(ඔක්තෝම්බර් 12 වනදාට යෙදුණු ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙනි)
පාසලේදී මෙන්ම නිවසේදීත් කුඩා දරුවන් බොහොමයක් විවිධ ආකාරයේ අනතුරු සිදු කරගන්නවා. මෙම අනතුරුවලින් ඇසට සිදුවන අනතුරු ගැන අපි විශේෂයෙන් සැලකිලමත් විය යුතු වෙනවා. අක්ෂි වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ දරුවන් ඇසට සිදු කර ගන්නා අනතුරුවලින් බොහොමයක් ම නිවසේදී සිදු කර ගෙන ඇති බවයි. මේ අතර මෙරට පාසල් සිසුන්ගෙන් 15% ක් ම අවිදුර දෘෂ්ටිකත්වයෙන් ( දුර පෙනීමේ ආබාධය) පෙළෙන බවත් බොහෝ දෙනා ඒ පිළිබඳව නොදන්නා බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර මහතා පවසනවා.

දරුවෙක් අක්ෂි ආබාධයකින් පෙළුණ ද ඔවුන්ට එම තත්ත්වය වචනවලින් ප්‍රකාශකිරීමට නොහැකි වීම නිසා දෙමාපියන්ට මේ පිළිබඳව අවබෝධයක් නොමැති බවත් දෙමාපියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවත් වෛද්‍යවරු අවධාරණය කරනවා.
විශේෂයෙන් ම දරුවෙක් ඉතා ළඟ සිට රූපවාහිනිය නැරඹීම, ඇස්වලට ඉතා ළංකර පොත්පත් කියවීම, නිතර පවතින හිසරදය, නිතර ඇස් කැසීම, පොඩි කිරීම හා නිතර ඇස්පිය ගැසීම අසාමාන්‍ය ලෙස හිස හරවා බැලීම, වපරය, ඉගෙන ගැනීමේ දුර්වලතා පෙන්නුම් කිරීම, දෙමව්පියන් හෝ සහෝදරයන් කුඩා කලක සිට ම කණ්ණාඩි භාවිත කිරීම ආදි කරුණු පවතිනවා නම් එවැනි දරුවන් අක්ෂි පරීක්ෂාව සඳහා යොමු කළ යුතුයි. පාසල්වල ගුරුවරුන්ට ද දරුවන්ගේ අක්ෂි ආබාධ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනිමට ඇති ඉඩකඩ වැඩි බැවින් දෙමාපියන් ගුරුවරුන්ගේ අදහස් ලබා ගැනීම ද වඩාත් සුදුසුය.
ඇසට සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීමට අප නිතර අවධානයෙන් කටයුතු කළ යුතු යුතුයි. විශේෂයෙන් ම පහත කරුණු කාරණා කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීම ඉතා ම වැදගත්
- පෑන් පැන්සල් කවකටු පිහියා වැනි තියුණු උපකරණ අන් අය වෙත විසි කරන්න එපා. ඉතා කුඩා දරුවන්ට ඒවා ලබා දීමෙන් වළකින්න
- දුනු ඊතල කැටපෝල ගල් බුලට් පිහිතල වැනි තියුණූ උල් දේ සමඟ සෙල්ලම් කිරීමට දරුවන්ට දීමෙන් වළකින්න
- තණකොළ කැපීමේදී කුණු පිළිස්සීමේදී මකුළු දැල් කැඩීමේදී ඒ දෙස නිකරුනේ බලා සිටිමෙන් වළකින්න
- රතිඤ්ඤා හා ගිනිකෙළි භාවිතයෙන් ඈත් වන්න
- බල්ලන් පූසන් කුරුල්ලන් මුහුණ ළඟට ගෙන සිප ගැනීමෙන් වළකින්න
මෙවැනි කාරණා කෙරෙහි අවධානය යොමු නොකිරීමෙන් නොසිතූ ලෙස අක්ෂි අනතුරුවලට මුහුණපෑමට සිදුවූ දරුවන් අප අතර සිටිනවා. ඒ් වගේම අද on line education ඉතා ම ජනප්‍රියයි. මෙම ජංගම දුරකතනය දුරස්ථ අධ්‍යාපනය( online Education) සඳහා භාවිත කිරීමේදී පහත කරුනු කාරණා කෙරෙහි අවධානය යොමු කරනවා නම් අක්ෂි ආබාධයන්ට ගොදුරු වීම අඩු කරගන්න පුළුවන්.
- පොත් මේසය හොඳින් දුර පෙනෙන ජනේලයක් ඉදිරියෙන් තබා ගන්න. නියමිත ඉරියව්ව අනුව කොන්ද කෙලින් තබා ඉද ගන්න
- සෑම විනාඩි 20කට වරක්ම තත්පර 20ක් අඩි 20ක්වත් දුර බලන්න. සුළු වේලාවක් ඇස් වසා සිටින්න. ඇස්වල වෙහෙස නැති වේ
- ඇස් වියලීම වැළැක්වීමට නිතර ඇසිපිය ගසන්න. විදුලි පංකාව මුහුණුට වදින අයුුරින් නොදමන්න
- වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය නම් කඳුළු බෙහෙත් භාවිත කරන්න
ඇසට අනතුරක් සිදු වූ විට ක්‍රියා කළ යුත්තේ කෙසේද?
ඒ් වගේම ඇසට අනතුරක් සිදු වූ විට අප ක්‍රියා කළ යුත්තේ කෙසේද කියන එක ගැනත් අපට හොද අවබෝධයක් තියෙන්න ඔීනේ.ඇසට අනතුරක් සිදු වූ විට අපි හිතූමතේ විවිධ අත් බෙහෙත් දමන්න පෙළඹිලා තියෙනවා. අක්ෂි වෛද්‍යවරු අවධාරණය කරන්නේ කිසි ලෙසකික්වත් අත් බෙහෙත් නොකළ යුතු බවයි. ඇසට විවිධ ඖෂධ වර්ග, තෙල්, අත් බෙහෙත් වැනි දෑ කිසි සේත් ම නොදැමිය යුතු අතර ළඟ ම ඇති රජයේ රෝහලකට හැකි ඉක්මණින් යොමු කළ යුතුයි.
ඇසට යම් රසායන ද්‍රව්‍යයක් හෝ යම් කිසි ද්‍රව්‍යයක් ඇතුළු වුවහොත් හෝ එම ද්‍රව්‍ය පෙනෙන්නට තිබේනම් හෝ එය කිසිවිටෙකත් ඉවත් කිරීමට උත්සහ නොකළ යුතුයි. ඇතැම් විට අප කරන ඇතැම් ක්‍රියා නිසා ඇසේ කාචයට පවා හානි සිදු වන්න පුළුවන්.මෙවැනි අවස්තාවකදී පළමුව පිරිසිදු ගලා යන ජලයෙන් ඉතා හොදින් ඇස් සෝදා හැරිය යුතුයි. මෙය විනාඩි 20ක් පමණ කළ යුතුයි. ඉන් අනතුරව ළඟම ඇති රෝහලකට යොමු විය යුතුයි
වපරය වාසනාවේ ලක්ෂණයක් ද?
වපරය කිසි විටෙකත් වාසනාවක ලක්ෂණයක් නොවන අතර ඇස් අන්ධ කිරිමට ද හේතුවක් වන බැවින් වහාම අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි.
අක්ෂි රෝගවලට පළදින උපැස් යුවල පරිහරණයේදී ද අප දැනගත යුතු හා අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් තිබේ.
උපැස් යුවලක් පළදිනවාද?
- නිරතුරුවම එය පැළඳ සිටින්න. ස්නානය කරන විට හා නිදා ගන්නා විට පමණක් එය ඉවත් කරන්න
- කණ්ණාඩිය පැළඳීමේදී හා ගැලවීමේදී දෑතම භාවිත කරන්න
- දිනපතා කණ්ණාඩිය දූවිලි ඉවත්වන පරිදි සෝදා පිරිසිදු කර ගන්න. තෙල් පැල්ලම් තිබේ නම් ෂැම්පු භාවිතයෙන් සෝදන්න
- කණ්ණාඩියේ රාමුව ඇඳවී ඇණ බුරුල් වී ඇත්නම් නිසි පරිදි සකසා ගන්න
- කණ්ණාඩියේ වීදුරුව සීරි ඇත්නම් එය මාරු කරන්න
- වාර්ෂිකව හෝ මාස හයකට වරක් හෝ කුඩා දරුවන්ගේ ඇස් පරීක්ෂා කරගන්න

මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අක්ෂි රෝගවලින් මිදී නිරෝගී දෑස් යුවලක් හිමි කර ගැනීමට ඔබට ද හැකියාව ලැබෙනු ඇත.
සටහන –

ඉරේෂා මධුරකාවිනී
ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂී රෝහල මගින් පැවැත්වූ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන ඇසුරෙනි
