ශබ්දය එක් සථානයක සිට තවත් ස්ථානයකට විද්‍යුතය මගින් සම්ප්‍රේෂණය කල හැකි බව මාකෝනි විසින් සොයා ගැනීමත් සමග ලොව ජනයාට ගුවන්විදුලිය නැමති සුවිශේෂි අත්දැකීමට මුහුණ දෙන්නට අවස්ථාව ලැබුණි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයන් අතරින් මුලින්ම ගුවන්විදුලි සේවයක් ආරම්භ කරන්නේ ලංකාව තුලයි. මෙසේ අරම්භ වූ ගුවන්විදුලියෙහි වත්මන් තත්වය කෙබදු ද? යන කාරණාව ගැන විමසා බලන්නයි අද අපගේ සූදානම.
ඒ සදහා අපි සම්බන්ධ කරගත්තා ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂක ඉන්දික ජයරත්න මහතාව.
ඔබතුමා කවුද?
මම ඉන්දික ජයරත්න. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂක විදියට සේවය කරනවා.

ඔබතුමා මේ දක්වා ආපු ගමන් මග ගැන කිව්වොත්?
මම 1999 අග භාගයේදි ගුවන්විදුලි වැඩසටහන් සදහා සහභාගි වෙනවා.ඊට පස්සේ ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට සම්බන්ධ වෙනවා.2001 දී ගුවන් විදුලියේ නිෂ්පාදකවරයෙක් විදියට ස්ථිර ස්ථිර පත්වීම් ලබනවා.එතැන් සිට මේ දක්වා විවිධ ආයතනවල විවිධ තනතුරු දක්වා රාජකාරි කරලා තියෙනවා. ඉන්පසු සිංහල සේවා අධ්‍යක්ෂක විදිහට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රාජකාරි කරනවා.
වත්මන් ගුවන්විදුලි තුල ඇතිවෙලා තියෙන්නෙ මොනවගේ තත්වයක් ද?
මිනිස්සු තොරතුරු ලබා ගැනීමට හා විනෝදාස්වාදය ලබා ගැනීමට දැන් වෙනත් මාධ්‍ය භාවිතා කරනවා. ගුවන්විදුලිය තුලින් දැන් විශාල ග්රාහක කණ්ඩායම් ඈත්වෙලා යනවා. ගුවන්විදුලියට පුලුවන් කමක් නැ මේ සංකීර් ණ සමාජ සංස්ථාවේ ජීවත් වෙන මේ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවන්ට අනුව සන්නිවේදනයක් ලබා දෙන්න. මොකද අද වෙනකොට ගුවන්විදුලිය කියන මාධ්‍ය මිනිස්සුන්ගෙන් බොහොම ඈතට යන මාධ්‍යක් බවට පත්වෙලා ඉවරයි.සමාජ මාධ්‍ය මගින් ග්රාහක ප්‍රජාව ඔවුන් වෙත ආකර්ෂණය කරගෙන තියෙනවා. ඒ සදහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඉතින් එවැනි උපක්රමයන් භාවිත කරන්න ගුවන්විදුලි මාධ්‍යට තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ගුවන්විදුලි නාලිකා වලින් බහුතරයකම තියෙන්නෙ ගීත ප්‍රචාරය කිරීම් විතරයි. ඉතින් ගීත ශ්‍රවණය කිරීමට ගුවන්විදුලිය පාවිච්චි කරන්න තරම් අද ශ්‍රාවකයෝ දිළිඳු මානසිකත්වයක නැහැ. ශ්‍රාවකයාගේ ඒ අවශ්‍යතාව ගුවන්විදුලිය තුලින් ඈත්වෙලා තියෙන්නෙ.ශ්‍රාවක ඉල්ලිම සහ ගුවන්විදුලි සැපයීම අතර හිඩසක් තියෙනවා.ඒ හිඩස අද වන විට වෙනත් විකල්ප මාධ්‍ය මගින් සම්පූර්ණ කරනවා. සමස්ථයක් විදියට ගත්තම වර්ථමානයේ ගුවන්විදුලිය කියන්නෙ ග්රාහක ප්‍රජාවගෙන් වියකී යන මාධ්‍යක්.
සමාජ මාධ්‍ය ආගමනයත් එක්ක ගුවන්විදුලියේ ක්‍රියාකාරිත්වය කොහොමද?
ගුවන් විදුලියට පමණක් නෙවෙයි රූපවාහිනියටත් සමාජ මාධ්‍ය කියන ප්ලැට්ෆෝම් එකේදි රැඳී සිටීමට තියෙන කාලය අඩුවෙලා තියෙනවා. මොකද මේ වෙනකොට රටේ පමණක් නෙවෙයි ලෝකයේ මිනිස්සු තොරතුරු කියන කාරණය ගත්තොත් ගොඩක් වෙලාවට ඔවුන් තොරතුරු ලබාගන්නේ සමාජ මාධ්‍ය හරහා.පරිශීලකයා සමහර වෙලාවට සංදේශ පරිශීලනය කරන භූමිකා මෙන්ම සංදේශ සන්නිවේදනය කරන භූමිකාව ද නියෝජනය කරනවා.රූපවාහිනිය ගුවන්විදුලිය කියන සන්තතික මාධ්‍ය වලින් කරන ආමන්ත්රණයට වඩා සමාජ මාධ්‍ය පරිශීලකයාට ඒ තොරතුරු ඉතාම ඉක්මනින් ඔවුන් වෙත ලබා ගන්න පුලුවන්. මොකද හැම පුද්ගලයෙක්ම අපි දන්නවා අද වෙනකොට කාටත් smart phone එකක් තියෙනවා. ඒ smart phone එකෙන් එයාට ඕනි දේවල් තමන්ගේ අතටම ලබාගන්න පුලුවන්. එතකොට ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි මාධ්‍ය වලට ඒ සමාජ මාධ්‍ය අත්පත් කරගෙන තියෙන හිඩැස පුරවන්න පුළුවන් කමක් නැහැ. ගුවන්විදුලියට නම් තියෙන අවකාශය අඩුයි සමාජ මාධ්‍ය එක්ක තරගකාරීව සංදේශ සංනිවේදනය කරන්න. ගුවන්විදුලියට තමයි මම් හිතන්නෙ සමාජ මාධ්‍ය තුලින් වැඩිම බලපෑම එල්ල වෙලා තියෙන්නෙ.

වර්තමානයේ ගුවන්විදුලි ග්රාහකයන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා මොකක්ද ඔබේ අදහස?
ඔව් අනිවාර්යයෙන් ම පැහැදිලිව ම.අපිට මේ මොහොතේ දි දත්ත වශයෙන් පෙන්නන්න බැරි වුනාට අපිට පේනවනේ ග්රාහක ප්‍රජාව අඩුයි කියන එක.94 පුද්ගලික මාධ්‍ය ආගමනයත් එක්ක ඒ වෙත බොහෝ ග්රාහක පිරිසක් සම්බන්ධ වුනා.පසුව සමාජ මාධ්‍ය තුලින් ඇතිවී තිබෙන තාක්ෂණික පරිවර්තනයක් එක්ක විශාල පිරිසක් ඒ වෙත එකතු වෙලා තියෙනවා.94 පුද්ගලික මාධ්‍යයට ප්‍රවේශ වීමෙන් ග්රාහකයා බෙදීයාමේ තර්ජනයට මුහුණ දුන්නනම් අද ඊට වඩා විශාල අභියෝගයකට ගුවන්විදුලි මාධ්‍ය මුහුණ දීල තියෙනවා.ඒක ආර්ථිකමය වශයෙනුත්,සමාජීය වශයෙනුත් වෙනම කථා කරන්න ඔනි මාතෘකාවක්.
සම්ප්‍රදායික ගුවන්විදුලිය අද වෙනකොට සෑම අතින්ම වෙනස් වෙලා තියෙනවා ඒ පිලිබද ඔබතුමාගෙ අදහස මොකක්ද?
ඒ රටාව යම් ප්‍රමාණයකට වෙනස් වෙලා තියෙනවා නැත්තෙ නෑ.නමුත් දැන් වැඩසටහන් වල තියෙන ආකෘතිය ගත්තොත් මුලින් පැවති ප්රවෘත්ති ,නාට්‍ය,ධර්මදේශනා කියන වැඩසටහන් වලට අමතරව අද වෙනකොට chart show,telephone conversation ඇවිල්ලා තියෙනවා. මුලින් තිබුන ගුවන්විදුලි ආකෘතිය ඉස්සරහටත් පවති කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. ලෝකයේ වෙනස් නොවෙන කිසිම දෙයක් නැහැනේ. වෙනස් වීමට අපි හුරු නොවීම නිසා තමයි මේ කීව ආදීනව අපිට උරුම වෙලා තියෙන්නෙ.සෝශල් මිඩියා කියන ප්ලැට් ෆෝම් එකත් එක්ක මේ වෙනකොට ගුවන්විදුලිය කියන දේ කොහොමද හැඩගැසෙන්නේ කියන එක අපි තේරුම් අරන් නැ.පුද්ගලික මාධ්‍ය යම් ප්‍රමාණයකට ඒක තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා නේ ඒගොල්ලෝ සෝශල් මිඩියා ප්ලැට් ෆොම් එක ඇතුලට ගුවන්විදුලිය ගෙනල්ලා තියෙන්නෙ. App එකකින් ගුවන්විදුලියට සවන් දෙනවා කියන දේ විතරක් ම නෙවෙයි මම මේ කියන්නෙ. අද තියෙන්නෙ visual radio කියන එක. එතනින් අදහස් වෙන් නැ television ආකෘතිය ගුවන්විදුලිය තුල තියෙනවා කියලා. නමුත් ඒ වැඩසටහන ඉදිරිපත් කරන්නාගේ හඩ සහ රූපය දෙකම ශ්රාවකයාට බලාගන්න සහ අහන්න පුලුවන්කමක් අද සමාජ මාධ්‍ය තුලින් හැකිවෙලා තියෙනවා. ඒ වගේ ගැලපිම් වලට නොගිහින් ගුවන්විදුලි කියන දේ හුදකලා වුනත් අපිට fm කියන තත්වයෙන්ම තවදුරටත් පවතින්න බැ කියන එක තමයි මගේ මූලික තර් කය වෙලා තියෙන්නේ . ගුවන්විදුලිය අපි තවදුරටත් ගුවන්විදුලිය තුලින්ම අහපු කාලේ ඉවරයි කියන එක තමයි මගේ අදහස.
S.K.A.චරිතා ලක්මිණි සමරවික්‍රම.
ජනසන්නිවේදන (ගෞරව)
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
