පවුලක දියුණුව උදෙසා පුරුෂයා සහ කාන්තාව සිදු කරන්නේ අප්‍රමාණ කැපකිරීමක්. සිය පවුලේ සියලු දෙනාගේ වගකීම සිය කර මතට ගනිමින් ඒ වෙනුවෙන් විශාල කර්තව්‍යයක් නොපිරිහෙලා ඉටු කරන මොවුන් පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද ලබාදෙන්නේ නොමද දායකත්වයක්.
වර්තමානයේ පවත්නා ආර්ථිකය රටාව තුළ එක් අයකුගේ ආදායම සිය පවුලේ දෛනික කටයුතු සදහා ප්‍රමාණවත් නොවන නිසාම බොහෝ පුරුෂයින් මෙන්ම කාන්තාවන් ද තමන්ට ඇති හැකි අයුරින් සිදු කළ හැකි ස්වයං රැකියාවන්ට යොමු වන්නේ යම් ආදායමක් නිවස වෙත රැගෙන ඒමේ අරමුණින්.
එසේ නම් අද අප සූදානම් වන්නේ නිවසේ සිට සිදු කළ හැකි ආකාරයේ ස්වයං රැකියා කිහිපයක් පිළිබඳව හඳුන්වා දීමටයි.
ආහාර නිෂ්පාදනය

ආහාර නිෂ්පාදනය පිළිබඳ සදහන් කිරීමේදී රසවත් ආහාර සැකසීමට උනන්දුවක් දක්වන අයට තම ගෙවත්තෙන් සපයා ගත හැකි එලවළු සහ පලතුරු (වේලාගත් හෝ අමු ) වර්ග යොදා ගනිමින් චට්නි,ජෑම්,කෝඩියල්,සෝස් වැනි ආහාර වර්ග පිළියෙල කර ගත හැකිය.
ආහාරය සඳහා නිවසට ගෙනෙන ලද මාළු වර්ග යොදා ගනිමින් මාළු ඇඹුල් තියල් වැනි ආහාර ද කොත්තමල්ලි, සූදූරු, වැනි කුළුබඩු වර්ග යොදා ගනිමින් තුනපහ ආශ්‍රිත නිෂ්පාදන ද ස්වයං රැකියාවක් වශයෙන් නිවසේ සිටම ඔබට සිදු කළ හැකි බව සඳහන් කළ යුතුය.
ඊට අමතරව රසවත් ලෙස කේක් සෑදීමට හැකි අයට හා ඊට කැමැත්තක් දක්වන අයට සූපවේදීන්ගේ උපදෙස් ඇතිව විවිධ උත්සව අවස්ථාවන් වෙන් වූ කේක් වර්ග ද රෝල්ස්, පැටිස් , කටලට් වැනි කෙටි ආහාර ද ඉඳිආප්ප, බත්, පුඩින් ,වටලප්පන්,යෝගට්, ජෙලි ,චිලි පේස්ට් වැනි ආහාර ද සාදා නිසි ඇසුරුමක් සහිතව ඔබේ ගමේ හෝ නගරයේ ඇති ආපනශාලා , සුපිරි වෙළෙඳ සැල් වෙතට බෙදා හැරීම තුළින් මාසිකව 20,000/ ක් වැනි ඉහළ ආදායමක් උපයා ගත හැකි බව සදහන් කළ යුතු ය.
එසේ සකසා ගත හැකි ආහාර වර්ග කිහිපයක් පහත පරිදි වේ.
එළවළු හා පළතුරු ආශ්‍රිත නිෂ්පාදන- චට්නි,ජෑම්,කෝඩියල්,සෝස්, අච්චාරු…
කිතුල් ආශ්‍රිත නිෂ්පාදන – හකුරු, පැනි…
රස කැවිළි ආශ්‍රිත නිෂ්පාදන – තල, පුහුල් දෝසි, කිරිටොපි,මස්කට්, ඉගුරු දෝසි…
ඖෂධීය ශාක ආශ්‍රිත නිෂ්පාදන – පස්පංගුව…
කෙසෙල් ආශ්‍රිත නිෂ්පාදන – බනානා චිප්ස් …
කොස් නිෂ්පාදන – කොස් බයිට්, කොස් පොළොස් …
දෙහි හා සියඹලා නිෂ්පාදන – ලුණු දෙහි
ළදරු ආහාර වර්ග – බිස්කට්, සමබර ආහාර,
බයිට් වර්ග – බැදපු මඤ්ඤොක්කා පෙති , කඩල පරිප්පු
ඖෂධ පැලෑටි
මාළු ආශ්‍රිත නිෂ්පාදන – මාලු ඇඹුල් තියල්, උම්බලකඩ
කෙටි ආහාර – රෝල්ස්, පැටිස්, කටලට්
කේක් වර්ග – උපන්දින, මංගල උත්සව , නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සකසන කේක් වර්ග ග
පාන වර්ග – බීම පැකට්
අයිස් පලම්
ඇසුරුම් නිෂ්පාදනය

ඇසුරුම් වර්ග නිෂ්පාදනය ද නිවසේ සිටින අයට ඉතාමත් පහසුවෙන්ම සිදුකරගත හැකි ස්වයං රැකියාවකි. ඒ සඳහා අවශ්‍ය කඩදාසි හා මැලියම් යන අමුද්‍රව්‍ය වෙළඳපොළින් ඉතාමත්ම සුළු මුදලකට ඔබට ලබාගත හැකි ය.
උදාහරණ වශයෙන්,
ෆාමසි කවර
කඩදාසි කවර
ලියුම් කවර
කේක් පෙට්ටි
මැහුම් ගෙතුම්
ඇඳුම් මැසීමට බොහෝ කාන්තාවන් තුළ ඇත්තේ දැඩි කැමැත්තකි.
ඇඳුම් මැසීමේ දී ළමා හා වැඩිහිටි ඇඳුම්, පාසල් ඇදුම්, ඇතිරිලි වර්ග, රෙදි බෑග් , මදුරු දැල් මෙන්ම කුඩා දරුවන් ආස කරන ටෙබි බෙයාර්, බෝනික්කන් වැනි දෑ මසා නිර්මාණය කොට ඒවා වෙළෙඳපොළට ලබා දීම තුළින් එමගින්ද යම් ආදායමක් ඔබට ලබාගත හැකිය.
අත්කම් නිෂ්පාදනය

සාම්ප්‍රදායික කලාවන් හා සම්බන්ධ අත්කම් නිෂ්පාදනය ද ස්වයං රැකියා සඳහා ඉතාමත් සුදුසු ආදායම් මාර්ගයක් ලෙස සදහන් කළ හැකිය.
තම ගෙවත්තෙන් සපයා ගත හැකි දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් හා සරල තාක්ෂණය යොදා ගනිමින් විවිධ ආභරණ, සැරසිලි , කාඩ්පත් ආදිය ආදී වූ බොහෝ දෑ නිර්මාණය කල හැකිය.
උදාහරණ කිහිපයක් ලෙස,
පොල් කටු හැඳි,
පොල් කටු බෑග්
පාපිසි
වේවැල් පුටු
ආභරණ
පාවහන්
බතික් ඇඳුම්
බෑග් වර්ග
මැටි ආශ්‍රිත නිෂ්පාදන
ලෙදර්
බීරළු, රෙන්ද
මල් වගාව

මල් වගාවටද බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමින් දක්වන්නෙ දැඩි කැමැත්තක්.
මල් වගාව ආරම්භ කිරීමේදී මුලදී ඔබ විසින් ඊට යම් මුදලක් වැය කරන්නට සිදු වුවද මල් වගාව නිසි පරිදි සිදු කිරීමෙන් ඔබට ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකිය.
විශේෂයෙන්ම ජල සැපයුම හොඳින් සිදුකල හැකි මෙන්ම ඕනෑම පැල වර්ගයකට සුදුසු දේශගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශයක් මෙවැනි වගා ව්‍යාපාර සඳහා වඩාත් සුදුසු වේ.
තවද මල් පැල වගාවේදී මල් පැල පමණක් නොව මල් පොහොර ද මල් පැල සඳහා වන කුඩා බඳුන් , මල් පෝච්චි ආදිය ද ඔබට නිෂ්පාදනය කළ හැකි අතර එමඟින් ද යම් ආදායමක් ඔබට ලබා ගත හැකි වනු ඇත.
එලෙස වගා කළ හැකි මල් වර්ග කිහිපයක් ලෙස,
ඕකිඩ්
ඇන්තුරියම්
බෝගන්විලා
රෝස
පිච්ච
බාබන්ඩේසියා
බිම්මල් වගාව

බිම් මල් වගාව නිවසේ සිටින අයට ඉතාමත් පහසුවෙන් ම සිදු කළ හැකි ස්වයං රැකියාවකි.
මෙරට වෙළඳ පොල තුල දැඩි ඉල්ලුමක් පවතින මෙම බිම්මල් වගාව සීමිත ඉඩකඩක් සහිත භූමියක අවුරුද්දේ ඕනෑම කාලයක දී වගා කිරීම සිදු කළ හැකි බව සදහන් කල යුතු ය.
එම වගාවන්ට අමතරව එළවළු, පලතුරු , බුලත් හා අනිකුත් කුඩා බෝග වර්ග ද ඔබ නිවසේ ගෙවත්තේ වගා කළ හැකි අතර නිසි උපදෙස් සහිතව එම වගාවන් නිවැරදිව සිදු කිරීම මඟින් ඔබට වැඩි ඵලදාවක් මෙන්ම ඉහළ ආදායමක් ලබාගත හැකිය.
මේවාට අමතරව,
හදුන්කූරු හා පහන්තිර නිෂ්පාදනය
ඉටිපන්දම් නිෂ්පාදනය
රෙදි සෝදන සබන්
රෙදි සෝදන දියර
හර්බල් නිෂ්පාදන
ආදී නිෂ්පාදන ද ස්වයං රැකියා වශයෙන් නිවසේ සිටම ඔබට සිදු කළ හැකියි.
මෙවැනි ස්වයං රැකියා සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි ආයතන කිහිපයක් වෙතට දැන් අප අවධානය යොමු කරමු.
ඒවා නම්,
- කර්මාන්ත අමාත්‍යාංශය, විදාතා අංශය
- කෘෂිකර්මය දෙපාර්තමේන්තුවේ – කෘෂි උපදේශක
- කාර්මික තාක්ෂණ ආයතනය
- කාර්මික සංවර්ධන මණ්ඩලය – ව්‍යවසායකත්ව පූහූණූ කූඩා ව්‍යාපාර සංවර්ධන අංශය
- පශු වෛද්‍ය කාර්යාලය
රටටත් ආර්ථිකයටත් ශක්තියක් වෙමින් නිවසේ සිටින ගෘහණියන්ට මෙන්ම ස්වයං රැකියාවක නිරතවීමට කැමති පුද්ගලයින්ට මෙවැනි ආකාරයේ ස්වයං රැකියාවක නිරත වීමට හැකි නම් එය ඔබ අප සැමට මහත් ආඩම්බරයක් වනු නිසැකයි.
උපදෙස් –
ශිරෝමි සපරමාදු මිය
දිස්ත්‍රික්ක විදාතා නිලධාරී