ඉපැරණි හෙළ ඔසු – 03

author
0 minutes, 27 seconds Read

මස්බැද්ද (Gymnema sylvestre)

Apocynaseae කුලයට අයත් මෙය ආධාරකයක් මත කාෂ්ඨීය වැලක් ලෙස වර්ධනය වන බූව සහිත ශාකයකි. ප්‍රාදේශීයව මස්බැද්ද ලෙස හඳුන්වන ශාක කිහිපයක්ම පවතින අතර මෙම ශාකය ඔසු පිණිස භාවිතා කරයි.

මස්  බැද්ද වරා කුලයට ඖෂධීය වැල් විශේෂයක් වන අතර ආධාරකය මත එතෙමින් වර්ධනය වේ. මෙම ශාකයේ පත්‍රවලට යටින් කුඩා ඡත්‍රකාර ලා කහ පැහැති මල් පොකුරු හටගනියි.

හදිසියකදී මාංශ පේශී ඉරීයාමට ලක් වූ විටෙක නැවත මාංශපේෂි වර්ධනය කරගැනීම සඳහා මෙම ශාඛීය වැල් විශේෂය ඖෂධයක් ලෙස යොදාගෙන ඇති අතර මේ නිසා මෙම වැල් විශේෂය මස් බැද්ද යන නාමයෙන් හඳුන්වා තිබේ. එමෙන්ම ඈත අතීතයේ සිටම මෙහි ශක්තිමත් කාෂ්ඨිය වැල් දඩයක්කරුවන් විසින් දඩයම් කරන ලද මස් කුට්ටි මෙහි ශක්තිමත් කාෂ්ඨිය වැල් බැඳ ගෙන යාමට භාවිතා කළ නිසාවෙන් මෙම ශාකය ‘මස්බැද්ද’ යනුවෙන් ව්‍යවහාර වූ බව සැළකෙයි.

මස්බැද්ද කොල සපා කෑ විට දිවෙහි රසඥතාව වෙනස් වන අතර පැනි රස දැනීම අඩු වේ. එම පුද්ගලයාගේ සාමාන්‍ය රසංග්න්‍යතාවය ලැබීමට පැය 12ක පමන කාලයක් යන බවට සදහන් වේ.. ඉහත කී ගුණය මෙම මස්බැද්ද ශාක පත්‍ර වලට පමනක් සීමා වන පැවසේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ දියවැඩියාව, මැලේරියාව, ප්‍රතිශ්‍යාව, ඇදුම, අක්මා රෝග, මූත්‍ර රෝග, හෘද් දෞර්බල්‍ය, ඉදිමුම්, සන්ධි රෝග, මලබද්ධය, රක්තහීනතාව, අජීර්ණ, ගල්තැලුම් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන මෙම ශාකය දේශීය වෙදකම තුළ කැඩුම් බිඳුම්, ගෙඩිවණ, සර්පවිෂ යනාදී ප්‍රතිකාර පද්ධති වල ද දක්නට ලැබේ.

Phytochemical and Pharmacological Properties of Gymnema sylvestre: An Important Medicinal Plant, 2014 ප්‍රකාශිත පර්‍යේෂණය පත්‍රිකාවෙහි දක්වා ඇති පරිදි මෙම ශාකය දියවැඩියා මර්දන, මූත්‍රකාරක, රුධිර ගත කොලෙස්ටරෝල් යාමන, ප්‍රතිප්‍රදාහාත්මක, සිරුරේ බර පාලනය කිරීම වැනි හැකියාවන්ගෙන් යුක්තය.

Recent Updates in Research on Gymnema sylvestre, 2021 පර්යේෂණයේ දී මෙම ශාකය සතු රක්තානු ආරක්ෂක ගුණය, බැක්ටීරිය විනාශ කිරීමේ හැකියාව හා පිළිකා මර්දන හැකියාව දක්වයි. මෙය අග්න්‍යාෂයේ ලැන්ගහැන් බීටා සෛල උත්තේජනය කරන බැවින් දියවැඩියා රෝගයේ Type 2 Diabetes Mellitus තත්වය සඳහා බලාපොරොත්තු තබා ගත හැකි ඖෂධයක් ලෙස මෙම පර්යේෂණයෙහි දක්වා ඇත.

Comprehensive Review on Phytochemicals, Pharmacological and Clinical Potentials of Gymnema sylvestre, 2019 පර්යේෂණ පත්‍රිකාවෙහි මෙම ශාකයේ පවතින gurmarin, gymnemic acid හා gymnemasaponins යන රසායනිකයන් මඟින් මෙයට ප්‍රතිජීවක, ප්‍රතිඔක්සිකාරක, වෛරසනාශක, අන්ත්‍ර හා අක්මා ආරක්ෂක වැනි හැකියාවන් පවතින බව දක්වා ඇත.

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa