ටැටූ (Tattoo) යනු ශරීර යේ කොටන ලද ස්ථීර සලකුණු (markings) ලෙස සදහන් කල හැකිය. ටැටූ (Tattoo) සඳහා පාවිච්චි කරන තීන්ත සමේ තරල වලට කාවද්දා ගැනීම තුළින් ටැටූ නිර්මාණය කෙරේ. Tattoos ගැසීමට හැකියාව, නිපුනණතාවය සහ තාක්ෂණික දැනුම තිබිය යුතුයි.

ටැටූ යනු body modification එකකි. ටැටූ ගසාගන්න අය ඒවා ගසා ගන්නේ විවිධ වූ හේතු නිසා ය. Tattoo සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇත. Tattoo යනු වාචික නොවන අදහස් ප්‍රකාශ කළ හැකි (non- verbal) මාධ්‍යකි. ටැටූ ගැසීම ආසියාතික රට වල සහ වෙනත් සංස්කෘතින් වල ගොඩනැගුණු රින (negative) අදහසකි. දාමරික කණ්ඩායම් සහ සිරකරුවන් වැනි කොන් කෙරුණු (marginalized) අය අතර බහුලව දක්නට ලැබෙන සංකේත ලෙස ගණන් ගැනුණි. නමුත් බටහිර ලෝකයේ ටැටූ ගැසීම ප්‍රසිද්ධ සංස්කෘතියකි. ටැටූ (Tattoo) බහුල ලෙස වෙනස්කම් වලට භාජනය වී බොහෝදෙනෙකුගේ ආශාවක් බවට පත්වී ඇත. Tattoo සඳහා ඉල්ලුම් වැඩිවී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසුන් තුන් තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක් tattoo ගසා ඇති බවට වාර්තා වී ඇත.පර්යේෂකයන් ටැටු mainstream සංස්කෘතික අංගයක් බවට පත්වී ඇති බව සඳහන් කරති.

ටැටූ ගැසීම ආසියාතික රට වල සහ වෙනත් සංස්කෘතින් වල ගොඩනැගුණු රින (negative) අදහසකි. දාමරික කණ්ඩායම් සහ සිරකරුවන් වැනි කොන් කෙරුණු (marginalized) අය අතර බහුලව දක්නට ලැබෙන සංකේත ලෙස ගණන් ගැනුණි. නමුත් බටහිර ලෝකයේ ටැටූ ගැසීම ප්‍රසිද්ධ සංස්කෘතියකි.tattoo සංස්කෘතිය බහුල ලෙස වෙනස්කම් වලට භාජනය වී බොහෝදෙනෙකුගේ ආශාවක් බවට පත්වී ඇත. Tattoo සඳහා ඉල්ලුම් වැඩිවී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසුන් තුන් තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක් tattoo ගසා ඇති බවට වාර්තා වී ඇත.
ටැටුූ වලින් ප්‍රකාශ වන රහස (The hidden Meaning of Tattoos)
Tattoo යනු නිහඬ අදහස් (silent statement) ප්‍රකාශ කිරීමකි. ටැටූ වල සැඟවුණු තේරුම් Tattoo expert and book author, Trent Aitken Smith විසින් රචිත The Tattoo Dictionary (2023)පොතේ මෙසේ සඳහන් කර ඇත.
QR code: කා අතරත් ඉතාමත් ප්‍රසිද්ධ ටැටූ එකකි. ටැටූ ගසන්නා ගේ විස්තර සහ සෞඛ්‍යය තතු එයින් සොයා ගත හැක.

Jesus: මුහුදු නැව් ගමන් ගන්නා වූ නාවිකයන් ජේසුතුමාගේ රූපය තමන්ගේ පිටේ ගසා ගෙන ඇත. ඒ ජේසුස් වහන්සේගේ රූපය නිතර දැකීමෙන් ඔවුන්ගේ ගමන සාර්ථක වෙන බවට වූ විශ්වාසයක් නිසාය.
Star: ඉහළ පෙළ දාමරිකයන් හඳුනා ගැනීමට පපුවේ සහ අත්වල (Shoulder) ටැටු ගසා ඇත. (Criminal emblem)
Numerals: දාමරික කණ්ඩායම්, prison gangs තමන්ගේ membership ලබා දෙන අවස්ථා වලදී ටැටු ගසති.
Rose: රෝස මල ආදරය සංකේතවත්වත් කරපු පෙන්වන tattoo එකකි.

Two dices: දාදු කැට දෙකෙහි එකතුව හතේ ඉලක්කම පෙන්වන ආකාරයට (lucky seven) ගැනීම තුලින් තමන්ට සෞභාග්‍යය සහ වාසනාව අත් වන බව විශ්වාසයක් පවතී.
Key and lock: යතුරක් යනු වටිනාකම් ඇති දේවල් ආරක්ෂා සහිතව තබා ගන්නා වූ උපකරණයකි.
Semi colon: මානසික සෞඛ්‍ය දිරි ගැන්වීම සඳහා ආරම්භ වූ සංවිධානයකි. මානසික සෞඛ්‍යය ව්‍යාපෘතිය සඳහා යොදා ගත්තා වූ සංකේතයකි.
Teardrop: ඇස්වලින් කඩා හැලෙන කඳුළෙන් ප්‍රකාශ වන්නේ දුකයි. Tear drop tattoo, prison tattoos ලෙස සැලකේ. Tear drop tattoos පැළඳි අය දුක්ඛිත ජීවිතයක් ගත කරන බව පෙන්නුම් කෙරේ. මරණයක් හෝ ඝාතනයකට සම්බන්ධ බවට පෙන්නුම් කෙරේ.
මඕරි වාසීන්ගේ ටැටූ මගින් තමන් අයිති ගෝත්‍රය,සමාජ තත්වය සහ ඉතිහාසය හෙලි වේ. Ta Moko ටැටූ ගෞරවයක් සහ ආඩම්බරයක් ගෙන දෙන්නකි.

ටැටූ ඉතිහාසය (Tattoo History)
ටැටූ ඉතිහාසය ගැන සොයා බැලීමේදී නවසීලන්තයට අයිති පොලිනීශියානුවන් ටැටූ කලාවේ නිරත වී ඇත.ජපනයේ දාමරිකයන්ට දඩුවමක් ලෙස ටැටූ ගසා ඇත. යුරෝපයේ සිටි නාවිකයන් තමන් ගේ නාවික ගමන් වලදී නිතරම හමුවන විවිධ රටවල පදිංචි ආදිවාසීන් නිසා ඔවුන්ගේ ආභාෂයට නැඹුරු වී ටැටූ ගසා ගෙන ඇත. ඊජිප්තුවේ ටැටූ ගැසීමට හේතුව ටැටූ වෛද්‍ය ප්‍රතිකර්මයක් ලෙස සැලකීමයි.ටැටූ ප්‍රජනනයට ඇති හැකියාව (fertility) සහ ආරක්ෂාව සපයන බවයි. ග්‍රීක වාසීන් ටැටු මගින් විවිධ පණිවුඩ හුවමාරු කරගෙන ඇත. විවිධ යුද සහ සටන්වලදී සොල්දාදුවන් අතර පණිවිඩ හුවමාරු කිරීමට ටැටූ මාධ්‍ය භාවිතා වී ඇත. රෝම වාසීන් ටැටූ ගසා ඇත්තේ වහල්ලුන්ටය. ටැටූ මගින් වහල්ලුන්ව සොයා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කර ඇත. පාලනයෙන් පැන යන වහල්ලුන්ව මෙම ක්‍රමය මගින් හදුනා ගැනීමට පහසු වී ඇත.
Ta Moko: නවසීලන්ත ජාතික මඕරි ගෝත්‍රික වාසීන්ගේ සම්ප්‍රදායිකව පැවතෙන චාරිත්‍රයක් වන්නේ Ta Moko චාරිත්‍රයයි. ඔවුන්ගේ හිස් මුදුන්, නළල සහ මුහුණ ටැටූ යොදා සරසා ගැනීම පාරම්පරිකව එන චාරිත්රයකි. මෙවැනි පාරම්පරිකව එන චාරිත්‍ර තව බොහොමයක් ඇත.
ටැටූ ගැසීමේ අවශ්‍යතාවය කුමක්ද?
සියලුම ජනසමාජවල ටැටූ ගැසීම මූලික අවශ්‍යතාවයක් නොවේ.
ටැටු ශරීරය අලංකාර කිරීමට ගන්නා වූ සැරසිල්ලක් වැනි( ornamentation) එකකි. Tattoo විලාසිතා (fashion trend) ප්රවණතාවයකි. ටැටු යනු උසස් කලා අදහසකි (high art). සමහර අවස්ථාවල criminal practice එකකි. තමන්ගේ දෙමව්පියන් ආදරවන්තයන්ව සිහිවටන ලෙසද ගසා ගනිති. තනි හා පුද්ගලිකව ඒවා විවිධ වූ කාර්යයන් සඳහා පුද්ගලයන් පාවිච්චි කරති. බොහෝ දෙනා තමන්ගේ අදහස් නිහඬව ප්‍රකාශ කරන්නේ ටැටූ මාධ්‍යයෙනි. සමහර සංස්කෘතීන් වල tattoo ආගමික කාර්යන් සිදුකරයි. තවත් සමහරක් සංස්කෘතීන්වල ගැැටූ ගැසීම සංස්කෘතික අවශ්‍යතාවයකි. ඒ ඔවුන්ගේ පෞද්ගලික හෝ සමාජයීය අවශ්‍යතාවක් උදෙසා විය හැකි ය. ඔවුන් ඒ තුළින් නිහඬව තමන්ගේ පණිවිඩය සමාජයට සහ අධිකාරිබලයන් වලට ඔවුන්ගේ අවශ්‍යතාවය ප්‍රකාශ කර දීමටත් ඔවුන් ගේ නිහඬ සටන ටැටූ මගින් හෝ පෙන්වා යම්කිසි ජයග්‍රහණයක් ලබා ගැනීමට උත්සාහ දරති. නමුත් ටැටූ දැන් popular culture එකක් බවට පත් වී ඇත. බොහෝදෙනා ටැටු ගසන්නේ ඇබ්බැහිවීමක් (addiction) නිසාය . නැතහොත් ශරීරය ලස්සන කර කරගත හැකි (fashion and beauty) නිසාය.
ටැටු භාවිතා වන අවස්ථා ලෙස සංස්කෘතික හා ආත්මික අවස්ථාවල අතීතයේ සිට මිනිසුන් පාරම්පරික ජන කොට්ඨාශ භාවිතා කර ඇත. තවත් අවස්ථාවල එය පෞද්ගලිකඅදහස් ප්‍රකාශ කිරීමක් ලෙස හෝ religious rite of passage අවස්ථාවක් වූ විශේෂ අවස්ථා වලදී පච්ච කොටා ගෙන ඇත. ටැටු ගසා ගැනීම නිසා ශාරීරිකව ඇති වන දරා ගැනීමේ අවස්ථාව පිළිබිඹු කිරීමට හොඳ අවස්ථාවක් බව බටහිර සංස්කෘතීන්වල ( western cultures) අය සිතති. බටහිර සංස්කෘතීන් වල අය ටැටූ ගැසීම තුළින් තම පෞද්ගලික අනන්‍යතාවය( individuality and self -identity) ඉස්මතු කර පෙන්වා දැක්වීමට ආශාවක් දක්වති.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ටැටූ ගැසීම අතීත ගෝත්‍රික කණ්ඩායම් වල අත්‍යවශ්‍ය ( pride and heritage) වූ අංගයක් බව ය.කණ්ඩායමේ අනන්‍යතාවය ඉස්මතු කර පෙන්වීමටත් කණ්ඩායමක් ලෙස සිටීමට ටැටූ ගැසීම අත්‍යවශ්‍ය ( deep cultural importance) වූ කාරණාවක් බවය.තවත් සමහරුන් ටැටූ ගසන්නේ සමාජයට යම්කිසි පණිවුඩයක් ලබා දීමටය. ඒ ඔවුන්ගේ පෞද්ගලික හෝ සමාජයීය අවශ්‍යතාවක් උදෙසා විය හැකි ය. ඔවුන් ඒ තුළින් නිහඬව තමන්ගේ පණිවිඩය සමාජයට සහ අධිකාරිබලයන් වලට ඔවුන්ගේ අවශ්‍යතාවය ප්‍රකාශ කර දීමටත් ඔවුන් ගේ නිහඬ සටන ටැටූ මගින් හෝ පෙන්වා යම්කිසි ජයග්‍රහණයක් ලබා ගැනීමට උත්සාහ දරති. නමුත් ටැටූ දැන් popular culture එකක් බවට පත් වී ඇත.
American Sociologist William G. Sumner, Folkways (1906) ට අනූව ඕනෑම රටකට තමන්ටම අදාල වූ අනන්‍යතාවයක් ඇති සංස්කෘතියක් (ethnocentrism) ඇත. ඒ ඒ රටවල සංස්කෘතික අනන්‍යතාවය විවේචනය කිරීමට අපට අයිතියක් (cultural relativism) නැත. අපට ඇත්තේ අපටම ආවේණික වූ සංස්කෘතියකි. එම සංස්කෘතියේ සිටගෙන වෙනත් සංස්කෘතින් හා සැසඳීම් හෝ විවේචනය කිරීම වැරදිය. සංස්කෘතික විවේචනයක් කිරීම්ට අවශ්‍ය නම් අප ඒ රටේ මුල් බැසගත් මූලික සංස්කෘතික අංග මොනවාදැයි කියා එම රටේ සිටගෙන හා ස්ථානගත වී සොයා බැලිය යුතු කාරණවකි.
සටහන

Surani Fernando
