වැලන්ටයින් දිනය ඇවිත් ආදරවන්තයන් අතර තෑගි බෝග හුවමාරුව පටන් ගත්තා. නමුත් ආදරය වුනත් අග හිගකම් වැඩි වෙන විට පිටුපස දොරින් පැන යනවා. ඒ නිසා ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සාක්කුවට සරිලන විදිහට තෑගි භාණ්ඩයක් මිළට ගන්න ඕන නම් ඔබට ඒ වෙනුවෙන් දැන් අවස්ථාව තිබෙනවා. ඉතින් මේ වැලන්ටයින් තෑගි නිෂ්පාදනය කරන්නේ දිල්කි ඉරේෂා.අපි දැන් ඇයගේ අත්දැකීම් අප සමග බෙදා ගැනීමට ඇයටම ඉඩ හසර ලබා දෙමු..
මගේ නම දිල්කි ඉරේෂා. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම පෞද්ගලික ක්ෂෙත්‍රයේ රැකියා කීපයක් කළා. දැනට මම මාතලේ මඩවලඋල්පත පදිංචියි.
ඔබේ විනෝදාංශ මොනවාද?
පාසල් කාලයේ පටන් මම ලියන්න කැමැතියි. මම ෆේස් බුක් එකට ලියන අතර Instant articles ලිව්වා. ඊට පසුව මම ෆේස් බුක් පිටුවක ලයික් සහ ෆලෝවර්ස්ලා වැඩි කර ගෙන page advertising Instant articles කළා. මේ පිටුව කඩා වැටුනාට පසුව මම වෙනත් ව්‍යාපාර වෙනුවෙන් යොමු වුණා.
ව්‍යාපාරය පටන් ගත්තේ
මම customized printed bottles ව්‍යාපාරයක් පටන් ගත්තා. කොරෝනා වලින් පසුව පසුබැස්මක් ඇති වුණා. එතැනින් පසුව මට resin Art කරන්න හිතුනා.
Resin Art ආරම්භය
2022 වසරේ මුලින්ම රෙසින් ආර්ට් පටන් ගත්තා. පටන් ගත්ත තැන පටන්ම විවිධ අභියෝග ආවා. සමහර රෙසින් හදලා වේලා ගන්න ගියාම ප්‍රශ්න. ඒ වගේම මේ රෙසින් අච්චු ඉක්මනින් ඉරෙනවා. ඒ වගේම සමබරතාවය ගැන ගැටළු. වැස්ස ඇවිත් වියලා ගන්න බැරි වුනාම ඇති වෙන ගැටළු. මේ වගේ අහේතුක ප්‍රශ්න ගොඩක් මට ඇති වුණා.
ඒත් ඔබ අතහැරියේ නැහැ
ඔව්. මම නැවතුනේම නැහැ. වැටෙන තැනින්ම නැගිටට්ා. මුලින්ම මට තිබුනේ එක රෙසින් බෝඩ් එකක් විතරයි. නමුත් අද මම පාරිභෝගික ඉල්ලීම් අනුව ලක්ෂ ගණනාවක රෙසින් නිර්මාණය කරනවා. ඒ විතරක් නොවෙයි, මගේ නිර්මාණවලට සම්බන්ධ වෙලා රැකියාවක් විදිහට මේ නිර්මාණ කර කීප දෛනකුත් ඉන්නවා. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. මම මේ ගමන ආවේ රෝස මල් මාවතක නොවෙයි. ඇස් උඩ පිළිස්සිලා.. අත් තුවාල වෙලා ආව ගමනක්.
නමුත් දැන් සන්නාමයක අයිතිකාරිනියක්.
දැන් මම Sl Buy.lk නමින් මගේ සන්නාමය පවත්වා ගෙන යනවා. මම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වු ප්‍රදර්ශන වෙනුවෙනුත් මගේ නිර්මාණ ඉදිරිපත් කළා.මම රෙසින් අමුද්‍රව්‍ය අලෙවි කරන ප්‍රදර්ශනාගාරයක් පසුගිය දිනක විවෘත කළා.

ඒ වගේම ඔබේ සේයාරුව හෝ ආදරවන්තයාගේ සේයාරුව ඇතුලත් දිනදර්ශන අපේ නිර්මාණ අතරට ඇතුලත් වෙනවා.
මම කී ටැග් නිෂ්පාදනය කරනවා ඒවා විිවිධ විවෘත කිරීම් , උත්සව, සමාගම් උත්සව , සුහද හමුවක, වැනි විවිධ අවස්ථාවලදී සිහිවටන විදිහට බෙදා දෙන්න පුළුවන්. වැලන්ටයින් වෙනුවෙනුත් මේ තෑගි ගැලපෙනවා. යම් පාරිභෝගිකයෙකුට අවශ්‍ය විදිහට කී ටැග් එකක් සකස් කර දෙන්න පුළුවනි. මේ වෙන විට අපේ රට… මුහුදු වෙරළ වැනි තේමාවන්ගෙන් කී ටැග් ඇනවුම් ලැබී තිබෙනවා. අපි ඒවා සකස් කර දුන්නා . පාරිභෝගිකයන්ගේ ප්‍රතිචරයත් ඉතාම හොඳයි.
ඇනවුම් භාර ගැනීම..
සාමාන්‍යයෙන් කී ටැග් 1000 ක් වගේ ලොකු ඇනවුමක් නම් සති තුනකටවත් කලින් ඇනවුම ලබා දෙන්න ඕන. තමන්ට කැමැති ආකෘතියක් ඉල්ලුවොත් අපි ඒ වෙනුවෙන් සූදානමින් ඉන්නවා.
රෙසින් ඉගෙන ගන්න කැමැති අයට
රෙසින් ඉගෙන ගන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් එක්දින පාඨමාලාවක් තිබෙනවා. ලියාපදිංචි ගාස්තුවක් විතරයි අය වෙන්නේ. මේ වැඩසටහනක් වෙනුවෙන් කැමැති කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවනි.මගේ දුරකථන අංකය පහතින් තිබෙනවා.
වැලන්ටයින් වෙනුවෙන් ඔබේ නිර්මාණ ගැන කිව්වොත්
ආදරයට මිළෙන් වටිනාකමක් ලබා දෙන්න බැහැ. නමුත් වැලන්ටයින් දිනයේ ආදරවන්තයන් අතර තෑගි හුවමාරු වෙනවා. ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය වුන කලාත්මක නිර්මාණ රාශියක් තිබෙනවා. මේවා වැලන්ටයින් දිනය වෙනුවෙන් ඉතා අඩු මිළට නමුත් ආදරයෙන් බෙදා ගන්න පුළුවන් පුංචි පුංචි අයිටම් .

චොකලට්
චොකලට් කියන්නේ ආදරවන්තයන්ගේ සංකේතයක්. ඔවුනොවුන් අතර හුවමාරු වෙන ආදරය ප්‍රකාශ කරන සංකේතයක්. මේ වෙනුවෙන් නිෂ්පාදනය කළ නට් පිරුණ චොකලට් අපේ නිෂ්පාදන අතර තිබෙනවා.
Frame bocky art
ආදරවන්තියගේ එහෙම නැත්නම් ආදරවන්තයාගේ ඡායාරූපය ඇතුලත් කරන ත්‍ර්පැ ඉදජනහ ්රඑ අවශ්‍ය නම් ඒ වෙනුවෙන් අපි සූදානම්. මේ වගේ සිහිවටනයක් තුළ යම් මතකයන් අනාගතයටත් ඉතිරි වෙනවා.
රෝස මල්
රෝසමල් දෙන්නේ උරුමක්කාරයන්ට කියනවනේ. ඉතින් ඔබේ උරුමක්කාරයාට දෙන්න අවශ්‍ය රෝස මල් කළඹක් අපෙන් ගන්න පුළුවනි. ඔබ කැමැති විදිහට ඒවා සකස් කර දෙන්න පුළුවනි.
මේ වගේ දෙයක් ඇනවුම් කරන්න කෙනෙකුට අවශ්‍ය වුනොත් දුරකථනය අංකය 0767374617 ඔස්සේ ඇයට කථා කරන්න පුළුවනි.
එහෙමනම් දුෂ්කර ගමනක් පසු කර ගෙන දැන් ඇය යම් ජයග්‍රාහී පියවරක සිටිනවා. වැටෙන තැනින් නැගිටීමේ අප්‍රතිහත උත්සාහය දිල්කි ඉරේෂාගේ අත්දැකීමෙන් අපි දුටුවා. මේ වගේ දිරිය කාන්තාවන් වෙනුවෙන් කලම්බු ජර්නල් වෙතින් උණුසුම් සුබ පැතුම් සමග ඇගේ ව්‍යාපාරික ඉලක්ක සාර්ථක වේවා පතමු.
සටහන –
සිල්වා, සි