“මගේ රටේ වටිනාකම ලෝකයට පෙන්වීම තමයි එකම බලාපොරොත්තුව “සචිනි අනාශා ෆර්නෑන්ඩෝ

author
0 minutes, 8 seconds Read

නිරූපණ ක්ෂේත්‍රය තුළ ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ඇය මෙතෙක් පැමිණි ගමන් මග පිළිබද සොදුරු කතා බහක් අද අප ඔබට ගෙන එන්නට සූදානම්….

මුලින්ම ඔබ ගැන කතා කරමු.

මගේ නම සචිනි අනාශා ෆර්නෑන්ඩෝ. මම ලංකාවේ වෙන්නප්පුව නගරයේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ තමයි මුලින්ම පාසලට ගියේ. විවාහයත් එක්කම මම ඉතාලියේ පදිංචියට ගියා. දැන් මම දරුවෝ දෙන්නෙක්ගේ මවක්. අවුරුදු එකොළහ සහ අවුරුදු අටේ දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ඉතාලියේදී ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ඉන්න ගමන්ම නිරූපණ ක්ෂේත්‍රයේත්වත් මම යොමු වෙලා ඉන්නවා.

Mrs international global Sri Lanka  මෙවැනි තරගයකට සහභාගී වීමට හිතුවේ ඇයි? 

මෙම තරගයට සහභාගි වෙන්නේ හිතුවේ ඇත්තටම global international තරඟයකට ඉදිරිපත් වෙන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. මගේ රට නියෝජනය කරන්න. ඒත් එක්කම මේක මට හම්බුන අවස්ථාවක් විදියට මම දකිනවා. මම ඉතාලියේ ජීවත් වෙන හින්දා මට පුළුවන් මේ තරගාවලියේ global තරග අංශය මාර්ගයෙන් මගේ වටිනාකම සහ  මගේ රටේ වටිනාකම ලෝකයට පෙන්වන්න. 

කුඩා කාලයේ පටන්ම නිරූපණ ක්ෂේත්‍රයට ආසාවක් තිබුණද?

ඔව් ඇත්තටම මම හරිම ආසයි නිරූපණ ක්ෂේත්‍රයට සහ ලස්සනට ඉන්න. මම 2010 දී දෙරණ අවුරුදු කුමරිය තරඟයේ පළවෙනි ස්ථානයට තේරී පත් වුණා. විවාහයත් එක්ක ඒ හැමදේම එකේ මම අයින් වුනා. නමුත් කාලෙත් එක්ක මට හිතුනා මිසිස් තරඟයකට සහභාගී වෙන සුදුසුයි කියලා.

විවාහක කාන්තාවන්ට මෙවන් තරගයකට මුහුණ දීමේදී ඇතිවන ප්‍රධානම ගැටලුවක් තමයි පවුල. ස්වාමියාගෙන් ලැබෙන ඒ දායකත්වය… ඔබට කොහොමද ඔබේ පවුලෙන් ලැබෙන දායකත්වය…

මම ආසයි fashion, modeling වගේ දේවල් වලට. විවාහක කාන්තාවන්ට මේ වගේ තරඟයකට ඇතුල් වෙන්න ශ්‍රී ලංකා වගේ රටක දැන් හුඟක් අවස්ථාවන් හම්බවෙනවා. මොකද අපේ mind set එක ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ.

මට හිතෙනවා මේ වගේ තරඟයකට සහභාගි වීම තුළින් ස්වාමිපුරුෂයාට එයාලගේ අම්මලාට තාත්තලට කොයිතරම් ඔයා බිරිඳට දුවට කොච්චර ඔයාලට සහයෝගය ලැබෙනවා ද කියන එක මත තමයි මෙම තරඟයකදී එක එක්කෙනාගේ මානසිකත්වය තීරණය වෙන්නේ. මට ලැබුණ සහයෝගයත් එක්ක මම දැනගත්ත දේත් එක්ක මගේ ලොකුම හයිය වුණේ අපේ වටේ ඉන්න ළඟම අය.

ඉතින් ඒ වගේ දේක දි අනිවාර්යෙන් ඒ සහයෝගය අවශ්‍යයි. මම ගොඩක් සාර්ථකයි මගේ ජීවිතයේදී. 

මගේ දරුවෝ දෙන්නගේ සහ ගෙදර වැඩකටයුතුත් එක්ක මගේ රූපය ලස්සන සුන්දරත්වය ඒ හැමදේම මම ගොඩක් හිතන කෙනෙක්. ඉතින් මම හිතනවා එයාලගේ සහයෝගය නැතුව මට මේ වගේ දෙයක් කරගන්න හම්බවෙන්නේ නැහැ කියලා.

අවසාන මහා තරගයට ඔබේ සූදානම කොහොමද?

ඇත්තටම අවසාන මහා තරගය ගැන කිව්වොත් මම ශාරීරිකව සහ මානසිකව ගොඩක් සූදානම් වෙලා තමයි ඉන්නේ. මෙම තරගාවලිය තුළ  අවසානයට ඇවිල්ලා ඉන්න මට අවශ්‍ය වෙන්නේ මේ හැම දෙයක්ම හරි විදියට කරගන්න. 

මම දැනට මම මැලේසියාවේ ඉන්නේ. ඉතින් මම හිතනවා මගේ සූදානම තුළ මට හොඳ තරඟයක් දෙන්න පුළුවන් වෙයි කියලා.

මෙවැනි තරඟයක් පැවැත්වීම පිළිබඳව විශේෂ ස්තූතිය.මෙවැනි තරඟයක් පැවැත්වීම පිළිබඳව විශේෂ ස්තූතිය.

මේ මොහොතේදී මා විශේෂ ම ස්තූති වන්ත වෙනවා මගේ national director උද්දිමා ද සිල්වා මහත්මියට වගේම අපේ pageant එක සදහා sponsor දායකත්වය ලබා දීපු හැමෝටමත්. ඒ වගේම විශේෂයෙන් මගේ ස්වාමිපුරුෂයා දරුවන් සහ මගේ ආදරණීය පවුලේ අය , යහලු යෙහෙලියන්, නෑදෑයන්ට. ඒ වගේම මගේ පාසල ආදි ශිෂ්‍යාවන්ටත්. හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

ඔබේ ඉදිරි වැඩ කටයුතුඔබේ ඉදිරි වැඩ කටයුතු

මට දැනටමත් ගොඩක් ආරාධනා ලැබිල තියෙනවා නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතුවලට සහ වෙළඳ ප්‍රචාරණ කටයුතු වලට. මම හිතනවා මම ශ්‍රී ලංකාවේ ඉන්න කාලය තුළ මට මේ දේවල් වලට සහභාගී වෙන්න පුළුවන් වෙයි කියලා.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa