ඉපැරණි හෙළ ඔසු – 02

author
0 minutes, 41 seconds Read

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බොහෝ දෙනා දැන හඳුනන කොත්තමල්ලි සෑම නිවසකම පාහේ අනිවාර්යෙන්ම භාවිතයට ගැනෙන දේශීය ඖෂධයකි. ඖෂධයට පමණක් නොව ආහාර පිසීමේ දී පවා යොදා ගන්නා මෙම ඖෂධය පිළිබඳව සුවිශේෂී කරුණු කීපයක් අද අප ඔබට රැගෙන ඒමට සූදානම්.

Apiceae කුලයට අයත් වන කොත්‍තමල්ලි ශාකයේ ඇට සහ කොළ ආහාර රසවත් හා සුවඳවත් කිරීමට යොදා ගන්නා අතර කොත්‍තමල්ලි පානය ලංකාවේ ඕනෑම නිවසක සකස් කර ගන්නා ඖෂධීය පානයකි. කොත්තමල්ලිවල තන්තු, මැංගනීස්, යකඩ, මැග්නීසියම් මෙන්ම කොත්තමල්ලි කොළවල විටමින් සී, විටමින් කේ, ප්‍රෝටීන්වලින් සාර අතර කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, තයමින්, නියැසින් සහ කැරොටින් අඩංගු වේ. කොත්‍තමල්ලි ආසවනයෙන් ලබා ගන්නා තෙල් වලින් සුවඳ විලවුන් නිෂ්පාදනය කරනු ලබයි.

ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ඨාචාර සමයේ සිට භාවිතයට ගැනුනු ඖෂධයක් වන කොත්‍තමල්ලි ක්‍රි.පූ. 1550 දී පමණ ලියැවුණු ඉපැරැණි ඊජිප්තු වෛද්‍ය ලේඛනයක් වන පැපිරස් පතුරුවල ද සඳහන් වීම විශේෂත්වයකි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කෂාය, තික්ත, මධුර රසයෙන් ද, ලඝු, ස්නිග්ධ ගුණයන් ද, උෂ්ණ වීර්ය හා මධුර විපාකයෙන් යුක්තය. ඔසප් රුධිරය හොඳින් ගලා යාමට කොත්තමල්ලි පානය උපකාරී වන නිසා වේදනාවෙන් සහනයක් ලද හැකි වන අතර වා පිත් සෙම් තුන්දොසම ශමනය කරයි. දීපන, පාචන, ග්‍රාහී, හෘද්‍ය, චක්ෂුෂ්‍ය, මස්තිෂ්ක බලකාරක, ශෝථහර, මූත්‍රල, බල්‍ය, රසායන, ආයුෂ්‍ය ගුණ ඇත. ජ්වර, පිපාස, ක්‍රිමිරෝග, කාස, ශ්වාස, ශරීර දාහ, අර්ශස් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. කුඩා දරුවන්ට ලබා දෙන රත කල්කය ලබා දීමටද කොත්‍තමල්ලි වතුර භාවිතා කරන නිසාවෙන් එය කොත්‍තමල්ලි කල්කය ලෙස හඳුන්වයි. විශේෂයෙන්ම මෙම ශාකයේ ප්‍රතිඔක්සිකාරක අපේ දෙනෙත්වල සුවය රැකීමට උපකාරී වෙයි. එමෙන්ම ඇස් ලෙඩට ප්‍රතිකාරයක් ලෙසින් ද කොත්තමල්ලි ආයුර්වේදයේ යොදාගනියි. ශාකයේ විටමින් කේ අඩංගු නිසා ඇල්ෂයිමර් රෝගීන්ට ගුණදායකය. කාංසාවක් සිතට දැනුණු විටක කොත්තමල්ලි කෝප්පයක් රස විඳිමෙන් කාංසාව දුරු කර ගැනීමට හැකි වනු ලැබේ.

Vitamin C, beta-carotene බහුල නිසා වයස්ගත වීමත් සමඟ ඇති විය හැකි අක්ෂි ආබාධ වලට කොත්‍තමල්ලි කොළ ආහාරයට එකතු කර ගැනීම ඉතා වැදගත්‍ ය. ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත පත්‍ර සමේ රෝග සඳහා භාවිතා කරයි.

Coriander (Coriandrum sativum L.): A Potential Source of High-Value Components for Functional Foods and Nutraceuticals – A Review, 2012, පත්‍රිකාවෙහි සඳහන් පරිදි මෙහි ක්ෂුද්‍රජීවීනාශක, ප්‍රතිඔක්සිකාරක, දියවැඩියා මර්දන, අපස්මාර මර්දන, කාංසා ශාමක, රුධිර ගත කොලෙස්ටරෝල් යාමන, ප්‍රතිප්‍රදාහාත්මක, මුත්‍රකාරක, අධිරුධිර පීඩනය යාමන හා ස්නායු ආරක්ෂක ගුණ ඇත.


Antibacterial and Antiviral Properties of Coriandrum Sativum and Zingiber Officinale against Human Respiratory Tract Related Bacterial and Viral Infections: A Review with a Focus on the Case of SARS-CoV, 2022 දී කරන ලද පර්යේෂණට අනුව ඉඟුරු කොත්‍තමල්ලි පානය කොරෝනා රෝගය ඇතුලු ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන වෛරස හා බැක්ටීරියා ආසාදන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකි බව තහවුරු කර ඇත.


Pharmacognosy and phytochemistry of coriander (Coriandrum sativum L.), International J. Seed Spices. 2019, මෙම ශාකය සතු ප්‍රතිඔක්සිකාරක, පිළිකා මර්දන හැකියාව පෙන්වයි.

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa