නාට්‍ය නිර්මාණකරුවකුගේ තවත් එක් ඇරඹුමක්…

author
0 minutes, 39 seconds Read

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව තුළ තරුණ නාට්‍ය නිර්මාණකරුවන් අතරින් චාමික හත්ලහවත්ත නම් නිර්මාණකරුවා නිර්මාණයන් රැසක් මෙරටට දායාද කර ඇති තවත් එක් නාට්‍ය නිර්මාණකරුවෙකි”හයිනා”, “හරි අපූරු දවසක්”, “මකරට”, “රජා මං වහලා”, “බෝම්බයක් ඉතුරුයි” යන නිර්මාණයන්ගෙන් රසිකා සිත් ප්‍රබෝධමත් කළ ඔහු, අප සමග ඔහුගේ නාට්‍ය ජීවිතය ගැන දැක්වූ අදහස්‍ කිහිපයක් මෙලෙස අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.

කොහොමද මේ දවස් වල වැඩකටයුතු,

මේ දවස් වල මම මගේ ආචාර්ය උපාධියේ වැඩකටයුතු සිදු කරගෙන යනවා. කාර්යය මූල පර්යේෂණයක් ලෙස මම සිදු කරන්නේ  හත්පෙති මල නම් කතා වස්තුවෙන් වයස් කාණ්ඩ හතරක් යටතේ ළමා නාට්‍ය හතරක්  සිදුකිරීමයි. වයස් කාණ්ඩ හතර සදහා ලංකාවේ පාසල් හතරක් තෝරාගෙන සහ ළමා නාට්‍යකරුවන් අට දෙනෙකු මේ සදහා මම සහභාගි කරගත්තා.

“රජා මං වහලා” නාට්‍ය ගැන කතා කරමු.

“රජා මං වහලා” නාට්‍ය කතන්දර කීමේ ආකෘතිය යටතේ කරපු නිර්මාණයක්. කතන්දර කියන්නෝ පස් දෙනෙක් හා බැරල් අටක් යොදාගෙන කතන්දර තුනක් මේ නාට්‍ය යටතේ කතා වෙනවා. මුල්ම කතාව සුරංගනා කතාවක් දෙවනුවට ඉතිහාස කතාවක් හා අවසානයට වර්තමාන කතාවක් වශයෙන් මායමක මෙන් පැටලිලා ඉන්න සුරංගනා ලෝකයෙන් හිරවෙලා ඉන්න ඉතිහාසයෙන් දැන් ජීවත්ව ඉන්න වර්තමානයට පුද්ගලයාව ගෙන ඒමට තමයි මේ නාට්‍ය තුළින් උත්සහ දරන්නේ. බ්‍රර්ටෝල් බ්‍රෂ්ගේ Aliennation Effect සංකල්පය මේ නට්‍ය තුළින් වර්තමානයට ගැලපෙන විදිහට නැවුම්ව භාවිතා කරන්න මට හැකියාව ලැබුණා. සනත් විමලසිරි, සරත් කරුණාරත්න, තිලංක ගමගේ, උමයංගනා වික්‍රමසිංහ, තෙරුණි පීරිස් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව කසුනි ගනේවත්ත, සිලිදු රන්වල ද පසුතල නිර්මාණයෙන් ප්‍රදීප් චන්ද්‍රසිරි ද රංග වස්ත්‍ර නිර්මාණයෙන් සුවීනීතා පෙරේරා ද අංග රචනයෙන් ප්‍රේම් ජයන්ත කපුගේ ද සංගීත නිර්මාණයෙන් තිලංක ගමගේ ද රංගන ආලෝකයෙන් චන්දන අලුත්ගේ සහ රංග සමරකෝන් වගේම රංග වින්‍යාසයෙන් සනත් විමලසිරි, සරත් කරුණාරත්න සහ මම දායක වෙනවා.

“රජා මං වහලා නාට්‍යට ලැබුණු සම්මාන ගැන සදහන් කළොත්?

2016 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන 10ක් දිනා ගැනීමට සමත් වුණා. 2019 දී ඉන්දියාවේ භාරත රංග මහෝත්සවයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න සමත් වුණා. ඒ වගේම ඒ වසරේදීම හොදම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය ලෙස රාජ්‍ය සම්මාන ලබා ගත්තා. 2022 දී රටවල් අසූ ගණනක නාට්‍ය අතුරින් නාට්‍ය 16 අතරට තේරි පත් වී නේපාල අන්තර්ජාතික නාට්‍ය උළෙල නියෝජනය කිරීමට සමත් වුණා. ඒ වගේම 2023 පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ ඇසෑම් අන්තර්ජාතික නාට්‍ය උළෙලේදී ලොකයේ රටවල් හතලිස් ගණනකින් නාට්‍ය 13 අතරට තේරී පත් වුණා.

“රජා මං වහලා”නාට්‍ය නිර්මාණයේදී මුහුණ දීමට සිදුවූ අභියෝග මොනවද?

නාට්‍යයක් නිර්මාණයේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙනවා. ප්‍රධාන වශයෙන්ම නාට්‍ය පුහුණුවීම් සදහා කාලය තෝරා ගැනීම ප්‍රබල අභියෝගයක් වුණා. සමහර දවස් වලට රෑ නවයට පටන් ගන්නා පුහුණුවීම් පහුවෙනිදා පාන්දර 2-3 වනතුරු සිදුකළා. ලොකු පුහුණුවීම් ප්‍රමාණයක් කරපු නාට්‍යයක් ලෙස මෙම නාට්‍යය හදුන්වන්න පුළුවන්. පුහුණුවීම් ශාලා නොමැති වීමද අපිට විශාල ගැටළුවක් වුණා. නමුත් ඒ අවස්ථාවේදී රත්මලාන ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පතිතුමා  හා දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා අපට ශාලා පහසුකම් ලබා දුන්නා. මේ අවඅවස්ථාවේදී ඔවුන්ව ආදරයෙන් සිහිපත් කරන්න ඕනා. ඒ වගේම මූල්‍ය අර්බුද වලට මුහුණ දීමට සිදුවුණා. නමුත් කණ්ඩායමක් ලෙස ඒ සියලු අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකිවුණා යැයි මම අපේක්ෂා කරනවා.

නාට්‍ය කලාව තුළ ඔබ මෙතෙක් අධ්‍යක්ෂණය කළ වෙනත් නාට්‍ය මොනවාද?

2004 දී එස්.කරුණාරත්න පරිවර්තනය කළ “හයිනා”, 2008 දී “හරි අපූරු දවසක්”, 2013 දී “මකරට” , 2018 දී “බෝම්බයක් ඉතුරුයි” යනාදි නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව පාසල් නාට්‍ය, ළමා නාට්‍ය හා කෙටි නාට්‍ය ද නිර්මාණය කර තිබෙනවා.

නාට්‍ය කලාවට පැමිණෙන නවකයින් පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම නවකයින් මාරම දක්ශයි. ඉතාමත් හොද නිර්මාණයන් සිදුකරනවා. විශේෂයෙන් කෙටි නාට්‍ය නිර්මාණකරුවන් අතිශය දක්ශයි. තරුණ නිර්මාණකරුවන්ට හොද නිර්මාණශීලී ජවයක් තියෙනවා. අපි හිතනවාට වඩා වැඩියෙන් ඔවුන් ඉදිරිය පිළිබඳව සිතනවා. මම හැමවිටම කැමතියි තරුණයන් සමග වැඩ කරන්න. මොකද තරුණයන් ළඟ අලුත් දැනුම තියෙනවා. ඔවුන් සමග වැඩ කරද්දී අපිත් තරුණ වෙනවා. අපි හිතනවා නම් අතීතය තමයි හොද , ඒ කාලයේ තමයි හොද නාට්‍ය තිබුණේ කියලා ඒක සම්පුර්ණයෙන් ම වැරදියි. වෙනස් වන යුගයකට තරුණයන්ගේ දායකත්වය ඉතාමත් ඉහළයි.

නවකයින්ට ඔබ ලබාදෙන පණිවුඩය කුමක්ද?

නවකයින්ට දෙන්න විශේෂ පණිවුඩයක් නැහැ. මමත් තරුණ නාට්‍යකරුවෙක්. ඉතින් අපි හැමෝම කරන්න ඕනා තව තවත් හොදට කියවලා නිර්මාණ බිහි කිරීම. මම මේක කියන්නේ නවකයින්ට විතරක් නෙවෙයි. වේදිකා නාට්‍ය කලාවේදී අපට තරුණ වෙන්න වෙනවා. අපි වයසයි නම් අපි ඉන්නේ අතීතයේ. අපි වැඩිහිටියෝ නම් ඉන්නේ වර්තමානයේ. මම කියන්නේ අපි ඉන්න ඕනා අනාගතයේ. වෙනස් වන සුළු මේ සමාජය කොහොමද කියවගන්නේ ? ඒ කියවගත් දැනුම නිර්මාණශීලීව, නාට්‍යමයව වර්තමානයට ගළපන්නේ කොහොමද කියලයි අපි හිතන්න ඕනා.

ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවාද?

මගේ ආචාර්ය උපාධියේ වැඩකටයුතු අවසන් කිරීම. ඒ වගේම දෙසැම්බර් මාසය වනවිට මගේ අලුත් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ඒ සදහා නළු නිළියන් තෝරාගෙන අවසන්. Script එක නිර්මාණය වෙමින් පවතිනවා. ඊට අමතරව ඊලග අවුරුද්දේ දී සිනමා නිර්මාණයක් සිදුකිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

සංවාදය

පෙවින්ද්‍යා රශ්මි.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa