ඇමරිකානු පාතාලයේ නොමැකෙන සටහන් තැබූ “The Queen of the Mob” හෙවත් වර්ජිනියා හිල්

author
0 minutes, 17 seconds Read

වර්ජිනියා හිල් (Onie Virginia Hill) 1916 වසරේ අගෝස්තු මස 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ලබාමාහීදී (Alabama, United States) උපත ලැබූ සුන්දර තරුණියක්.

දරුවන් දස දෙනෙකු සිටි පවුලක සත්වන දරුවා ලෙස උපත ලැබූ ඇයගේ මව්පියන් වූයේ අශ්වයන් වෙලදාමේ යෙදුනු මැක් (M W, Mack) හා මාග්‍රට් (Margeret) යුවලයි. එවකට ඇමරිකා එක්සත් ජනපදයේ දේෂපාලන පසුබිම ඉතා අස්ථාවර වූ අතර පාතාල නායකයන් සිය බලය භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ලෙස සියලුදේ හැසිරවීම සිදුකලා. ජනතාව මෙම ක්‍රමය අනුමත කරමින් සිටි අතර ධනවත් පාතාලයේ කෙරුමන් එවකට ප්‍රජා නායකයන් ලෙස සලකන මට්ටමකට සමාජය පිරිහී තිබුනා. මෙවන් සමාජ පසුබිමක් පැවති සමයක කුඩා වර්ජිනියාගේ ළමා කාලය දූෂණය හා භීෂණය පිරුනු ඇලබාමාවේ අධික දරිද්‍රතාවයෙන් මිරිකී සිටි පවුලක සෙමින් ගෙවී ගියා.

ඇගේ පියා අසීමිත ලෙස බීමට ඇබ්බැහි වී සිටි අතර දිනපතා බීමතින් විත් ඇගේ මවට හා සහෝදර සහෝදරියන්ට පහර දෙන්නට වුණා. දිගින් දිගටම සිදුවන අඩන්තේට්ටම් ඉවසීමට නොහැකිව වර්ජිනියාගේ මව දරුවන් සමග තම සැමියාගෙන් වෙන් වූ අතර ඇය දරුවන් රැගෙන ජෝර්ජියාවේ මරිඒටා (Marietta, Georgia) ප්‍රදේශය වෙත සංක්‍රමණය කළා. එවකට වර්ජිනියාගේ වයස අවුරුදු 08ක් පමණ වී තිබුනා පමණයි. පියා නොමැතිව වර්ජිනියා ඇතුලු සහෝදර සහෝදරියන් හැදුනෙ වැඩුනේ නොමග යමින්. ඔවුන් වෙනුවෙන් රැකියා වල නිරතවීම හැර දරුවන් පිළිබදව සොයා බැලීමට මාග්‍රට් මහත්මියට කාලයක් තිබුනේ නැහැ. මේ නිසාම කුඩා වර්ජිනියා ඇයට සිතූ සේ ජීවත් වුනු අතර ඇයට හමුවූ පෙම්වතෙකු සමග ඇය වයස අවුරුදු 15දී විවාහ වුනා. ඔහුගේ නම ජෝර්ජ් රැන්ඩෙල් (George Randell). ඔවුන් දෙදෙනා විවාහයෙන් පසුව චිකාගෝව වෙත පැමිණි නමුත් එවකට වයස අවුරුදු 16ක් වූ ජෝර්ජ් සමග විවාහය වර්ජිනියා හට සාර්ථක විවාහයක් වූයේ නැහැ. ඇය පිළිබදව සදහන් මූලාශ්‍ර වාර්තා කරන්නේ ජෝර්ජ් සමග වර්ජිනියා මෙලෙස චිකාගෝවට පැමිණියේ නිරුවත් රංගනයන් සදහා රංගනයේ යෙදෙන නිලියක් වීමේ (Pornography Business) අභිලාෂයෙන් බවයි. නමුත් ඔවුන්ට ඒ සදහා සුදුසු නිෂ්පාදකයන් සොයාගන්න නොහැකි වී තිබුණා. බලාපොරොත්තු සුන් වූ තැන ඔවුන් දෙදෙනා ඉතා කෙටි කලකින් වෙන් වුණා.


චිකාගෝවේදී පසුව වර්ජිනියා හට ප්‍රකට අවන්හලක වේටර්වරියක් ලෙස රැකියාවක් ලැබුණා. චිකාගෝ නගරයේ සිටි ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලා හා බුකී හිමිකරුවෙකු වූ ජෝසොප් එප්ස්ටයින්ට (Joseph Epstein) ඇයව නෙත ගැටුනේ මේ අවන්හලේදී. ඇගේ දිගු කකුල් හා සුන්දර සිරුරට වසග වූ ඔහු වර්ජිනියා ගණිකාවක් ලෙස ඔහුගේ සමාජශාලාහී සේවය කිරීමට ඇරයුම් කිරීමට කිසි ලෙසකවත් පසුබට වුනේ නැහැ. ඇය එවන් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි බැවින් ජොසොප් එප්ස්ටයින් වන් ධනවත් මෙන්ම බලවත් ව්‍යාපාරිකයෙකු යටතෙ වැඩ කිරීමට ඇය එකහෙලා තම කැමැත්ත පලකොට තිබුණා. ජෝසොප් එප්ස්ටයින් ඇයව සමාජයේ ප්‍රසිද්ධ කාන්තාවක් කරන බවට පොරොන්දු වූ අතර ඔහුගේ හොදම සමාජශාලා වල නිරුවත් නර්තනයේ යෙදීමට පවා ඇයට අවස්ථාව ලබාදී තිබුණා. කෙසේ නමුත් ජෝසොප් එප්ස්ටයින් සමලිංගිකයෙකු වූ බැවින් වර්ජිනියා සමග කිසිදු ශරීරික සබදකමක් නොපැවැත්වූ අතර ඔහු ඇගේ හොදම මිතුරා ලෙස ඇය මිය යන තුරුම ලගින් සිටිය බව වාර්තා තුළ සඳහන් වනවා. එප්ස්ටයින් ඇයට පොරොන්දු වූ ලෙසම වර්ජිනියා ඉතා කෙටි කලකින් මුලු චිකාගෝවම දන්නා ගණිකාවක් වූ අතර ඇයව හදුන්වා තිබුනේ ෆ්ලෙමින්ගෝ (Flemingo, Las Vegas) නම් අනුවර්ත නාමයෙන්.

වර්ජිනියාව ඇසුරු කිරීමට පැමිණි චිකාගෝහී බොහෝ මැර කල්ලි නායකයින් හා ඇය අතර ඉතා කිට්ටු සබදතාවක් පැවති අතර වැඩිකල් නොගොස් විවිධ අපරාදකරුවන් විසින් සොරාගත් භාණ්ඩ විවිධ ස්ථාන වලට ප්‍රවාහනය කිරීමටත් මැර කල්ලි වල එදිරිවාදීන් යන එන ස්ථාන පිලිබද ඔත්තු බැලීමටත් ඇය සම්බන්ධ වී තිබුණා. ඇගේ පෙනුම, ලිංගික සම්බන්ධතා හා මුදල් විශුද්ධි කිරීම සදහා වූ හැකියාව නොබෝ කලකින්ම ඇයව චිකාගෝ පාතාලයට අත්‍යාවශ්‍යම ගැහැණිය බවට කළා. සොරාගත් බඩු භාණ්ඩ හා ආභරණ ආරක්ෂක නිලධාරීන්ට හා ඔත්තු කරුවන්ට හසු නොවන ලෙස තම සිරුර තුල සඟවා රැගෙන යාමට ඇය සතු වූ අසීමිත හැකියාව නිසා එකල ඇයව චිකාගෝ පාතාලය තුල “The Bag Women” යන අනුවර්ත නාමයෙන් පවා හඳුන්වා තිබුණා.

ඇය හා සබඳකම් පැවැත්වූවන් අතර එවකට පාතාලයේ දැවැන්තයින් ලෙස සැලකූ Frank Costello, Frank Nitti, Tony Accardo and Joe Adonis හා ප්‍රකට ඝාතකයෙකු වූ Al Coponeද වුණා. ඇය හා එවකට ලාස් වේගාස්හී (Las Vegas) ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු වූ බග්සී සීගල් (Bugsy Siegel) අතර ප්‍රේම සම්බන්ධයක් ඇරඹෙන්නේ මෙවන් සමයකයි. සීගෙල් වර්ජිනියාගේ නර්තනයෙන් හා කිහිප වරක් ඇය සමග යහන්ගත වීමෙන් ඇය පිළිබදව සිහි විකල්වී සිටි අතර ඔහු හා පැමිණෙන ලෙස සීගල් ඇයට ආරාධනා කර තිබුණා. දෙවතාවක් නොසිතා සීගල් සමග ගිය වර්ජිනියාට හොද පවුල් ජීවිතයක් ලැබුනා. සීගල් ඇයට බොහෝ සෙයින් ආදරය කල අතර ඔහු එවකට ලාස් වේගාස්හී ප්‍රකට සූදූ පොලක් වූ ෆ්ලෙමින්ගෝ හෝටලය (Flemingo Hotel) ඇගේ අනුවර්ත නමින් ආරභීමට කටයුතු කළා.

සීගල්ගේ සබඳතා සමග වර්ජිනියාගේ පාතාල ක්‍රියාකරීත්වය තවත් වැඩි වුනා. සීගල්ගේ අපරාධ ක්‍රියා සදහා සහය දෙමින් ඇය විවිධ තරාතිරමේ පාතාල නායකයින් සමග එක්ව විවිධ රට වලට කලු සල්ලි රැගෙන යාම හා මත්ද්‍රව්‍ය වෙළදාමේ නිරත වුණා. වර්ජිනියා සොරා ගත් වටිනා රන් රිදී භාණ්ඩ රටින් රටටත් ඇමරිකාව තුළත් ප්‍රවාහනය කිරීමෙ ප්‍රධානම තැනැත්තිය වූවා. ඉතාමත් සුන්දර යුවතියක් වූ ඇය ඉහළ පෙලේ ධනවත් වංශවත් කාන්තාවක් ලෙස ඇඳ පැළඳ ගෙන මෙම ක්‍රියාවේ නිරත වූ බවයි වාර්තා වන්නේ. මේ නිසා ඇයව ආරක්ෂක අංශ සැක කරනු ලැබුවේ නැහැ. වර්ජිනියාගේ පාතාල ක්‍රියා සීගල් යටතේ තවත් වැඩි වූ අතර ක්‍රමයෙන් ඔවුන් දෙදෙනා අතර විරසකවීම් ඇති වීමට පටන් ගත්තා. කෙසේ නමුත් සීගල් සතු වූ මුදල් වලින් ඇමරිකානු ඩොලර් ලක්ෂ හයක මුදලක් ඇය විසින් සොරා ගත් බවට වූ සිදුවීමක් නිසා සීගල් හා ඇය අතර බහින්බස් වීමක් සිදුවී ඇය සීගල්ගේ නිවසින් පිටත්ව ගොස් තිබුනා. මේ සිදුවීමෙන් ටික කලකට පසු එනම් 1947 වසරේ ජූනි මස 20 වනදා කිසියම් පිරිසක් විසින් සීගල්ව ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඔහුගේ ඝාතනය මෙහෙයවා තිබුනේ වර්ජිනියා බවටයි එවකට කටකතා පැතිර ගොස් තිබුණා.

එවකට සිදුවූ ප්‍රකට සංවිධානාත්මක මංකොල්ලකෑම් හා අපරාධ රැසක මහ මොලකාරිය වූයේ වර්ජිනියා හිල් නම් මේ තරුණියයි. අපරාධ සැලසුම් කිරීම සදහා ඈ සතුවූ දැනුම හා හැකියාව එවකට කිසිදු පුරුෂයෙකුට පවා නොතිබූ බව මූලාශ්‍ර වාර්තා කරයි. ප්‍රකට Time සගරාව එවකට ඇයව හදුන්වා දුන්නේ “Queen of the Gangsters’ Molls” යන නමින්. අදටත් ඇය පිලිබද සටහන් තබන්නන් ඇය හඳුන්වන්නේ “Queen of the Mob” යන නමින්. ඇය සිව් වතාවක් විවාහ වූ අතර දරුවන් දෙදෙනෙකු ඇය බිහිකර තිබෙනවා. එක්සත් ජනපදයේ රාජ්‍ය බුද්ධි සේවය ඇය පිලිබද ඇස යොමු කිරීමට පටන් ගත්තේ ඇය ගත කල සුඛෝපබෝගී ජීවිතයට මුදල් කෙලෙස ලැබුනේ දැයි සෙවීමට පටන් ගැනීමෙන් අනතුරුවයි.

ඇගේ වත්කම් පිළිබද නීතිමය ගැටලු මතුවීමට පටන් ගත් විට ඇයට මුදල් ඉපැයූ ආකාරය අධිකරණය හමුවේ අභියෝගයට ලක් වුනා. ඇයව නීතියේ රැහැනට හසුවන බව දැනුනු විට ඇය සිදුකලේ රහසේ යුරෝපයට පලා යාමයි. ඇය සංවිධානාත්මක අපරාධ සදහා හවුල්වූ බව තවත් අපරාධකරුවන් පාපොච්චාරණය කර තිබූ බැවින් ඇය පිටුපස නීති අංශ ලුහුබදින්නට පටන් ගත්තා. ඔවුන් සිදුකරන ලද විමර්ෂණ වලින් ලද සාක්ෂි අධ්‍යනයෙන් පසු ඔවුන්ට වැටහී ගියේ ඇය තරම් එවකට එක්සත් ජනපදය තුළ සිදුවූ භයානක අපරාධ සදහා හවුල්වී තිබූ තවත් කාන්තාවක් ඉතිහාසය පුරාවටම සිට නොමැති බවයි. ඇය සතුව තිබූ වත්කම් ගණනයෙන් පසුව ඇය ඇමරිකනු ඩොලර් 161,000ක දඩයක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබුණා. නමුත් අධිකරණ තීන්දුව ලබාදෙන විටත් වර්ජිනියා හිල් ඔස්ට්‍රියාව (Austria) වෙත රහසේම පලාගොස් තිබුණා.

තම ජීවිතය පිලිබද අවසාන කාලයේ ඇය ඉතා පසුතැවිල්ලෙන් ගත කල බව මූලාශ්‍ර වාර්තා කර තිබෙනවා. 1966 වසරේ මාර්තු මස 24වන දින එනම් ඇයට වයස අවුරුදු 49ක් වන විට ඇගේ සිරුර ඔස්ට්‍රියාවේ Salzburg ප්‍රදේශයේ පාලමක් අබියස තිබී හමුවුණා. මරණ පරීක්ෂණයෙන් හෙලි වී තිබුනේ ඇය නිදිපෙති පානය කොට සිය දිවි නසාගෙන ඇති බවයි. මේ අයුරින් ඇමරිකානු ඉතිහාසයේ පාතාල රැජණ ලෙස විරුදාවලිය ලත් වර්ජිනියා හිල්ගේ දිවිය ඉතා අවාසනාවන්ත ලෙස අවසන් වුණා. සමාජය විසින්ම මැරවරියක් බවට පත්කල අහිංසක තරුණියකගේ ජීවිත කතාව 1974 වසරේදී Virginia Hill නමින් සිනමාවට නැගුනු අතර ඇය හා බග්සි සීගල් අතර තිබූ ප්‍රේම සම්බන්ධය අලලා නිර්මාණය වූ Bugsy සිනමාපටය 1991 දී තිරගත වුනා. එය 64 වන ඔස්කා (Academy) සම්මාන උලෙලේදී සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කල අතර හොඳම චිත්‍රපටය ඇතුලු සම්මාන 10ක් සදහා නිර්දේශ වී තිබුණා.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa