ශාස්ත්‍රීය ශික්ෂණයක් ලෙස ඉතිහාසය අධ්‍යයනය කරන විට ඒ සඳහා භාව්තා කරන විවිධ ප්රවේශයන් ඇති අතර කාල් මාක්ස් සහ ෆ්රෙඩ්රික් එංගල්ස් විසින් හඳුන්වා දෙන ලද ඓතිහාසික භෞතිකවාදී ප්‍රවේශය ඉතිහාසය අධ්‍යයනය කිරීමට ඇති සාම්ප්‍රදායික ප්රවේශයන්ට විකල්පයක් ලෙස ඉදිරිපත් වූවකි. ඊට අනුව ඉතිහාසය හැඩගැසෙනු ලබන්නේ ඒ මොහොතේ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමයට එනම් නිෂ්පාදන මාදිලියට සහ නිෂ්පාදන සම්බන්ධතාවයන්ට සාපේක්ෂ ව ය. එමෙන්ම ඉතිහාසය විකාශනය වනු ලබන්නේ නිෂ්පාදන මාදිලිය සහ නිෂ්පාදන සම්බන්ධතාවල වෙනස් විකාශනයට අනුකූලව ය. මෙලෙස නිෂ්පාදාන මාදිලිය වෙනස් වන්නට එම නිෂ්පාදන මාදිලිඅයට අයත් සමාජ ක්රමයන්ග් තුළින් එම ආර්ථික ක්‍රමයට ඇති වන ප්‍රතිරෝධය බලපානු ලබයි.
මේ පිළිබඳ ව සාකච්ඡා කරන විට මාක්ස් සහ එංගල්ස් විසින් සමාජ ක්රමයක ව්‍යුහය පිළිබඳ ව නව සංකල්පයක් හඳුන්වා දෙයි. එනම් සමාජ ක්රමයක ප්‍රධාන කොටස් දෙකක් පවතින බව යි.
එනම්,
1. උපරිව්‍යුහය
2. අධෝව්‍යුහය
යන දෙක යි.
මෙහි උපරි ව්‍යුහය යනු, සමාජයේ එදිනෙදා ක්‍රියාත්මක වන නීතිය, සංස්කෘතිය, ආගම, සදාචාරය ආදී ආයතනයන්ගෙන් සමන්විත සමාජයේ ඇසට පෙනෙන්නේට ඇති තත්වය යි. අධෝ ව්‍යුහය යනු සමාජ ක්‍රමයක් ඒ අයුරින් ක්‍රියාත්මක වන්නට බලපාන ආර්ථික ක්‍රමය යි. එනම් නිෂ්පාදන මාදිලිය සහ නිෂ්පාදන සම්බන්ධතාවයන්ය.
නිෂ්පාදන මාදිලිය යනු ආර්ථික ක්රමයක භාණ්ඩ නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා ක්‍රමවේදය යි.

මාක්ස් සහ එංගල්ස්ට අනුව ලෝක ඉතිහාසය විකාශනය වූයේ ඉහත කී සාධක පදනම් කරගෙන ය. එනම් නිෂ්පාදන මාදිලි සහ නිෂ්පාදන සබඳතාවල ස්වරූපය වෙනස් වන විට ඊට අනුකූල ව සමාජ ක්‍රමය ද වෙනස් විය.

ඒ අනුව ප්‍රධාන යුග ලෙස,
1. ප්රාග් කොමියුනිස්ට් යුගය
2. වහල් යුගය
3. වැඩවසම් යුගය සහ
4. ධනේශ්වර යුගය
මොවුන් විසින් හඳුන්වා දී තිබේ. ඔවුන්ට අනුව
ඔවුන්ට අනුව මෙම සෑම යුගයකට ම අනන්‍ය වූ නිෂ්පාදන සබඳතාවන් සහ නිෂ්පාදන මාදිලීන් පැවති අතර ඒවායේ වෙනස් වීම එනම් අධෝව්‍යුහයේ වෙනස් වීම ඒ මත ඇති උපරිව්‍යුහය එනම් සමාජය වෙනස් වීමට බලපාන ලදි. ඉතිහාසය විකාශනය වූයේ එලෙස ය.
උදාහරණයක් ලෙස ප්රාග් කොමියුනිස්ට් යුගයේ කිසිවෙකු සතු ව අතිරික්ත නිෂ්පාදනයන් නොවූ අතර පසු ව ඔවුන් විසින් විවිධ ක්‍රම මගින් තමාට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර වැනි මූලික සම්පත් රැස් කරගන්නට වූ විට එසේ සම්පත් නොමැති පිරිස් තමා යටතතට ගන්නා ලදි. ඒ තමාට අවනත වීම තමා සමග දඩයමේ යැඑම වැනි කරුණුවලට එකඟ වන්නේ නම් තමා සතු අතිරික්ත සම්පත් ඔවුන් සමාග බෙදා ගැනීමේ කොන්දේසිය යටතේ ය. එය ඔවුන් ගෝත්‍ර ලෙස සංවිධානය වන්නට පදනම සපයන ලදි. වඩා ශක්තිමත් අතිරිකත වටිනාකම් වැඩියෙන් රැස් කරගන්නට හැකි වූවෝ නායකයන් වූ අතර අනෙක් අය සාමාජිකයන් වූහ
මෙම සෑම යුගයක ම සාමජ ක්‍රමය ගොඩනැගුනේ ඒ ඒ යුගවලට අනන්‍ය වූ ආර්ථික ක්‍රමය ආරක්ෂා කරමින් පවත්වා ගන්නට උපකාරී වන ආකාරයෙන් ය. එනම් ඒ ඒ යුගවල නීති, සම්ප්‍රදායන්, සංස්කෘතිය ආගම ආදිය ගොඩනැගෙන්නේ ආර්ථික ක්‍රමය ඒ අයුරින් පවත්වා ගන්නාට උපකාරී වන ආකාරයෙන් ය.
උදාහරණයක් ලෙස වැඩවසම් යුගයේ, ග්‍රීසියේ නීතිය ගත හැක. ග්‍රීක පෞර රාජ්‍යයන්වල පැවති ආර්ථික ක්‍රමය වූයේ වහල් ක්‍රමය යි. නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්නා ලද්දේ වහල් ශ්‍රමය යී එම සමාජවල නීතියට අනුව ග්‍රීසියේ සිට්යේ වහලුන් කාන්තාවන් විදේශිකයන් සහ පුරවැසියන් යන පිරිස් ය. ඉන් දේශපාලනයට සම්බන්ධ වූයෙ පුරවැසියන් පමණි. අනෙක් අතට වහලුන් සලකාන ලද්දේ දේපළක් ලෙසට ය. ග්‍රීසියේ මහා දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල් පවා වහලුන් සලකන ලද්දේ උපකරණ හැටියට මිස මිනිසුන් ලෙස නොවේ. මින් සිදුවන්නේ වහල් ක්‍රමය තවදුරටත් පවත්වා ගන්නට උපකාර කිරීම යි.
අනෙක් අතට වැඩවසම් යුගය තුළ ද දේවවරම්වාදය වැනි න්‍යායන් ගොඩනැගෙන්නේ එම ක්‍රමය ආර්ක්ෂා කරගන්නට ය.
නමුත් මෙම සෑම සමාජ ක්‍රමයක් තුළ ම බහුතරයක් දෙනා පීඩාවට පත්වන අතර එම සමාජවල ප්‍රථිලාභ ලබන්නේ සුළුතරයකි. එහෙයින් ම පීඩිත පිරිස් විසින් යම් මොහොතක දී එම පීඩනයට එරෙහි ව අරගල කරන අතර එම අරගලය කරන්නේ ඒ වන විට පවතින පීඩාකාරී සමාජ ක්‍රමය පෙරළා දමා පිඩිතයන්ගේ පාලනයක් ගොඩනගා ගන්නට ය. එහි දි සිදුවන්නේ පවතින තත්වයට සපුරාම විරුද්ධ නව ක්‍රමයක් ඇති කිරීමට වන අරගලයකි. මාක්ස් සහ එංගල්ස්ට අනුව ඉතිහාසයේ මෙවැනි අවස්ථාවල දී සිදු වී ඇත්තේ පවතින තත්වයේත් ඊට එරෙහි අරගලයේත් ප්රඨ්්යඉපලයක් ලෙස ඒ දෙකෙහි ගැටුමේ ප්‍රථිපලය ලෙස නව තත්වයක් බිහිවීම ය. එය මාක්ස් සහ එංගල්ස් පැහැදිලි කරන්නේ පහත පරිදි ය.
- වාදය
- ප්රතිවස්දය
- සහවාදය.
උදාහරණ ලෙස වහල් ක්‍රමයට එරෙහි ව ස්පාටකස් වැන්නන් විසින් කැරලි ගසන ලද අතර එහි දී වැඩවසම් ක්‍රමය පෙරළා දමා වහල් පාලනයක් ආරම්හ වනු වෙනුවට ආරම්භ වන ලද්දේ වැඩවසම් ක්රමයකි. එය වහල් ක්‍රමයට වඩා ප්රගතිශීලි වන අතර එහි දී වාදය හෙවත් පවතින තත්වය වූයේ වහල් ක්‍රමය යි. ප්රතිවාදය වන්නේ එය පෙරළා දමා ගොඩනගන්නට බලාපොරොත්තු වන වහලුන් විසින් බලය ගන්නා පාලන ක්‍රමය යි සහවාදය ලෙස ඇති වූයේ වහල් ක්‍රමයට වඩා ප්රගතිශීලී වන නමුත් සම්පූර්ණයන් ම යහපත් නොවන පෙර තත්වයට වඩා යහපත් තත්වයක් වන වැඩවසම් ක්‍රමය යි.
මෙම ආකෘතිය යුරෝපයේ ඉතිහාසය සමඟ සසඳා බලන විට බොහෝ විට එය යුරෝපා ඉතිහාසයට අනුකූල වන නමුත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය මෙම ආකෘතිය තුළට ඇතුල් කර බලන විට එය ලංකා ඉතිහාසය මෙම ආකෘතිය තුළට ඌනනය කරන්නට නොහැකි බව පැහැදිලි වේ. ඊට හේතුව වන්නේ ලංකාව තුළ ඉතිහාසයේ කිසිම දිනෙක වහල් සමාජයක් පැවති බව හෝ වැඩවසම් ක්‍රමයකට එරෙහි ඓන්ද්‍රීය විරෝධයක් පැන නැගුන බව හඳුනාගත නොහැකි නිසා ය.
ලංකාව තුළ මෙන් ම ආසියාවේ තවත් රටවල ද මෙම තත්වය දැකිය හැක. මේ පිළිබඳ ව විමර්ශනය කරන විට පෙනී යන්නේ යුරෝපයේ වහල් වැඩවසම් ආදී ලෙස යුග විකාශනය වූයේ ඒ ඒ යුගවල පැවති නිෂ්පාදන මදිලීන්ට අනුකූල ව වන බවත් ආසියාවේ එසේ නොවන්නට හේතුව යුරෝපයේ පැවතියාට වඩා වෙනස් නිෂ්පාදන මාදිලියක් ආසියාවේ ක්‍රියාත්මක වූ බව ය.
අරමුණ
මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ මාක්ස් සහ එංගල්ස් විසින් හඳුන්වා දුන් ඓතිහාසික භෞතිකවාදී ප්‍රවේශයට ලංකාවේ ඉතිහාසය අනුකුල නොවන්නට හේතු වූ ලංකාවේ පැවති නිෂ්පාදන මාදිලිය සහ නිෂ්පාදන සබඳතාවල ස්වරූපය එනම් ලංකාවේ පැවති ආර්ථික මොඩලය පිළිබඳ ව විමර්ශනයක් කිරීමට ය.
ක්‍රමවේදය
මේ සඳහා ක්‍රමවේදය ලෙස සාහිත්‍ය අධ්‍යයන ක්‍රමවේදය යොදාගන්නා ලදි.
ප්‍රථමයෙන් ම යුරෝපයේ පැවති ආර්ථික මාදිලි හෝ සමාජ ක්‍රම ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවන්නට හේතු විමසා බැලිය යුතු ය.
යුරෝපය මුල් කරගත් බොහෝ රටවල පංති සමාජය ආරම්භ වූයේ වහල් ක්රමයකිනි. මීට බලපාන ලද ප්‍රධාන හේතුව ලෙස එම රටවල පැවති කෘෂිකාර්මික නිෂ්පාදනවල අතිරික්තිය අඩු මට්ටමක පැවතීම බව හඳුනාගටහ හැක. වෙනත් ලෙසකින් කිවහොත් යුරෝපයේ රටවල පැවති සෘතු භේදය නිසා එම ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු කරන්නට හැකි වූයේ ඉතා සීමිත කාලයකි.
මෙම තත්වය නිසා කෘෂිකර්මාන්තයෙන් ලද අතිරික්තය අඩු වූවා මෙන් ම කෘෂිකර්මාන්තය සඳහා විශාල ශ්‍රමයක් වැය කරන්නට ද සිදු විය. මෙහි ප්‍රථිපලයක් ලෙස සීමිත වූ අතිරික්ත නිෂ්පාදන ප්‍රමාණය හිමි කරගත් පිරිස් විසින් ගෙන යන ලද අතිශය කුරිරු වහල් ක්‍රමයක් ඇති විය. මේ ක්‍රමය යටතේ පැවති නිෂ්පාදන ක්‍රමය වූයේ වහල් ක්‍රමය යි. නිෂ්පාදන සබඳතාවය පැවතියෙ වහලුන් සහ වහල් හිමියන් අතර ය.
නමුත් ආසියාවේ පැවති තත්වය ඊට වෙනස් ය. ප්‍රභල සෘතු භේදයක් නොපැවති දකුණු ආසියවේ පැවතියේ කෘෂිකර්මයට හිටකර වාතාවරණයකි. එහෙයින් කෘෂිකාර්මික අතිරික්තිය ද යුරෝපයට වඩා ඉහළ ය.
ඒ අනුව ආසියාව තමාට ම අනන්‍ය වූ නිෂ්පාදන මාදිලියක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මූලිකාංග සම්පූර්ණ කර පැවතුනි. නමුත් ආසියාවේ ද පැවති පැවති නිෂ්පාදන මාදිලීන් රටින් රටට වෙනස් විය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ බ්‍රාහ්මණ. ක්ෂත්රිය, වෛශ්‍ය සහ ක්ෂුද්‍ර ලෙස ප්‍රධාන වර්ණ හතරක් මුල් කරගෙන ප්‍රභල සමාජ ස්ථරායනයක් පැවතිය ද ලංකාවේ එවැනි ස්ථරායනයක් වෙනුවට පැවතියේ කුල ස්ථරායන ක්රමයකි. සමාජ ස්ථරායනය යන කරුණ මෙම සාකච්ඡාවෙහිලා වැදගත් වන්නේ ආර්ථික ක්‍රමවල බාහිර ප්රකාශනය සමාජ ස්ථරායනය වන බැවිනි.
එමෙන්ම ඉන්දියාවේ ගුරුවරු, කවීන්, පූජකයින් ලෙස එකිනෙකට වෙනස් පිරිස් ගම්වල සිටි නමුත් ලංකාවේ ගුරුවරයාගේ වෛද්‍යවරයාගේ පූජකයාගේ ආතී බොහෝ කාර්යයන් ඉටු කරන ලද්දේ භික්ෂූන් විසිනි. මීට හේතුවක් ලෙස ඉන්දියාවේ ගංගා යමුනා ගංගා ආශ්රිත ව ආරම්භ කරන ලද කෘෂිකර්මය මහා පරිමාණයෙන් සිදු වීම ද ඉන් විශාල අතිරික්ත නිෂ්පාද්නයක් ලැබීම සහ එමගින් විශාල පිරිසක් ගම්වල නඩත්තු කරන්නට හැකි වීම සහ ලංකාවේ කෘෂිකර්මය ආරම්භ වූ මල්වතු ඔය ආශ්‍රිතව මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතු සිදු නොවී ම ද එහෙයි නඩත්තු කළ හකි පුද්ගල සංඛ්‍යාව අවම වීම ලෙස අනුමාන කළ හැක. පසුකාලිනව ලංකාවේ කෘෂිකර්මය මහාප්රිමාණ වුව ද සමාජ වෙනස් වීම් වන්නට වූයේ සෙමිනි.
මෙලෙස ආසියාවේ ද ආසන්නතම රාජ්‍යයන් දෙකක් වන ලංකාව සහ ඉන්දියාවේ ද පැවති නිෂ්පාදන මාදිලීන්හි යම් වෙනස්කම් සහිත බව හඳුනාගත හැකි අතර ලංකාවේ ක්‍රියාත්මක වූ නිෂ්පාදන මාදිලිය ක්‍රියාත්මක වූ ආකරය පහත ආකරයට හඳුනාගත හැක.
මුල් යුගය
ගල් යුගයේ ශිෂ්ටාචාරවලට පසු ලංකාවේ ලෝහ යුගයක් පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි පවතින නමුත් ලංකාවේ සංවිධිත සමාජයක් ආරම්භ වන්නේ විජයාගමනයත් සමග ය. එලෙස ලංකාවට පැමිණියේ ඉන්දියානුවන් ය. ඔවුන් ප්‍රථමයෙන් ම මල්වතු ඔය ආශ්රිත ව අනුරාධගාම, උපතිස්සගාම ආදී ලෙස ගම්මාන පිහිටුවා ගන්න ලදි. මෙලෙස ලංකාවට ආ මුල් කාලීනයන් බොහෝමයක් ජනපද පිහිටුවා ගන්නා ලද්දේ ගංගා නිම්න ආශ්රිත ව ය. උදාහරණ ලෙස කලා ඔය අසල උරුවෙල ජනපදය ද ගල් ඔය ආශ්රිත ව දීඝායු ජනපදය ආදිය හඳුනාගටහ හැක. මෙම යුගයේ ගොවිතැන හැරුණුකොට අනෙක් කර්මාන්ත පැවතියේ එතරම් දියුණු අවධියක නොවේ.
ජනගනය වර්ධනය වීමත් සමග මොවුන්ට අති වූ ගැටලුවක් නම් මහවැලි ජල මූලාශ්‍ර හැර අනෙකුත් ගංගා ඉඩෝර සමයට ජල ප්‍රමාණය අඩු වීම ය.ඒ නිසා ගංගා සහ ඔයවල් ආශ්රිත මුල්කාලීන ජනපද අභාවයට යන ලද අතර ඒ හා සමගාමී ව ම ඉඩෝර සමය වෙනුවෙන් ජල සංචිත ඇති පවත්වා ගැනීමේ අවශ්‍යතාව මතු විය. එහි ප්‍රථිපලයක් ලෙස මුල් කාලීන ව කුඩා වැව් ඇති වන්නට වූ අතර ක්‍රිස්තු පූර්ව 400 පමණ වන විට විශාල වැව් ඉදිකරන්නට ආරම්භ විය. ක්‍රි:පූ 437 දී පමණ අනුරාධගාමය අනුරාධපුරය ලෙස නාගරික ලඛ්ෂණ සහිතව ගොඩනැගෙන්නට විය. පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුරය පංති සමාජයක අගනුවරකට අදාළ ලඛ්ෂණ සහිත ව සකස් කරන ලදි. ආසියාතික නිෂ්පාදන මාදිලිය ලංකාවේ ක්‍රියාත්මක වීම පිළිබඳ ව පැහැදිලි සාධ්ක සොයාගත හැකි වන්නේ ඉන් අනතුරුව ය.
වර්ධිත ශිෂ්ටාචාර යුගය

ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරන විට අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, නිරිතදිග රාජධානි යුගය, කෝට්ටේ යුගය සහ මහනුවර යුගය ආදී ලෙස වර්ගීකරණය කෙරෙන තත්කාලීන ව පැවති අගනුවර කේන්ද්‍ර කරගත් කාලය වර්ධිත ශිෂ්ටාචාර යුගයට ඇතුලත් කරගත හැක. මුල් කාලයේ තනි තනි ව ඉදි කළ වැව් අන්තර් සම්බන්ධිත ඇල මාර්ග සහ වාරිමාර්ග සහිත දැවැන්ද වාරි තාක්ෂනයක් සහිත එකක් බවට පත් වන්නේ මෙම යුගයේ දී ය.
මේ අනුව ලංකාවෙ ගොඩනැගෙන්නේ සමාජ විද්‍යාඥයන් විසින් ප්‍රාචීන ඒකාධිපති රාජ්‍යයක් ලෙස හඳුන්වන ලද රාජ්‍ය ක්‍රමයට සමානකම් දක්වන පාලන ක්රමයකි. මේ පිළිබඳ ව කාල් විට්ෆෝගල් නම් ජර්මන් සමාජ විද්‍යාඥයා පවසන්නේ පූර්ව නූත චීනයේ, ඉන්දියාවේ ඊජිප්ටුවේ සහ මෙසපොතේමියාව වැනි රාජ්‍යයන්හි පාලන ක්‍රමය ගොඩනැගුනේ ඒවායේ වූ විශාල වාරිමාර්ග පදනම් කරගෙන වාරිමාර්ගික ආර්ථික ක්‍රම මත පදනම් ව බව ය. මෙම සමාජයන් විට්ෆෝගල් අහ්ඳුන්වා දෙනු ලබන්නේ ”ජල පාලක සමාජයන්” ලෙස ය.
”ජල පාලක සමාජයන්” ලෙස කෘෂිකාර්මික ආර්ථිකයකට ප්‍රමාණවත් තරම් වැසි නොලැබෙන, ජලය හිඟ සහ ශුෂ්ක ප්‍රදේශවල වෙනත් අදේශවලින් ඇල මාර්ග ඔය, ගංඟා මගින් ජලය ගෙන්වාගෙන එමගින් කෘෂිකර්මාන්තය සිදු කරන සමාජයන් ය. මෙම සමාජයන් වැසිජලයෙන් වගා කරන සමාජයන්ට වඩා වෙනස් ය. මේවයේ අති වාරි මාර්ග, වැව් ආදිය දවැන්ත ව්‍යාපෘතීන් ය. ඒව ගොඩනැගීමට නඩත්තු කිරීමට සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා කරගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් අවශ්‍ය ය. මේ සඳා ශක්තිමත් ස්ථාවර හමුදාවක්, විශාල නිලධාරී තන්ත්රයක් ෂක්තිමත් බලවත් රජෙක් ද අවශ්‍ය විය. ඒ අනුව ගොඩනැගෙන රාජ්‍ය පාලකයා ඉතා බලවත් වන අතර මෙවනි රාජ්‍යයන් හඳුන්වා ඇත්තේ ” ජල පාලක රාජ්‍යයන්” ලෙස ය.(උයන්ගොඩ.2011.25-26)
මුල් කාලයේ ගොවීන් කම්මල්කරුවන් වඩුවන් ආදී සියල්ලන් ම ගමේ විසූ නමුත් අනුරාධපුර යුගයේ සශ්‍රීක කාලය වන විට ආසියාතික නිෂ්පාදන මාදිලියේ ලංකාවට ආවේණික ලක්ෂණයක් වූ ”සම කුල ස්වයං රක්ෂිත” ගම්මාන බිහි වන්නට විය. 1889 දී බ්‍රතාන්‍යයන් කරන ලද පරීක්ෂණයකට අනුව උතුරු මැද පළාතේ ගම් 1070කින් 1061ක් ම සම කුල විය.
නගර
රාජ්‍ය පරිපාලනයේත් වෙළඳාමේත් සංස්කෘතියේත් මධ්‍යස්ථාන විය. රජු වාසය කළේ ද ආගමික නායකයින් වාසය කළ්ෑඅ ද අධ්‍යාපන ස්ථාන පිහිටියේ ද නගරය කේන්ද්‍ර කරගෙන ය. චිත්‍ර මූර්ති සාහිත්‍ය ඇතුළ්ඹ කලාවන් වර්ධනය වූයේ ද නගරය කේන්ද්‍ර කරගෙන ය. මුල් කාලයේ අගනුවර කේන්ද්‍ර ක්රගෙන ආර්ථික කටයුතු වර්ධනය වුව ද පසු ව වරාය බිහිවීම සමග ඒ ආශ්රිත ව නගර බිහිවන්නට විය. ඒ වෙළඳාම මුල් කරගෙන ය. තිස්සමහාරාමය- මාගම, මාන්තොට, ගෝකණ්න පටුන, දඹකොළ පටුන, දෙවුන්දර, කොළඹ ආදිය එවැනි නගර ලෙස හඳුනාගටහ හැකි ය. ආසියාතික නිෂ්පාදන මාදිලිය ලංකාව තුළ ක්‍රියාත්මක වීමේ දී පෙන්වන ලද තවත් සුවිෂේශීතාවයක් වන්නේ සාමාන්‍යයෙන් ආසියාතික නිෂ්පාදන මාදිලිය ක්‍රියාත්මක වූ සමාජයන් හුදෙකලා ස්වභාවයක් ගත්ත ද ලංකාව වෙළඳාම සහ සංස්කෘඉතික අංශයන්වල දී විදේශ සම්බන්ධතා පවත්වා ඇත. නගර නඩත්තු කිරීම ජනතා බදු මුඩලින් සිදු කර ඇති අතර බදු පිළෛබඳ ව බොහෝ විස්තර එක ලංකාවේ සෙල්ලිපිවලින් හෙළි වේ.
ඓතිහාසික භෞතිකවාදී ප්‍රවේශයට අනුකූල වන යුරෝපා සමාජයේ වූ වැඩවසම් ක්‍රමයට යම් මට්ටමකට සමානකම් දක්වන තත්වයන් පොළොන්නරු යුගය වන විට දක්නට ලැබුන ද උතුරු ඉන්දියානු ආක්‍රමණ සමග එම තත්වයන් වහා ම වෙනස් වන්නට විය. ඒ සමග රාජධානි නිරිතදිගට මාරු වන්නට ආරම්භ වූ අතර ආර්ථිකය අස්ථාවර විය.
සටහන –
P.G.L.S. ලක්මාල් ධර්මසේන
