මිරිස්  වවමු. ඩොලර් මවමු.

author
0 minutes, 10 seconds Read

  “A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු ලිපි මාලාව තුලින් අද දින කරුණු ගෙන එන්නේ “මිරිස් වගාව” පිළිබඳව යි. මේ වන විටත් A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ නිසි තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් ඉතා සාර්ථක අන්දමින් ලංකාවේ විවිධ පාරිසරික තත්වයන් සහිත ප්‍රදේශ කිහිපයකම මිරිස් වගා කටයුතු සිදුකෙරෙමින් පවතී.

ඒ අනුව ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ මිරිස් දෙමුහුම් බීජ ගොවිපොලක් ස්ථාපනය කර තිබේ. මෙම බීජ මධ්‍යස්ථානය ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ  කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ අධීක්ෂණය  යටතේ පවත්වාගෙන යනු ලබයි.එනම් නූතන තාක්ෂණය යොදාගන මිරිස් බීජ නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයක් ලෙස මෙය හැදින්විය හැකිය.

MYCHHY 1 ප්‍රභේද යට අයත් මිරිස් බීජ මෙහි නිෂ්පාදනය කරන අතර මහඉලුප්පල්ලම බීජ අභිජනන මධ්‍යස්ථානයෙන් මේ සදහා අවශ්‍ය මාතෘ බීජ සහ පීතෘ බීජ ලබාගනී.පස් , වැලි, කොහුබත් සමග කර දහයියා මිශ්‍රණය කොම්පෝස්ට් පස් කොටස් 2 ට,වැලි කොටස් 1 ,කොහුබත් සහ කර දහයියා කොටස් 2 , කොම්පෝස්ට් කොටස් 1 යොදා අවශ්‍ය නම් ජලය ස්වල්පයක් එක්කර මිශ්‍රණය සකසා ගනී.අනතුරුව මෙම මිශ්‍රණය තවාන් තැටි වල අතුරා බීජ තවාන් දැමීම සිදුකරයි.අනතුරුව සාමාන්‍ය දින 6-7 කින්  පැළ හටගනී.දින 21ක් ගතවූ පසු එම මිරිස් පැළ ක්ෂේත්‍රයේ සිටුවීම සිදු කරයි.මේ සදහා කොහුබත් සහ කර දහයියා මිශ්‍රිත මාධ්‍යයක් භාවිතා කරයි.

අනතුරුව මෙම පැළ හරිතාගාරයක් තුල වැඩෙන්නට සලස්වයි.මෙම හරිතාගාර තුල සෙල්සියස් අංශක 27-28 අතර උෂ්ණත්වයක් පවත්වාගන යාමට කටයුතු කරනු ලබයි.මාස 3ක් පමණ  ගත වූ පසු ඵලදාව හටගැනීම ආරම්භ වේ.මාතෘ ශාක සහ පීතෘ ශාක හරිතාගාරය තුල වෙන් වෙන්ව තබා ඇති අතර කෘතිමව පරාගනය සිදු කරනු ලබයි.ඒ අන්දමින් උසස් තත්වයේ මිරිස් බීජ නිෂ්පාදනය කරගනු ලබයි.

මඩකලපුව ප්‍රදේශයේ  ද තෝරාගත් ගම්මාන 12ක A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ දැනටමත් ඉතා සාර්ථක අන්දමින් මිරිස් වගාව සිදුකෙරෙමින් පවතී.මෙම වගාව සදහා PC 1 නමැති මිරිස් ප්‍රභේදය යොදාගන ඇත.මාස 5-6 න් පමණ අස්වනු නෙලීමේ හැකියාව තිබේ.මුලින්ම ගොවීන් සියදෙනෙක් තෝරාගෙන වගාවන්ට අවශ්‍ය ජලය සම්පාදනය කිරීම සදහා විසිරි ජල සම්පාදන පද්ධතියක් සහ වගාව සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ද A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ ලබා දී ඇත.මීට අමතරව වගාව ආරම්භයේ සිට අවසානය තෙක් එක් එක් අදියරයන්හිදී අඛණ්ඩව දත්ත එක්රැස් කිරීමට ගොවීන් පුරුදු පුහුණු කර තිබෙන අතර ඒ අනුව එම දත්ත ඇසුරින් ලබාගන්නා තොරතුරු ඊළග වගාවේදී අතහදා බැලීමට අවස්ථාව ගොවීන්ට ම ලබාදී ඇත.ඒ තුලින් සාර්ථක   ප්‍රතිඵල ලබාගැනීමට ගොවීන්ට හැකියාව ලැබී ඇත.එමෙන්ම මෙම ගොවීන් විවිධ ප්‍රදේශ වලට රැගෙන ගොස් එම ප්‍රදේශ වල ගොවීන් සතු මිරිස් වගාව පිළිබඳ දැනුම මෙම ගොවීන්ට ලබාගැනීමට ද අවස්ථාව උදාකර දී ඇත.

