සාර්ථක ව්‍යවසායකයකුට නිසි මග – 02

author
0 minutes, 56 seconds Read

නව ව්‍යාපාරයක ආරම්භය ( Business Startup)

තරඟකාරී ව්‍යාපාර පරිසරය තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම යම් අභියෝගයක් වුණත් එම අභියෝග බාධක ජය ගනිමින් ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාමට හැකියාව පවතින අයෙකුට තමයි ව්‍යවසායකයකු ලෙසින් හදුන්වනු ලබන්නේ.

ව්‍යාපාර ක්ෂේත්‍රයට ආධුනික ව්‍යවසායකයකු ලෙසින් ඔබ යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරනවා නම් ඊට පළමුව ඔබ විසින් දැන සිටිය යුතු කාරණා රැසක් පවතී.

අද අප සූදානම් වන්නේ නව ව්‍යාපාරයක ආරම්භය ( Business Startup) පිළිබඳ වත්මන් ව්‍යාපාරික ලෝකය හා බැඳුණු තොරතුරු ඔස්සේ ඔබත් සමග සාකච්ඡා කිරීමටයි.

ව්‍යවසායකත්වය ගැන කතා බහ කිරීමේ දී නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම (startup) පසුගිය කාල සීමාව තුළ trend එකක් බවට පත්වී තිබුණා. ඒ trend එකේදී බොහෝ අය තමන්ගේ කුසලතාවය මත පදනම් කරගෙන තමන්ගේ සංකල්පයට අනුව තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙළඹුණා.ඒ කාලය තුළ එය ලංකාවට සහ ලෝකයට පොදුවේ තිබුණ දෙයක්.

උදාහරණයක් වශයෙන් ,

වෙබ් අඩවි සැකසීමට දැනුම තිබෙන අයෙක් තම ව්‍යාපාරයේ වැඩ කටයුතු වල  නිරත වන අතරතුර part time වශයෙන්ද තවත් ආයතනයකට වෙබ් අඩවි සකස් කර දෙමින් ව්‍යාපාරය සිදු කරගෙන යනවා. ඒ වගේම තවත් සමහර අය ඔවුන් විසින් ආරම්භ කරන ලද ආහාර වෙළදසැලක ව්‍යාපාර කටයුතු වල නිරත වන ගමන්ම වෙනත් ආයතන සඳහා ද ආහාර සපයමින් ව්‍යාපාරය වර්ධනය කරගැනීමට කටයුතු කරනවා.

මෙලෙස නව ව්‍යාපාර 2016,2017, 2018 වසර කිහිපයේදී රැල්ලක් වශයෙන්  ආරම්භ වීම සිදු වුණා. ඊට ප්‍රධාන හේතුව තමයි මාක් සකර්බර්ග් වැනි අය තමන්ගේම අදහසක් තුළින් ව්‍යාපාරයක් බිහි කරගෙන ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතරට යනකොට ඒ දෙස බලා සිටින අපිටත් ඒ වගේම ව්‍යාපාර කරන්න පුළුවන් සහ අපිටත් ඒ වගේ ව්‍යාපාරයක් පටන් ගත්ත නම් හොඳයි කියන තැන බොහෝ අය ඉන්න පටන් ගත්තා. ඒ සමගම startup කියන සංකල්පය ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය වීම ඇරඹුනා.

එතනදි ලංකාව තුළත් ඒ සංකල්පය රැල්ලක් වශයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එවකට රජයද ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ රජය විසින් ව්‍යාපාර ආරම්භ කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, බදු සහන ආදි වශයෙන් නව ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර බිහි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රැසක් ලබාදීම සිදුකලා.

ඇත්තටම, ව්‍යවසායකයෙක් කියන පුද්ගලයා  ඕනෑම අවදානමක් ගනිමින් තමන්ගේ සම්පත් , මුදල් තමන්ගේ කුසලතාවන් සියල්ල ආයෝජනය කරමින් තමන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන සේ බිහි කර ගන්නා ව්‍යාපාර තුළින් සමාජයට වාසි රැසක් ගොඩනැගෙනවා. ඉන් එකක් තමයි රැකියා අවස්ථා බිහිවීම.

උදාහරණයක් වශයෙන් ,

 කවුරුන් හෝ අයෙක් කෑම අලෙවිකරණ රථයක් (Food truck) ආරම්භ කිරීම තුළින් එම රථය අවශ්‍ය නවීකරණ කටයුතු කිරීමට, ආහාර සැපයීමට, ආහාර ඇසුරුම් කිරීමට, ආහාර සෑදීමට සහ බෙදාහැරීමට යනාදී කටයුතු සිදු කිරීම සඳහා ව්‍යාපාර හිමියාට තවත් අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඉතින් මේ ආදී වශයෙන් තමයි සෘජු හා වක්‍ර ආකාරයෙන් තවත් අයට රැකියා අවස්ථා බිහිවන්නේ.

එම නිසා මෙම startup කියන සංකල්පය රටක ආර්ථිකයට ඉතාමත් වැදගත් බව ඔබට සදහන් කළ යුතුයි.

මෙසේ ලාංකීය ව්‍යවසායකත්වය පිළිබඳ කතා බහ කිරීමේ දී ලංකාවේ ඇති වුණ ඒ රැල්ල තුළින් ගොඩනැගුන නව ව්‍යාපාරිකයන්ට මුහුණ දුන් විශාල අර්බුදකාරී අවස්ථාවන් ද නොතිබුණා නොවෙයි.

උදාහරණයක් වශයෙන්,

කොරෝනා වසංගතය තුළින් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරන බොහෝ දෙනකුට ගැටලු රැසක් ගොඩ නැගුණා. එහිදී ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන තියනවද? සේවකයන්ට, කාර්ය මණ්ඩලයට ගෙවීම් සිදු කරන්නේ කොහොමද?  ඒ තුළින් තමන් ආදායමක් උපයාගෙන ජීවත් වෙන්න සිදු වුනොත්  ජීවන වියදමට සරිලන ආදායමක් තමන්ට ව්‍යාපාරය තුළින් ලැබෙනවද ? යනාදී වශයෙන්.

ඉන්පසු කාලසීමාවේ රට පැවති අරගලය හා මතු වූ ආර්ථික අර්බුදය මගිනුත් නව ව්‍යවසායකයින්ට ව්‍යාපාර සදහා දැඩි බලපෑම් එල්ල කළා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ ව්‍යාපාර වැසෙන්නට පටන් ගත්තා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ රට තුළ නොමැතිවීම, විදුලි කප්පාදුව, පෙට්රල් හිඟය ගෑස් හිඟය ආදි වූ කරුණු කාරණා රැසක් නිසා ජනජීවිත  බිඳ වැටෙන්නට පටන් ගත්තා. මෙතනදි තමයි අපට තේරුම් ගන්න පුළුවන් ව්‍යවසායකයෙක් කියන කෙනාගෙ සහ සාමාන්‍ය පුද්ගලයකුගේ අතර වෙනස. 

මෙවැනි අවස්ථාවන්හිදී ව්‍යවසායකයින් සිය පෞද්ගලික ධනයෙන් හෝ ව්‍යාපාරය නොකැඩී ඉදිරියට ගෙන යෑම සඳහා විවිධ අලෙවි ක්‍රමෝපායන් භාවිතයෙන් කටයුතු කරනවා. ව්‍යවසායකත්වය තුළ කටයුතු කරන පිරිස පමණයි මෙලෙස යම් අවදානමක් දරමින් සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ .

මෙම කරුණු සියල්ලම සලකා බැලීමේදී ප්‍රධාන මාතෘකාවට වශයෙන් අපි තෝරා ගන්නේ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට නම් කල හැකි  සහ දැනගත යුතු දේවල් මොනවාද යන්න පිළිබඳවයි.

ඒ සදහා අපට භාවිතා කල හැකි frame work එකක් තියෙනවා ද?… ඔව්…

එසේනම් ලබන සතියේ දී අප ඔබත් සමග සාකච්ඡා කිරීමට  සූදානම් වෙන්නේ සාර්ථක ව්‍යවසායකයෙකුට වැදගත් TIMMONS MODEL frame work එක පිළිබඳවයි…

සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally. 

සැකසුම – බිනාලි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa