මනෝවිද්‍යාත්මකව සොයාා බැලීම් වලදී ගැහැණුන් පිරිමින්ට ආකර්ෂණය වන කරුණු කිහිපයක් හොයාගෙන තිබේ.
ඒවා නම්,

ගැහැනු සිනහා ගන්වන පිරිමින්ට ආකර්ෂණය වේ.
ජීවිතෙ ආලෝකමත් පැත්ත දකින්න හැකිවීම හිතකර වන බව ගැහැණු උපවිඤ්ඤාණයෙහි ඇති අවබෝධයකි සම්පූර්ණ යහපත් ජීවත්වීමට දිගු කල් ජීවත්වීමට එය හොඳවන බව දන්නා හෙයින් නිතර සෘණාත්මක මිනිසුන් හා අවාසනාවන්ත හා වෙහෙස පත් පෙනුමෙන් යුතු මිනිසුන් මගහරිනු ලබති විනෝදාත්මක බවෙහි බලය තේරුම් ගනිති ගනිති.
හොඳින්ම අදහස් හුවමාරු කරන පිරිමින්ට ආකර්ෂණය වේ.
හැම ගැහැණියකගෙම ලයිස්තුවේ ඉහලින්ම සිටින්නේ ඇගේ ගැටලු හා ඇයගේ හැඟීම් ගැන බාධා නොකොට හා විසඳුම් ඉදිරිපත් නොකොට සවන් දීමට කැමති මිනිසෙකි.
හොඳින් ආහාර පිසින්නන්ට ආකර්ෂණය වේ.
බිලියනයක් පමණ මිනිස්සු ආහාර පිණිස හා ඇයට ආහාර දීම පිණිස දඩයම් කළහ අද විසි එක්වන සියවසේදී පවා ගැහැණියට ආහාර පිළියෙළ කරන ඕනෑම මිනිසකුට ඇයගේ ඉපැරණි යුගයේ තිබූ හැඟීම් ඇවිස්සිය හැකියි නැතිව සිටියදී වුවත් නැතිව සිටියදී හුවත් ගැහැණිය රාත්‍රී ආහාරයට කැඳවාගෙන යාම ඇය කෙරෙහි ලිංගික ආකර්ෂණය ඇති බව හඟවයි.
නටන පිරිමින්ට ආකර්ෂණය වේ.
නැටීමෙහි මූලික කාර්ය හා ඊට මූලික පෙළඹීම ලෙස ලිංගික ආකර්ෂණය ඇතිව අන්‍යයන්ගේ අවධානය ඇද ගැනීමට සමත් වේ.
තමන්ට ආරක්ෂාව සලසන පිරිමින්ට ආකර්ෂණය වේ.
ගැහැණුන්ට කරුණු තුනකින් නිතර අනාරක්ෂිත බව දැනෙයි. එනම් ඔවුන්ගේ පෙනුම මුදල් තත්ත්වය සහ ඔවුන් ආදරය ලබන්නේද යන කරුණුය ගැහැණියට නිරතුරු හොඳ පෙනුමෙන් යුතු බව හොඳ සුවඳ තිබව හොඳ වින්දනයෙන් හා හොඳ රසයෙන් යුතු බව නිරන්තරයෙන්ම කියනු ලැබීම අවශ්‍යය.
දරුවන්ට කැමති පිරිමින්ට ආකර්ෂණය වේ.
ගැහැණියට සම්බන්ධතාවයකට පැමිණීමට ඕනෑ වන්නේ ඇයට ආරක්ෂාව විශ්වාසය සහ සැප පහසුව දැනෙන ඒකකයක කොටස්කාරික වීම සඳහාය.ඒ නිසා ඕනෑම මිනිසෙක් දරුවන් හා ක්‍රීඩා කරමින් මූණ අත හා අත අතගා හා විහිලු කතා කිය කියා දරුවන්ට ඇති කැමැත්ත සංඥා කරයි නම් නම් ආකර්ෂණය දිනීමෙහි ලකුණු ක්රමයේ ඉහළින්ම ලකුණු ලබයි.
සෞඛ්‍ය සම්පන්න පිරිමින්ට ආකර්ෂණය වේ.
සෑම තැනම සිටින ගැහැණුන් සිත් ගන්නා පිරිමි ගුණාංග අතර ඔහුගේ හොඳ සෞඛ්‍ය ඉහල වැදගත් වැදගත්කමක් ඇති දෙයක් සේ සළකති.හොඳ ශාරීරික තත්ත්වය පැහැදිලි නිරෝගී සම ඉහළ ශක්ති මට්ටමක් තිබීම පෙන්වන වේගවත් ගමන හා කඩිසරව ක්‍රියා කිරීම සහ ප්‍රාණවත් ආකල්ප තුළින් මනා සෞඛ්‍යයෙන් යුතුවීම ලෙස හැදින්විය හැකිය.
උත්සාහයෙන් යුතු පිරිමින්ට ගැහැණු ආකර්ෂණය වේ.
කම්මැලියෙකු බවට පත්වන රැකියාව අහිමි කරගත් මිනිසෙකු සමග පවත්නා සම්බන්ධතාවය නැවැත්වීමට ගැහැණිය පෙළඹිය හැකිය මහන්සේ වැඩ කරන හා රැකියාවේ ඉහළට යාමේ අරමුණු ඇති මිනිස්සු බහුතරයක් ගැහැණුන්ගේ කැමැත්ත දිනා ගනී.
ඉතින් ඔබත් සබඳකම් පැවැත්වීමේ පැවැත්වීමේදී දුර්වල එහෙම නැත්නම් අසාර්ථකයි කියල හිතන පිරිමියෙක් නම් මෙන්න මේ ඉහත කාරණා ඔයා තුල තියෙනවද කියලා නැවත සලකා බලන්න.
ජීවිතෙ ලස්සනයි…. ඉතින් හිනාවෙලා ඉන්න
උපදෙස් –
නිශානී නානායක්කාර
මනෝ උපදේශිකා