එමෙන්ම මෙම ගොවීන් සාර්ථක  උපක්‍රමයක් යොදාගනිමින් මිරිස් වගාව සිදුකරන අන්දම දක්නට ලැබෙන අතර එනම් වගාව ආරම්භයේදීම මිරිස් පැළ අතර තවත් අතුරු බෝගයක් වගා කිරීමයි.පළමු මාස 1-2 තුල මෙය සිදුකරයි.විශේෂයෙන් බීට් වැනි  බෝගයක් වගා කිරීමෙන් අමතර ආදායමක් උපයාගැනීමට ඔවුන්ට හැකිවී ඇත.ඒ අන්දමින් ඔවවුන් ඉතා සාර්ථක ලෙස මිරිස් වගාවේ නිරත වී සිටිති.මෙම මිරිස් වගාවටත් එක්තරා ආකාරයකට ශ්‍රමය අවශ්‍ය වේ.නමුත් විසිරි ජල සම්පාදන ක්‍රමය ඔස්සේ ජලය සැපයීමත්,වගාවේ වල් නෙලීමට යන්ත්‍ර ලබාදීමත් සමග මිනිස් ශ්‍රමය යොදාගැනීම  අවම වී තිබෙන අතර ඒනිසාම ගොවීන්ට නිෂ්පාදන වියදම අවම කර ගැනීමට හැකි වී තිබේ.ඒ නිසා ඔවුන්ගේ ආදායම ඉහලගොස් තිබේ.මුලින්ම එක් ගොවියෙක් අක්කර ½ ක ආරම්භ කල මිරිස් වගාව මේ වන විට විශාල බිම් ප්‍රමාණයක් දක්වා වර්ධනය කරගනිමින් වගාකටයුතු සිදුකරනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය තුලින් ගොවීන්ට අවශ්‍ය සියළුම පහසුකම් සපයන්නාක් මෙන්ම මෙම වගා බිම් ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනයක් ද සිදුකරනු ලබයි. විශේෂයෙන්ම මෙම වගා බිම් ආශ්‍රීත මාර්ග සංවර්ධනයට නිරන්තරයෙන් මෙම ව්‍යාපෘතිය හරහා දායකත්වය සපයනු ලබයි. එමගින් වගාවට අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් වගාව වෙත ගෙන ඒමටත් වගාවේ අස්වැන්න පහසුවෙන් වෙළෙඳපොළ කරා ප්‍රවාහනය කිරීමටත් හැකිවී ඇත.එ පමණක් නොව මෙම ව්‍යාපෘතිය තුලින් වගාවන් ආශ්‍රිත ප්‍රදේශ වල ජල කළමනාකරණය පිළිබඳව ද අවධානය යොමුකර තිබේ.ඒ අනුව වර්ෂා කාලයේදී මෙම ප්‍රදේශ වලට ලැබෙන ජලය මුළුමනින්ම මුහුදට ගලාගෙනයාමට නොදී එක්රැස් කරගැනීමට ද ක්‍රමවේදයන් සකස් කර තිබේ.කෘෂිකර්ම අමාත්‍යාංයේ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මෙම වගාවන් පිළිබඳව හොද අධ්‍යනයක් කරමින් සිදුකරන ලද ව්‍යාපෘතියක් වන අතර අවසානයේ එය වගාව සදහා සෘජුවම  බලපෑම් කර තිබේ.

සාමාන්‍යයෙන් එක් මිරිස් පැළයකින් සමස්ථ ආයුකාලය තුල මිරිස් 1Kg ක ප්‍රමාණයක් ලබාගතහොත් අක්කර ½ භූමි ප්‍රමාණයක නිසි පරිදි නඩත්තු කරමින් කරගෙන යනු ලබන මිරිස් වගාවකින් 13000Kg පමණ අස්වැන්නක් ලබාගත හැකිවේ. A-Park Sr iLanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ ව්‍යාපාරික ගොවීන් නිර්මාණය කිරීමයි.ඒඅනුව අද වන විට ඉතා සාර්ථක අන්දමින් එම ඉලක්කය ජය ගැනීමට හැකියාව ලැබී ඇත. මාස 2 ½ ක් පමණ ගතවූ වගාබිමකින් අස්වනු මුර 4ක් පමණ ද සාමාන්‍යයෙන් මිරිස් වගාවකින් උපරිම අස්වනු වාර 10-15 අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවේ.

 අක්කර ½  ක මිරිස් වගා බිමක් අඩි 9ක් පමණ උසැති කෘමි විකර්ෂක දැලකින් ආවරණය කර තිබේ.නමුත් මිරිස් වගාවන් පවතින සමහර ප්‍රදේශවල අධික සුළං තත්වයන් පැවතීම හේතුකොටගෙන මෙම දැල් ආවරණයට ඉහලින් කෘමීන් වගාව වෙත පැමීණීමේ ඉඩකඩ පවතින බැවින් ඒ සදහා මෙම වගා  බිම් තුල සාර්ථක උපක්‍රමයක් භාවිතාකර ඇත.එනම් මිරිස් පැළ වල මට්ටමට තරමක් උසට සිටුවන ලද ලීයක රදවන ලද මැලියම් විශේෂයක් ආලේප කරන ලද කහ පැහැති පුවරුවක් රදවයි.කෘමීන් මෙම කහ පැහැති පුවරුවට ආකර්ෂණය වන අතර එවිට එම පුවරුවේ ඇලෙයි.මෙය ඉතා සරල නමුත්  සාර්ථක උපක්‍රමයක් ලෙස හැදින්විය හැකිය.

 එමෙන්ම මෙම මිරිස් වගාවන් තුල ඉතා සාර්ථක ජල කළමනාකරණ පද්ධතියක් පවත්වාගන යන අතර ඒ තුලින් සෑම මිරිස් පැළයකටම ඉතා හොදින් ජලය ලැබේ.ඒ නිසා මිනිස් ශ්‍රමය  අවශ්‍ය වන්නේ ඉතා අඩුවෙනි.මෙකී  කරුණු සියල්ල සලකා බලන කල Lanka Super Hot වස විසෙන් තොර කාබනික වගාවක් ලෙස හැදින්වීමෙහි වරදක් නැත.දැනට තලාව,මඩකලපුව ,ගල්නෑව ,බුල්නෑව  ගම්පොල වැනි එකිනෙකට වෙනස් පාරිසරික තත්වයන් සහිත ප්‍රදේශ  කිහිපයකම මිරිස් වගාව සිදුකරනු ලබයි.මේ සදහා සියලුම මගපෙන්වීම,තාක්ෂණික දැනිම,පමණක් නොව ද්‍රව්‍යමය ආධාර පවා සපයාදෙමින් A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය සුවිශාල මෙහෙවරක් ඉටුකරයි.

ඒ අනුව ඒ ඒ ප්‍රදේශවල දේශගුණික ගැටළු,පසේ ස්වභාවයන් සියල්ල මැනවින් අධ්‍යයනය කර එක් එක් ප්‍රදේශයට ගැලපෙන මිරිස් ප්‍රභේද වගා කටයුතු සදහා හදුන්වා දී තිබේ.ලාංකේය ගොවියාගේ අත මිට සරුවීමත් වසරකට ලංකාවේ පරිභෝජනය සදහා අවශ්‍ය වන මිරිස් මෙට්‍රික්ටොන් 65000ක් ආනයනය කිරීම සදහා ලංකාවෙන් විදේශයට ගලාගිය ඩොලර් ප්‍රමාණය ඉතිරිකරගැනීමට හැකිවීමත් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග අත්වැල් බැදගත් A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය මනාව පිළිඹිබු කරන්නකි.

” අහේනියට තිත – අපි වවමු රට නගමු”

– සටහන –

ප්‍රාර්ථනා  හපුආරච්චි

සංවර්ධන  නිලධාරී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa