මැතිවරණය පිළිබද ඔබ දැන සිටිය යුතු දේ

author
0 minutes, 4 seconds Read

ජනාධිපතිවරණයක් පවත්වන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවස්ථාව එළඹෙන සැප්තැම්බර් 21 වනදා මෙරට පුරවැසියන්ට ලැබී තිබේ.මැතිවරණයක් යනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනතාවට තම ජාතිය,ආගම,කුලය,ස්ත්‍රී පුරුෂ භාවය, දුප්පත් පොහොසත් බව,උගත් නූගත් බව ආදී කිසිදු භේදයකින් තොරව පාලන බලයට හවුල්වීමට ඇති හොදම අවස්ථාවයි.එහිදී තම තමන්ගේ 100%ක් වූ ස්වාධීන කැමැත්ත අනුව තමා කැමති ඕනෑම අපේක්ෂකයෙකු තෝරා ගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කල හැකිය.

ජනාධිපතිවරණයක් සදහා බලය 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත යටතේ හිමිවන අතර නියමිත කාලය සම්පූර්ණ වූ විට ජනාධිපතිවරණය පැවැත්වීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට නියම කරනු ලැබේ.
ශ්‍රීලංකාව තුළ ජනාධිපතිවරුන් තෝරා ගැනීම සදහා මේ වන විට මැතිවරණ 08ක් පවත්වා තිබේ. ඒ සෑම අවස්ථාවකදීම බොහෝ විට එය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර පැවැත්වූ මැතිවරණයන් විය. මෙරට ප්‍රථම ජනාධිපතිවරණය 1982 දී පවත්වන ලදී. අපේක්ෂකයින් 06 දෙනෙකු ඉදිරිපත් වූ එම මැතිවරණයේදී 52.91% ක ප්‍රතිශතයක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂයෙන් තරග කල ජුනියස් රිචඩ් ජයවර්ධන (ජේ.ආර්.ජයවර්ධන )මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. එහිදී විශාල උනන්දුවකින් ජනතාව සිය චන්දය භාවිතා කළ බව පෙනී යන්නේ චන්ද ප්‍රකාශිත සංඛ්‍යාව 81% ඉක්මවා යාමෙනි.ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා 39.07% ක් ද , ජනතා විමුක්ති පෙරමුණින් තරග කල රෝහණ විජේවීර මහතා 4.19%ක චන්ද ප්‍රතිශතයක් ද ලබා ගන්නා ලදී. ඉන් අනතුරුව පැවති ජනාධිපතිවරණ වලදී ජයග්‍රහණය කල අපේක්ෂකයින් මෙසේය.
1988 – රණසිංහ ප්‍රේමදාස මහතා – 50.43%
1994 – චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය – 62.28%
1999 – චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය – 51.12%
2005 – මහින්ද රාජපක්ෂ මහතා – 50.29%
2010 – මහින්ද රාජපක්ෂ මහතා – 57.88%
2015 – මෛත්‍රීපාල සිරිසේන මහතා – 51.28%
2019 – ගෝඨාභය රාජපක්ෂ මහතා – 52.25%
මෙරට ජනාධිපතිවරයා සතුව පූර්ණ විධායක බලතල ඇත.එය ජනාධිපතිවරයා මූලිකව කේන්ද්‍ර ගත වන අති විශාල බලයක් වන අතර ඒ සම්බන්ධයෙන් විටින් විට බොහෝ වාද විවාද ඇති වී තිබේ. මෙරට බොහෝ ජනාධිපති අපේක්ෂකයින්ගේ සුලබ පොරොන්දුවක් වී තිබුණේද බලයට පැමිණි පසු මේ විධායක බලතල අහෝසි කරන බව වුවත් අද වනතුරුත් එය සිදුවී නොමැත.

ජනාධිපතිවරණ ක්‍රියාපටිපාටිය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වන වසර 05 අවසන් වීමට මාසයකට නොඅඩු මාස 02කට නොවැඩි කාලයක් ඇතුළත ජනාධිපතිවරණ චන්ද විමසීම පැවැත්විය යුතුය. ඒ වන විට බලයේ සිටින ජනාධිපතිවරයාට අවශ්‍ය නම් සිය ධූර කාලයෙන් වසර 04ක් පිරුණු පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැදවිය හැකිය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණය පැවැත්වීම පිළිබඳව පූර්ණ බලතල ඇත්තේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට වේ. ඊට පෙර එම බලය හිමිවී තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයාටය. මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුවේ.ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයන් මගින් ඒ නියමය පළකරනු ලබන දිනයේ සිට දින 16කට නොඅඩු , දින 21කට නොවැඩි දිනයක අපේක්ෂකයින්ගේ නාමයෝජනා කිරීමේ දිනය ලෙසද නාමයෝජනා කිරීමේ ස්ථානය ද නියම කළ යුතුය. නාමයෝජනා කිරීමේ දිනයේ සිට මාසයකට නොඅඩු සති 6කට නොවැඩි කාලයක් තුල ජනාධිපතිවරණය පැවැත්වේ. මැතිවරණයට පැය 48කට පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු අතර එය නිදහස් හා සාමකාමි මැතිවරණයක් පැවැත්වීමට පිටුවහලක් වේ. ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීම අදාල දිනයේ උදෑසන 7 සිට සවස 4 දක්වා පැවැත්වෙන අතර එම කාලය තුළ සුදුසුකම් ලත් ශ්‍රීලාංකික පුරවැසියන් සියලු දෙනාට තම තමන්ට අදාල ඡන්ද මධ්‍යස්ථාන වලට ගොස් චන්දය ප්‍රකාශ කල හැකිය. චන්ද විමසීම සවස 4ට අවසන් වීමෙන් පසුව ප්‍රථමයෙන් ගණන් කිරීම ආරම්භ වන්නේ තැපැල් චන්දයි. සැලසුම් කර ඇති චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට චන්ද පෙට්ටි රැගෙන ගියපසු රාත්‍රී 7ට පමණ ප්‍රකාශිත චන්ද ගණනය ආරම්භ වේ. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මේ මොහොතේ ආරක්ෂාව වෙනුවෙන් දැවැන්ත ආරක්ෂක වළල්ලක් ක්‍රියාත්මක කරන අතර ස්වාධීන නිරීක්ෂණ ආයතන හා මැතිවරණයට තරග කල පාර්ශවයන් ගේ නියෝජිතයන්ට එය නිරීක්ෂණය කිරීමේ ඉඩකඩ පවතී. වඩාත් සාධාරණ හා අපක්ෂපාතී ප්‍රතිඵලයක් සදහා එය ඉතා වැදගත් වේ. වේගවත්ව ගණනය කිරීම් සිදු කර අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම උදෙසා විශාල පීඩනයක් චන්ද මධ්‍යස්ථාන එල්ල වීම වැලැක්වීමට චන්ද දායකයින් 10000 කට එක බැගින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංස්ථාපනය කරයි.එහි ප්‍රධානත්වය ජ්‍යෙෂ්ඨ රජයේ සේවකයෙකුට භාර වේ. චන්ද ගණනය කල පසු යම් අපේක්ෂකයෙකු 50% ඉක්මවා චන්ද ලබා ගත්තේ නම් ඔහු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම සිදුවේ.

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය යනු කුමක්ද?

ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට පමණක් නොව තවත් තමා කැමති අපේක්ෂකයෙකුට මනාප ලකුණු කල හැකිද යන්න බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයකි. ඡන්ද පත්‍රිකාවේදී තමා කැමති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අමතරව දෙවන මනාපය තමන් කැමති තවත් අපේක්ෂකයෙකුට ප්‍රකාශ කළ හැක.එය වැදගත් වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතුරින් කිසිම අපේක්ෂකයෙකු 50% ප්‍රතිශතය ලබා නොගතහොත් ය.එහිදී මුල් අපේක්ෂකයින් දෙදෙනා හැර අන් අපේක්ෂකයින් ඉවත් කර , එම ඉවත් කළ අපේක්ෂකයින්ගේ චන්ද දායකයින් විසින් සිය දෙවන මනාපය ලකුණු කර ඇත්තේ කාහටදැයි පරීක්ෂා කර බලනු ලැබේ. එහිදී මුල් අපේක්ෂකයින් දෙදෙනාට ලබා දී ඇති දෙවන මනාප ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාවට එකතු කර වැඩිම මනාප ලැබූ අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගැනීම සිදු කෙරේ.
ඒ අනුව මෙවර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මේ වන විට අපේක්ෂකයින් 39 දෙනෙකු නාම යෝජනා භාර දී ඇති අතර දැඩි චන්ද සටනක්ද නිර්මාණය වෙමින් පවතී.ඉදිරි වසර 5ට තමන් පාලනය කිරීමට සුදුස්සකු තෝරා ගැනීමේදී ඡන්දදායකයා මේ තොරතුරු දැන සිටීම ඉතා වැදගත් වනු ඇත.


සැකසුම – නීතිඥ ශ්‍රීධර සේනාරත්න

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa