බෞද්ධාලෝක පදනමේ තරුණ කමිටුව මගින් මෙහෙයවන තරුණ ව්‍යාපෘතියක් ලෙස ආර්ය සංසදය බප/කැලණිය ගුරුකුල විද්‍යාලය සමඟ ස්ථාපිත කිරීමේ සමාරම්භක උළෙල 2025 ඔක්තෝම්බර් මස 29 වන දින බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති, ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා ප්රමුඛ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ගුණධර්ම සපිරි සහ විනයානුකූල සමාජයක් බිහි කිරීමට මූලික සාධකයක් වන්නේ තරුණ පරම්පරාව වන අතර සමබර, ගුණවත්, ප්රජාශීලී යොවුන් නායකයන් බිහි කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇත. සමාජයට සහ ජාතියට වැඩදායී තරුණ පරපුරක් බිහි කිරීම සඳහා සමබර යොවුන් නායකත්ව පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට බෞද්ධාලෝක පදනම අපේක්ෂා කරයි. හඳුනා ගත් විවිධ විෂය පථයන් සහ කුසලතා කිහිපයක් ඇතුළත් කර තරුණ නායකත්ව පාඨමාලාවක් නිර්මාණය කර, තෝරාගත් තරුණයන් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දී පුහුණු කරුවන් පුහුණු කිරීම සහ ඔවුන් ප්‍රජා ව්‍යාපෘති සඳහා සම්බන්ධ කිරීම ආර්ය සංසදය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇත.
මේ සඳහා අවශ්‍ය පුහුණු සැසි පැවැත්වීමට බෞද්ධාලෝක පදනම සමග ජාතික නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය සම්බන්ධ වී ඇත.2025 ඔක්තෝම්බර් මස 29 වන දින පැවති මෙම උත්සවය සඳහා බෞද්ධාලෝක පදනමේ තරුණ කටයුතු කමිටුවේ ගරු සභාපති මහාචාර්ය රඟමිණි වේරවත්ත මහතා සහ ගුරුකුල විද්‍යාලයේ ආර්ය සංසදය භාර ආචාර්ය චින්තක සේරම් මහතාද, ආර්ය සංසදයේ නව නිලධාරී මඩුල්ල සඳහා හඳුනාගත් සිසු සිසුවියන් රැසක් සහභාගී විය.




