නයනාගේ ඉරණම

author
0 minutes, 0 seconds Read

පාළු මාවතේ නිහඬබව බිඳින්නට සමත් වූයේ ඉඳහිට මාවතේ කොනකින් ඇසුණු බල්ලෙකුගේ උඩුබිරුම් හඩින්‍ ය. රාත්‍රි සේවා මුරය අවසන් කර කඩිමුඩියේ නිවස බලා යන නයනාගේ සිත පුරා පැතිර තිබුණේ දැඩි කනසල්ලකි. අද දින අතට ලැබුණු මාසික වැටුපෙන් කොටසක්ම හෙට උදෑසන විල්සන් මුදලාලිගේ කඩයේ ඇති මාසික ණය මුදල වෙනුවෙන් ලබා දිය යුතුය. ඒ හැර දියණියන් දෙදෙනාගේ ඉගෙනුම් කටයුතු සඳහා අවශ්‍ය කළමනා මිලට ගැනීමටත්, අමතර පන්ති ගාස්තු ගෙවීමටත්, නිවසේ විදුලි බිල ගෙවා දැමීමටත් වැය වූ පසුව අතේ ඉතිරි වන්නේ දිනපතා බස් රියෙන් යාමට සෑහෙන තරම් සුළු මුදලකි. ඒ අතරතුර හදිසියේ දරුවෙකු අසනීප වුණොත් බෙහෙත් වේලක් ලබා ගැනීමට පිහිටට ඇත්තේ ආණ්ඩුවේ බෙහෙත් ශාලාවයි.

විල්සන් මුදලාලිගේ කඩේ මාසික බිල්පත ගෙවා දැමූ පසු ඊළඟ මාසය පුරාවටම නිවසට උවමනා හාල්, මිරිස්, තුනපහ, කරවල, එලවලු ඇතුළු සියළුම කළමනා නැවතත් ලබා ගන්නේ ණය පොතටයි. දියණියන් දෙදෙනා කුඩා අවදියේදීම සැමියා තමන් හැරදා ගිය දිනයේ පටන්ම නයනා කුඩා දියණියන් දෙදෙනාව රැකබලාගෙන නිවසේ සිට බයිට් වර්ග පැකට් කිරීමේ නිරත වූයේ දරුවන් තනිකර රැකියාවක් සඳහා නිවසින් බැහැර යාමට නොහැකි නිසාය.

නමුත් කාලයත් සමඟ දියණියන් දෙදෙනා උස්මහත් වෙද්දී නයනා ඇගලුම් කර්මාන්ත ශාලාවක රැකියාවට ගියේ වැඩිපුර මුදලක් උපයා ගැනීමේ අපේක්ෂාවෙනි. වැඩිමල් දියණිය මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අතර බාල දියණිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි නිසා දහසක් අඟහිගකම් මැද වුවත් ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කිරීමට නයනා පසුබට නොවුණේ තම දියණියන් දෙදෙනාගේ හෙට දවස යහපත් කිරීම ඇයගේ එකම සිහිනය වූ බැවිනි.

” මම හොඳට ඉගෙන ගෙන බැංකුවේ ජොබ් එකකට යනවා. මම එතකොට අම්මට මේ විදියට දුක් විඳින්න දෙන්නෙ නැහැ… ”

වැඩිමල් දියණිය නිරතුරුවම පවසන වදන් නයනාගේ සවන්පත් තුළ රැව්දෙන්නට විය. රෑ බෝ වී නයනා නිවසට යද්දී දියණියන් දෙදෙනා විසින් නිවසේ සියළු වැඩ කටයුතු නිම කර රාත්‍රි ආහාර වේල පවා සකසා තබන්නේ නයනාට වෙහෙසවීමට ඉඩක් නොතබමිනි. එවන් දියණියන් දෙදෙනකු ලැබුණේ තම වාසනාවට බව නයනා දැඩිව විශ්වාස කළේ තම දියණියන් දෙදෙනාගේ යහපත් හැසිරීම් රටාව හේතුවෙනි.

දියණියන් කුඩා කාලයේදී දියණියන් දෙදෙනාව සහ නයනාව තනිකර දමා වෙනත් ගැහැනියක් සමඟ අලුත් ජීවිතයක් ඇරඹීමට ගිය නයනාගේ සැමියා විපුල මේ මෑතක සිට නැවතත් නයනා සොයා එන්නට පටන් ගත්තේ වසර ගණනාවකට පසුව සිහිපත් වූ තම දියණියන් දෙදෙනාගේ සුවදුක් සොයා බැලීමටයි.

” තමුසෙ වගේ මිනිහෙකුගෙ හෙවනැල්ලවත් මගේ ළමයි දෙන්නට වැටෙන්න දෙන්න මම කැමති නැහැ… ඒ ළමයි දෙන්නා තමුසෙගෙ ක්‍රියා කලාපය ගැන හොඳට දන්නවා. ඒ හින්දම ඒ ළමයි දෙන්නා තමුන්ගෙ මූණ දකින්නවත් කැමති නැහැ…”

කිහිප දිනක්ම ඇගලුම් කම්හලේ සේවය අවසන් වන වෙලාවට නයනා සොයා ආ විපුල දියණියන් දෙදෙනා බැලීමට උවමනා බව කියද්දී නයනාගෙන් ලැබුණේ එවන් පිළිතුරකි. සැබවින්ම දියණියන් දෙදෙනා තම පියාව පිළිකුල් කිරීම ඇරඹුවේ පියා ගැන සත්‍ය කතාව දැනගත් දිනයේ පටන්ය. එම හැඟීම ඔවුන්ගේ සිතෙන් ඉවත් කිරීමට නයනා ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

” උඹ තමයි මගේ ළමයි දෙන්නට මගේ ගැන එක එක බොරු කියලා ඒ ළමයින්ගෙ හිත් වෙනස් කරලා තියෙන්නෙ…”

දිනක් නයනා හමුවීමට ඇය සේවය කරන කර්මාන්ත ශාලාව අසළට පැමිණි විපුල කීවේ අසීරුවෙන් මැඩගත් කෝපයෙනි.

” මම මොනාද? අමුතුවෙන් කියන්න තියෙන්නෙ. අනික මම ඒ ළමයින්ට කිසිම බොරුවක් කියලා නැහැ… ඒ ළමයි දෙන්නට හරි වැරැද්ද මොකක්ද? කියලා තේරුම් ගන්න හොඳ මොළයක් තියෙනවා…”

නයනා පැවසුවේ ඊටත් වඩා කෝපයෙනි.

” හොඳයි අපි බලමුකෝ මොකද? වෙන්නෙ කියලා… මම මේකට උඹගෙන් පලිගත්තෙ නැත්නම් මම විපුල නෙමෙයි. ”

විපුල එසේ පවසා යන්නට ගියේ කෝපයෙන් දැවෙමිනි. ඊට පසු විපුල නයනා හමුවීමට නොපැමිණි නිසා නයනා සිටියේ සැනසීමෙනි.

තේක්ක ගස් කිහිපයකට මායිම්ව පිහිටි පාලු ඉඩම පසුකරමින් සිටි නයනාට එකවරම ඇයගේ පිටුපසින් ඇසුණේ වියලි කොළ රොඩු පොඩිවන හඬකි. එම හඬින් කැළඹීමට පත් වූ නයනා පසුපස හැරී බලද්දී දුටුවේ තියුණු මුවහත සහිත පිහියක් අමෝරාගෙන ඇය වෙත ළඟා වන විපුලවයි. නයනාට කිසිවක් සිතාගැනීමටවත් කාලයක් ඉතිරි නොකරමින් විපුල අතේ රැදි පිහිය නයනාගේ උදරය පසාරු කරගෙන ගියේ වේදනාවෙන් විලාප නැඟූ නයනා බිමට ඇදවැටෙද්දීය. පිහිය නයනාගේ උදරයේම රැදී තිබියදී විපුල එම ස්ථානයෙන් පළාගියේ තව මොහොතකින් නයනාගේ විලාපය ඇසුණු ගම්වාසීන් එහි රැස්වෙන බව දැනසිටි නිසයි.

විපුල පලායද්දීම නයනාගේ විලාපය ඇසුණ දෙසට ආ ගම්වාසීන් කිහිප දෙනෙකු ඒ වනවිටත් ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත වී සිටි නයනාව කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළේ ඇයගේ ජීවිතය බේරාගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් රෝහලට රැගෙන යන අතරතුර ඇය සදහටම දෙනෙත් පියා ගත්තේ ඇයට මෙම අපරාධය සිදුකළේ කවුදැයි පවසමින්ය. තම දියණියන් දෙදෙනාගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් අපමණ වෙහෙසීමෙන් කටයුතු කළ දිරිය මවකගේ ඉරණම තීන්දු වුණේ එලෙසිනි.

මේ කිසිවක් නොදන්නා නයනාගේ දියණියන් දෙදෙනා තම මව නිවසට එනතුරු සුපුරුදු ලෙස මඟ බලා සිටියේ උදෑසන නිවසින් පිට වී ගිය තම ආදරණීය මව යළි නිවසට එන්නේ මිනී පෙට්ටියක සැතපී බව නොදැනය. දිරිය කාන්තාවක් ලෙස නොබියව ජීවිතයට මුහුණ දුන් නයනාගේ ඉරණම තීන්දු වූයෙ එලෙසින්ය.

නිමි.

සචිනි ජයසිංහ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa