ආදරණීයයන්ගේ විවාහ සිහින සැබෑ කරන තම්බපණ්ණි Bride to Be හි මෙවර ගෙන එන සුවිශේෂීත්වයන් මොනවද සහ තම්බපණ්ණි Bride to Be පිළිබඳව තම්බපණ්ණි Events ආයතනයේ කළමණාකාරිතවය සමග කතා බහ කිරීමටයි.

තම්බපණ්ණි Bride to Be නමින් පැවැත්වෙන විවාහ මංගල ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ කුමක්ද?
තම්බපණ්ණි Bride to Be එක දැන් ප්‍රදර්ශනයක්ම පමණක් නෙවෙයි.. මේක Event එකක්. අපගේ ප්‍රධාන අරමුණ ඉදිරියේදී විවාහයට පත් වීමට සිටින ඔබට විශාල වට්ටම් සහිතව මංගල දිනයට අවශ්‍ය සියලුම දෑ එකම වහලක් යටදී ලබා දීමයි. එමෙන්ම අපගේ අපේක්ෂාව විවාහ සැලසුම් කිරීමේ ක්‍රියාවලිය හිසරදයක් නොවී ඉක්මන්, ලාභදායී සහ විනෝදය සපිරි අත්දැකීමක් කර ගන්නා හැකි ආකාරයට සිදුකර දීමටයි.
පසුගිය පෙබරවාරි මස පැවැති විවාහ මංගල ප්‍රදර්ශනය හා සැසදීමේදී තම්බපණ්ණි Bride to Be විවාහ ප්‍රදර්ශනය 2025 ඇති සුවිශේෂිත්වයන් මොනවාද?
විශෙෂයෙන්ම කියන්න ඕන තම්බපණ්ණි Events ආයතනය ආරම්භ කරල 2025 අවුරුද්දට දස වසරක් වෙනවා. පෙබරවාරි මස පැවැත්වූ විවාහ මංගල ප්‍රදර්ශනය සැමට විවෘත වූ අතර Bride to Be විවාහ ප්‍රදර්ශනය ලියාපදිංචි වූ සීමිත සංඛ්‍යාවකට පවත්වන ලද්දක්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සියලුම දෙනා එදිනට සහභාගී වීමට නියමිතයි.
අපි වසරෙන් වසර නව නිර්මාණ, නවීන විලාසිතා සහ අනෙකුත් අදාල සේවාවන් සමඟ මේ ප්‍රදර්ශනය නව මානයකට රැගෙන එනවා.
මෙවර පැවැත්වෙන මංගල ප්‍රදර්ශනය සඳහා වෙළඳ කුටි කොපමණ සංඛ්‍යාවක් තිබෙනවාද?
මේ වන විට වෙළෙඳ කුටි 20ක් පමණ සංඛ්‍යාවක් සූදානම් කරලා තිබෙනවා.
මෙම විවාහ මංගල ප්‍රදර්ශනයෙන් පසුව පවත්වන්නට නියමිත ප්‍රදර්ශනය ගැනත් අපි මතක් කිරීමක් කරමු.
2026 පෙබරවාරි මස සහ මෙම වසරේ නොවැම්බර් මස Avenra Beach හොටෙල් සමූහයත් සමග එක්ව Future Fashion නමින් මීට පෙර කරන් ලද විලාසිතා සංදර්ශනය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.
විශේෂ ස්තුතිය
මේ වෙලාවෙ ස්තූතිවන්තවෙන්න ඕන අපිත් එක්ක මේ දක්වා එකවූ සියලුම Sponsors ලා සහ අනෙකුත් සියලුම vendors ලාට. ඒ වගේම වසර දහයක් පුරාවට අපේ ආයතනය කෙරෙහි විශ්වාසය තියල ගුනාත්මක ප්‍රදර්ශනයක් නැරබීමේ අදහසින් මේ දක්වා අපි එක්ක එකතු වුනු දසදහස් සංඛ්‍යාත ජනතාවටත් ස්තූතිවන්ත වෙනවා.
