දියවැඩියා රෝගය හා ප්‍රතිකාර ක්‍රම

author
1 minute, 13 seconds Read

අද දිනට යෙදී තිබෙන ලෝක දියවැඩියා දිනයට සමගාමීව වර්තමාන සමාජය තුළ ඉතාමත් බහුල ලෙස දක්නට ලැබෙන මෙම දියවැඩියා රෝගී තත්ත්වයෙන් අනාගත පරපුර ආරක්ෂා කිරීම උදෙසා දියවැඩියා රෝගය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අද අප ඔබත් සමග සාකච්ඡා කිරීමට සූදානම්.

දියවැඩියාව යනු කුමක්ද?

දියවැඩියාව යනු අප ලබා ගන්නා ආහාරවලින් රුධිරයට එකතු වන සීනි ප්‍රමාණයේ වැඩිවීම යන්නෙන් සරලව හැඳින්විය හැකිය.

රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරනු ලබන්නේ අග්න්‍යාශය (ආමාශය පිටුපස ඇති ග්‍රන්ථිය) මගින් නිපදවන ඉන්සියුලින් නමැති හෝමෝනයෙන් වන අතර
අග්න්‍යාශය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිෂ්පාදනය නොකිරීම නිසා දියවැඩියාව ඇති වනු ලැබේ.

දියවැඩියාව සඳහා තවමත් ප්‍රතිකාරයක් නොමැති වුවද බර අඩු කර ගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම, ක්‍රියාශීලී වීම, අවශ්‍ය පරිදි ඖෂධ ගැනීම සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම තුළින් ඔබේ ජීවිතයට දියවැඩියාවෙන් සිදු බලපෑම අවම කර ගත හැකි බව මතක තබා ගන්න.

දියවැඩියාව තිබෙන බව දැන ගන්නේ කෙසේද?

1. මුත්‍රා වැඩි වශයෙන් පිටවීම
2. අධික පිපාසය (වැඩිපුර වතුර හෝ පැණි රස බීම පානය කිරීමට අවශ්‍ය වීම)
3. බර අඩුවීම
4. ආහාර රුචිය වැඩිවීම ( නිතර කුසගිනි ඇතිවීම)
5. මුත්‍රා ප්‍රදේශය කැසීම.
6. ඇස් බොඳ වීම හෝ පෙනීමේ දුර්වලතා ඇතිවීම.
7. සමේ රෝග ඇතිවීම (දිලීර හා වෙනත් රෝග )

මෙවැනි කිසිදු රෝග ලක්ෂණයකින් තොරව වුවද දියවැඩියාව පැවතිය හැකි බව ඔබට සදහන් කළ යුතු ය.

දියවැඩියා රෝගය ආශ්‍රිත සංකූලතා

පාලනයකින් තොරව දියවැඩියාව බොහෝ කාලයක් තිබෙන විට ශරීරය තුළ විවිධ සංකූලතා ඇති කරයි. මෙහිදී වකුගඩු, ඇස්, ලේ හා ලේ නහර , ස්නායු සහ කකුල් ආශ්‍රිතව සංකූලතා ඇති කරන බව සදහන් කළ යුතු ය.

වකුගඩු ආශ්‍රිත සංකූලතා

දියවැඩියාවේදී ඇතිවන බරපතලම තත්ත්වයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙහිදී වකුගඩුවලින් මුත්‍රා පෙරෙන ඒකකවල ගුච්ජිකා පටක ගොරෝසු වීමෙන් මුත්‍රා පෙරීම අපහසුවීම වකුගඩු ආශ්‍රිතව ඇතිවන සංකූලතා අතර ප්‍රබල වේ. මුත්‍රා වල ඇල්බියුමින් එකතු වීම මගින් මෙම තත්ත්වය හඳුනාගත හැකිය. මයික්‍රො ඇල්බියුමින් යූරියා පරීක්ෂණය මගින් මෙම තත්වය මුල් අවධියේ දී හඳුනාගත හැකිය. මෙහිදී වකුගඩු වල ක්‍රියාකාරීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වේ. මෙය ක්‍රමයෙන් වර්ධනය වී වසර දහයක් පහළොවක් පමණ යන විට වකුගඩු අකර්මන්‍ය වීම සිදුවේ. එවිට ක්‍රියටිනින් මට්ටම වැඩිවීම සිදුවන අතර නිදන්ගත වූ රෝගියකු බවට පත් වේ.

ඇස් ආශ්‍රිත සංකූලතා

ස්ථිර අන්ධභාවයට හේතුවන එක් ප්‍රධාන හේතුවක් ලෙස දියවැඩියා රෝගයේ දී ඇස්වල ඇතිවන සංකූලතා හඳුනා ගෙන ඇත.

මෙහිදී ප්‍රධාන වශයෙන් හානි වූයේ ඇසේ දෘෂ්ඨිවිතානය කොටසටයි. මෙහිදී දෘෂ්ටි විතානයේ අසාමාන්‍ය ලේ නහර නිර්මාණය වී ඒවා ඉදිමීම හා ඒවායෙන් ලේ ගැලීම සිදුවේ. diabetic retinopathy නමින් හැඳින්වේ මෙම තත්ත්වය ඇසේ පෙනීම වැඩිපුර තිබෙන්නා වූ කහ ලපය ආශ්‍රිතව සිදු වූ විට ඉතාමත් බරපතළ ලෙස පෙනීම දුර්වල වේ.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට රෝගියා අවම වශයෙන් වසරකට වරක්වත් අක්ෂි සායනයකට ගොස් ඇසේ ඇතුළත පරික්ෂා කිරීම සිදු කර ගත යුතුය.

යම් ලේ ගැලීම් තත්ත්වයක් ඇති විටදී ලේසර් ප්‍රතිකාර මඟින් එම ලේ නවතා දැමීම බහුලව සිදු කරනු ලබයි.

කාචය ආශ්‍රිතව ද විවිධ ගැටලු ඇති වෙයි.

ඉන් ප්‍රධාන වන්නේ ඇසේ සුද ඇති වීමයි . මෙය ඉතා බරපතළ තත්ත්වයක් නොවනුයේ එම තත්ත්වය සුළු ශල්‍යකර්මයක් මඟින් කාචයක් දැමීමෙන් වුවද සුව කර ගැනීමට හැකි වීම නිසා ය.

ඇසෙහි පීඩනය වැඩි වීමද දියවැඩියාව ආශ්‍රිතව දැකිය හැකි තවත් තත්ත්වයකි.

ලේ නහර ආශ්‍රිත සංකූලතා

දියවැඩියාවේදී ලේ නහර ආශ්‍රිත සංකූලතා ප්‍රධාන ආකාර දෙකකින් සිදු වෙයි. එනම් ඉතා කුඩා ලේ නහරවල ඇතිවන සංකූලතා සහ ඉතා විශාල ලේ නහර වල ඇති වන සංකූලතා යනුවෙනි.

විශේෂයෙන්ම සදහන් කල යුතු වන්නේ විශාල ලේ නහරවල ඇතිවන සංකූලතා හේතුවෙන් මොළය හදවත ආශ්‍රිතව විවිධ ආබාධ දැකිය හැකි අතර මෙහිදී හදවත ආශ්‍රිතව හෘදයාබාධ මෙන්ම මොළය ආශ්‍රිතව අංශභාගය ආබාධ තත්ත්වයන් පවා ඇති විය හැකි ය.

ස්නායු ආශ්‍රිත සංකූලත

දියවැඩියා රෝගයේ දී ස්නායු ආශ්‍රිතව විවිධ ආකාරය සංකූලතා ඇති විය හැකිය. මීට හේතුව වනුයේ විවිධ ආකාරයේ රසායනික ද්‍රව්‍යයන් ස්නායුවල ඇති ආවරණ පටකවල තැන්පත් වීමයි. මෙය ස්නායු ක්‍රියාකාරීත්වයට හානි පැමිණෙන බැවින් ස්නායු දුර්වල වීම ආරම්භ වේ.

විශේෂයෙන්ම මෙහිදී දිගු ස්නායු ලෙස සැලකෙන කකුලට යනු ස්නායු දුර්වලවීම නිසා කකුල් වල හිරි ගතිය මෙන්ම ඉඳි කටු අනින්නාක් සේ දැනිය හැකිය. තවද යටිපතුල් වල සංවේදීතාවය නැතිවී යාම ද සිදු වන ඇති අතර රෝගීන්ට වේදනාව නොදැනීම නිසා කකුල් වලට ඇතිවන විවිධ වූ තුවාල පිළිබඳ ඇතිවන සංවේදීතාවය ද මෙමඟින් නැතිවී යයි.

පාද ආශ්‍රිත සංකූලතා

දියවැඩියා රෝගයේ දී ඇති වන කකුල් ආශ්‍රිත සංකූලතා ඉතාමත් බරපතළ තත්වයකි. එබැවින් දියවැඩියා රෝගීන් ඉතා පරීක්ෂාකාරී ලෙස තම දෙපා රැක ගත යුතුය.

දිනපතා තමාගේ දෙපා ආශ්‍රව කිසියම් තුවාලයක් තිබේද යන්න පරීක්ෂා කර ගත යුතුය. නියපොතු කැපීමේදී දැඩි අවධානයක් යොමු කළ යුතු අතර දියවැඩියාව තුවාල සුව වීම දුබල බව නිසා කුඩා තුවාලයක් වුව ද විශාල වී දෙපා අහිමි වීමට පවා ඉඩ කඩ ඇති වේ.

දියවැඩියාව යනු මෙලෙස සංකූලතා රැසක් ගෙන දෙන රෝගයක් වන අතර එබැවින් ඒවා වළක්වා ගැනීමට ඔබ ක්‍රියා කළ යුතුය.

ඒ සඳහා ඔබගේ ජීවන රටාව බෙහෙවින් ඉවහල්වේ.

දියවැඩියා රෝගී ප්‍රතිකාර ක්‍රම

දියවැඩියාවට ප්‍රතිකාර කිරීමේදී ආහාර පාලනය හා ජීවන රටාව පාලනය කිරීම සෑම රෝගියෙකුම අනිවාර්යයෙන්ම සිදු කල යුතු වැදගත්ම කටයුත්තක් ලෙස සදහන් කල යුතු ය.

ආහාර පාලනය

දියවැඩියා රෝගියෙකු හැකි තරම්දුරට හකුරු, පැණි, සීනි අඩංගු ආහාර කෑම වර්ග, පිටි සහ තෙල් සහිත කෑම වලින් වැලකී සිටීම ඉතාම වැදගත්.

එලෙස නොගත යුතු ආහාර වනුයේ,

හකුරු, පැණි, පුඩිං, සිසිල් බීම, අයිස් ක්‍රීම්, චොකලට්, ජෑම්, රට ඉඳි. වටලප්පන්, තෙල් අධික මස් වර්ග, පාන් පිටි වලින් සෑදු කෑම, බටර්, චීස් වැනි ආහා වර්ගයන් ය

ලබාගත යුතු ආහාර පහත පරිදි වේ.

උදෑසනට

සීනි නොදැමූ කෝපි, තේ හෝ කිරි වීදුරුවක්

උදෑසන ආහාර වේල

පහත එක් වර්ගයක් ගත හැක

රතු හෝ සුදු ඉඳි ආප්ප 5ක් පමණ

– අඟල් 1/2 ප්‍රමාණයේ පාන් පෙති 2-3ක්
– තෝසේ 2-3
– කව්පි හෝ කඩල පිරිසියක්
– කිරිබත්, බත් හෝ නූඩ්ල්ස් පීරිසියක ප්‍රමාණයට

ඉහත කුමක් හෝ එක් ආහාරයක් ව්‍යංජනයක් හෝ පොල් සම්බෝල සමඟ ගත හැක. අතුරුපසට බාගෙට ඉදුණු ඇඹුල් කෙසෙල් හෝ ගස්ලබු කෑල්ලක් ගත හැක.

දවල් ආහාර වේල සදහා

රතු හෝ සුදු බත් පිරිසික් – ව්‍යංජන සඳහා දිය හා කෙඳි සහිත එළවට, වැටකොළු,දඹල, කරවිල, බෝංචි, පලා වර්ග -මස්, මාළු, බිත්තර සුදු මදය, හාල් මැස්සන්
මුං ඇට, කව්පි, පරිප්පු සාමාන්‍ය ප්‍රමාණයට ගත හැක. අතුරුපස සඳහා කෙසෙල් (ඇඹුල්, ආනමාළු, ඇම්බුම්) වැනි වර්ගයක් ගත හැක.

සවසට

කිරි තේ හෝ කෝපි සීනි නොමැතිව
පැණි රස නැති බිස්කට් 2ක්

රාත්‍රී ආහාර වේල

– උදෑසන ආහාරය ලබාගත් පරිදිම රාත්‍රී ආහාරය ලබාගත හැකිය.

ජීවන රටාව පාලනය

දුම් පානය හා මද්‍යසාර පානය දියවැඩියා රෝගීන්ට වඩාත් නුසුදුසු වේ. දුම්පානයෙන් ඔවුන්ගේ වකුගඩු දුර්වල වීම, හෘදයාබාධ වැළදීම සහ අංශභාග තත්වය ඇති වීම වඩාත් ඉක්මන් වේ. දියවැඩියා රෝගීන් ඖෂධ ගන්නා අතරතුර වූවද මද්‍යසාර පානය කල විට අධික ලෙස රුධිරයේ සීනි වැඩිවීම හෝ පසුව මාරාන්තික ලෙස රුධිරයේ සිනි වීම ද සිදුවිය හැකිය.

ක්‍රියාශීලී දිවියකට හුරුවීම වැදගත්

අඩුම වශයෙන් සතියකට දින 3ක් වත් එක දිගට මිනිත්තු 30 – 45 ක් පමණ වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම, හෙමින් ඇවිදීම, පිහිනීම වැනි ව්‍යායාම් වල යෙදිය යුතුය.

උසට සරිලන බර පවත්වාගෙන යාම

දියවැඩියාව පාලනයට උසට සරිලන බර පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වේ.

බර නිවැරදි ප්‍රමාණයට තිබේදැයි සොයා ගැනීමට පහත සඳහන් ආකාරයෙන් ගණනය කල හැකිය.

මෙය ශරීර ස්කන්ධ දර්ශකය ලෙස හඳුන්වයි.

(BMl-Body Mass Index) යම් පුද්ගලයෙකුගේ BMI අගය ලබාගැනීමට එම පුද්ගලයාගේ බර කිලෝ ග්රූම්වලින් ගෙන ඒම අගය එම පුද්ගලයාගේ උස මීටර් වලින් ගෙන එහි වර්ගයෙන් බෙදිය යුතුය.

උදා – රෝගියාගේ බර -50 kg

රෝගියාගේ උස – 1.5m නම්

රෝගියාගේ BM අගය – 22 වේ

BMI සාමාන්‍යය අගයන්

පිරිමි 20.1 – 25 Kg/m2

ගැහැණු 18.7 – 23.8 Kg/ m2

ඖෂධීය ප්‍රතිකාර

ආහාර හා ජීවන රටාව පාලනයට අමතරව, රුධිරයේ සීනි ප්‍රමාණය අනුව මුඛයෙන් ලබාදෙන පෙති වර්ග ගැන කතා කිරීමේ දී ඒවා කාණ්ඩ 5 ක් යටතේ විස්තර කළ හැකිය.

1.සල්ෆයින්යූරියා (Sulfonylureas)

මෙම කාණ්ඩයට අයත් බෙහෙත් වර්ග කිහිපයක් පවතී. ග්ලිබන්ක්ලමයිඩ් (Glibenclamide) ඉන් එකකි. මෙය පැය 12 සිට 20 දක්වා කාලයක් සිරුර තුළ ක්‍රියාත්මක වෙයි. ඒ හේතුවෙන් බොහෝ විට වයසක අයට හා දියවැඩියාව සහිත වකුගඩු රෝගීන්ට ද මෙම බෙහෙත නිර්දේශ නොකරයි.

මෙම කාණ්ඩයේ මෙවැනිම තවත් ඖෂධයක් ඇත. ටෙල්බියුටමයිඩ් (Tolbutamide) නමින් හැඳින්වෙන එම ඖෂධය ඉතා කෙටි කාලයක් ක්‍රියාත්මක වන අතර එය සිරුරෙන් බැහැර වනුයේ අක්මාව හරහා ය. එබැවින් වකුගඩු දුබලතා ඇති අයට මෙම ඖෂධය නිර්දේශ කරයි. තවද මෙම කාණ්ඩයේ ඖෂධ වලින් ලේ වල සීනි ප්‍රමාණය බරපතළ ලෙස අඩුවීමේ අවධානමක් පවතින අතර එමගින් තරබාරුකම ඇති කිරීම නිසා තරබාරු පුද්ගලයින්ට මෙම ඖෂධය ලබා නොදෙයි.

2. බයිගුවනයිඩ් (Biguanides)

මෙම කාණ්ඩයට අයත් වනුයේ මෙට්ෆොමින් (metformine) යන ඖෂධයයි. එමගින් අක්මාව මගින් ග්ලූකෝස් නිෂ්පාදනය අඩු කිරීමත් පටක වල ඇති ඉන්සියුලින් සංවේදීතාව වැඩි කිරීමත් සිදුවේ. බොහෝ විට මෙම ඖෂධය ලබා ගැනීමෙන් කෑම රුචිය අඩු කිරීමක් දක්නට ලැබෙන බැවින් තරබාරු රෝගීන්ට මෙම ඖෂධය ලබා දීම සිදු කරයි.

3. ග්ලුකොසයිඩ් වලක්වන බෙහෙතක් (Glucoside Inhibitors)
ඇකාබොස් (Acarbose) නමින් හඳුන්වන මෙම ඖෂධයෙන් ආහාර මාර්ගයේ එන්සයිම ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරයි. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ සීනි අඩු වූ අවස්ථාවන්හී දී (Hypoglycemia තත්ත්වයේදී) භාවිතයට ගැනීමට ග්ලූකෝස් ළගතබා ගැනීම අනිවාර්ය වනු ඇත.

4. ග්ලිටසෝන් (Glitazones)

මෙමගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ප්‍රබල කරයි.මෙහිදී ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරනුයේ මේද පටක ආශ්‍රිතව ඇති ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයටයි. මෙම ඖෂධය අක්මාව සහ හදවතේ දුබලතා ඇති රෝගීන් සඳහා සාමාන්‍ය නිර්දේශය නොකරනු ලබයි. මෙහි ඇති ප්‍රධානතම ඖෂධ වර්ග දෙක වනුයේ පයෝග්ලිටසෝන් (Pioglitazone) සහ රොසිග්ලිටසෝන් (Rosiglitazone) යන ඖෂධයි.

5. මෙග්ලිටනයිඩ් (Meglitinides)

මෙය සන්ෆන්සිල්යුරියාවල ක්‍රියාකාරීත්වයට සමාන ඖෂධයකි. ආහාර ගැනීමෙන් පසු ඇතිවන ලේවල ග්ලූකෝස් වැඩි වීම ඉතා හොඳින් පාලනය කරයි. නමුත් මෙහි අතුරු ආබාධ අධික බව සදහන් වේ. මෙම කාණ්ඩයට අයත් ඖෂධ වනුයේ රෙපිග්ලිනයිඩ් (Repaglinide)

එහිදී පහත සඳහන් කරුණුවලට ඔබගේ අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ.

– ඖෂධ මාත්‍රාව නියමිත වේලාවට නොවරදවා ගැනීම.
– ඖෂධ අවසන් වීමට පෙර නැවත අලුතින් ඖෂධ ලබා ගැනීම.
• අතුරු ආබාධයක් ඇති වුවොත් වෛද්‍ය උපදෙස් පතන්න.
ඔබ වෙනත් රෝගී තත්වයකට පත්වූවද, දියවැඩියා රෝගය සඳහා ගන්නා ඖෂධ නැවැත්වීම නොකල යුතු බව මතක තබා ගන්න.

ඉන්සියුලින් ද දියවැඩියා රෝගීන්ට ලබා දෙන තවත් ප්‍රතිකාර ක්‍රමයකි.

ඉන්සියුලින්

මෙහි දී ඉන්සියුලින් කෙටි කාලීනව ක්‍රියාත්මක වන ඉන්සියුලින් වශයෙන් ද දිගු කාලීනව ක්‍රියාත්මක වන ඉන්සියුලින් හෝර්මෝන වශයෙන් ද මෙම වර්ග දෙක මිශ්‍ර කර ලබාගන්නා හෝමෝනයන් වශයෙන් ද ලෙස වර්ග කිහිපයකට බෙදා ඇත.

බොහෝ කලකට පෙර ඉන්සියුලින් ලබා ගනු ලැබුවේ හරකුන් සහ ඌරන් අග්න්‍යාශ වලින් නිස්සාරණය කර ලබාගැනීමෙනි. එහෙත් අද වන විට ඉතා ඉහළ ජාන තාක්ෂණය ආශ්‍රයෙන් කෘතිමව මානව ඉන්සියුලින් නිෂ්පාදනය කරයි. මෙහි වැදගත්කම වනුයේ සතුන්ගෙන් ලබා ගන්නා ඉන්සියුලින් මෙන් ප්‍රතිරෝධී බවක් ඇති නොවීමයි.

විශේෂයෙන්ම ඉන්සියුලින් ශීතකරණය තුළ පමණක් ගබඩා කළ යුතු බව සදහන් වේ

උපදෙස් –
ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ අනුර රාජකරුණා
හිටපු සභාපති ශ්‍රී ලංකා දෘෂ්ඨි විශේෂඥගේ සංගමය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa