ජනෙල් පියන්පතට චිත්‍රයෙන් පණ දෙන ඔසිකා

author
0 minutes, 0 seconds Read

චිත්‍රයක් දිහා බලලා අපට හිතට වින්දනයක්… සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේ කලාත්මක නිර්මාණයක් කිරීමේ හැකියාව හැමෝටම නැහැ. සමහර විට මේ හැකියාවන් නිදිගත යෝධයින් වගේ ඉන්නවා. තවත් විටෙක හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ වගේ පංචි කාලයේ පටන්ම ඔවුන් තම හැකියාවන් පෙන්වනවා. මීරිගම පදිංචි ඔසිකා සත්සරණිටත් ඒ වගේ උණක් පුංචි කාලයේ පටන්ම හිතේ තිබුණා.

අපි පන්සලකට ගියාම වන්දනා කරලා නැවත ගෙදර ආවත් ඔසිකා බාල කාලයේ පටන්ම පන්සලේ තිබුන චිත්‍ර නරඹන්න ආසා කළා. ඇය එතැනින් නැවතුනේ නැහැ. ආපහු ගෙදර ඇවිත් ඇය ඒවා නැවත ඇගේ හිතේ විදිහට සිතුවම් කළා.
මේ කැමැත්ත තව දුරටත් මෝරන්න පටන් ගත්තා.

ඔව්.. මම මීරිගම බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. සාමාන්‍ය පෙළ වෙනුවෙන් මම චිත්‍ර විෂයක් විදිහට තෝරා ගත්තා. මම චිත්‍ර තෝරා ගත්තෙත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන අදහසින් වුනත් උසස් පෙළ කඩඉම් ලකුණු අනුව මට සරසවි අධ්‍යාපනයට සුදුසුකම් මදි වුණා.

නමුත් ඔබ හීනෙන් ඉවත් වුනේ නැහැ…
ඔව්..මම කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාව හදාරන්න අදහස් කළා. එතැනදීත් මම විෂයක් විදිහට චිත්‍ර තෝරා ගත්තා. මේ අතරේ මම මධ්‍යම සංස්කෘතික අරමුදලේ බටලිය අනුරු පාසලෙන් චිත්‍ර සහ මූර්ති පිත්තල , වාත්තු කැටයම් වගේම සෙරමික් කලාවත් ඉගෙන ගත්තා. කැටයම් සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා. මේ පාඨමාලාව අපේ පැරණි සිතුවම් කලා වෙනුවෙන් වැඩි තැනක් ලබා දුන්නා. මම හරිම කැමැත්තෙන් මේ පාඨමාලාවට සම්බන්ධ වුණා.

ඔබ ව්‍යාපාරික මට්ටමින් චිත්‍ර කලාවට යොමු වුනේ කොහොමද?
චිත්‍ර ඇන්දට මට ව්‍යාපාරික විදිහට මේ කලාව කර ගෙන යන්න බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. කොරෝනා කාලයත් සමග අපි හැමදෙනාම ගෙවල්වලට කොටු වුණා. මේ වෙද්දී මට දරුවා ලැබෙන්නත් හිටියේ. ඒ නිසා සමාජයත් එක්ක සම්බන්ධ වෙනවාට මගේ සැමියා කැමැති වුනේ නැහැ. රැකියාවත් මම අත්හැරියා.

නමුත් මම ගෙදර ඉඳන් චිත්‍ර ඇඳලා ඒවා මගේ ෆේස් බුක් පිටුවට දැම්මා. මම අඳින චිත්‍ර මගේ පිටුවට දැම්මාම මට ඇනවුම් ලැබෙන්න පටන් ගත්තා. මුලින්ම මම චිත්‍රයක් ඇන්දේ ගෙදර තිබුන පරණ ජනෙල් පියනක. ඒ චිත්‍රය “ නමෝ බුද්ධාය ” කියල මම නමෝවිත්තියෙන් පටන් ගෙන ෆේස් බුක් පිටුවට අප්ලෝඩ් කළා. ගාල්ලේ නලින් සර් මේ චිත්‍රය ගත්තා. එතැනින් පසුව මම පිගානක චිත්‍රයක් ඇඳලා අප්ලෝඩ් කළා. ඒ වගේ චිත්‍ර පහක් ඇඳලා දෙන්න කියල ස්වාමින් වහන්සේ නමකගෙන් ඇනවුමක් ලැබුණා.

එතකොට මට හිතුනා මේ කලාව ව්‍යාපාරයක් විදිහට මට කර ගෙන යන්න පුළුවන් නේද කියලා…එහෙම නැතුව ව්‍යාපාරික විදිහට මම මේ කලාව පටන් ගත් කෙනෙක් නොවෙයි.

බොහෝ අය කැන්වස් හෝ කඩදාසිවල චිත්‍ර අඳින්නේ නමුත් ඔබ ඊට වෙනස්
ඔව් මම චිත්‍ර අඳින්නේ පිගන්වල සහ දැව වල. කැන්වස් වලත් චිත්‍ර අඳිනවා. ඒ වගේම දැව ගැන කථා කරනවා නම් මම මැහෝගනී ලීයේ චිත්‍ර අඳින්නේ..ඒවා බන්දේසි වෙනුවෙන් යොදා ගන්නවා. මේ වගේ ලීයක අඳින චිත්‍රයක් අවුරුදු තිහ හතළිහක් පවතිනවා.

ඔබ වැඩි කැමැත්ත සම්ප්‍රදායික චිත්‍රවලට නේද?
ඔව්… පෙරහැර සීගිරි බිතු සිතුවම් වගේම මහනුවර යුගයේ විහාර චිත්‍ර අඳින්න මම කැමැතියි. චිත්‍රයක් අඳිනවා කියන්නේ බොහොම ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. සම්ප්‍රදායික චිත්‍රවලදී විශේෂයි. වැරදුනොත් ඒවා මකන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා. ලීයක නම් සම්පූර්ණයෙන්ම ලීය ග්‍රයින්ඩ් කරනවා. පිගානක නම් වැලි කඩදාසියකින් මදිනවා.

ඔබ මවක්.. දරුවාගේ වැඩ කටයුතු සමග මේ වෙනුවෙන් කාලය සොයා ගැනීම ගැටළුවක් නොවෙයිද..?
අපේ ගෙදරින් මගේ කලා වැඩ කටයුතු වෙනුවෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දරුවා පෙර පාසල් ගියාම මම චිත්‍ර අඳිනවා. මගේ අම්මා වගේම සැමියත් මේ වෙනුවෙන් මට කාලය ලබා දෙන නිසා ගැටළුවක් නැහැ. චිත්‍රයක් කියන්නේ ඇස හිත අත හැම දෙයක්ම සන්සුන්ව තබා ගෙන කරන කලාවක්. යන්ත්‍රයකින් කරන දෙයක් වගේ නොවෙයි. ඒ නිසා සන්සුන් මනසකින් මේ කලාව කර ගෙන යන්න අවශ්‍ය සහයෝගය මගේ පවුලේ අය ලබා දෙනවා.

ඔබට ඇනවුම් ලැබෙන්නේ
මට ඔන්ලයින් මාර්ගයෙන් ඇනවුම් ලැබෙනවා. දේශීය ඇනවුම් වගේම විදේශ රටවල් පණහකට විතර මම චිත්‍ර අලෙවි කරල තිබෙනවා. ජපානය, කැනඩාව, ඩුබායි, ඔස්ටේ්‍රලියාව, නවසිලන්තය සහ කැනඩාව වගේ රටවල්වලට සෘජුවම යවනවා.
අපි මෙහෙම හිතමු.

ඔබේ චිත්‍ර දැකලා ඒවා මිළට ගන්න අවශ්‍ය කෙනෙක් හිටියොත් ඒ අයට සම්බන්ධ වෙන්න දුරකථන අංකයක් තිබෙනවාද?
ඔව්..මගේ 070 4855980 අංකයෙන් හෝ මගේ ෆේස් බුක් ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්.

සටහන –
සිල්වා, සී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa