Handloom කර්මාන්තය අප රට තුළ ඉපැරණි පේෂ කර්මාන්තය ආශ්‍රිතව ඈදුණු කර්මාන්තකි. මේවා ඉතාමත් ප්‍රසිද්ධවී ඇත්තේ විදේශීය වෙළඳ පොළෙහිය. විවිධ මෝස්තර,වර්ණාවලියක් සහ දේශීය තාක්ෂණය යොදා පාරම්පරිකව පැවතගෙන ආ ගෘහස්ථ කර්මාන්තයක් ලෙසටද හැදින් වේ.මෙම කර්මාන්තයෙන් කපු සහ සිල්ක් යන අමුද්‍රව්‍ය යොදා විවිධ වූ භාණ්ඩ නිෂ්පාදනය වේ.
Handloom කර්මාන්තය තුළ දක්නට ඇති ප්‍රධාන ආර්ථික වාසියක් ලෙස අපනයනය කිරීමේදී මහ පරිමාණ, සුළු පරිමාණ, කේවළ හෝ තනි නිෂ්පාදන අවශ්‍යතාවය අනූව නිපදවා ගැනීමේ හැකියාව තුළ අවශ්‍ය වෙළපොළ ට ප්‍රවිෂ්ට වීමට හැකියාව සහ ශක්‍යතාවය අපට ඇති වාසියකි.
තවදුරටත් රට තුළ දැනටමත් ඇති අමුද්‍රව්‍ය භාවිතා කර අලුත් නිශ්පාදන නිපදවා රටේ මූල්‍ය ශක්තිය වර්ධනය කර ගැනීමට ඇති අවකාශය සහ අත් යන්ත්‍ර රෙදි කර්මාන්තය ගැන තවදුරටත් සොයා බැලීමට මෙයින් උත්සාහයක් දරා ඇත. මධ්‍යම පළාත, නුවර ආශ්‍රිත ප්‍රදේශ වලද, දකුණු පලාත ආශ්‍රිතවද මෙම කර්මාන්තය ප්‍රචලිත වී ඇත.
Handloom Industry නැතහොත් අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය දකුණු පලාත තුල නමක් දිනා ඇති Sooriya Weaving Mills කර්මාන්ත ශාලාවේ හිමිකරු සහ ප්‍රධාන විධායක චන්දන සූරියආරච්චි මහතා සමග Colombo Journal යෙදුනු සාකච්ඡාව පහතින් දක්වා ඇත.

අත් යන්ත්‍ර රෙදි කර්මාන්තය ගැන හැදින්වීමක් කරන්න.
අත් යන්ත්‍ර කර්මාන්තය යනු සම්පූර්ණයෙන්ම කපු නූල් වර්ණ ගන්වා ඒවා රෙදි බවට නිශ්පාදනය කිරීමේ ක්‍රියාවලිය දෑතින් සහ අත් යන්ත්‍ර භාවිතා කරමින් සිදුවන නිශ්පාදන ක්‍රියාවලිය අත් යන්ත්‍ර (Handloom) කර්මාන්තය ලෙස හැදින්වේ. අත් යන්ත්‍ර කර්මාන්තය ඉතාමත් පැරණි රෙදි විවීමේ තාක්ෂණ ක්‍රමයකි.අත් යන්ත්‍ර රෙදි විවීම සන්ස්කෘතිය සමග මුසු වූ අපේ රටට ආවේනික කලා ශිල්පය කි. අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය නිසා අප රට තුල සහ විදේශීය වෙළඳ පොළ තුල අලුත් සන්ස්කෘතියක් නිර්මාණය වෙමින් පවති. මෙම නිශ්පාදන ප්‍රචලිත විලාසිතා ප්‍රවනතාවක් (Fashion Trend) බවටද පත්ව ඇත.

ඔබ අත් යන්ත්‍ර රෙදි කර්මාන්තයට යොමු වීමට හේතුව කුමක්ද?
මුල් කාලීනව රටේ තිබුණු ආර්ථික පසුපසුබිම තුළ අත් යන්ත්‍ර cottage industry එකක් විදියට ආරම්භ වීම සහ වෙළද පොළට පිවිසීම ඉතාමත් පහසු වී ඇත. මගේ දෙමව්පියන් විසින් මෙම කර්මාන්ත ශාලාව ප්‍රාථමිකව ආරම්භ කර ගාල්ල මුල්කරගෙන ගැමි ප්‍රජාව නිශ්පාදන ක්‍රියා වලියේ දායකත්වයට යොදා ගනිමින් පටන් ගත් කර්මාන්තයක් නිසා මටත් මෙම කර්මාන්ත ක්ශේස්ත්‍රයට යොමු වීමට සිදුවිය.මුල්කාලීනව චීන සහ ඉන්දියානු ආදේශක නොතිබීම මගේ දෙමව්පියන්ට සහ අනෙකුත් කර්මාන්ත කරුවන්ට වාසියක්ව තිබී ඇත.
අත් යන්ත්‍ර රෙදි කර්මාන්තයට සහ ඔබගේ දෙමව්පියන් ගොඩ නැගූ කර්මාන්තශාලාවට ඔබ විසින් අත් පත් කර දී ඇති දායකත්වය සහ ඔබගේ කාර්‍යභාර්‍ය කුමක්ද?
මම මෙම ක්ශේස්ත්‍රයට පැමිණිමට කලින් කොළඹ අගනුවර ප්‍රධාන පෙලේ ආයතනයවල මගේ සේවය සැපයූවා.ඒ තුලින් මම බොහෝ දේ ඉගෙන ගනිමින් හොද අත්දැකීම් ලබා ගත්තෙමි. ඒ අතර තුර මම මගේ අධ්‍යාපන කටයුතුවලද නියැලුනෙමි. මම වර්තමානය වනවිට පූර්ණ කාලීනව කර්මාන්ත ශාලාව මෙහෙයවමින් අලුත් අදහස් ඉදිරිපත් කරමින් මෙම කර්මාන්ත ශාලාවේ සියලුම මෙහෙයුම් කටයුතුවල යෙදෙමින් මගේ ප්‍රධාන අරමුණ ලෙස විදේශීය වෙළඳ පොළ තුල වෙනසක් අත්පත් කර ගැනීමටත් නිශ්පාදන අපනයනය (export) කිරීම තුලින් රටට විදේශීය විනිමයක් ලබා දීමටත්, විදේශීය ආයෝජන අත් පත් කර ගැනීමටත් නිශ්පාදන විදේශීය ඉල්ලුමට සරිලන ආකාරයට හොඳ තත්ත්වයකින් සැපයුමක් දීමටත් මගේ දායකත්වය ලබා දෙමින් සිටිමි.
අත් යන්ත්‍ර රෙදි නිශ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නේ නව තාක්ෂණය ද නැතහොත් පැරණි තාක්ෂණය ද?
පිළිතුර: රෙදි විවීම සදහා නව තාක්ෂණයට යොමු වීම හොද අදහසක්. නමුත් තාක්ෂණික වෙනස් කම් නිසා ඒවා තුලින් අප රට තුළ මුල් බැස ගත් අත් යන්ත්‍ර තාක්ෂණය ගිලිහී යාමට ඉඩ තිබේ. අත් යන්ත්‍ර යනු ඉතාමත් පැරණි සන්ස්කෘතිකව මුල් බැසගත් රෙදි විවීමේ කලාවක්. පැරණි ක්‍රම රැක ගැනීමත් සමග අලුත් තාක්ෂණය අත් හදා බැලිය යුතුයි.
ප්‍රශ්නය: අත් යන්ත්‍ර රෙදි නිශ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගන්නේ කෙසේ?
පිලිතුර: කපු නූල් පාකිස්තානය,ඉන්දියාව සහ චීනය යන රටවල් වලින් ආනයනය කර වර්ණ ගන්වා අවශ්‍යතාවයට අනූව යොදා ගන්නෙමු.


අත් යන්ත්‍ර රෙදි කර්මාන්තයට අදාළ නිශ්පාදන සදහා ඇති ඉල්ලුම සහ වෙළෙපොල කුමක්ද?
අත් යන්ත්‍ර නිශ්පාදනවලට දේශීය සහ විදේශීය ඉල්ලුමක් තිබේ. නිශ්පාදනවල මිල ගණන් සැසදීමේදී සහ නියම කිරීමේදී දේශීය වෙළෙඳ පොළෙහි ගැටලුවක් තිබුනත් විදේශීය වෙළඳ පොළ මිලෙහි සහ ඉල්ලුමට ගැලපෙන සැපයුම හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යා හැකිය.
අත් යන්ත්‍ර රෙදි කර්මාන්තය ප්‍රචලිත කිරීමට ඔබට ඇති යෝජනා මොනවාද?
අත් යන්ත්‍ර රෙදි නිපදවීම වෙනස් ම කර්මාන්තයකි. අපට ඇති විදේශීය ඉල්ලුම ගැන සලකා බලා විදේශීය වෙළඳ පොලට සරිලන ආකාරයට,රුචිකත්වයට සහ අවශ්‍යතාවය අනූව අපි නිශ්පාදන ඉදිරිපත් කල යුතුය. අත් යන්ත්‍ර කර්මාන්තය ලන්කාව තුළ ගිලිහීමකට ලක්ව ඇති දේශීය කර්මාන්තයකි. නිශ්පාදන ප්‍රචලිත කිරීමට වෙනස් කම් කල යුතුයි.නව අදහස් (Innovations) ඉදිරිපත් කල යුතුයි. සාමාන්‍ය කපු රෙදි වලට වඩා වෙනස් දෙයක් සමග එකතු කර ඉදිරිපත් කළොත් අත් යන්ත්‍ර කර්මාන්තයට ඉතාමත් හොඳ තැනක් අත්පත් කරගත හැකිය.

අත් යන්ත්‍ර රෙදි කර්මාන්තයට ඇති බාධා මොනවාද?
අපට ඇති බාධා ලෙසට පුහුණු ශ්‍රමයේ හිගය, තරුණ පරපුරට මෙම කර්මාන්තයට ඇතුලු වීමට ඇති අකමැත්ත, සහ අපගේ ප්‍රධාන අමුද්‍රව්‍ය විදේශීය රටවලින් ආනයනය කිරීමට සිදු වී තිබීම ඉතාමත් ගැටලු සහගතයි.
අත් යන්ත්‍ර කර්මාන්තය පුළුල් ක්‍රමවේදයක් යොදා ගනිමින් විදේශීය වෙළඳ පොලට යොමු කිරීමට මග පාදා ගතගතහොත් අපේ රටේ අත් යන්ත්‍ර කර්මාන්ත ක්ශේස්ත්‍රයට හොඳ තැනක් අත්පත් කරගත හැක. තවදුරටත් රට තුළ ඇති අමුද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදන නිපදවා අපනයනය කෙරෙහි යොමු වීම ඉතාමත් අත්‍යවශ්‍ය කාලීන අවශ්‍යතාවයකි. අපනයනය තුලින් මෙම ක්ශේස්ත්‍රය තුල Handloom කර්මාන්තයේ අනාගතය සාක්ෂාත් කර ගත හැක

Interviewed by Surani Fernando
