දිල්මි චමෝද්‍යා ඇගේ නියම නම. නමුත් ගෙදර අය ආදරේට ඇයට කිව්වේ ඩැල්රින් කියලා… මේ නමට ඇය කොතරම් ආදරේ කළාද කිව්වොත් ෆේස් බුක් එකවුන්ට් එකත් ඒ නමින් හදා ගත්තා. මේ අතර ඇගේ මිතුරු මිතුරියන් තවත් ඇයට සමීප වෙමින් මේ නම කෙටි කරලා ‘ ඩැලා ” යනුවෙන් කියන්න පුරුදු වුණා. ඉතින්.. ඩැලාගේ මේ නමේ ම වාසනා ගුණයත් අන්තර්ගතව තිබුණා කිව්වොත් නිවරැදියි. අද වෙන විට ඇය ව්යවසායික්වක් විදිහට “ඩැලා කිචන් “ (DalaZs Kitchen) සන්නාමයේ අයිතිකාරිය විදිහටත් ස්ථාවරත්වයක් ගොඩ නගා ගෙන සිටිනවා.

ඉතින්… ඩැලා මේ ගමන පටන් ගත්තේ කොහොමද..?
මම ඉංගිරියේ පදිංචිව සිටින්නේ. මේ පැත්තේ රෝහලක මම අවුරුදු පහක් විතර ඖෂධ සංයෝජිකාවක් විදිහට කටයුතු කළා. ඒ අතරවාරයේම මෝස්තර නිරූපිකාවක් විදිහටත් මම පෙනී සිටියා. මේ අතරේ මම විවාහ වුණා. දරුවා ලැබෙන්න සිටින නිසා මම තාවකාලිකව රැකියාවෙන් අයින් වුණා. නමුත් මට නැවත ඒ රැකියාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනේ නැහැ.
දැන් මම අම්මෙක්.. කාර්ය බහුලයි. ඒ වගේම ආදායම් මාර්ගයත් අහිමි වුන නිසා ආර්ථික ප්‍රශ්නත් ඇති වෙන්න පටන් ගත්තා.
ආදායම් මාර්ගයක් ගැන හිතුවා..
ඔව් නිවසේ ඉඳන් දරුවත් රැක බලා ගෙන කරළ හැකි ආදායම් මාර්ග ගැන හෙව්වා. ඒ අතරේ මම online ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක reselling ව්‍යාපාරයක්. මගේ වට්ස්ඇප් ගෘප් එකට දිරිය කාන්තාවන් 300 කටත් වැඩි පිරිසක් සම්බන්ධ වුණා. ඉතා හොඳ ආදායමක් ලැබුණා…

නැවතත් දරු සුරතල්..
මට දෙවැනි පුතා ලැබෙන්න පෙර නිමිති ආවා. පුතා ලැබිලා මාස දෙකක් ගෙවෙන විට මම අසනීප වුණා. මට ශල්‍ය කර්ම තුනක් කරන්න සිදු වුණා. මේ කායික වගේම මානසික වේදනාව නිසා මම නොදැනීම මානසික අවපීඩනය depression තත්වයට පත් වුණා. ඒ නිසා මට දිගින් දිගටම බෙහෙත් බොන්න සිදු වුණා.
පවුලේ ශක්තිය ලැබුණා..
මේ හැම දෙයක් සමගම මට පවුල තුළින් ලොකු ශක්තියක් ලැබුණා. අදට මම මේ විදිහට නැගිටිලා ඉන්නේ එදා පවුල තුලින් මට ලැබුන ශක්තිය නිසාම තමයි. මම පවුලේ වැඩිමහල් දියණිය. මට මල්ලිලා දෙදේනෙක් සහ නංගියෙක් ඉන්නවා. මගේ අම්මා, තාත්තා, නංගි, මල්ලි වගේම නෑනලා දෙන්නාත් සහෝදරියන් වගේ මගේ හයියට පිටුපසින් සිටියා.
ඒ වගේම මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහු මගේ අත අතහැරියේ නැහැ. ලොකු ශක්තියක් ලබා දුන්නා. ඒ අතරේ මට අමතක කළ නොහැකි මිතුරියන් දෙන්නෙක් ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් ඉශාකා. එයා ඉතාලියේ ඉන්නේ…නිතරම මට කථා කරනවා. මගේ හිතට ධෛර්ය දෙනවා.
අප්සි අක්කා..
ඔය අතරේ දවසක් අප්සි අක්කා මේ වගේ අදහසක් මට යෝජනා කළා.
ඩැලා… ඔයාට රසට කෑම හදන්න පුළුවන්නේ… ඒත් මට ලොකු අවදානමක් හිතට ආවා. මට මේක කරන්න පුළුවන් වෙයිද..? කියන සැකය හිතේ තිබුණා. ඒත් කමක් නැහැ කියල මගේ පුද්ගලික ගිණුමෙන් ගිණුමක් හදා බිරියානි එකක ෆොටෝ එකක් දැම්මා. බිරියානි ඇනවුම් භාරගන්නවා කියලා ඒ දැන්වීම දාපු දවසට පහුවදා මට ඕඩර්ස් අටක් ආවා.
මෙතැනදී මගේ ව්‍යාපාරයේ අත්පොත තැබූ මුලින්ම ඇනවුම ලබා දුන් පාරිභෝගිකාව සිහිපත් කරන්න ඒන. ඇය හසිතා…මෙම ආරම්භය ඉතාම සුබවාදීව සිදු වුණා. අපේ අම්මටත් බිරියානි රසට හදන්න පුළුවන්. ඒ අත්ගුණය මටත් පිහිටලා තිබෙනවා. අම්මා මට බිරියානි හදන හරිම විදිහ හරියටම කියල දුන්නා. මාත් අම්මාගේ දැණුම සහ මග පෙන්වීම අකුරටම අනුගමනය කළා.
DalaZs Kitchen
මම DalaZs Kitchen නමින් පේජ් එකක් හැදුවා. ඉතින් අද පෝස්ට් එක දාලා දවසක් ඇතුලත මට බාර ගන්න පුළුවන් ඇනවුම් ලැබෙනවා. අද මම බිරියානි වලට විතරක් සීමා වෙන්නේ නැහැ. දාන ඇනවුම් භාර ගන්නවා. ලම්ප් රයිස් , වගේම විවිධ උත්සව වලදී ඔවුන්ට අවශ්‍ය විදිහට ආාහර බොජුන්පත් සකස් කර දෙන්නත් මම දැන් භාර ගන්නවා.
අතුරුපස වුනත් අවශ්‍ය විදිහට ඇනවුම් කරන්න පුළුවන්. ඇනවුම් කරන ආහාර ඉංගිරිය , පාදුක්ක, රත්නපුර , හොරණ සහ පානදුර වගේ ප්‍රදේශවලට බෙදා හරිනවා.
ඇනවුම් බාර ගැනීම..
ඇනවුම් බාර ගැනීමේදී cash on delivery විදිහට තමා බෙදා හැරෙන්නේ. ලොකු ඇනවුමක් නම් සුළු අත්තිකාරම් අය කරනවා.
කාන්තාවන්ට කියන්න දෙයක් නම්…
ඇත්තෙන්ම කාන්තාවක් වුනොත් තමන්ගේ සැමියාගේ ආදායම මත යැපෙන්න එපා. ඔහුට සවියක් වෙන්න. තමන්ටම කියන පුංචි මුදලක් හෝ උපයා ගන්න. අද ඕනැ තරම් ස්වයං රැකියා තිබෙනවා. ඔබට හැකියාව ඇති මාර්ගයකින් ආදායමක් ලබා ගන්න. බාධක ඒවි. ඒ වුනත් නවතින්න එපා. ඔබේ ගමන ඔබ යන්න. ජීවිතයේ සාර්ථකත්ව සොයා ගෙන ඔබ යන්න.
සටහන –
සිල්වා , සී
