විටෙක නිවේදකයෙක්, තවත් විටෙක ලංකාව පුරා දුෂ්කර පලාත්වල සංචාරය කරමින් පාසල් දරුවන්ට නොමිලයේම වෘත්තීය මාධ්‍ය අවබෝධය සහ අධ්‍යාපනය ලබාදෙන දේශකයෙක්, තවත් විටෙක ජාත්‍යන්තර නිර්මාණ ශීල්පීන් සමග වැඩසටහන් අධ්‍යක්ෂණය කරන්නෙක්, නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් එමෙන්ම ලාංකීය අත්කම් සහ ඇඟලුම් නිර්මාණ ශිල්පීන්ට සියලු උපකරණ සහ යන්ත්‍ර නොමිලයේම සපයා දෙමින් ජාත්‍යන්තරය තුල ලාංකීය සන්නාමයට ඉඩ සකස් කල ව්‍යාපාරික චරිතයක්.

Owner / Managing Director
ඇත්තෙන්ම කිව්වොත් මේක වෙනස්ම චරිතයක කතාවක්…
මුලින්ම අපි ඔබ ගැන කතා කරමු
මම දිනේෂ් ලක්මාල් වාරියප්පෙරුම. ඉපදුනේ කුඩා කල සිට හැදී වැඩුනෙ කොළඹ රත්මලාන ප්‍රදේශයේ. මගේ මව පියා බිරිඳ සහ දරුවන් මා සමග ලංකාවේ ජීවත් වනවා. ඒ වගේම මගේ එකම සහෝදරිය, ආදරණීය අක්කා, මට තවත් ශක්තියක්. ඇයගේ පවුලේ සියලු දෙනා සමග ඇය මේ වනවිට කැනඩාවේ පදිංචිව සිටිනවා.

Owner/ Managing Director
මම ද්විතික අධ්‍යාපනය හදාරන්නෙ, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයෙන්. එය ජීවිතයේ බොහෝ දේ කියා දුන්, ජීවිතයට බොහෝ දේ එකතු කළ උත්තරීතර ස්ථානයක්.
ජනමාධ්‍ය පිළිබඳ උසස් අධ්‍යාපනය කොළඹ විශ්ව විද්‍යාලයෙන් හැදෑරූ මා එංගලන්තයේ Wigan & Leigh College වෙතින් මාධ්‍ය ක්‍රමෝපායන් කළමනාකරණය පිළිබඳවත් , කොළඹ ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව, මූල්‍ය සේවා කළමනාකරණ ඇකඩමිය තුළින් “Equity Market Management” වෘත්තීය අධ්‍යාපනයත් ලබාගන්නවා.
ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු අපි ඉපදුන රටට ලංකා මාතාව වෙනුවෙන් අපේ යුතුකම් කොටස ඉටු කළ යුතුමයි .
ඒ අරමුණින් කොළඹින් බැහැර දුෂ්කර පළාත් වල පාසල් වලට පරිගණක උපකරණ, එම පාසල්වල අනෙකුත් අවශ්‍යතා සඳහා අවශ්‍ය උපකරණ, දරුවන් උදෙසා පොත් පත්, අමතරව බොහොම දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් වෙනුවෙන් මාසිකව ඔවුන්ගේ පවුල් වෙත මුදල් ද පරිත්‍යාග කරනවා. ඊට අමතරව සංඝ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මිල කළ නොහැකි ශාසනික මෙහෙවරක් ඉටුකරන හම්බන්තොට නාගර වැව ප්‍රදේශයේ පිහිටි බුදු රජ වෙහෙර පිරිවෙන් විහාරස්ථානය වෙත එම විහාරස්ථානයෙන් විශ්ව විද්‍යාල වරම් ලැබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ ස්වාමීන් වහන්සේලා විසි එක් නමක් උදෙසා එම විහාරස්ථානයට පරිගණක උපකරණ පරිත්‍යාග කරනවා .


සෑම මසකම විහාරස්ථානයේ කටයුතු වෙනුවෙන් සහ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මූල්‍ය උපකාර සිදු කරමින් ඒ උත්තරීතර ස්වාමීන් වහන්සේලාට ශක්තියක් වන්නට හැකි වීම ඇත්තෙන්ම සතුටට කරුණක්.



ඊට අමතරව එම විහාරස්ථානයේ සියලුම අත්‍යාවශ්‍ය කටයුතු සොයා බලා ඉටු කරන්නේ එම විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් නිසාත් උන් වහන්සේ බුද්ධ ශාසනයට උතුම් මෙහෙවරක් ඉටු කරන නිසාත් බව අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි…
ආයතනයේ කාර්ය භාරය
අපගේ ආයතනයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රධාන නිෂ්පාදන මෙහෙයුම් ස්තානය රාගම ප්‍රදේශයේ පසුගියදා විවෘත කෙරුණා. නිෂ්පාදන අලෙවි ශාඛාව කැලණිය ප්‍රදේශයේත් පිහිටා තිබෙනවා.
අනෙකුත් ප්‍රධාන ආයතන ද්විත්වය කැනඩාවේ ස්ථාපිත කර තිබෙනවා. made in ceyland inc CANADA සහ Creators Galaxy Inc.Canada ලෙස අපගේ ආයතන ද්විත්වය කැනඩාවේ ලියාපදිංචි පුද්ගලික සමාගම් ලෙස අදාල මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
විශේෂයෙන් සඳහන් කළ යුතුයි. “Wedding Planning & Event Management” සේවා සැපයීමේ ආයතනයක්ද ජූලි 01 වෙනිදා සිට කැනඩාවේ ඇල්බර්ටා හිදී ආරම්භ වනවා.
ඒවගේම කොළඹ පිහිටා ඇති Creators Galaxy ආයතනය මගින් වෙළඳ දැන්වීම් සහ විදෙස් රටවල් වලට රූපවාහිනී සඟරාමය වැඩසටහන් නිෂ්පාදනය සිදු කෙරෙනවා. එය කැනඩාවේ Creators Galaxy Inc. CANADA ලෙසත්, ලංකාවේ CREATORS GALAXY (PVT)LTD ලෙසත් නෛතිකව ක්‍රියාත්මකයි.



Made in ceyland කියන්නේ ලාංකීය සන්නාමයක අභිමානය ලෝකයට රැගෙන යන ලාංකික අපේ දෙයක්. කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේදී අප ආයතනය පූර්ණ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා.



corona උවදුර ලෝකයේ ම ජන සමාජය සහ ලෝක ආර්ථිකයන් දුර්වල කරමින් සමස්ත ලෝකයම විනාශ කළ යුගයක , ලාංකීය අත්කම් නිර්මාණකරුවන්, චිත්‍ර ශිල්පීන් , ගෘහ කර්මාන්ත වල නියැලුණු ව්‍යවසායිකයන් කටුක කඨෝර සමටෝර සමාජයීය තත්ත්වයන්ට මුහුණ දුන්නා. ඉතින් එවන් යුගයක අප දෙදෙනා එක්ව කොරෝනා වසංගතයේ දරුණු බලපෑම නිසා දිනෙන් දින විනාශයට පත්වන ලාංකීය සමාජය තුළ සිටී ගෘහාශ්‍රිත සුළු පරිමාණ ව්‍යාපාරිකයින් , අත්කම් නිර්මාණ ශිල්පීන් සහ අනෙකුත් නිර්මාණකරුවන් ආරක්ෂා කිරීමේ උඩුගම් බලා යන අධිෂ්ඨානශීලී ගමනක් ආරම්භ කළා.
මේ අනුව අපගේ පළමු උත්සාහය මුලතිව් දිස්ත්‍රික්කයේ තල් කොල ආශ්‍රයෙන් අත්කම් නිර්මාණ භාණ්ඩ නිෂ්පාදනය කරන සියලු ව්‍යාපාරික තත්ත්වයන් විනාශ වී සිටී පවුල් කුටුම්බයක් යළි නගා සිටුවීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරා.
ඒ වන විටත් ලංකාවේ ප්‍රධානතම අත්කම් නිර්මාණ අලෙවි කරන අලෙවි කරන ආයතන වෙත තමන් නිෂ්පාදන ලබාදුන් එම නිර්මාණකරුවන්ගේ නිර්මාණ අදාල ප්‍රධාන පෙළේ ආයතන විසින් මිලදී ගැනීම් නවතා දමා තිබුණා. ඊට ප්‍රධානතම හේතුව එම ආයතන පවා විනාශකාරී කොරෝනා වසංගත සමයේ දැඩි ලෙස ව්‍යාපාරික පරිහානියකට පත් වෙමින් තිබීමයි.
එවන් යුගයක අප මුලින්ම සිදු කළේ මුලතිව් දිස්ත්‍රික්කයේ එම නිර්මාණකරුවන්ට ඒ වන විට තමන් නිෂ්පාදනය කර තිබූ නිෂ්පාදිත සුරක්ෂිතව තබා ගැනීම සඳහා ගබඩා පහසුකම් අපගේ වියදමෙන් ලබා දීමයි. එයට අමතරව ඔවුන් නිෂ්පාදනය කර තිබූ සියලුම නිෂ්පාදිත අප විසින් මිලදී ගෙන කැනඩාව වෙත රැගෙන යනු ලැබුවා.

ඒ වන විටත් කැනඩාව පවා කොරෝනා වසංගතයේ දරුණු බලපෑමට ලක්ව සිටි නිසා අප රැගෙන යන භාණ්ඩ කැනඩාව තුළ කිසිදු අලෙවියක් එම අවස්ථාවේදී සිදු නොවන බව අප හොඳින්ම දැන සිටියා. නමුත් මුලතිව් දිස්ත්‍රික්කයේ අදාල නිෂ්පාදකයන්ට ඔවුන්ගේ ජීවිතවල ස්ථිරසාර භාවය ආරක්ෂා කරදීම වෙනුවෙන් අප එම භාණ්ඩ කැනඩාව වෙත රැගෙන යනු ලැබුවා. අප එසේ රැගෙන ගිය භාණ්ඩ බොහොමයක් දරුණු කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය පවා බිඳ වැටී තිබුණු යුගයක අලෙවි කිරීමට නොහැකිව කල් ඉකුත් වී විනාශයට පත් වුණා.නමුත් එය එලෙස සිදු වන බව අපි දැනගෙන සිටියා .
මෙලෙස ලංකාව පුරාම සංචාරය කරමින් අත්කම් භාණ්ඩ භාණ්ඩ නිෂ්පාදනය කර කොරෝනා වසංගත තත්ත්වය නිසාම ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව සිටි ගෘහාශ්‍රිත නිර්මාණකරුවන්ගෙන් සහ ව්‍යවසායකයින්ගෙන් ඔවුන්ගේ නිෂ්පාදිත මිලදීගෙන ඔවුනට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප ඔවුනට ශක්තියක් වුණා. එය වටිනා ජාතික වගකීමක් සහ යුතුකමක් ලෙසින් අපට දැනුණා.

එදා එලෙසින් ආරම්භ කළ made in ceyland inc canada සහ made in ceyland sri lanka සමූහය එදා මෙදා තුර ලාංකීය ව්‍යාපාරික සන්නාමයක් ඉටු නොකළ වගකීම් සහ යුතුකම් සම්භාරයක් ලාංකීය ජනතාව වෙත ඉටුකරමින් සිටිනවා . මේවනවිට නිර්මාණකරුවන් සහ ගෘහාශ්‍රිත ව්‍යවසායකයින් 17කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් අපට ඔවුන්ගේ සේවය සපයනවා. අප ඔවුනට අවශ්‍ය ය යන්ත්‍ර උපකරණ මිල මුදල් ගබඩා පහසුකම් සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා ඔවුනට සම්පාදනය කරමින් ඔවුන් සියලු දෙනාව ස්ථාවර ව්‍යාපාරික ගමනක රැගෙන යාම විශේෂයි.
අපත් සමඟ සේවය කරන නිර්මාණකරුවන්ට සහ අත්කම් නිර්මාණ ශිල්පීන්ට අප විසින් ලබා දී ඇති යන්ත්‍රෝපකරණ ගබඩා පහසුකම් සහ අනෙකුත් උපකරණ භාවිතා කරමින් තවත් වෙනත් ව්‍යාපාර ආයතන වෙත ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිකිරීමට සම්පූර්ණ නිදහසක් අපි ලබාදී තිබෙනවා. එය ලංකාවේ කිසිදු ව්‍යාපාරික ආයතනයක් නොකරන, ලබා නොදෙන අවස්ථාවක්.

අපගේ වැඩ බිම් හා නිෂ්පාදනාගාර තුළ සේවයේ නිරත ගෞරවනීය සේවක මහතුන් සියලු දෙනාගේම ආර්ථික සහ සමාජයීය මට්ටම් සංවර්ධනය උදෙසා අප ආයතනික වශයෙනුත් පෞද්ගලික වශයෙනුත් කැපවී ඔවුන්ගේ ජීවිතවල අභිවෘද්ධි උදෙසා කටයුතු කරනවා .
එමෙන්ම ලොවපුරා රටවල් 123කට අධික ප්‍රමාණයක සහභාගිත්වයෙන් කැනඩාවේදී පැවැත්වුනු Heritage Festival ජාත්‍යන්තර සංස්කෘතික, අලෙවි සහ වෙළඳ ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා අවස්ථාව හිමිව ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගි වීම ඉතා කෙටි කාලයක් තුළදී ජාත්‍යන්තරය තුළ ක්‍රියාත්මක සන්නාමයක් ලෙස අප ලද සුවිශේෂී ජයග්‍රහණයක්.

ඉතින් අද වන විට කැනඩාව, එංගලන්තය , එක්සත් අරාබි එමිර් රාජ්‍යය , නවසීලන්තය ඇතුළු රටවල අපගේ නිෂ්පාදන සහ නිර්මාණ අලෙවි කෙරෙනවා.
කැනේඩියානු රාජ්‍යය තුළ අපගේ ප්‍රධාන ශාඛාවත්, අපගේ ප්‍රධාන දකුණු ආසියාතික කාර්යාලය කොළඹ ප්‍රදේශයේත් කැලණිය ප්‍රදේශයේ අපගේ අලෙවි ශාඛා මැදිරියත් ක්‍රියාත්මක වෙනවා. කැළණිය ප්‍රදේශයේ ස්ථාපිත අපගේ අලෙවි ශාඛාවේ කළමනාකාරවරිය ලෙස දක්ෂ නිර්මාණ ශිල්පිනියක්ද වන ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් ඇති “ධම්මිකා අතුකෝරාල” මහත්මිය කටයුතු කරනවා . ඊට අමතරව ගම්පහ, කොළඹ, ගාල්ල , අවිස්සාවේල්ල සහ හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ අපගේ නිෂ්පාදන වැඩබිම් ඒකක ක්‍රියාත්මකයි .
විදේශ විනිමය ලංකාවට අත්‍යවශ්‍ය යුගයක එම ක්‍රියාවලියට ජාතික දායකත්වයක් දැක්වීමට හැකි වීම භාග්‍ය අමරසිංහ සහ දිනේෂ් ලක්මාල් වාරියප්පෙරුම වන අප දෙදෙනා ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දක්ෂ , නිර්මාණශීලී, ගෞරවනීය කණ්ඩායම් සාමාජිකයන්ගේ ජාතික මෙහෙවරක් ලෙස ගෞරවයෙන් සිහිපත් කළ හැකියි.
ඔබේ ගමන් මගෙහි සාර්ථකත්වය වෙනුවෙන් උපකාර කළ අය ගැනත් මතක් කරමු.
අවසන් වශයෙන් ගෞරවයෙන් මතක් කල යුතුයි වරුණ අතුකෝරාල ආරම්බයේ පටන්ම ආශිර්වාදයක් සහ ශක්තියක් වුනු මොරටුව විශ්වවිද්‍යාලයෙන් බිහි වූ දක්ශයෙක්. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහිවුණු එකිනෙකට වෙනස් අති දක්ෂ චරිත දෙකක් වන සුගත් අප්පුහාමි සහ අසංග ආරියරත්න, ලංකාවේ වටිනා සංස්කෘතික උරුමකරුවකු වන, උඩරට නර්තන පරම්පරාවේ පාලිත රාජපක්ෂ, ග්රේශන් දිසානායක, දක්ෂ ත්‍රිමාණ සජීවී කරණ ශිල්පියකු වන මලීශ මෙවන්, දිල්වාන් සෙනිතු, දනුෂ්ක ජයසිංහ, ලේක්හවුස් ආයතනයේ නිසාම් සහ අනුශ්ක. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රකට ලාංකික ව්‍යාපාරිකයකු වන මා මිත්‍ර නිරෝශන් කහවත්ත, ඕස්ට්‍රේලියාවේ “මෙල්බන් සහන්” හෙවත් සහන් විරසේකර, ගිටාර් සහ පියානෝ වාදක සුදර්ශන් පුශ්පරාජ්, ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ශ්‍රී කාන්ත් රාසමනී සහ මාගරට් කුලසූරිය සහ සියත ටීවී ආයතනයේ තුශාන් කරුණාරත්න සහ අනිල් පුශ්පකුමාර ඇතුළු මෙහි නම් සදහන් නොවුනු නිරන්තර ආශිර්වාදයක් ශක්තියක් වුනු සියලු දෙනාවම.
ඉදිරි කටයුතු
ඒ වගේම “ලස්සන පුංචි සිහින රෝසමල පිපුණු නිල් පාටින් හැඩ ඇතුගල අහස” ඒක වෙනස්ම කතාවක්, වෙනමම නිර්මාණයක් ලෙසින් ඉදිරියෙදී ඔබට ලබා දෙන්නටම අපි සූදානම්.
අප ආයතනයේ වෙබ් අඩවියේ ලින්ක් එක පහතින්,
සටහන – බිනාලි රාජපක්ෂ
