ලංකාවට මෙන්ම ලෝකයට ද ආගන්තුක නොවුණු කෙටි චිත්‍රපටයක් ලෙස “ආගන්තුකයා ” හැඳින්විය හැකිය. ලාංකේය නිර්මාණ විදේශීය රටවල දී සම්මානයට පාත්‍රවීම අගය කළ යුතුය. එබැවින් මම අද සොඳුරු කතාබහට ආරාධනා කළා එහි අධ්‍යක්ෂකවරයාට. ගුවන්විදුලිය, පුවත්පත සහ රූපවාහිනිය යන ත්‍රිවිධ මාධ්‍යයන් තුළම සිය ප්‍රතිභාව මැනවින් ප්‍රදර්ශනය කළ නිර්මාණකරුවෙකු ලෙස මෙතුමා හැඳින්විය හැකිය. ඕනෑම මාධ්‍යයක් තුළ තමාටම ආවේණික වූ ශෛලියක් භාවිතා කරමින් සිය අනන්‍යතාව තහවුරු කරගනිමින් නව මානයන්ගෙන් සමාජීය පැතිකඩයන් විවරණය කිරීමට මොහු සැමවිටම උත්සහ දරයි. ඔහු නමින් “පරාක්‍රම ඒකනායක” යි.

කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?
අප්‍රේල් අග විතර නාට්‍යයක් පටන් ගන්න සූදානමින් මේ දවස් වල ඒක ලියමින් ඉන්නවා. අප්සරා ද සිල්වා ගෙ music video තුනකට සූදානම් වෙනවා. ඒවත් එක්කම රටේ අර්බුද මැද අර්බුදකාරීව ජීවත් වෙනවා.
මෑතකදී ” ආගන්තුකයා ” කෙටි චිත්‍රපටයට ලැබුණු සම්මාන පිළිබඳව කතා කරමු
සිංගප්පූරුවේ පැවැති international short film festival සම්මාන උළෙලේදී තමා මේ සම්මාන ලැබුනේ. මේ සඳහා 2022 වසරේදී මෙහි නිෂ්පාදකවරයා වන විරාජ් කරුණානන්ද ආගන්තුකයා චිත්‍රපටය ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵල 2023 වසරේ පෙබරවාරි මාසයේදී අපට ලැබුණා. ඒ අනුව හොඳම ආසියානු කෙටි චිත්‍රපටය සහ හොඳම තිර රචනයට ජූරි සම්මානය හිමිකර ගැනීමට සමත් වෙනවා. මම හිතනවා මෙහි කතා තේමාවත් එක්ක මෙසේ සම්මානයට පාත්‍ර වීමට හැකියාව ලැබුණා කියලා.


මීට පෙර අවස්ථාවලදීත් ” ආගන්තුකයා” කෙටි චිත්‍රපටය සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු
ප්‍රථමයෙන්ම 2021 වසරේ දී The buddhist international film festival හීදී හොඳම විදෙස් භාෂා කෙටි චිත්‍රපටය සඳහා Best foreign language film award එක ලැබෙනවා. ඒ වගේම හොදම නිශ්පාදනය සදහා golden leaf international film festival හීදී සම්මානයට පාත්‍ර වෙනවා. Tragore international film festival එකේදී හොදම නිශ්පාදනයට සම්මාන හිමිකර ගන්නවා. 2022 දී white pearl international film festival එකේදී හොදම නිෂ්පාදනය, හොදම අධ්‍යක්ෂණය හා හොදම කෙටි චිත්‍රපටය සදහා සම්මානය හිමිකර ගන්නවා.
ඔබේ ප්‍රථම වෘත්තීය පුවත්පත් කලාව නේද?
ඔව්. 90 ගනන් මුල ඉදන් මම පත්තර වලට ලිව්වා.නමුත් වෘත්තියක් විදිහට මාධ්‍යයක නියැළෙන්නේ “පාරාදීසය” සගරාවේ. එහි කළමනාකාර කර්තෘ ලෙසත් ලේඛකයෙක් ලෙසත් කටයුතු කළා.
පුවත්පත් කලාවෙන් ඔබ රූපවාහිනී ක්ෂේත්‍රයට යොමු වෙනවා. ඒ පිළිබඳව කතා කළොත් ?
මම 2003 දී සිරස නාලිකාවේ Book Mark නමින් වැඩසටහනක් කළා. එහිදී මම පොතක් ගැන කියන්න ක්‍රම හොයා ගත්තා. පොතකින් නිර්මාණය වුණු ගීත, චිත්‍රපටි වගේ රූප භාවිතය ගැන මම අලුත් ක්‍රම අත්හදා බැලුවා. ඉන්පසුව මම ” ආර්ට් එක” කියලා program එකක් කළා. එහිදී සමීප රූපයෙන් දුර රූප,විවිධ කෝණ භාවිතා කරමින් වෙනස් හැඩයක් ගෙන ඒමට උත්සාහ කළා. ඒ වගේම පත්තර වල තියෙන භූත කතන්දර රූපයට ගොඩනගමින් අදිසි රෑ 10 වැනි නාට්‍ය නිර්මාණය කරන්නට සමත් වුණා.

