උසස් පෙළ විභාගය සිදුකළ දරුවෙකුට උසස් පෙළ සාමාර්ථයන් නොමැතිව යම් වෘත්තීය පාඨමාලාවකට යොමු වීමට අවශ්‍ය නම් උසස් පෙළ සාමාර්ථයන් නැහැ කියන එක ගැටළුවක් නොවන විදියට තමයි ජාතික අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිර්නායකයන් අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට වෘත්තීය අධ්‍යාපන (NVQ) ක්‍රමවේදය සකස් කර තිබෙන්නේ. ඒ අනුව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව 2005 දී හඳුන්වා දෙන ලදී.

එසේම උසස් පෙළ සාමාර්ථයන් සමගින් යම් පාඨමාලාවකට යොමුවීමට දරුවෙකුට අවශ්‍ය නම් ඒ සඳහා Sri Lanka qualification framework රාමුවෙහි සදහන් අදියරයන් ඔස්සේ පාඨමාලා හැදෑරීම සිදු කළ හැකිය.
මෙහිදී යම් පාඨමාලාවක් සිදුකරනවා නම් Sri Lanka qualification framework හි සඳහන් පරිදි අදාළ අදියරයට ගැලපෙන සුදුසුකම් ඔබ විසින් සපුරා තිබිය යුතුයි. විශේෂයෙන්ම ලංකාව තුළ උපාධියක් හදාරනවා නම් අවම සුදුසුකම වශයෙන් උසස් පෙළ සාමාර්ථයක් හෝ ඒ හා සමාන සුදුසුකමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි.
ලාංකීය අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඇති ප්‍රධාන අදියර අතරින් එකක් වන තෘතීක අධ්‍යාපනයේ ප්‍රධාන කොටස් දෙක වන්නේ වෘත්තිය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනයයි.
උසස් අධ්‍යාපනය නියාමනය කිරීම සඳහා අතීතයේ දී පැවැතියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවයි (UGC). අතීතයේදී ලංකාවේ පැවතියේ රජයේ විශ්වවිද්‍යාල පමණි. පසුකාලීනව 1978 දී බිහි වූ අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතින් තමයි දැනට ලංකා විශ්ව විද්‍යාල පෞද්ගලික සහ රජයේ විශ්ව විද්‍යාල උපාධි දීමේ බලය පිළිබඳ පැහැදිලි කොට තිබෙන්නේ.
ඒ පනතට අනුව රජයේ විශ්ව විද්‍යාල විතරක් තියෙන කාලයේ සියලු විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් නියාමනය කළ ද පසුව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට ලංකාවේ උසස් පෙළ විභාගයෙන් පසුව සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාලයට ඇතුලත් කර ගැනීමට පහසුකම් ලබා දිය නොහැකි නිසා රජයෙන් පෞද්ගලික අංශයට විශ්වවිද්‍යාල ලබා දිය හැකි ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න අවශ්‍ය වුණා . එතනදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තමයි ලංකාවේ උපාධි නියාමනය කරන්නේ කියන එක වෙනස් කිරීමේ අවශ්‍යතාවය මත අධ්‍යාපන අමාත්‍යවරයා නිසි බලධාරියා විදියට පත්කරලා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය කිරීමත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගත්තා.
අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල ලෙස පිහිටුවා ඇති කොළඹ, කැලණිය, රජරට, අග්නිදිග යන සෑම විශ්වවිද්‍යාලයක්ම නියාමනය වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙනි. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට අදාළ නොවන සහ නියාමනය නොවන රාජ්‍ය විශ්ව විද්‍යාලය ද ලංකාව තුළ තිබෙනවා. උදාහරණයක් වශයෙන් කොතලාවල විශ්ව විද්‍යාලය, ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, රත්මලාන වෘත්තිය හා තාක්ෂණ විශ්ව විද්‍යාලය යනාදි වශයෙන්. මෙවැනි විශ්වවිද්‍යාල නියාමනය වෙන්නේ වෙනම අමාත්‍යාංශයක් යටතේ. හැබැයි මේ සියලුම දේ අධීක්ෂණය සහ නියාමනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරලා තියෙනවා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා අංශයක්. එයින් දැනට ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වලට අවශ්‍ය නියාමන ක්‍රමවේදයක් සකසා තියෙනවා. දැනට ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල 20 කට අධික ප්‍රමාණයක් තිබෙනවා. එම විශ්වවිද්‍යාලත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගන්නා ලබන විශ්වවිද්‍යාල බව සඳහන් කළ යුතු යි.
කෙසේවෙතත් යම් දරුවකුට පාඨමාලාවක් සිදු කිරීමේදී විශ්ව විද්‍යාලයේ පිළිගැනීම සහතික කර ගැනීමට නම් සිදු කළ හැක්කේ අදාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හෝ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වල අනුමත උපාධි මොනවාද ? ආයතන මොනවද? රාජ්‍ය විශ්ව විද්‍යාල මොනවද? කියන එක. ඒ අනුව ඔබට තීරණය කළ හැකියි ඔබ තෝරාගත් විශ්ව විද්‍යාලය පිළිගන්නා විශ්ව විද්‍යාලයක් ද නැද්ද කියන වග.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හැරුණු කොට ගෙන Tertiary & Vocational Education Commission (TVEC) නමින් රජයෙන් පත්කරන ලද විශේෂ කොමිසන් සභාවක් පිහිටුවා තිබෙනවා. මෙයින් නියාමනය වන්නේ වෘත්තීය පාඨමාලා. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවූ (NVQ) පාඨමාලා සියලු දෙයක්ම නියාමනය වන්නේ TVEC කියන ආයතනය මගින්. තෘතීක අධ්‍යාපනයේ එක් කොටසක් ලෙස සැලකෙන වෘත්තීය අධ්‍යාපනය සදහා නියාමනයට පිහිටුවන ලද ආයතනය තමයි TVEC යන නමින් හඳුන්වා දී තිබෙන්නේ.
මෙම ආයතනය මගින් ද ඒ වෘත්තීය මට්ටම් වලට අදාළව පාඨමාලා හදුන්වා දී තිබෙනවා. මෙම අදියරයන් sri lanka qualification framework හි සඳහන් අදියරයන්ට අනුව සකස් කර තිබේ. උදාහරණයක් වශයෙන් SLQF ට අනුව උසස් පෙළ SLQF 02 අයත් වන අතර NVQ ට අනුව උසස් පෙළ අයත් වන්නේ NVQ 04 අදියරයටයි. NVQ 04 සම්පූර්ණ කළ අයකුට උපාධියේ පළමු වසරට ලියාපදිංචි වන්නට පුළුවනි. හැබැයි දැනට මෙම ආයතන දෙක අතර තියෙනවා යම් කඹ ඇදිල්ලක්. ඒ නිසා මෙම ක්‍රියා පටිපාටිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රජය මඟින් ප්‍රකාශ කරන ලද ලියකියවිලිවල NVQ සහ SLQF අදියර සමාන කරලා තියනවා උසස් පෙළ සමානයි NVQ 04 කියලා. හැබැයි ඒක ඒ විදියට ක්‍රියාත්මක කරන්න ගියාම රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත උපාධි ආයතන වල දී උසස් පෙළ නැති දරුවෙකුව උපාධි පාඨමාලාවේ පළමු වසරට බදවා ගන්නෙ නැහැ. ලියකියවිලිවලට අනුව උසස් පෙළ නැතත් NVQ 04 තිබුනොත් උපාධි සඳහා බඳවා ගන්න පුළුවන්. මෙතැන තියෙනවා ප්‍රායෝගික ගැටලුවක්. එය මේ නිලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා සිදුවන දෙයක් ලෙස සදහන් කල හැකිය. එමගින් මෙරට දරුවන් බොහෝ දෙනකුට විශාල අසාධාරණයක් සිදු වෙනවා.
උසස් පෙළ දී බොහෝ වෙලාවට බලන්නේ දරුවා තුළ තිබෙන න්‍යායාත්මක දැනුම. නමුත් ප්‍රායෝගික කටයුතු වලටත් දක්ෂතා දක්වන බොහෝ පිරිස් ඉන්නට පුළුවනි. උදාහරණයක් වශයෙන් තොරතුරු තාක්ෂණය, තාක්ෂණවේදය වැනි පාඨමාලා වල දී බොහෝ වෙලාවට ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා තමයි අධ්‍යයන කටයුතු සිදු කෙරෙන්නේ. උසස් පෙළට chemistry හෝ physics යනාදී විෂයන් සිදුකළ දරුවකු උසස් පෙළ අසමත් වුවත් වෙනයම් හෝ උපාධියක් සිදු කරන්න අවසර දෙන්න බැහැ කියන පදනම වැරදියි කියලා තැන ඉදලා තමයි NVQ 04 වෙතින් දරුවන්ට උපාධි පාඨමාලාවට පිවිසෙන්න අවස්ථාව ලබා දීමට NVQ ක්‍රමවේදයේ සකසා තිබෙන්නේ. නමුත් සාම්ප්‍රදායික ක්‍රමය ඇතුළු සිරවෙලා සිටින යම් යම් නිලධාරීන් මෙම ක්‍රමවේදයේ දරුවන්ගේ ඉදිරි ගමනට බාධාවක් ඇති වෙන විදියට අවහිර කරනවා කියලා යම්කිසි මතයක් මතයක් සමාජය තුළ තියෙනවා.
NVQ ක්‍රමවේදය තුළින් අපි සලකා බැලුවොත් යන්න පුළුවන් ඉහළම සුදුසුකම තමයි NVQ 07 .ඒ සුදුසුකම සමාන වෙනවා SLQF 05 වලට. ඒ කියන්නේ සාමාන්‍ය උපාධියක්. අවුරුදු තුනක උපාධියක් විතරයි ළමයෙකුට ගන්න පුළුවන් සාමාන්‍ය NVQ ක්‍රමවේදයට අනුව.
රත්මලාන UNIVOTEC (The University of Vocational Technology) නම් රජය මගින් පිහිටුවා ඇති විශ්වවිද්‍යාලයක්.එම විශ්වවිද්‍යාලය නියාමනය වන්නේ නිපුණතා අමාත්‍යාංශය යටතේ. මෙම අමාත්‍යාංශය මගින් මෙම විශ්වවිද්‍යාලය සෘජුව නියාමනය වන නිසා අවුරුදු තුනේ විශේෂ උපාධිය පමණයි ලබා දීම සිදු කරන්නේ. අවුරුදු හතරේ විශේෂ ගෞරව උපාධිය ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙම ආයතනයට විශ්ව විද්‍යාල කොමිසන් සභාවෙන් බලය ලබා දීලා නැහැ. ඊට හේතුව උසස් පෙළ සාමාර්ථයන් නොමැති දරුවන් උපාධි අවසන් කිරීම යන පදනම නිසා.
එසේනම් කවුරුන් හෝ කෙනෙකු උසස් පෙළ අසමත් වුවත් කුමක්ද කල හැකි පාඨමාලාව ? යන්න පිළිබඳව විමසුවොත් ඒ සඳහා දිය හැකි පිළිතුර වන්නේ NVQ ක්‍රමවේදයයි . NVQ ක්‍රමවේදයේ යා හැකි උපරිම සීමාව වන්නේ NVQ 07 යන අදියරයි. එනම් අවුරුදු තුනේ සාමාන්‍ය උපාධිය යි.
මේ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට යෑමට අදාල බලධාරීන් විසින් යම්කිසි සාකච්ඡාවක් සිදු කොට යම් ක්‍රමවේදයක් සාදයි කියලා අපි විශ්වාස කරනවා. මොකද උසස් පෙළ අසමත් කියන්නේ ඒ ළමයා අදක්ෂ ළමයෙක් නොවෙයි. උසස් පෙළ නැතුව NVQ හරහා ගිහිල්ලා ආචාර්ය උපාධි පවා ලබපු පිරිස් ලංකාවේ ඉන්නවා. ලෝකයේ අනෙකුත් රටවල් වලත් උසස් පෙළ අසමත් වුවත් යම් යම් අධ්‍යයන ක්‍රමවේද තියෙනවා උපාධි ලබා ගැනීමට. නමුත් අපේ රටේ ඒ මට්ටමට යෑම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් යම් පුද්ගලයන්ගේ මනස විවෘත නැති ගැටලුවක් තියෙනවා.
ඉදිරියේ දී රජය බලාපොරොත්තු වෙනවා quality assurance unit එකක් පිහිටුවලා ලංකාවේ රජයේ සහ රාජ්‍ය නොවන සියලුම විශ්ව විද්‍යාලවල පාඨමාලා එකතැනකින් නියාමනය වෙලා ඒක ප්‍රමිතිකරණය කරන්න.
ප්‍රමිතිය කියන එක මනින්නේ, රජයේ විශ්ව විද්‍යාලයක් නම් හොඳයි නැත්නම් ඒක හොඳ නෑ කියන මතයෙන් නොවෙයි. සාමාන්‍යයෙන් ප්‍රමිතිය මනින්න බොහෝ කරුණු කාරණා අපි බලනවා. මූලිකවම පාඨමාලා අන්තර්ගතය, ප්‍රායෝගික අධ්‍යයනය, ක්ෂේත්‍ර දැනුම දෙනවාද, කොපමණ පිරිසක් ස්වාධීන අධ්‍යයනයේ යෙදෙනවද යනාදී කරුණු කාරණා ගොඩක් එකතු කරගෙන තමයි යම් පාඨමාලාවක හෝ උපාධියක විෂය නිරදේශය සැකසුම් කරන්නෙ. විෂය නිර්දේශය සකසන්න අධ්‍යාපනය තුළ වෙනමම ක්‍රමවේදයන් තියෙනවා. ලංකාවේ විෂය නිර්දේශය සකසන්නේ KSAM මොඩුයලය හරහා. එතනදී දැනුම කියන එක සාධකයක් විතරයි. දැනුම, ප්‍රායෝගික කුසලතා සිතුවිලි, ආකල්ප ,හැකියාවන්, හැදියාවන් ඇවතුම් සහ පැවතුම් ඊට අමතරව සිතීමේ රටාව සහ දරුවා කොපමණ මානසික දියුණුවකින් මේ දෙස බලනවද, විෂය ගැන තියන අවබෝධය යනාදී වශයෙන් බොහෝ දේවල් එක්ක තමයි ඕනෑම විෂයක දැනුම දරුවන්ට අපි ලබා දෙන්නේ.
එසේනම් ඊළග ලිපියෙන් අපි සූදානම් වන්නේ දරුවකුට ගැලපෙන සහ සුදුසු පාඨමාලාව, හෝ අධ්‍යාපන ආයතනය තෝරගන්නේ කොහොමද සහ එහිදී සැලකිලි මත් විය යුතු කරුණු මොනවාද? යන්න පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කිරීමටයි.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
