ගෙවත්තෙන් ඉතාමත් පහසුවෙන් සොයාගත හැකි ආයුර්වේදයේ දී බොහෝ ඖෂධ සෑදීමට යොදා ගන්නා ඔසු පැළයක් ලෙස කීකිරිඳිය හඳුන්වා දිය හැකිය.

තෙතමනය සහිත ස්ථාන වල බහුල ලෙසට වැවෙන මෙම ශාකය නිල්, කහ, සුදු ආදී මල්වල පැහැය අනුව වර්ග තුනකි.
ආයුර්වේදයේදී සදහන් වන ආකාරයට මෙම වර්ග තුනෙහිම ගුණ එක සමාන වේ. එහෙත් නිල් කීකිරිඳිය ශාකය රසායනික ගුණයෙන් වැඩි බව ඉසිවර මතයයි. එසේම කීකිරිඳිය අමු යුෂ කළු පැහැතිය.
අකලට හිසකෙස් පැසීම, හිසකෙස් කැඩීම, හිසකෙස් වර්ධනය නොවීම, හිසකෙස් වල වියලි බව සමනය කර හිසකෙස් වර්ධනය කර ගැනීම ඉතාමත් ගුණදායි කීකිරිදිය තෛලය මෙලෙස සකසා ගනිමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
- කීකිරිඳිය කුඩු
- පිරිසුදු පොල් තෙල්
- සාදාගන්නා ආකාරය
කීකිරිඳිය මුළු ශාකයම හොඳින් සෝදා ගන්න. ඉන්පසු මද පවනේ වේලා හොඳින් කුඩු කර ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ගෙන මැටි බදුනකට දමා ගන්න. එයට කුඩුකරගත් කීකිරිඳිය චූර්ණය එක් කර මදගින්නේ විනාඩි දහයක් පමණ නිවෙන්නට හැර පෙරා බෝතලයක අසුරා ගන්න.
ස්නානයට පෙර එම තෙල් හිසකෙස් මත ගල්වා හොඳින් සම්බාහනය කරන්න. එමගින් හිසකෙස් වර්ධනය වේ. සතියකට දින තුනක්වත් එක දිගට මාසයක් පමණ භාවිත කිරීමෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය.
ඊට අමතරව කීකිරිදිය ශාකය කොටා එම යුෂ හිසකෙස් මත ආලේප කිරීම මඟින් ද අකලට හිසකෙස් පැසීම, හිසකෙස් කැඩීම, හිසකෙස් වර්ධනය නොවීම, වියළි බව සමනය කරගැනීමට පුලුවන්ය.
ඉහත අයුරින් සකසා ගත් කීකිරිඳිය චූර්ණය තේ මෙන් වත්කර පානය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය නිසා හටගන්නා බඩ දැවිල්ල වැනි සංකූලතා වළක්වා ගත හැකිය.
එසේම කීකිරිඳිය යුෂ හා තල තෙල් මිශ්‍ර කර ආලේප කිරීමෙන් කුෂ්ඨ රෝග සහ දියමැටියන් කෑමෙන් ඇති වූ තුවාල සුව කරගත හැකිය. තවද කීකිරිඳිය කොළ අඹරා කොහොඹ තෙල් සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් සමෙහි ඇතිවන දද කුෂ්ඨ කැසීම, බිබිලි ආදිය සුව කරගැනීමට පුලුවන්ය.
කිරිඳිය යුෂ ජලය සමඟ මිශ්‍ර කර උදෑසන පානය කිරීම මගින් බොහෝ දෙනෙකුට ඇතිවන මුත්‍රා දැවිල්ල ඉතාමත් ඉක්මනින් සමනය කරගත හැකිය.
තවද හොඳින් සෝදා මද පවනේ වේලා ගත් කීකිරිඳිය චූර්ණය බාර්ලි වතුර හෝ තැඹිලි වතුර සමඟ මිශ්‍රකර පානය කිරීම මගින් අම්ල පිත්ත රෝගය සහ කෑම අරුචිය නැති කර ගැනීමට ඉතාමත් ගුණදායකය. එසේම මෙම චූර්ණය බටර් සමඟ ද මිශ්‍රකර පානය කිරීම මගින් ඉහත රෝග පාලනය කර ගැනීමට හැකි බව සදහන් කළ හැකිය.
කීකිරිදිය මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
- කීකිරිදිය කොළ මිටක්
- රතුලූනු
- පොල්
- අමුමිරිස් කරලක්
සාදාගන්නා ආකාරය
ළූණු සිහින්ව ලියාගත් පසු එයට කීකිරිදිය රතුළූනු අමු මිරිස් කහ පොල් අවශ්‍ය පමණට ලුණු මිශ්‍ර කර මදගින්නේ මලවා ගෙන ආහාරයට එක්කරගන්න. එසේ සකස් කරගත් මැල්ලුම පාණ්ඩුව රෝගීන්ට (ලේ හිඟතාවයෙන්) පෙළෙන්නන්ට ආහාරයට ලබාදීම ඉතාමත් සුදුසු බව ආයුර්වේදයේ සඳහන් වේ.
එසේ නොමැතිනම් කීකිරිදිය, සුදුළූණු, කොත්තමල්ලි සම ප්‍රමාණයෙන් ගෙන හොඳින් සෝදා පසුව තම්බා නිවා පානය කරන්න කොටාගත් කීකිරිඳිය යුෂ පිසගත් තෝරා හෝ පරා මාළු සමග මිශ්‍රකර හෝ තම්බාගත් බිත්තර සමඟ මිශ්‍රකර ආහාරයට එක්කර ගැනීම මාන්දම තත්ත්වය සඳහා මනා ඔසුවකි.
සිහින්ව ලියා ගත් කීකිරිඳිය, රතුළූනු, අමු මිරිස්, ලුණු එක්කර එයට එළඟිතෙල් මිශ්‍රකර මැල්ලුමක් සේ සකස් කර ආහාරයට එක්කර ගැනීම පණුගායට ඉතාමත් ගුණදායක වේ.
අමු කීකිරිඳිය ඇට පිරිසුදු ජල වීදුරුවක දමා මද වේලාවක් තබා පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල මෙන්ම ඒ ආශ්‍රිතව හටගන්නා වූ බොහෝමයක් රෝග සුවකර ගත හැකිය. එසේම හොඳින් සෝදා පිරිසිදු කර වේලා සකස් කරගත් කීකිරිඳිය ඇට කුඩුකර චූර්ණයක් සේ සාදා තේ මෙන් පානය කර ගැනීමෙන් බඩදැවිල්ල සුව වෙයි.
කීකිරිඳිය තෙල්
අවශ්‍ය ද්‍රව්‍ය
- කීකිරිඳිය
- කලාඳුරු
- අමු කහ
- පොල් ගෙඩියක් උකු පොල් කිරි කෝප්ප එකක් තලතෙල් 4/1 ක්
- එඬරු තෙල් 4/1 ක්
සාදාගන්නා ආකාරය
සම ප්‍රමාණයෙන් කීකිරිඳිය, කලාඳුරු, අමු කහ ගෙන හොඳින් කොටා පොල් ගෙඩියක් පමණ උකු පොල් කිරි කෝපයක් සමග මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට තල තෙල් හා එඬරු තෙල් මිශ්‍ර කර මද ගින්නේ රත්කර ගන්න. එය හොඳින් නිවා බෝතලයක අසුරා තබාගෙන හිසෙහි ආලේප කරන්න. අකලට හිස කෙස් පැසීම, ගැලවීම හා හිසකෙස් සදහා මනා පෝෂණයක් ද ලබා දෙයි. එසේම පීනස රෝගයට ද කදිම ඔසුවකි.
කීකිරිදිය ශාකය පරිප්පු සමග මිශ්‍රකර ව්‍යාංජනයක් ලෙස ආහාරයට එක්කර ගැනීම ඇස් රෝග සඳහා ඉතාමත් ගුණදායක බව ඉසිවර මතයයි.
තවද කීකිරිදිය කොළ සෝදාගෙන කැද සකස් කර පානය කිරීමත් කවලම් මැල්ලුම් සාදන විට කිරි කොළ කීකිරිදිය කොළ අහුරක් ඒ සඳහා එකතු කර ගැනීමත් ඉතාමත් යෝග්‍ය වේ.
මිනිස් ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග 12ක් පමණ කීකිරිඳිය ශාකයේ අන්තර්ගත බව ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වේ.
එම නිසා ඉන්ද්‍රිය ප්‍රබෝධමත් කිරීමේ සහ ශක්තිය වර්ධනය කිරීමේ විශ්මිත ගුණයෙන්ද කීකිරිඳිය සතුවේ.
ඇදුම, ක්ෂය රෝග හට ද රෝග උදරාබාධ සෙංගමාලය ආදී රෝගය සමනය කිරීමට ද උපකාරී වේ.
පීනස් තෛලය, චන්ද්‍රකාන්ති තෛලය, භෘංගාමාලක තෛලය සහ කපාල තෛලය යන ශීර්ෂ රෝග සඳහා භාවිත කරන ඖෂධීය තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රධාන ද්‍රව්‍ය වන්නේ ද කීකිරිදිය ශාකය යි. තැඹිලි ගෙඩි තුනක්, පොල් හීනියට ගා ගන්න කෝමාරිකා මද කීකිරිඳිය මුකුණුවැන්න ගොටුකොළ කරපිංචා බෙහෙත් නෙල්ලි දෙහි යුෂ සම සමව ගෙන හොඳින් මිරිකා ගත් පොල් කිරෙන් සමග මිශ්‍ර කරන්න. එයට උළුහාල් මිටක් හා සැවැන්දරා ස්වල්පයක් දමා මදගින්නේ දිය සිදෙන තුරු තෙල් සිඳ ගෙන දිනපතා හිස් කබලේ ගා හොඳින් සම්භානය කරන්න.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය අභයතිලක දේවගිරි මහතා
සටහන – අරුණි ජයසේකර.
