ඉපැරණි හෙළ ඔසු – 14

author
0 minutes, 26 seconds Read

බෙලි (Aegle marmelos)


Rutaceae කුලයට අයත් ශ්‍රීඵල ලෙස හඳුන්වන මෙම ශාකය නිවසට ශ්‍රියාකාන්තාවක් බඳු යැයි සැළකේ. ඉන්දියා ආසියාතික රටවල් නිජ බිම කරගනිමින් වැඩෙන මධ්‍යම ප්‍රමාණයෙන් යුතු මෙම ශාකයේ පොත්ත සුදු දුඹුරු හෝ අළු පැහැ වේ. උල් තුඩක් හා පැතලි පාදයක් සහිත ත්‍රිපත්‍රාකාරයෙන් පත්‍ර පිහිටයි. ලා කොළ-කහ පැහැති සුගන්ධවත් පුෂ්ප ද්විලිංගිකයි. දෘඪ ලෙල්ලක් සහිත ඵලය ගෝලාකාරයි. ධනයේ හා සෞභාග්‍යයේ දේවතාවිය වන ලක්ෂ්මි දේවියගේ වාසස්ථානයක් ලෙසත්, ශිව දේව පූජාවන් සඳහාත් භාවිතා කරන මෙම ශාකයට ආගමික හා සංස්කෘතික වටිනාකමක් ඇත.

එමෙන්ම දේශීය බෙලි විශේෂ රාශියක් දක්නට ලැබෙන අතර දැනට දේශීය බෙලි වර්ග ප්‍රධාන වශයෙන් ඇත් බෙලි හා බෙහෙත් බෙලි වශයෙන් හඳුන්වනු ලැබේ.

ගෙඩිවල ප්‍රමාණය, වර්ණය, හැඩය, බීජ තිබෙන ප්‍රමාණය හා ගසෙහි වර්ධන විලාශය යනාදී ලාක්ෂණික වෙනස්කම් අනුව බෙලි විශේෂ රාශියක් දක්නට ඇත.

බෙලි ශාකයේ මුල්, කොළ, ගෙඩි, මල්, පොතු සහ ඇට යන සියලු කොටස් ඖෂධ සඳහා භාවිතයට ගැනේ. ලංකාව තුළ බෙලි මල් පානය ඉතා ප්‍රසිද්ධ අතර එමඟින් සිරුර සිසිල් කරවා පිපාසය සංසිඳුවයි.ඉදුණු බෙලිවල ප්‍රෝටීන් බහුලය. විටමින් A,B සහ C වලින් පොහොසත්‍ය. බෙලි බීජවල 62% ප්‍රෝටීන්ද 32% මේදයද ඇති බැව් පෙන්වා දී ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ දශමුල, මහපස්මුල වැනි ඖෂධ සංයෝගයන්හි ප්‍රධාන වන මෙම ශාකය අමු හා ඉදුණු අවස්ථා අනුව විවිධ ගුණ පෙන්වයි. අමු බෙලි මදක් ඌෂ්ණ ගුණයෙන් යුක්ත වන අතර වාත කඵ සමනය කරයි. අන්ත්‍ර ශක්තිමත් කරයි. ආමවාත, හෘදරෝග වලට ගුණදායක වන අතර මළ කැටි කරවයි. ඉදුණු බෙලි මද මලබද්ධය නැති කරයි. ශරීර ශක්තිය වඩවයි. හෘදරෝග සඳහා ගුණදායකයි.

2023 වසරේ Phytochemical and biological review of Aegle marmelos Linn පර්යේෂණ පත්‍රිකාවෙහි සඳහන් පරිදි අජීර්ණහර, ක්ෂුද්‍රජීවීනාශක, වෛරස නාශන, පිළිකා මර්දන, රසායනිකයන්ගෙන් ආරක්ෂණ, ජ්වරනාශන, ව්‍රණනාශන, මූත්‍රල, මැලේරියා නාශක, දියවැඩියා යාමන, ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිප්‍රදාහාත්මක හැකියාවන් ඇති බව දක්වා ඇත. ශුක්‍රාණු වල චාලක හැකියාව අඩු කිරීම තුළින් ගැබ් ගැනීම වළක්වාලීමේ හැකියාවක් ද මෙහි අඩංගු රසායනික සංයෝගයන්හි දක්නට ඇත.

2012, A review on Aegle marmelos: a potential medicinal tree, පර්යේෂණය අනුව ප්‍රතිහිස්ටමිනීය හැකියාව, අක්මා ආරක්ෂක, වේදනානාශක, හෘද් උත්තේජක, හෘත් අකර්මණ්‍ය තත්වයන්ගෙන් ආරක්ෂා කිරීමේ හැකියාව, ප්‍රතිශක්තිමූර්ඡක, ආතතිය හා විෂාදය වැනි මානසික තත්ත්ව පාලනය කිරීමේ හැකියාව, තුවාල සුව කිරීමේ හැකියාව පිළිබඳව දක්වා ඇත.

උපදෙස් –

ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa