පංච කර්ම චිකිත්සාව – 02 කොටස

author
0 minutes, 22 seconds Read

විරේචන කර්මය

පංචකර්ම ප්‍රතිකාර වලින් දෙවැන්න වන විරේචන කර්මය යනු පිත දෝෂය ප්‍රමුඛ කෝපයට පත් වී ඇති දෝෂ ගුද මාර්ගය හරහා ශරීරයෙන් ඉවත් කිරීමයි. ආහාර ජීර්ණ පද්ධතියේ සියලුම ක්‍රියාකාරකම් සහ සමතුලිත තත්වයක පවතින විට ශරීරයේ පරිවෘත්තීය සඳහා මූලික වන්නේ පිත දෝෂයයි. වැඩි වූ පිත දෝෂය ඖෂධ මඟින් ශමනය කළ හැකිය. නමුත් අධික ලෙස පිත් දෝෂය කෝපව පවතින විට එය ශරීරයෙන් බැහැර කරනු වස් විරේචන කර්මය සිදු කරනු ලබයි. විරේචනයක් ලබා දීමේ දී ඊට සුදුසු නුසුදුසු තැනැත්තන් දක්වා ඇති අතර ඒ ඒ පුද්ගලයාගේ කෝෂ්ට තත්වය (ආහාර ජීර්ණ මාර්ගයේ ස්වභාවය), වයස, ශරීර හා මානසික ශක්තිය ආදිය අනුව විරේචන ඖෂධයන් හා ඒවායේ මාත්‍රා වෙනස් වෙයි.

මෙම ප්‍රතිකාරය තරබාරුකම, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ, චර්ම රෝග, පරිවෘත්තීය රෝග මෙන්ම PCOS සහ වන්ද්‍යත්වය වැනි තත්ව සඳහා පුද්ගලානුරූපීව ප්‍රතිකාර ලෙස යොදා ගත හැකිය. මෙය රෝගී තැනැත්තන්ට පමණක් නොව නිරෝගී තැනැත්තන්ගේ නිරෝගීභාවය පවත්වාගෙන යාමටත් නිර්දේශ කළ හැකි ප්‍රතිකාරයකි. විරේචන කර්මය මඟින් ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම, පරිවෘත්තීය දෝෂ ශමනය කිරීම, ශරීර ශක්තිය හා ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම මෙන්ම පුද්ගලයාකුගේ තරුණ බව රැකදීම හා දීර්ඝායුෂ වර්ධනය කිරීම ද සිදු වේ.

සාමාන්‍ය තත්වයන් යටතේ, පුද්ගලයකු පාචනයෙන් පෙළෙන්නේ නම්, නිසැකවම ශරීරයෙන් අවශ්‍ය ඉලෙක්ටොලයිට්ස් (electrolytes) අඩු වී දුර්වලතාවයට පත්වේ. නමුත් නිසි පරිදි වෛද්‍ය අධීක්ෂණය යටතේ විරේචනයක් සිදු වූ විට අදාළ ඛනිජ ද්‍රව්‍යයන්හි පරාසයන් ආරක්ෂාකාරී පරාසයක් තුළ පවතින බව 2013 වසරේ සිදු කරන ලද Clinical study to evaluate the effect of Virechanakarma on serum electrolytes පර්‍යේෂණයෙන් තහවුරු වී ඇත.

විරේචනයේ පශ්චාත් කර්ම ලෙස එනම් විරේචනය කළ පසු අනිවාර්යයෙන්ම සැළකිළිමත් විය යුතු වැදගත්ම දෙය ආහාර රටාවයි. එනම් සැහැල්ලු හා ජීර්ණය කිරීමට පහසු ආහාර වේලක් අනුගමනය කළ යුතුය. ආරම්භයේ දී දියර ආහාර යොදා, පසුව අර්ධ ඝන සහ ක්‍රමයෙන් ඝන ආහාර ලබා දෙනු ලැබේ. එමඟින් ආයුර්වේදානුකූලව පුද්ගලයාගේ අග්නිය වර්ධනය කරයි. අතීතයේ සිට දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් ද සමාජගත වී ඇති මෙම විරේචන කර්මය ගැමි ගෙවල් වල සිදු කරන්නේ ඒ පිළිබඳව හොඳ දැනුමක් සහිතවයි. විරේකය සඳහා ඔවුන් මෘදුවිරේචක ඖෂධයක් භාවිතා කරන අතර “පත්තියම් ඇල්ලීම” ලෙසින් හඳුන්වන විරේකයෙන් පසු ආහාර පාන රටාව පිළිබඳව ද ඔවුන් තුළ මනා අවබෝධයක් තිබී ඇත.

පසුගිය කොටස –

උපදෙස්
වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa