දකුණු ආසියාවේ විස්මිත දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව වන අපේ රට පොහොසත් සංස්කෘතික උරුමයන් සහ සිත් ඇදගන්නාසුළු ස්වභාවික භූ දර්ශන සඳහා වඩාත් ප්‍රසිද්ධය.මෙවර Travel with Sandu තුලින් සුප්‍රසිද්ධ සීගිරි පර්වතයට ඈතින් පිහිටා ඇති පිදුරංගල ඉතිහාසය, අධ්‍යාත්මිකත්වය සහ විශ්මයජනක දර්ශනීය දසුන් පිළිබඳ වෙනස් අත්දැකීමක් ලබා දීමටයි සූදානම.
පිදුරංගල පර්වතය යනු දඹුල්ලට කිලෝමීටර් 20ක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇති දැවැන්ත ග්‍රැනයිට් පාෂාණයකි. මෙම පාෂාණ නිර්මාණය වසර මිලියන ගණනක් පැරණි වන අතර එහි අද්විතීය හැඩය සියවස් ගණනාවක් පුරා නරඹන්නන්ගේ සිත් ඇද බැඳ තබා ගෙන ඇත.පිදුරංගල ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර ඇත. 5 වන ශතවර්ෂයේදී Iවන කාශ්‍යප රජු අසල්වැසි සීගිරි පර්වතය මත තම රාජකීය මාලිගාව පිහිටුවීය. ඔහුගේ බලකොටුව ආරක්ෂා කර ගැනීම සඳහා පිදුරංගල පර්වතය මත බෞද්ධ ආරාම ඉදිකිරීමට නියෝග කළ අතර එය එම යුගයේ අත්‍යවශ්‍යම ආගමික ස්ථානයක් බවට පත් කළේය. අද වන විට මෙම පැරණි ආරාම වල නටබුන් තවමත් දැක ගත හැකි අතරම එම ස්ථානය කුතුහලය දනවන ඓතිහාසික මානයක් එක් කරයි. පිදුරංගල පර්වතය බෞද්ධයන් සඳහා ඉමහත් ආධ්‍යාත්මික වැදගත්කමක් දරයි. කාශ්‍යප රජ සමයේ පිදුරංගල පර්වතය මත වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට ප්‍රමුඛත්වය හිමි වූ අතර එය ප්රමුඛ භාවනා ස්ථානයක් බවට පත් විය. අදටත් බෞද්ධ බැතිමතුන් සහ වන්දනාකරුවන් පිදුරංගල පර්වතයට නැඟී හුදකලාව පතා භාවනාවේ යෙදේ. විස්මය දනවන වටපිටාව සමඟින් සන්සුන් වාතාවරණය, අධ්‍යාත්මිකව මෙනෙහි කිරීම සහ අභ්‍යන්තර සාමය සඳහා පරිපූර්ණ පරිසරයක් මෙහි සපයයි.

පිදුරංගල පර්වතය නැගීම යනු ත්‍රාසජනක වික්‍රමයකි. මෙම කන්ද නැගීම සඳහා රළු මාර්ග, පටු පඩිපෙළ සහ ගල් පර්වත නිර්මාණයන් හරහා ගමන් කිරීමට සිදු වේ. යන මඟ දිගේ පුරාණ පාෂාණ ලිපි සහ ලෙන් විහාර හමු වන අතර එම ප්‍රදේශයේ ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් දෙස බලමින් ගමන් කිරීමත් වෙනස්ම අත්දැකීමකි. ඒ වගේම ලස්සන මල් පිපෙන ගස් සහ අවට වනාන්තරයේ දුර්ලභ හා ආවේණික ගස් රාශියක් ඇත. කඳු මුදුනට ළඟා වන විට අවට තැනිතලා, සශ්‍රීක වනාන්තර සහ ඈත කඳු වැටි හරහා විහිදෙන විශ්මයජනක දසුන් තිබේ.සශ්‍රීක භූ දර්ශනය මධ්‍යයේ උස්ව නැඟී සිටින තේජාන්විත සීගිරි පර්වතයේ දර්ශනය නැරඹිය යුතුම දසුනක් වන අතර මේ සියල්ල විදිමින් කඳු නැගීම ජීවිතයේ අමතක නොවෙන සිදු වීම් පෙළක් ගෙන දෙයි.
පිදුරංගල පර්වතය මත ඇති වඩාත් ආකර්ෂණීය අත්දැකීමක් වන්නේ සිත් ඇදගන්නාසුළු හිරු උදාව හෝ හිරු බැස යෑමයි. සොබාදහම විචිත්‍රවත් වර්ණවලින් අහස පින්තාරු කරන අතර අවට පරිසරය මනරම් ලෙස ස්භාදහම හැඩ කරයි. සූර්යයාගේ පළමු කිරණ භූ දර්ශනය මත රන්වන් ආලෝකයක් හෙළීම හා හිරු උණුසුම් තැඹිලි පැහැයක් හෙළමින් සමුගැනීම යමෙකුගේ මතකයේ රැඳෙන දසුනකි. ස්වභාවික ආශ්චර්යයේ සුන්දරත්වය අමරණීය කරමින් මෙම අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට ඡායාරූප ශිල්පීන් සහ සොබාදහමට ලැදි අය පිදුරංගල පර්වතය වෙත පැමිණේ.

පිදුරංගල පර්වතය ශ්‍රී ලංකාවේ පොහොසත් ඉතිහාසය, සංස්කෘතික උරුමය සහ ස්වභාවික තේජස පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී. පර්වතයේ අද්විතීය භූ විද්‍යාත්මක සැකැස්ම, එහි අධ්‍යාත්මික වැදගත්කම සහ විස්මය දනවන දර්ශන ස්වභාවධර්මය හා රටෙහි අතීතය සමඟ ගැඹුරු සම්බන්ධයක් අපේක්ෂා කරන සංචාරකයින්ට මෙය මඟ හැරිය නොහැකි ගමනාන්තයක් බවට පත් කරයි.
සටහන – සඳුපමා ගමගේ
