයකින් පරිගණකයෙක් හෝ වෙනයම් smart උපාංගයකින් ෆේස්බුක් ගිණුමක් සාදාගෙන සාදාගැනීමට මුදලක් වැය වෙන්නේ නැහැ. මුදලක් වැය වෙන්නේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා පමණයි .
අවාසි
සමාජ මාධ්‍යයේ අවාසි පිළිබඳ කතා බහ කිරීමේ දී,
1.සමාජ මාධ්‍යයේ නිසි පාලනයක් හෝ කළමනාකාරිත්වයක් නොමැති කම නිසා සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ගැටලු පවතිනවා.
2. Spreading of fake news
ඒ වගේම එහි පලකරන තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබදවත් යම් යම් ගැටලු පවතිනවා.
උදාහරණයක් වශයෙන් ගැන මාධ්‍ය ආයතනයක් හරහා යම් තොරතුරක් පළ කිරීමේ දී එය ඔවුන් විසින් නිසි පරිදි සෙවීමක් බැලිමකින් යුතුව තමයි මාධ්‍ය හරහා එම තොරතුරු හෝ පණිවිඩය පළකරන්නේ. එම නිසා එහි නිර්වද්‍යතාවය විශ්වාසනීයත්වයක් ගැන අමුතුවෙන් කිවයුතු නැහැ.
නමුත් සමාජ මාධ්‍ය එසේ නොවේ. සමාජ මාධ්‍ය තුළ පළ වන ඕනෑම සත්‍ය හෝ අසත්‍ය තොරතුරක් නිසි හිමිකාරිත්වය කින් තොරව නිර්නාමිකව හෝ වෙනයම් පුද්ගලයකුගේ නමකින් පළ කළ හැකි එම නිසා සමාජ මාධ්‍ය තුළ පවතින තොරතුරුවල විශ්වාසනීයත්වය නිවැරදිතාවයත් බොහෝ දුරට අවිනිශ්චිතයි.
3. Security
ඕනෑම කෙනෙකුට සමාජ මාධ්‍ය ගිණුමක ඇති තොරතුරු hack කිරීම, ඒවා අනිසි ලෙස භාවිතා කිරීම හා එම තොරතුරු යොදා විවිධාකාරයේ අපරාධ සිදු කිරීමට හැකි වීම වැනි අවදානම් ද සමාජ මාධ්‍ය තුළ පවතිනවා.
4. Addicted
ඒ වගේම තමයි ඇබ්බැහි වීම සමාජ මාධ්‍යය භාවිතයේ තවත් භයානක තත්ත්වයක්.
COVID-19 වසංගතයෙන් පසුව, සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම ඉහළ ගොස් තිබේ.
සමාජ මාධ්‍ය ඕනෑවට වඩා භාවිතා කරන පුද්ගලයින් එයට මානසික ඇබ්බැහියක් ඇති කරයි.මෙලෙස සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීම යොවුන් පරපුර කෙරෙහි ඍණාත්මක ආකාරවලින් බලපානු ලබයි.
එසේනම් දැන් ඔබට සමාජ මාධ්‍යයේ ඇති වාසි අවාසි පැහැදිලි වනු ඇත.
ලබන සතියේ දී අපි බලාපොරොත්තු වන්නේ සමාජ මාධය හා අරගලය ලිපි මාලාව ඔස්සේ සමාජ මාධ්‍ය ආරම්භය පිළිබඳ තොරතුරු රැසක් ඔබට ලබා දීමටයි.
සාකච්ඡා කලේ – Dr. Werawatte is an expert in the field of IT and Technology, He is a Dr. of Philosophy in IT and is currently reading for his doctorate in Business Administration. Dr. Werawatte is at present the Director –School of IT Naganananda International Buddhist University.
සැකසුම – බිනාලි රාජපක්ෂ