පුරාතන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ලද සමාජ ක්රමයපිළිබඳ අධ්‍යයනයක් යටතේ අද අප ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ආසියාතික නිෂ්පාදන රටාව සහ ලංකාවේ සමාජය පිළිබදවයි.

රාජ්‍යය
ලංකාවේ රජු සර්වබලධාරී විය. රජු භුපති, නරපති, උදකපති ආදී ලෙස හඳුන්වන්නට විය. මෙහි දී රජු උදකපති ලෙස හැඳින්වීම ඉහත දක්වන ලද ජල පාලක සමාජයක්, ජල පාලක රාජ්‍යයක් ලංකාවේ පැවති බවට අනුමාන කරන්නට සාධකයක් කරගත හැකි ය. ලංකාවේ සිටි සෑම රජවරයෙක් ම පාහේ වැව් තැනීම සහ වාරිමාර්ග දියුණු කිරීම සම්බණ්ධයෙන් විශේෂ අවධානයක් ද යොමු කර ඇත.
ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරන බලතල සියල්ල රජු වටා කේන්ද්‍රගතව පැවතුනි. එම බලතල ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් පත් කර තිබුනු අතර ඔවුන්ට වැටුප් ලෙස ගම්වර ලැබුනි ගම්වර ලෙස දෙන ලද්දේ ඉඩම් ය.මෙලෙස දෙන ලද ගම්වර ප්‍රධාන කොටස් දෙකකි.
1. දිවෙල් ඉඩම්
2. පරවේණි ඉඩම්
දිවෙල් ඉඩම් යනු ලබන්නා මියගිය පසු නැවත රජුට හිමි වන ඉඩම් ය. ප්රවේණි ඉඩම් යනු ඉඩම හිමිවන නිලධාරියා මියගිය පසු නිලධාරියාගේ දරු මුණුපුරන්ට ද හිමිවන ඉඩම් ය.
එම යුගයේ ලංකාවේ ජනාවාස රජරට සහ රුහුණු රට වශයෙන් ප්‍රධාන දෙකක් විය. අගනුවර අනුරාධපුරය වූ අතර රුහුණුරට අගනුවර මාගම්පුරය විය. දේවානම්පියතිස්ස රජ සමයේදී බුදුදහම පැමිණීම සහ එය රාජ්‍ය වීමත් සමග සියලු ආර්ය ජනාවාස සංස්කෘතික ලෙස මධ්‍යගත විය. දේවානම්පියතිස්ස රජු ප්‍රධාන පාලකයා වන අතර අන් සියලු ප්‍රා අධිපතීන් ඔහුට අවනත විය. එහෙත් රටපුරා පැතිරුණු විධිමත් පරිපාලන රටාවක් සකස් වීමට තවත් වසර සිය ගණනක් ගත විය.
රුහුණේ සිට පැමිණි දුටුගැමුණු රජු රජරට රජකළ එළාර රජු පරදවා රජරට අල්ලා ගැනීමත් සමග මුළු රටම ආවරණය කරගත් පරිප වහයක් සකස් කෙරිණි. අනුරාධපුර රාජධානි කාලයේ රජරට පාලනයේ පහසුව පිණිස උත්තර දේශය, දක්ෂිණ දේශය, පශ්චිම දේශය. ඳ ප්‍රාචීන දේශය ලෙස කොටස් හතරකට බෙදන ලදී. දක්ෂිණ දේශය පසුව මායා රට ලෙස නම් කළ අතර එය මාතා හෙවත් යුව රලු යටතේද, අනෙක් කොටස් තුන ඈපා නම් ප්‍රාදේශීය පාලකයන් හරහාද පාලනය විය. එමෙන්ම එම කාලයේ රුහුණු රට න දොළොස්දහස් රට සහ අටදහස් රට ලෙස කොටස් දෙකකට බෙදනු ලැබීය. දොළොස්දහස් රටේ අගනුවර වත්මන් තිස්සමහාරාමය වූ ද අටදහස් රටේ අගනුවර වත්මන් මොනරාගල විය. මීට අමතරව තිබු වනගත දුර බැහැර ප්රදේශිමහ වන්නින් හෝ කුඩා වන්නින් හැඳින්වූ ප්‍රාදේශීය අධිපතීන් විසින් පාලනය කෙරිණි.
පසුව අනුරාධපුර රාජධානියේ අවසන් කාලය වන විට මෙම වන්නි ප්‍රදේශ හැරුණු විට ඉතිරි ලංකාවම ප්‍රදේශ 18කට බෙදිණ. මේ ප්‍රම නැවත රට නම් කුඩා ඒකක වලටද. සෑම රටක්ම දිසාවලටද, සෑම දිසාවක්ම කෝරළවලටද බෙදිණි. මේ කෝරළ නැවත අතුක වලට සහ අතුකෝරළ පත්තු වලට බෙදිණ. පත්තුවක් ගත කිහිපයක් අන්තර්ගත කර ග ත්‍ය. ගමේ අධිපතියා වුයේ ගමික හෙ ගම්පතියාය. සිරිලක් කඩයිම් පොතට අනුව ලංකාව රටවල් 114කට බෙදනු ලැබීය. රටවල් 44ක් රුහුණේ ද, රටවල් 29ක් මායා රටේද, රට 41ක් පිහිටි රටේද විය.
පොළොන්නරු යුගය වනවිට මෙය තවදුරටත් වර්ධනය විය. ලංකාව පෙර නොවූ විරු මධ්‍යගත පරිපාලන ව්‍යුහයකට එළඹියේ ක්‍රි.ව. 11 සහ 1186 අතර රජකල මහා පරාක්‍රමබාහු රජ සමයේදීය. රාජ්‍යයේ විවීධ ප්රදේශමාපාවරුන් සහ ඈපාවරුන් අතින් පාලනය වූ අතර ඔවු යටතේ රට සඳහා රටනායකද, දිසා සඳහා දිසානායක ද, කෝරළ සඳහා කෝරළේ විදානේ ”දඅතුකෝරළේ” සඳහා අතුකෝරාළ ගමක් සඳහා ගම්පතියන්ද සේවය කළේය. මීට අමතරව කෝරළේ විදාන්නේ යටත්තේ එම කෝරළය තුළ බදු එකතු කිරීම සඳහා ලේකම් ඳත්කම් යටතේ ප්‍රදේශ භාර උන්ඩියාවරුන්ද විය. උන්ඩියාගේ මෙහෙයවීම යටතේ බදු එකතු කරන ලද්දේ මහතා විසිනි. රාජ්‍ය පාලන සඳහා අමාත්‍ය මණ්ඩලයක් විය. එහි ප්‍රධානියා මහ අධිකාරම් හෙවත් අගමැති විය. පොළොන්නරු යුගයේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකය. වූයේ සන්නලියන ඇමති, බණ්ඩාරනායක, වාසල මුදලි, ගජනායක, අරමුදල් ලේකම්, වාසල මුකවෙටි, මහ රැටිනා, අධිකරණ තාය. මහදාරනා, අරමේ, අර්ථ නායක, වන සිඟානා, මහ වෙළඳනා, සභාපතිනා, මහ වෙදනා, මහ නැකතිනා, දහම් පසත්තා හා බදු නායක යන ඇමතිවරුන් බව සෙල්ලිපි වලින් පෙනේ. යුවරජු හෙවත් මාපාට පමණක් දෙවැනි වූ නිලධාරියා වන්නේ ස්නානායක හෙව හමුදාපතිවරයායි. හමුදාවේ ධුරාවලිය සැකසුනේ මොහොට්ටාල, සුළු මුලාදෑනි සහ සාමාන්‍ය සෙබල යන අනුපිළිවෙලටය. රටේ පොදු හමුදාවට අමතරව රජුට පෞද්ගලික ආරක්ෂක භටයන් සිටි අතර ඔවුන් පාලනය වුයේද ස්නානායක මගිනි. මෙම ප්‍රධාන නිලධාරීන් අමතරව සළුවඩන නිලමේ, දියවඩන නිලමේ, බත්වඩන නිලමේ, තෙඩන නිලමේ, බුලත්වඩන නිලමේ ආදී ලෙස රජුගේ පෞද්ගලි කාර්ය මණ්ඩලයක් විය.
අධිකරණය
ලංකාවට විධිමත් අධිකරණ ක්‍රමයක් හිමි වූයේ අනුරාධපුර යුගයේ දී ය. රජු අධිකරණයේ ප්‍රධානියා වූ අතර නීතිය අර්ථකථනය කරන්නට රජුට බලය තිබුණු බව හඳුනාගත හැක. ඕනෑම නඩු තීන්දුවන් සම්බන්ධයෙන් රජුට අභියාචනා කිරීමට හැකියාව තිබී ඇත.අධිකරණ කටයුතු සඳහා විශේෂ අංශයක් නොතිබුණු බවත් ” දණ්ඩනායක-අධිකරණ නායක” යන විශේෂ තනතුරක් වංශකතාවල සඳහන් ව ඇතත් රද්කෝල් සම්දරුවන් ආදී සෑම නිලධරයාටම අධිකරණ බලය පැවරී තිබුණ බව ආචාර්ය සුරවීර මහතා සඳහන් කරයි. (අමරංවශ හිමි,1969,පි.293).
උසාවි
වේවැල්කැටිය සෙල්ලිපිය අනුව ගම්බද උසාවි සහ ප්‍රාදේශිය අධිකරණ ශාල පැවති බව හඳුනාගටහ් හැක. ඒවායේ තීන්දු ලියා තබන ලදි. ඒ බව ”දැසැ ගැමැ ඇත්තන් හින්දැ විචාරා උපන් දැයට පෑ හැකිසෙ ලියා තබා” ආදී ලෙස වේවැල් කැටිය සෙල්ලිපියේ දක්වා තිබීමෙන් පැහැදිළි වේ. දඬුවම් ලෙස හන ගැසීම, ශාරීරික වධ දීම, දඩ ගැසීම, ආදිය කළ බව වේවැල්කැටිය සෙල්ලිපීන් හඳුනාගත හැක.
කුල ක්‍රමය

ලංකාවට කුල ක්‍රමය පැමිණෙන්නේ ඉන්දියානු ආක්‍රමණ සහ සංක්‍රමණ සමග ය. නමුත් ලංකවේ සහ ඉන්දියාවේ කුල ක්රමයන් අතර සැලකිය යුතු වෙනස්කම් තිබේ. ලංකාවේ කුල ක්‍රමය පිළිබඳ පැහැදිළි සාක්ෂි පවතින්නේ මහනුවර යුගය සම්බන්ධ ව ය. ලංකාවේ කුල ක්‍රමය ගොඩනැගී ඇත්තේ ඉන්දියාවේ මෙන් වර්ණ භේදය අනුව නොව වෘත්තිය අනුව බව හඳුනාගත හැක. කුලය සමඟ ආර්ථික ක්රමයේ රාජකාරී බැඳී පවතියි. ලංකාවේ ආසියාතික නිෂ්පාදන මාදිලිය ක්‍රියාත්මක වූ ආකාරය එලෙස පවත්වාගන්නට කුළ ක්‍රමය හා බැඳුනු රාජකාරි ක්‍රමය උපයෝගී විය. මන්දයත් මෙම ක්‍රමය යටතේ මිනිසුන්ගේ ශ්‍රමය වැය විය යුත්තේ කුමක් නිශ්පාදනය කිරීමට ද කුමන සේවය සැපයීමට ද යන්න තීරණය කරනු ලබන්නේ රජු විසින් වීම නිසා ය. මෙම කුල ක්‍රමය සහ රාජකාරිය මගින් තත්කාලීන සමාජයේ නිෂ්පාදන සහ සේවා අවශ්‍යතා සියල්ල තෘප්ත කරන්නට කටය්තු කර ඇත. එනම් මෙම ආකෘතිය තුළ සමාජයට අවශ්‍ය සියලු ආකාරයේ සේවා සහ නිෂ්පාදන සිදු කෙරෙන බව පහත සටහනෙන් පැහැදිලි කරගත හැක.

ආසියාතික නිෂ්පාදන මාදිලිය ලංකාවේ ක්‍රියාත්මක වීමේ දී ඉහත ලෙස කුල සහ ඒවාට ආවේණික රාජකාරි තිබී ඇත.
කුල ක්‍රමය තුළ බලපැවැත්වූ සම්ප්‍රදායන් කිහිපයක් පහත පරිදි හඳුනාගත හැක.
අන්තර් ජන්‍ය විවාහය
විවාහ සිදු වූයේ සමකුල පවුල් අතර පමණක් වූ අතර මිශ්‍ර විවාහය තහනම් විය.
ආහාර ගැනීමේ සීමාකම්
සම අසුන්වල වාඩි වී ආහාර ගත්තේ සම කුල අය පමණි.
ඉහළ කුලවල අයට හාන්දුරුනේ, මැණිකේ ආදී ලෙස ආමන්ත්‍රණය කර ඇත.
නම්වල ද ඉහළ කුලවල අයට සංකීර්ණ නම් තිබී ඇති අතර පහල කුලවල අයට හිමි ව තිබුනේ සරල නම් ය. උදාහරන ලෙස දිසාඅනායක මුදියන්සෙලාගේ රන් බණ්ඩා දිසානයක සහ බෙරකාර ගෙදර හඳුනා යන නම් දෙක ගත හැක.
පවුල් සම්බන්ධතා
ආසියාතික නිෂ්පාදන මාදිලිය තුළ ප්‍රධාන නිෂ්පාදන ක්‍රමය වුයේ කෘෂිකර්මාන්තය වන අතර පවුල් සම්බන්ධතාවලට අදාල සංස්කෘතිය ගොඩනැගුනේ දේපළවල පැවැත්ම සහ කෘෂිකාර්මික නිෂ්පාදන අවශ්‍යතා සලකා බලමිනි. කෘෂිකාර්මික සමාජයක් තුළ මූලික ඊකකයක් ලෙස ඉඩම සැලකිය හැක. ඉඩම් කුඩා කොටස්වලට බෙදී යාම නිෂ්පාදන දාමය බිඳ දැමිමට ඉඩ ඇත. ඒ නිසා ම පවුල් ගොඩනැගී තිබුනේ ඉඩම් කුඩා කොටස්වලට බෙදී යාම වලක්වන ආකාරයට ය.
ලංකාවේ ඥාතීත්ව පද විමර්ෂනය කිරීමේ දී පියාගේ සහෝදරයන් ලොකු කුඩා යන විශෙෂන පද සහිත ව පියා යන පදයෙන් ම හඳුන්වයි. උදාහරහණ ලෙස මහප්පා, ලොකු තාත්තා, ලොකු අප්පච්චි, සහ පියාගේ බාල සහෝදරයන් බාල අප්පා හෙවත් බාප්පා, කුඩප්පා වැනි පදවලින් ද හඳුන්වයි. මවගේ සහෝදරියන් ද එලෙස පුංචි අම්මා, කුඩම්මා ලෙස මවක් ලෙස ම ආමන්ත්‍රණය කරයි. ඔවුන්ගේ දරුවන් සහෝදරයන් ලෙස සලකණු ලැබේ. නමුත් මවගේ සහෝදරයන් සහ පියාගේ සහෝදරියන් එසේ නොවන අතර ඔවුන් මාමලා සහ නැන්දලා ය. ඔවුන්ගේ දරුවන් සහෝදායන් නොවන අතර ඔවුන් නෑනලා සහ මස්සිනාලා වේ. එනම් ඔවුන් අතර විවාහ සම්බන්ධතා පැවැත්විය හැක. මෙම ව්‍යුහය ගොඩනැගෙන්නේ ඉඩම් පිටතට යෑම වලක්වන්නට ය.
මෙම නිෂ්පාදන මාදිලිය තුළ ඉඩම් ආරක්ෂා කරගන්නට තවදුරටත්, දෑවැද්ද යන චාරිත්‍රය උපයෝගී කරගන්නා ලදි. එනම් මනාලියට හිමි ඉඩම් වෙන කෙනෙක් අතට පත් වීම වලක්වන්නට මනාලයාට මුදල් හෝ වෙනත් ද්‍රව්‍යයන් මගින් ගෙවන්නට කටයුතු කරන ලදි. මීට හේතුව පැරණි ලල්ංකාවේ දේපළ උරුමය ගැහැණු පිරිමි දේවර්ගයේ ම දරුවන්න්ට හිමි වීම්යි.
පුරාණ ලංකාවේ විවාහ ක්‍රම සැලසුම් වී තිබුනේ ද ඉඩම් ආරක්ෂා කර ගැනීමේ අරමුණිනි.
ඇවැස්ස ඥාති විවාහය
මෙහි දී සිදුවන්නේ මවගේ සහෝදරයාගේ හෝ පියාගේ සහෝදරියගේ දරුවන් සමග විවාහ වීම යි. මෙහි අරමුණ වන්නේ වෙනත් පවුලට ඇදී යන්නට තිබෙන ස්ත්‍රීන් සතු දේපළ පවුල තුළ තබා ගැනීම යි.
බහු පුරුෂ විවාහය
මෙය එකගෙයි කෑම ලෙස ද හඳුන්වයි. මෙහි දී සිදු වන්නේ එක පවුලේ සහෝදරයන් කිහිපදෙනෙකු එක් සහකාරියක් සමග විවාහයට ගැනීම යි. මෙහි අරමුණ ද පවුලේ සහෝදරයන් වේ වෙන ම පවුල් තනාගෙන ඉඩම් කැබලි කරගැනීම අඩු කරන්නට ය. එය එසේ වූ බවට හොඳ ම සාක්ෂියක් වන්නේ මෙම ක්‍රමය කෘෂිකාර්මික ඉඩම් සාපේක්ෂ අව හිඟ වූ උඩරට ප්‍රදේශවල පැවතීම යි.
බින්න විවාහය
මෙය බොහේ විට සිදු වී ඇත්තේ එක් දියණියක් සිටින ඉඩම් හිමි පවුලකට ඉඩම් අහිමි පුරුෂයෙක් විවාහ වන විට ය. මෙහි දී පුරුෂයා ස්ත්‍රියගේ නිවසේ නැවතී ඉඩම් සහ දේපල පාලනය කරමින් ජීවත් වේ නමුත් ඔහුට එම දේපළ අයිති වන්නේ නැත. ඔහු එම දේපළවල පාලකයා පමණි. මෙවැනි විවාහයකින් උපදින දරුවන්ට මවගේ වාසගම ලබා දෙනු ඊ. ආර් ලීච් නම් මානව විද්‍යාඥයා 19 වන සියවසේ දී නිරීක්ෂණය කර තිබේ.
ලබන සතියේදී අපි බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ විඥානය තුළ ඉතිරි ව ඇති ආසියාතික නිෂ්පාදන මාදිලියේ නෂ්ඨාවෂේශ පිළිබද ඔබට අවබෝධයක් ලබා දීමටයි.
සටහන –

Lakmal Dharmasena
Independent Researcher
BA Honours in History (Kelaniya)
Mphil Reading
