වසංගත කාලයක් තුළ පුද්ගලයන් හුදෙකලා වුනාම අපූරු සාහිත්‍යන් බිහි වුන බව ලෝක ඉතිහාසයේ සඳහන් වෙනවා. කොරෝනා වසංගතයත් සමග අපේ ජන සමාජයේත් එවැනි වෙනස්කම් බොහොමයක් සිදු වුනා. අළුත් ව්‍යවසායකයන් බිහි වුණා. ඒ වගේම ඒ වෙන විට පවත්වා ගෙන ආව බොහෝ දෙනාගේ ව්‍යාපාර බිඳ වැටුණා. නමුත් මුහුණ දුන්නේ ඊට වඩා වෙනස් ත්වයකටයි.
2020 කියන්නේ කොරෝනා වසංගතය නිසා අපි හුදෙකලා වුන යුගයක්. ඇය මේ වෙන විටත් ඔන්ලයින් විදිහට ආාහර ඇනවුම් බාරගෙන ප්‍රවාහනය කරන පුංචි ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියා. කොරෝනා කාලයේ නිරෝධායනය වුන අයට ආහාර සපයා ගැනීමේ ප්‍රශ්නයට හොඳම විසඳුම ජානුකා රුවන්ති සාරච්චිගේ වෙතින් ලැබුණා. ඔන්න ඔය විදිහට පටන් ගත්තු ඇගේ ව්‍යාපාරයට දැන් වසර පහක් .

කොහොමද ඉතින් ජීවිතේ,
මේ දවස්වල වැඩ කටයුතු කරගෙන හොඳින් ඉන්නවා. තව ටික දවසකින් මගේ බිස්නස් එකට අවුරුදු පහක් සම්පූර්ණ වෙන්වා සැප්තැම්බර් 17 වැනිදාට. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ෂොප් එකක් open කරන්න ඒ කියන්නේ කෑම හදන තැනක්. තව වෙනස්කම් කිහිපයක් ඉදිරියේදී සිදු කරන්නටත් මම බලාපොරොත්තු වෙනවා.
වෘත්තියක් විදියට සූපවේදී ක්ෂේත්රය තෝරගත්තේ ඇයි?
ඇත්තෙන්ම ඒක මම හිතලා තෝරගත්තු දෙයක් නෙමෙයි පාසල් යන කාලේ ඉඳලම හිතේවත් තිබුනෙ නැහැ. මම ඉගෙන ගත්තේ නීතිය පැත්තෙන් කටයුතු කරන්න. මම ඇත්තටම නීතිය ඉගෙන ගන්න ආසයි.
උසස් පෙළින් ඉගෙනීම නතර වුනාම පස්සේ මම ඉවුම් පිහුම් කලාවට යොමු වුණා. මම ඒ කාලෙදි මගේ ආසාවට ගෙදර අයට උයලා ඒ දැනුමයි මගේ අම්මගෙන් ලැබුණු ආභාෂය එකතුවෙලා තමයි අද මම මේ තැන ඉන්නේ. මොකද අපේ අම්මට රසට උයන්න පුළුවන්. ඉතින් මේ හැමදේමත් එක්ක තමයි මම මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තේ.
වැඩිපුරම හදන්න කැමති කෑම වර්ගය මොකක්ද?
වැඩිපුරම හදන්න කැමති බිරියානි. බිරියානි එක තමයි මාව මේ තත්ත්වෙට ගෙනාවේ. බිරියානි වර්ග ගොඩක් තියෙනවා. බිරියාන වර්ග එක එක රටට ආවේණික වර්ග තියෙනව රියානි එකේ ප්‍රධාන මෙන්ම තිබුනට හදන විදිහේ එක එක අයට වෙනස් වෙනවා. එක එක රස වෙනස්. සමහර අය බිරියානි රියල් ටේස්ට් එක කියලා හොයනවා. දැන් මගේ බිරියානි වලට හුරු වෙච්ච අය ඉන්නවා. ඇත්තෙන්ම අලුතෙන් ඉගෙන ගන්න අයටත් මේ බිරියානි කෑම වර්ගය හොඳ දෙයක් .
ඉතින් ඔය විදිහට ඔබ පාරිභෝගිකයන්ට ලබා දෙන රසවත් ආාහර මොනවාද?
මම මුලින්ම අතුරුපස, කේක, පිට්සා වගේ විවිධ කෑම වර්ග හැදුවා. හැම එකක්ම කරන්න අපහසු නිසා මම බිරියානි පටන් ගත්තා. ඒ අතර මැටි හට්ටියේ බිරියානි පටන් ගත්තා. මම දන්නා තරමටම එය මගේම අදහසක්. නමුත් මං නොදැන මැටි හට්ටියේ බිරියානි ව්‍යාපාරයක් තබුනාද දන්නෙත් නැහැ. මගේ නම ගොඩ නැගුනේ එතැනින්. කොහොම වුනත් දැන් මගේ ව්‍යාපාරයේ කහ බත්, ලම්ප් රයිස්, ප්‍රයිඩ් රයිස්, සම්භාෂන වෙනුවෙන් ආහාර වගේ විවිධාංගකරණයක් තිබෙනවා.

වසර පහක් ආපස්සට හැරිලා බැලුවොත්,
ආ ගමන් මග නම් කටුකයි. නමුත් ආපසස්ට හිතන විට හරිම සුන්දරයි. මම මේ ව්‍යාපාරය පටන් ගනිද්දී ඒවා ප්‍රවාහනයට මෝටර් බයිසිකලයක්වත් තිබුනේ නැහැ. අපේ අක්කාගේ බයිසිකලයෙන් තමයි මම බෙදා හැරීම් කටයුතු කළේ. මගේ පොඩි අක්කාත් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි දෙන්නාම එකතු වෙලා ආහාර සකස් කරලා ඒවා බෙදා හරින්න පටන් ගත්තා.
ඉල්ලුම වැඩි වුනේ,
අපේ ආහාර රස විඳින අය කමෙන්ට් එකතු කරනවා. ඒ හැම එකකම තියෙන්නේ ඇගයීම්. ඉතින් ඒකත් එකක්. අපේ ආාහාරයක් රස බැලුව කෙනෙක් අවංකවම ඒ වගේ ඇගයීමක් ලබා දුන්නාම අපට ධෛර්යක්.
රස වගේම අපි ආහාර සකස් කරන්න කිසිම රසකාකයක් එකතු කරන්නේ නැහැ. ඒකත් එක හේතුවක්. අනිත් අතට අපේ ආාහර ඇනවුමක් සමග වටලපප්න් කෝප්පයක් නොමිලයේම ලබා දෙනවා.ඒ විතතරක් නොවෙයි, අපෙන් ආහාර ඇනවුම් ලැබුනාම ප්‍රවාහනය වෙනුවෙන් ගාස්තු අය කිරීමේදීත් අනුගමනය කරන ක්‍රමවේදයක් තිබෙනවා. එකම දිසාවකින් ඇනවුම් වැඩියෙන් තිබෙනවා නම් ප්‍රවාහන ගාස්තු අය කරන්නේ නැහැ.
ඒ කියන්නේ දුරපළාත්වලටත් ඔබ ආහාර ඇනවුම් ලබා දෙනවා ද?
ඔව්.. පානදුර ප්‍රධාන මාර්ගය , ගාල්ල, මාතර වගේ පළාත්වලටත් ඇනවුම් යවනවා. සමහර විට අනාගතයේදී දකුණු පළාතටම ආහාර සැපයුම් ලබා දෙන්න අපට හැකියාවක් ලැබේවි.
දැන් ඉතින් පස්වැනි සංවත්සරය ළං වෙලානේ… මොනවාද කරන්න බලාපොරෙත්තු වෙන්නේ..
මගේ ව්‍යාපාරයේ අළුත් මුහුණුවරකින් ආරම්භ කරනන් අදහස් කරනවා. මේ තාක් කල් අපි ආාහර සකස් කළේ නිවසේ වුනත් දැන් අළුත් තැනක් පටන් ගන්නවා. මේ තැන ඉවුම් පිහුම් කරද්දී වීඩියෝ වැඩසටහනකින් ඒවා ප්‍රචාරය කරනවා. ගැබිණි මව්වරුන්ට වගේම කිරි දෙන අම්මලා වෙනුවෙන් නොමිලයේ ආහර පාන ලබා දෙන වැඩසටහනක් වගේම ආාහර පාන වෙනුවෙන් වට්ටම් ලබා දෙනවා.

සූපවේද ක්ෂේත්රයට පිවිසෙන්න කැමැත්තෙන් සිටින නවකයින්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
ඇත්තටම හොඳ ශ්රේෂ්ත්රයක්. හැබැයි එකම දේ තමයි කවුරුත් අනුකරණය කරන්න එපා. දැන් අපි හදන කෑම අපිටම ආවේණික විදියට හදන්න පුළුවන් නම් හොඳයි. කවුරුහරි අනුකරණය කරලා කෑමක් හැදුවොත් එහි විදිහට අපිට ඉස්සරහට යන්න අමාරුයි. සාමාන්‍ය ජොබ් එකක් කරනවා වගේ නෙමෙයි online business එකක් කරන එක. ඒක ටිකක් වෙනස්. ඒ වගේම කිසිම කෑමකට කිසිම රසකාරකයක් එකතු කරන්න එපා. ස්වභාවික රස කාරක එකතු කරලා හදන්න පුරුදු වෙනවා නම් හොඳයි. අපිට හොඳ නැති දේ අපි මුදලටවත් විකුණන්න හොඳ නෑ. කියන එක හිතේ තියාගත්ත නම් අපිට දිගු ගමනක් යන්න පුළුවන්.
පවුලේ සහයෝගය
ගෙදරින් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.මේක කරන්නේ මගේ පවුලේම අය එකතුවෙලා. මගේ අම්මා තාත්තා ගොඩක් පවුලේ අය මට මේකට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම මාත් එක්ක වැඩ කරන වෙනම පිරිසක් ඉන්නවා. ඒ අයට ස්තුතියි කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. මම කෑම වර්ග හදන්න බඩු ගන්නෙ එකම තැනකින්. මගේ ගමේම තැනක් ඒක. ඉතින් ඒ අයටත් මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.

සටහන –
සිල්වා, සි
