Oktoberfest යනු, ලෝකයේ තවත් විශාලතම උත්සව වලිනි එකකි. සරත් (Autumn) කාලයේ ජර්මනියේ මියුනිච් නුවර ආශ්‍රිතව පවත්වන්නාවූ විචිත්‍රවත්, උත්කර්ෂවත් මෙන්ම දීර්ඝ කාලීනව පවත්වාගෙන එන සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මුල් කොට ගත් උත්සවක් වන මෙහි මූලාරම්භය බවාරියා කුමරු ලෙස හැදින්වෙන ලුඩ්විග් කුමරුගේ විවාහ උත්සව ලෙස සැලකේ. ඔහු පසු කාලීනව රජු ලෙස කිරුලු පලන්නෙකි. ඔහුගේ රාජකීය විවාහ උත්සවයේ සැමරුම සදහා ජර්මන් ජනතාවට ආරාධනා කර ඇත. එම උත්සවය සැණකෙලියක (Carnival) විලාසයෙන් සංවිධානය වී ඇත. අශ්ව සහ තුරග තරග(Amusement rides), වෙළද කුටි (stalls), bowling allies, swings සහ විවිධ විනෝද ක්‍රීඩා සංවිධානය කර ඇත.
Oktoberfest උත්සවයේ Bawariya සංස්කෘතික අනන්‍යතාව ඉස්මතුවී පෙනේ. Bawariya යනු උත්සව පවත්වන ප්‍රදේශය වේ. Theresienwise යනු Oktoberfest සැණකෙලි භූමිය (Festival Grounds) හදුන්වනු ලබන නාමයයි.
මෙම සංස්කෘතික අංග අතරින් ලෝකය පුරා විසිරී සිටින ජනතාව අතර ප්‍රසිද්ධවී ඇත්තේ බියර් පානය, මාංශ ආහාර අනුභවය සහ විනෝද ක්‍රීඩාවන් වේ. ජනතාව පෙරහැරකින් (Parade) පා ගමනින් සහ විචිත්‍රවත් ලෙස හැඩ ගැන්වූ රථ පෙළපාලි වලින් Oktoberfest සැනකෙලි භූමියට පැමිණෙති.
Oktoberfest සැනකෙලියට එන්නාවූ ජනතාව විවිධ මෝස්තර වලින් නිම වූ සම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසෙති.මෙම ඇඳුම් 1800 ගණන්වල මැද භාගයේ බැවේරියාවෙන් පැවත එයි. Dirndl යනු කාන්තවන් සදහා වූ සුදු පාට උඩු කබායක් (Bodice) සහ එයටම අල්ලා මසා ගත් සායකි. මේ සමග ඒප්රනයක්ද අඳිති. පිරිමි අය සදහා Lederhosen නම් වූ ලෙදර් කලිසම්, කබා (Waist coat), සහ දණහිස තෙක් වූ මේස් දමා සම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසි විනෝද වෙති.

සැණකෙලි භූමියේ බියර් කුටි (Beer tent) සකස් කර ඇත. ඒවා හදුන්වනු ලබන්නේ Bierzelt යනුවෙනි. විශාල බියර් කෝප්ප (Beer mug) වලින් බියර් පානය සදහා අවස්තාව සැපයේ. මේවා හදුන්වනු ලබන්නේ Weinzelt යනුවෙනි. Oktoberfest උත්සවයේ බියර් පාන අවස්ථාව පටන් ගැනීමට සංවිධායක ලෙස කටයුතු කරන නගරාධිපති හෝ වෙනත් කෙනෙකු විසින් බියර් බැරල් එක පලමුව ඇර ගත් පසු Zapft is! (It is tapped) ලෙසට ජර්මන් භාෂාවෙන් සංකේතාත්මකව ප්‍රකාශ කර බියර් පානය ඉදිරියට කරගෙන යාමට අවසර දෙයි. මෙතැන් පටන් බියර් බැරල් විකිනීම පටන් ගගනිති. ඔවුන් ඒවා පානය කරමින් එකිනෙකාට ආචාර (Zum Woh! = To your health!) පුදති.


පසු කාලීනව බවාරියානු නීතියක් සම්මත විය.එනම් බියර් කුටි තුළ සහ ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානය තහනම් වී ඇත. බියර් පිළියෙල කිරීමට ජර්මනියේ ප්‍රසිද්ධ බියර් නිශ්පාදන වලට (Brands) අවසර ලබා දෙයි. සියලු බියර් නිශ්පාදකයන් බියර් නිපදවීමට අමුද්‍රව්‍ය (ingredients) උත්සවයට පෙර ප්‍රසිද්ධ කරති. ඒ අතර මාංශ ආහාර සදහා උත්සව භූමියේ ප්‍රධාන තැනක් ලබා දෙති.
Oktoberfest උත්සවයේ අනෙකුත් අංග ලෙස බවාරියන් තොප්පි ලෙස හදුන්වනු ලබන Tirolerhute හිස පළදනා සහ බවාරියන් කොඩි දමා උත්සවය පවත්වන ස්ථානය සරසා ගනිති.

මේවනවිට Oktoberfest උත්සව විශාල සැණකෙලියක තත්ත්වයේ සිට කුඩා උත්සව ලෙසට ද ලෝකය පුරා සංවිධානය වේ.
Prost! / Cheers !
සටහන

Surani Fernando