ගල් ගසා ඝාතනය කල ලොව පලමු ගණිතඥවරිය – හයිපේෂියා 

author
0 minutes, 12 seconds Read

හයිපේෂියා (Hypatia) උපත ලබන්නෙ ක්‍රිස්තු වර්ෂ 370 පමණ කාලයේ පුරාණ මිසරයේ ඇලෙක්සැන්ඩ්‍රියා (Alexandria  – Egypt) ප්‍රදේශයේ. ග්‍රීක සම්භවයක් දැරූ ඇය එවකට ඇල්ක්සැන්ඩ්‍රියා ගුරු කුලයේ ප්‍රකට දාර්ශනිකයෙක්ව සිටි තිඕන් (Theon of Alexandria 335 – 405 BC) නම් ගුරුවරයාගේ දියණියයි. තියෝන් එවකට එහි තිබූ මෞසියන් (Mouseion) නම් ගුරු විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර තිබුනා. හයිපේෂියාගේ මව පිලිබදව සදහනක් ඉතිහාසය තුල හමුවන්නේ නැහැ. හයිපේෂියා අධ්‍යාපනය හදාරණ ලද්දේ ඇතන්ස් වල බවටද සමහර වාර්තා තුල සදහන් වෙනවා. ඇගේ පියා මහා දාර්ශනිකයෙක් වූ ප්ලෝටිනස්ගේ (Plotinus of Greece) ඉගැන්වීම් වලට තදින් ඇලුම් කල පුද්ගලයෙක් වුනු අතර ප්ලෝටිනස්ගේ න්‍යායන් ඔහු අදහනු ලැබූ බවයි වාර්තා වන්නේ. හයිපේෂියා කුඩා කල සිටම ඇගේ පියා විසින් ඇති දැඩි කරන ලද්දේ දියණියක් මෙන් නොව පුතෙකු ලෙසින්. කොණ්ඩය කොටට කපා තිබූ ඇය හැදුනෙ වැඩුනේ පිරිමි දරුවන් සමගයි. සටන් ශිල්පයන්ගේ සිට ගණිතය, තාරකා විද්‍යාව හා තර්ක ශාස්ත්‍රය දක්වා සියලුම විෂයන් ඇය විසින් කුඩා කල සිටම හදාරණු ලැබුවා. 

ඇගේ පියාගේ මග පෙන්වීම යටතේ ඉතා ඉක්මනින් සියලුම සංකීර්ණ විෂයන් උගත් ඇය එවකට ඇලෙක්සැන්ඩ්‍රියානු සමාජයේ සිටි අනෙක් සියලුම තරුණියන්ට වඩා අධ්‍යාපනික අතින් ඉතාමත් ඉදිරියෙන් සිටියා. ඇය ප්ලේටෝ (Plato), ඇරිස්ටෝටල් (Aristotal) හා ප්ලෝටිනස් වැනි විද්වතුන්ගේ ඉගැන්වීම් ඉතා ගැඹුරට හැදෑරූ අතර ක්‍රිස්තු වර්ෂ 400 පමණ සමයේදී ඇය ඇල්ක්සැන්ඩ්‍රියාවේ නව ප්ලෝටනික වාදය පිලිබද පාසැලේ ප්‍රධාන ආචාර්ය වරිය බවටත් පත් වුණා. ඇගේ ඉගැන්වීම් කෙතරම් විශිෂ්ටද යැයි පවසනවා නම් ඇයගෙන් ඉගෙනුම ලැබීමට ඇලෙක්සැන්ඩ්‍රියාවට ලෝකයේ නන් දෙසින් ශිෂ්‍යයන් පැමිණි බව වාර්තා වනවා. ග්‍රීසියේ ඇතන්ස් වලට වඩා වැඩි අධ්‍යාපනික පසුබිමක් එවකට ඇලෙක්සැන්ඩ්‍රියාවේ තිබී තිබෙනවා. ඉතිහාස වාර්තා වල හයිපේෂියාව හදුන්වා තිබෙන්නේ ප්ලේටෝ හා ප්ලෝටිනස්ගේ දර්ශනවාදය පිලිබදව ගුරුවරිය ලෙසයි. ඇය එවකට ඇල්ක්සැන්ඩ්‍රියාව පුරා, එවකට දාර්ශනිකයන් විසින් අදින ලැබූ ට්‍රිබන්  නමින් හදුන්වනු ලැබූ ලෝගුවද ඇද ගමන් කල බවත් විවිධ ස්තාන වලදී සිසුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද අමතා ඇය විසින් දේශණ පවත්වන ලද බවත් ඉතිහාසයේ සදහන් වනවා. පුරුෂ මූලික සමාජයක් වූ ඇලෙක්සැන්ඩ්‍රියානු ජන සමාජයේ මෙවන් දාර්ශනික පසුබිමක් සහිතව උගන්වනු ලැබූ පලමු කාන්තාව ඇයයි. මේ නිසා ඇයව ඉතිහාසය තුල වාර්තා කර ඇත්තේ “First Famous Female Scholar” යන නමින්.

හයිපේෂියා පිලිබද ඉතිහාස වාර්තා බහුතරයක් ගවේෂණය කල ලෝක ප්‍රකට ඉතිහාසඥයෙක් වන එඩ්වඩ් ජේ වැට්ස් (Edwards J Watts) විසින් සොයාගත් කරුණු කාරණා අනුව ඇය ක්‍රිස්තියානි භක්තික කාන්තාවක් වනවා. ඇගේ සිසු සිසුවියන් බහුතරයක් ක්‍රිස්තියානි දහම අදහන ලද සිසු සිසුවියන් බවයි වාර්තා තුල සදහන් වන්නේ. විශේෂයෙන් හයිපේෂියාගේ භූමිකාව ඇලෙක්සැන්ඩ්‍රියාව තුල නව ප්‍රබෝධයක් ඇති කලා. ඇය නිවෙස් තුලටම කොටුවී සිටි තරුණ ගැහැණු දරුවන්‍ට අධ්‍යාපනය ලබාදීමට බොහෝ වෙහෙස මහන්සි වී තිබුණා. වෙසෙසින් ඇත්න්ස්හී ගුරුකුලය තුල කාන්තාවන්ට ඉගෙන ගැනීමේ අයිතිය නොතිබූ තරම්. මේ නිසාම ඇගේ පියා වූ තියෝන් ඇයව පිරිමි දරුවෙක් ලෙස උස් මහත් කලා විය හැක. කොහොම වුනත් ඇය පරිණත වුණු පසුව කොණ්ඩය දිගට වවා ඇගේ රූපය, කාන්තා ලාලිත්‍ය හොදින් පෙනෙන ලෙස ඇද පැලද සිටි බවයි වාර්තා වන්නේ. එලෙසම ඇය ඇගේ දැනුම පිලිබදව ගොඩක් ආඩම්බර වුණා. මේ නිසා අනෙක් තරුණියන්ටත් තමන් සතු දැනුම ලබාදීමට ඇය බොහෝ වෙහෙස මහන්සි වුනු බව ඉතිහාස වාර්තා වල සදහන් වනවා. ගණිත කර්ම වලින් ඔබ්බට ගිය ඇගේ ඉගැන්වීම් තුල තාරකා විද්‍යාව සම්බන්ධ ඉගැන්වීම්ද විශාල ප්‍රමාණයක් තිබුණා. ඇගේ ප්‍රධානම ශිෂය්‍යන් අතර සයිරීනයේ සයිනේසියස් (Synesius of Cyrene) නමින් හදුන්වනු ලැබූ පසුව ටොලෙමෙයිස් නම් ප්‍රදේෂයේ බොෂොප්වරයා බවට පත් වූ ප්‍රකට විද්වතාද වුනා. ටොලෙමෙයිස් නමින් එවකට හදුන්වා ඇත්තේ වර්තමාන ලිබියා ආශ්‍රිත ප්‍රදේශයයි. ඔහු පසුව හයිපාෂියා වෙත ලියන ලද ලිපි හතක් ඉතිහාස ගවේෂකයන්ට හමු වී ඇති අතර එම ලිපිවල ඔහු හයිපේෂියා ඉතාමත් ඥානවන්ත වගෙම අති දක්ෂ ගුරුවරියක් ලෙස හදුන්වා දී තිබෙනවා. 

කොන්ස්තන්තිනෝපලයේ සොක්‍රටීස් (Socrates of Constantinople) නමින් හදුන්වන ඉතිහාසඥයා ඔහුගේ Ecclesiastical History නම් ග්‍රන්තයේ හයිපේෂියා නම් කාන්තාවක් ඇලෙක්සැන්ඩ්‍රියාවේ වාසය කල බවත් ඇය තරම් ප්‍රඥාවන්ත පුද්ගලයෙක් එවකට ඇලෙක්සැන්ඩ්‍රියාව තුල නොසිටි බවත් වාර්තා කර තිබෙනවා. පිලොස්ටෝගියස් (Philostorgius) නම් ක්‍රිස්තියානි ඉතිහාසඥයාද ඇය පිළිබඳව සටහනක් තබමින් සදහන් කර ඇත්තේ හයිපේෂියා අති දක්ෂ තාරකා විද්‍යාවේදිනියක් වු බවයි. ඩමස්කස් (Damascius) නමින් හදුන්වන තවත් ඉතිහාසය සටහන් කල පුද්ගලයෙක් හයිපේෂියාගේ රූප ස්වභාවය පිළිබඳව විස්තර කර සටහනක් තබා ඇති අතර ඇය දුටු දුටුවන් වශී කරවන ඉතාමත් සුන්දර රූප ස්වභාවකින් යුතු වූ තැනැත්තියක් බව ඔහු එම සටහන් තුල සදහන් කර තිබෙනවා. නමුත් හයිපේෂියා තම ජීවිතය අවසන් වන තෙක් කන්‍යාවක් ලෙස ජීවත් වූ බවත් වාර්තා වනවා. 

වරක් ඇගේ දේශනයක් සදහා පැමිණි පුද්ගලයෙක් ඇයට වශී වී ඇයව ලුහුබැද දූෂණය කිරීමට උත්සහ කර තිබෙනවා. නමුත් ඔහුගේ ආශාව සංසිදෙන තෙක් ඇය ඔහුට වීණාවක් වාදනය කල බවත් එම කාලයේ ඇය ඈගේ ඔපස් සමය පසුකරමින් සිටි අතර ලෙයින් පිරුණු තම යට ඇදුම ඔහුට ගලවා දී “ඔබ මෙයට ආදරය කරනවා නම් මන් ඔබ සමග යහන්ගත වීමට කැමති බව පවසා තිබෙනවා”. හයිපේෂියාගේ එම වදන් වලින් සැලුනු ඔහු ඇගෙන් සමාව ගෙන යන්නට ගිය බවත් වාර්තා තුල සදහන් වනවා. හයිපේෂියා විසින් ලොව පලමු හයිඩ්‍රොස්කෝප් (Hydroscope) එක නිර්මාණය කල බවටත් වාර්තා පවතිනවා. එය ජල පෘෂ්ඨයක සිට සැලකිය යුතු දුරකින් ඇති යම් වස්තුවක් නිරීක්ෂණය සදහා යොදාගත හැකි ආකාරය පවා ඇය තර්කානුකූලව විග්‍රහ කොට තිබෙනවා. හිරු, සදු හා තාරකා වල පිහිටීම අනුව දිනය හා වේලාව ගණනය කල හැකි ඉතාමත් නිවැරදි ආකෘතියක්ද හයිපේෂියා විසින් නිර්මාණය කර තිබුණා. Astrolabe හෙවත් තාරකා මාලිමාව ලෙස හැදින්වෙන්නේ ඇය විසින් නිර්මාණය කල එම උපකරණයයි. ඇය විසින් නව ගණිත සමීකරණ 100කට වැඩි ප්‍රමාණයක්ද නිර්මාණය කර තිබුණා. එලෙසම ඇය සූර්‍යය ග්‍රහන, චන්ද්‍ය ග්‍රහන ගණනය කල හැකි සටහන් පවා තබා තිබී ඇති අතර ඒවා පසුව විනාශ වී තිබෙනවා. මෙලෙස හයිපේෂියාගේ තිබූ අති විශිෂ්ඨ ප්‍රඥාව නිසා ඇය එවකට ඇලෙක්සැන්ඩ්‍රියානු සමාජයේ ඉතාමත් ජනප්‍රිය මෙන්ම ප්‍රබල චරිතයක් බවට පත්ව තිබුණා. බොහෝ පිරිසක් ඇය වටා සිටි අතර දේශපාලනික වශයෙන්ද ඇයව බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය චරිතයක් බවට පත් වෙලා තිබුණා. 

ඇය පැරණි දාර්ශනික මතවාද රැසක් නව්‍යකරනයට ලක් කල බව ඉතිහාසයේ සදහන් වනවා. විශේෂයෙන් ඇය ටොලමි (Ptolemy) විසින් රචිත ඇලම්ගෙස්ට් (Almagest) කෘතියේ තෙවන වෙලුමේ තිබූ අඩුපාඩු සංෂෝදනය කර තිබුණා. ඇය ඔහුගේ පෘථිවි කේන්ද්‍ර වාදය හෙවත් පෘථිවිය මධ්‍ය කරගෙන සෞරග්‍රහ මණ්ඩලය පවතින බවට තිබූ ආකෘතිය සංශෝදනය කල බව සදහන් වනවා. හයිපේෂියා එවකට ඇල්ක්සැන්ඩ්‍රියාවේ සිටි බිෂොප්වරයා වූ තිඕපිලස් (Theophilus) සමග කිට්ටු සබදතාවයක් පවත්වා ගෙන ගියා. ඔහුගේ උපදේෂකයා ලෙස කටයුතු කලේ හයිපේෂියායි. ඔහුත් හයිපේෂියාගේ ශිෂ්‍යයෙක් වූ නිසා ඔවුන් අතර හොද සබදතාවයක් තිබුනා. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස වාචිකව නම් කර තිබු සිරිල් (Cyril) නම් පුද්ගලයාද හයිපේෂියාගේ ශිෂ්‍යයෙක්. නමුත් හදිසියේ ක්‍රිස්තු වර්ෂ 412 පමණ වකවානුවක තෝඔෆිලස් මරණයට පත් වුණා. තෝඔෆිලස්ගේ මරණයෙන් පසුව සිරිල්ව නිල වශයෙන් ඊලග බිෂොප් වරයා ලෙස නම් කොට නොතිබූ නිසා තිමෝති නම් පුද්ගලයෙක්ද බිෂොප් පදවිය සදහා අයිතිවාසිකම් පෑවා. මේ නිසා මොවුන් අතර බල අරගලයක් ඇති වූ අතර එය විශාල දේෂපාලනික අර්බුදයක් බවට පත් වුනා. හයිපේෂියා මෙම දේෂපාලන අර්බුදයට සම්බන්ධ නොවුනත් ඇය සිරිල්ට සහය පල කලේ නැහැ. සිරිල් අවසානයේ බල අරගලයෙන් ජයග්‍රහණය කල අතර ඔහු තමන්ට සහය නොදුන් හා තිමෝතිට සහය පලකල සියලුම දේවස්තාන විනාශ කල අතර පුද්ගලයන් රැසක් මරා දැමුවා. හයිපේෂියාද සිරිල්ට ප්‍රසිද්දියේ සහය ලබා නොදුන් නිසා ඔහු ඇයද තිමෝති පාක්ෂිකයෙක් ලෙස වැරදි වැටහීමකයි සිටියේ. මේ නිසා ඔහු හයිපේෂියාගේ පාසැල් භූමියද විනාශ කලා. හයිපේෂියා කාන්තාවක් වූ බැවින් ඇයට තිබූ බලය සම්බන්ධව එවකට සමාජයේ බොහෝ පුරුෂයන් දැඩි ඊර්ෂ්‍යාවකින් පසු වූ බව වාර්තා වනවා. මේ නිසා එවැනි පුද්ගලයන් සිරිල්ට ඇය පිලිබදව වැරදි වැටහීමක් ලබා දී තිබුණා.  රෝමයද මෙම ප්‍රශ්නයට මැදිහත් වූ අතර ඔවුන් හයිපේෂියා වෙනුවෙන් පෙනී හිටියා. නමුත් සිරිල් ඒ කිසිවකට කන් දුන්නේ නෑ. මේ අතර සිරිල්ගේ හෙන්චයියන් හයිපේෂියා නිවසට ගමන් ගන්නා මාර්ගයේ රැක සිටියා. ඇය නිවසට එමින් සිටි අතර තුර මගදී ඇයව පැහැරගත් මෙම පුරුෂයන් ඇයව පාලු දේවස්තානයක් වෙත ඇදගෙන ගිය අතර එහිදී ඇයව නිරුවත් කර දූෂණය කර තිබුනා. හයිපේෂියා සටන් ශිල්පය හදාරා තිබූ නමුත් මෙම අවදියේ ඇය දුර්වලවයි සිටියේ. ඔවුන් ඇයට පහර දී අවසානයේ ඇයව ඔස්ට්‍රාකා (Ostraca) නමින් හදුන්වන ගල් කොටසකින් ගසා ඝාතනය කරනු ලැබුවා. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුනේ ක්‍රිස්තු වර්ෂ 415 වර්ෂයේ ආසන්න සමයක බවයි වාර්තා වන්නේ. ඇයව ඝාතනයෙන් නිනැවුතුනු ඔවුන් ඇගේ නිරුවත් සිරුර නගරය දිගේ ඇද ගෙන ගියේ දරුණු අපරාධකරුවන් ඝාතනය කර රැගෙන යන විලාශයෙන්. ඇගේ ඝාතකයන් පවසා තිබුනේ ඇය මායා කාරියක් බවත් ඇය ඇල්ක්සැන්ඩ්‍රියාව විනාශ කරන බවයි. 

නමුත් ඇගේ මරණයෙන් සිදුවූයේ සිරිල් කිසිදා නොසිතූ දෙයක්. හයිපේෂියා ඝාතනය කර ඇති බව මෙසිඩෝනියාව, අප්‍රිකාව, යුරෝපය පුරා පැතිර යන්නට වුණා. සෑම දෙසින් ඇලෙක්සැන්ඩ්‍රියාවට එරහිව චෝදනා නැගුනු අතර සිරිල් බලයෙන් පහකරන ලෙසට සිව් දෙස සිටි බිෂොප්වරුන්ට ඉල්ලීම් ඉදිරිපත් වුනා. මේ අනුව රෝම බිෂොප්වරුන් හා පාලකයන් එක්ව සිරිල්ට එරහිව විනය පරීක්ෂණ සිදුකල අතර ඔහු විසින් හයිපාෂියා ඇතුලු තවත් 500ක පමණ පිරිසක් මෙලෙස ඝාතනය කර ඇති බව සොයාගත්තා. ඒ අනුව සිරිල්ව බලයෙන් පහ කිරීමට රෝමය මැදිහත් වුණා. 

මාරි කියුරි, කැත්‍රින් හර්ෂෙල් වැනි මහා දාර්ෂණිකවරියන් විද්‍යාඥවරියන්ගේ පරපුරේ අම්මා නැත්නම් ආරම්භක සාමාජිකාව ලෙස සැලකෙන්නේ හයිපේෂියා නම් මේ විශිෂ්ට කාන්තාවයි. ඇගේ නම හයිපේෂියා ලෙසම හයිපාෂියා, හයිපශීයා වැනි විවිධ නම් වලින්ද අන්තර්ජාලය තුල සදහන් වනවා. මිථ්‍යා දෘෂ්ඨික බලලෝභීන්ගේ තවත් ගොදුරක් බවට පත් වූ මෙම විශිෂ්ට කාන්තාවට සිදුවූ දේ ඉතාමත් අවාසනාවන්ත ඛේදවාචකයක් ලෙස ඉතිහාසයේ සටහන් වනවා. හයිපේෂියා විද්‍යාවට කරන ලද අතිමහත් සේවය අගය කරනු සදහා සදෙහි ආවාටයක් පවා ඇගේ නමින් නම් කර තිබෙනවා. ඇය තව බොහෝ කලක් ජීවත් වීමට සිටි විද්‍යාවට, ගණිතයට තවත් විශාල සේවයක් සිදු කිරීමට සිටි ඉතාමත් ගෞරවණීය තැනැත්තියක් බව අවිවාදයෙන් පැවසිය හැකී. 

සටහන – මනුජිත් අබේරත්න

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa