ඇස් නොපෙනෙන අය ගැන සමාජයේ වැඩි අවධානයක් දක්වන බව පිටතින් දකින අප හිතනවා. ඔවුන්ගේ ජීවිතයට හයියක් වෙන්න බාහිර පුද්ගලයන්ට යම් තාක් දුරට හැකියාවක් තිබුනත් එය සර්ව සම්පූර්ණයෙන්ම ඉටු වෙන දෙයක් නොවෙයි. ඒ නිසාම ඔවුන් තමන්ගේ ජීවිතයේ දියුණුව සොයා ගෙන යනවා. ඒ විදිහට ඇසින් නොදකින ආලෝකය තමන්ගේ ස්වාධීනතාවයෙන් ජීවිතයට උපයා ගත් ඇය ගැන මේ කථාව අපි කාගෙත් ජීවිතයට විශේෂ පන්නරයක් ලබා දෙනු ඇති. ඉතින් මේ කථාවට අපි ඇයටම ආරාධනා කරමු.
මගේ නම දිලානි සඳමාලි. මම උපතේ පටන්ම දෘශ්‍යාබාධිතයි. කළුතර හල්කඳවල විද්‍යාලයෙන් කලා අංශයෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් වෙලා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත් වුණා. මෙම විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තාට පසුව මම කැළණිය විශ්ව විද්‍යාලයේ දෘශ්‍යාබාධිත අයට පරිගණක විද්‍යාව උගන්වන උපදේශිකාවක් විදිහට කටයුතු කළා.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබද්දී ඔබට ඇති වුන අපහසුතාවයන් ගැන
සමාජයේදී අපට හැම දෙනෙක්ම උදව් කරනවා. යම් සීමාවකින් උදව් වුනත් අපි වගේ දෘශ්‍යාබාධිත අයත් ස්වාධීනව ජීවත් වෙන්න ඕන. හැමදාම අපට තවත් අයෙකු මත යැපෙන්න බැහැ. ආර්ථික වශයෙන් වුනත් අපිට හයියක් ඕන. ඒ නිසා දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් මම වෙනම ව්‍යාපෘතියක් පටන් ගත්තා.
මට රැකියාවක් ලබා ගන්න අපහසුවක් නැහැ. නමුත් මට ඒ වගේ හැකියාවක් තිබුනත් මම වගේම තවත් දෘශ්‍යාබාධිත අය ඉන්නවා. ඒ අයට යමක් කරන්න මම හිතුවා.
ඒ ව්‍යාපෘතිය ගැන කිව්වොත්?
මේ ආයතනයේ නම ඩසිසදබ ක්බන් . දැන් මේ ආයතනය ආරම්භ කරලා වසර දෙකක් වෙනවා. පානදුර පරණ පාරේ අපේ ආයතනය පිහිටා තිබෙනවා. අපි ආයතනය පටන් ගත්තේ එක් සේවිකාවක්ගෙන් . දැන් නිෂ්පාදන අංශයේ සේවකයන් අට දෙනෙක් ඉන්නවා. අලෙවි අංශයේ 15 දෙනෙක් ඉන්නවා. මෙතැන විශේෂත්වය තමයි නිෂ්පාදන කාර්යයයේ පටන් අලෙවිය දක්වා වූ සියලුම අංශවල කටයුතු දෘශ්‍යාබාධිත අයගෙන් සිදු වෙන්නේ.

අපි මුලින්ම හඳුන්කුරු නිෂ්පාදනය පටන් ගත්තා. මේ ආයතනයේ තිබෙන විශේෂත්වය නම් අපට සම්බන්ධ හැම දෙනෙක්ම දෘශ්‍යාබාධිතයි. නමුත් අපි ඒ අඩුව මුල් කර ගෙන සමාජයෙන් හුදෙකලා වෙන්නේ නැහැ. මුලින්ම පටන් ගත්තේ හඳුන්තුරු නිෂ්පාදනය කරන්න. මේ වෙනුවෙන් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරනවා.මේ පැකට් එකක මිළ රුපියල් 30…රුපියල් 50…රුපියල් 100 සහ රුපියල් 120 විදිහට විවිධ මිළ ගණන් නියම කර තිබෙනවා.
ඔබ හඳුන්කුරුවලටම සීමා වුනේ නැහැ
ඔව් මම එතැනම නැවතුනේ නැහැ. ඊට පසුව ඉටිපන්දම්, පහන්තිර වගේ තවත් දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මේ විදිහට අපේ ඩසිසදබ ක්බන් නිෂ්පාදන විවිධාංගිකරණය වුණා.
අපේ තවත් බලාපොරොතත්ුවක් තිබෙනවා. මේ නිෂ්පාදන අතරට සබන් නිෂ්පාදනයත් එකතු කරන්න. නමුත් ඒ වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන තවම අපට නැහැ. ඉදිරියේදී ඩසිසදබ ක්බන් වෙතින් සබන් කැටයකුත් එකතු වේවි.
මේ වෙනුවෙන් ඉල්ලුමක් තිබෙනවාද?
ඔව්.. අපේ නිෂ්පාදන වෙනුවෙන් ඉල්ලුමක් තිබෙනවා. අපි ජංගම විදිහට අලෙවිසැල් පවත්වනවා. බෙල්ලන්විල වගේ විහාරස්ථාන අසල අපි අලෙවිසැල් පවත්වනවා. සාමාන්‍යයෙන් අපි මොරටුව , පානදුර අතර අපේ නිෂ්පාදන අලෙවිය සිදු කරනවා.

පහන් තිර වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම
මේ වෙනුවෙන් අවශ්‍ය රෙදි අපි ඇගළුම් කම්හල්වලින් මිළට ගන්නවා.. රෙදි කිලෝවක් රුපියල් 600 ක් පමණ මිළ වෙනවා. අපෙන් තොග වශයෙනුත් මිළට අර ගන්න පුළුවන්.ඒ විදිහට තොග අරගෙන ගිහින් ලාබයක් තබා ගෙන අලෙවි කරන අයත් ඉන්නවා. vision lanka ආයතනයේ සේවය කරන අයටත් දීමනාවක් ලැබෙන විදිහට තමයි අපි කටයුතු කරන්නේ.
ඉතින්… මේ නිෂ්පාදන අපෙන් අරගෙන තමන්ටත් ලාභයක් තබා ගෙන අලෙවි කිරීමට කැැමත්තක් දක්වන අය සිටිනවා නම් 077 33 55 117 වට්ස්ඇප් අංකයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්.
ආයතනයේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය උදව්වක් ගැන කිව්වොත්?
අපට පහන්තිර වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය විදිහට ගැනෙන රෙදි නොමිලයේ ලබා දෙන්න පුළුවන් කෙනෙක් හෝ ආයතනයක් සිටිනවා නම් හොඳයි. ඇගළුම් කම්හල්වල්වලින් විශාල වශයෙන් කැපෙන රෙදි ඉවත දමනවා. ඒ වගේ ඉවත දමන රෙදි කැබලි අපට ලබා දෙනවා නම් ලොකු උදව්වක්.
ඒ විතරක් නොවෙයි, අද හැම නිවසකම පහන් පතත්ු කරනවා. වාහනවල වුනත් හඳුන්කුරු දල්වනවා. මේ වගේ කටයුතුවලදී අපෙන් මිළදී ගන්නවා නම් ඒක ලොකු පිනක්. අපටත් උදව්වක්.
අපේ සමාජය විශේෂ අවශ්‍යතා ඇති අයට අනුකම්පා කරනවා. ඔවුන් සමාජගත කරන්න උනන්දු නැහැ. ඇතත්ටම අපට අවශ්‍ය අනුකම්පාව නොවෙයි. අපිත් සාමාන්‍ය අය වගේම ස්වාදීනව ජීවත් වෙන්න ඕන. මානසික වගේම ආර්ථික මටට්ම දියුනු කරලා ඔවුන් සවිබල ගැන්වීම අපේ ආයතනයේ අරමුණ බව සඳහන් කරන්න ඕන.
එහෙමනම් අත්, පය, ඇස්, කන් හොඳින් තිබියදීත් අනුන් මත යැපෙන සමාජයටවත් ..තමන්ටවත් වැඩක් නැතුව කාලය ගෙවන පුද්ගලයන් අතර නොපෙනෙන ඇස් දෙකෙන් ලෝකය දකින දිලානි සඳමාලි වැනි දිරිය දියණියන් සැබැවින්ම ලෝකයටම ආදර්ශයක්… ඒ වගේම ආශිර්වාදයක්
සටහන –
සිල්වා, සී