තාක්ෂණයේ දියුණුවත් සමග වර්තමානයේ පොත් කියවීම ජංගම දුරකථනයට සීමා වී තිබෙනවා. ගත් කතුවරයෙකු ලෙස ඔබ ඒ පිළිබඳව සිතන්නේ කුමක්ද ?
e – book කියන Concept එක ලංකාවට හරියටම ආවේ නෑ කියලා තමා මට හිතෙන්නේ. අපිට පොඩි Screen එකක් ඇතුලේ පොතක් කියවන්න තරම් හික්මීමක් නැහැ. පොතක් අතට ගත්තම එහි මෘදු බව, සුවඳ,නැවුම් බව අපට භෞතිකව දැනෙනවා. නමුත් e – book හි එය නැහැ. හැබැයි අපට e – book concept එකට යන්න වෙනවා. මොකද මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මුද්‍රණ කඩදාසි හිඟවීම, ඒ හිඟ වීමත් එක්ක පොතක් Print කළොත් එහි මිල ඉහළ යාම වගේ කරුණු නිසා. නමුත් මේ concept එකට යොමු වෙන්න තවම ලංකාව සකස් වෙලා නැහැ. සමහර විට විට අනාගත පරම්පරාව පොත් කියවීම e – book මගින් සිදු කරාවි. මොකද ලංකාව හැමදේම භාරගන්නේ පරක්කු වෙලා නිසා.
ඔබ නිර්මාණයක් සිදු කිරීමේදී සැලකිලිමත් වන කරුණු මොනවාද?
ප්‍රස්තුතයක් ලැබුණට පස්සෙ ඒකෙ Line Up එකක් හදා ගත්තට විතරක් මදි. තමන් මේක මිනිස්සුන්ට කියන්නේ කොහොමද කියන එක හොයා ගන්න ඕනේ. අන්න ඒ නිසා මම, තෝරගත්ත දේ මිනිසුන්ට තේරෙන්න කියන්නේ කොහොමද කියන එක ගැන සැලකිලිමත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය රූපරාමු,සංගීතය,වර්ණය පිළිබඳව මම නැවත නැවත හිතනවා. රූපගත කරපු දේ නැවත සංස්කරණයේ දී වෙනස්ව හිතනවා. මම බොහෝවිට රූපගත කිරීමට අවශ්‍ය දෙයට එහා ගිය යමක් රූපගත කරනවා. මොකද මම හිතනවා එමගින් නිර්මාණයේ තවත් දේවල් මට ගොඩනඟා ගන්න හැකියාවක් තියෙනවා කියලා. මම නිර්මාණයක් තුළින් කතාවක් කියන්න උත්සාහ කරන්නෙ නැහැ. කතාවක් ගොඩනගන්න තමයි උත්සාහ කරන්නේ.
නිර්මාණකරණයට පිවිසීමට බලාපොරොත්තු වන නවකයින්ට ඔබ දෙන උපදෙස් මොනවාද ?
මුලින්ම තමන් කරන වැඩේ ගැන හදාරන්න. ඒ හැදෑරීම කියන්නේ පොත පතෙන් ගන්න එක විතරක් නෙවෙයි. ජීවිතයෙන් ගන්න හැදෑරීමත් අත්‍යවශ්‍යයි. හොද නිර්මාණකරුවෙක් බිහිවෙන්න නම් හොද කියවීමක් තියෙන්න ඕනේ. හොද දැකීමක් තියෙන්න ඕනේ. සංවාද වල යෙදෙන්න ඕනා. සම්මානයක් ලැබීම කියන්නේ ඒ නිර්මාණයට ලැබෙන ඇගයීමක් විතරයි. තමන් ඊලග කාර්යය Fail නම් පෙර ඇගයීමෙන් පලක් නැති වෙනවා. ඒ නිසා යථාව අවබෝධ කරගනිමින් එය පවත්වාගෙන යා යුතුයි. නමුත් තමන් එක තැනක නැවතිලා එය පවත්වාගෙන ඇවිත් වැඩක් නෑ. අපි Update වෙන්න ඕනා. දැන් තියෙන Digital යුගයට අනුව හැඩගැහෙන්න අවශ්‍යයි. එවිට තමන්ගේ නිර්මාණකරණයේ යෙදීමත් පහසු වෙනවා.
සංවාදය – පෙවින්ද්‍යා රශ්මි.
