මොකක්ද මේ හැමෝම කියන IoT (Internet of Things)

author
2 minutes, 14 seconds Read

වර්තමානයේ, IoT (Internet of Thing) යනු මෙම යුගයේ වඩාත්ම ජනප්‍රිය සංකල්පයක් වන අතර, එය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ (ICT) අනාගත සහ පවතින සංකල්පවලට සෘජුවම බලපායි. තවද, පසුගිය වසර කිහිපය තුළ IoT 21 වන සියවසේ වඩාත්ම වැදගත් තාක්ෂණයක් බවට පත්ව ඇත. මෙම තාක්ෂණය, වර්තමාන ලෝකයට පැමිණීමත් සමඟ, අඩු මිනිස් මැදිහත්වීමකින් තොරව,රැහැන් රහිත ක්‍රම භාවිත කරමින්, ජාල කරණය ඔස්සේ, IoT උපාංග (devices) එදිනෙදා ජීවිතයේ කාර්යන් සදහා අඛණ්ඩව භාවිත කිරීමට හැකි වී ඇත.

උදාහරණ: Smart Home Applications, Baby Monitoring Applications, Smart Car System, Google Home Voice Controller

Smart Home Applications

IoT (Internet of Things) යන යෙදුම සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින නමුත්, එහි අර්ථය සහ වැදගත්කම පරිගණක කර්මාන්තයෙන් පිටත සිටින අය විසින් බොහෝ විට වැරදි ලෙස වටහාගෙන ඇත. මෙම IoT ලිපි මාලාව, IoT ආරම්භය සහ  මූලික සංකල්ප, විවිධ  IoT යෙදුම් සහ උපාංග( IoT Applications and Devices) වර්ග ,IoT යෙදුම් සහ උපාංග භාවිතයේ වැදගත්කම , IoT යෙදුම් භාවිතා කරන වත්මන් ශේෂ්ත්‍ර මොනවද, භාවිතා කරන IoT යෙදුම් සහ උපාංග වල ආරක්ෂාව පිළිබඳ පුළුල්  දැනුමක් සපයයි.

මෙම ලිපිය ඔස්සේ IoT ආරම්භය සහ  මූලික සංකල්ප ගැන ප්‍රධාන වශයෙන් අවදානය යොමු කරන අතර  IoT ආරම්භය  , IoT යනු කුමක්ද, දැනට බහුලව භාවිතාවන IoT උපාංග මොනවද, IoT උපාංග ක්‍රියා කරන්නේ කෙසේද , IoT උපාංග භාවිතයේ වැදගත්කම් මොනවද යන්න උදාහරණ භාවිතයෙන් මෙම ලිපිය මගින් තවදුරටත් පැහැදිලි කරයි.

IoT ආරම්භය

කෙවින් ඇෂ්ටන් විසින් Internet of Things’ යන යෙදුම නිර්මාණය කරන ලද්දේ 1999 දී පමණි. ඇෂ්ටන් ඔහු වැඩ කරමින් සිටි නව සංවේදක ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ ඉදිරිපත් කිරීමේ මාතෘකාව ලෙස මෙම වාක්‍ය ඛණ්ඩය ‘Internet of Things’ භාවිතා කළ අතර, එය ගැන වඩාත් අවදානයක් නොලැබුණි.

1832, පළමු විද්‍යුත් චුම්භක ටෙලිග්‍රාෆ් (first electromagnetic telegraph) නිර්මාණය කරන විට, විද්‍යුත් සංඥා මාරු කිරීම හරහා යන්ත්‍ර දෙකක් අතර සෘජු සන්නිවේදනයට ඉඩ සලසා ඇත. නමුත්, ඔවුන්ට මෙය IoT සංකල්පයට අයිති කරණවක්ද යන්න අවබෝධ කරගැනීමට නොහැකි විය. කෙසේ වෙතත්, සැබෑ Internet of Things ඉතිහාසය ආරම්භ වූයේ, 1960 ගණන්වල අගභාගයේදී අන්තර්ජාලය(Internet) සොයා ගැනීමත් සමඟය.

First IoT Connected Coca-Cola Vending Machine

ලොව ප්‍රථම IoT උපාංගය 1980 දශකයේ මුල් භාගයේදී Carnegie Melon විශ්වවිද්‍යාලය සොයා ගන්නා ලදී. විශ්වවිද්‍යාලය සිසුන් කණ්ඩායමක් තම කැම්පස් කොකාකෝලා විකුණුම් යන්ත්‍රයේ තොරතුරු (Coca-Cola vending machine’s data) ලබා ගැනීමට ක්‍රමයක් නිර්මාණය කළේ,එහි අන්තර්ගතය ජාලයක් හරහා වාර්තා කිරීමටය. ඔවුන් කෝක් කෑන් කීයක් තිබේද සහ ඒවා සීතලද යන්න වාර්තා කිරීමට යන්ත්‍රයට ක්ෂුද්‍ර ස්විචයන් (micro-switches) සවි කළේය.1990 දී ජෝන් රොම්කි පළමු වරට ටෝස්ටරයක්(Toaster machine) අන්තර්ජාලයට සම්බන්ධ කළේය.

First IoT connected Toaster machine

වසරකට පසුව, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් කෝපි පිළිබඳ වාර්තා කිරීමට වෙබ් කැමරාවක් භාවිතා කළහ. ඔවුන්ගේ පරිගණක විධ්‍යාගාර කෝපි පෝච්චියේ ඇති කෝපි ප්‍රමාණය නිරීක්ෂණය කිරීම සඳහා පළමු වෙබ් කැමරා මූලාකෘතිය භාවිතා කිරීමේ අදහස ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදී. ඔවුන් මෙය කළේ කෝපි පෝච්චියේ මිනිත්තුවකට තුන් වතාවක් ඡායාරූප ගැනීමට වෙබ් කැමරාව ක්‍රමලේඛණය කිරීමෙනි.පසුව ඡායාරූප දේශීය පරිගණක වෙත යවන ලද අතර එමඟින් කෝපි තිබේදැයි සෑම කෙනෙකුටම දැකගත හැකි විය.

Web Cam and Details of the IoT connected Coffee machine

IoT යනු 21 වන ශතවර්ෂයේ ආරම්භයේ දී මාධ්‍ය විසින් භාවිතා කරන ලද පොදු මාතෘකාවක් වූ අතර, IoT හි අනාගතය සඳහා මග පාදමින් ප්‍රධාන වර්ධනයන් කිහිපයක් විය. LG Electronics විසින් 2000 දී අන්තර්ජාලයට සම්බන්ධ ලොව ප්‍රථම ශීතකරණය හඳුන්වා දෙන ලදී. පාරිභෝගිකයින්ට අන්තර්ජාලය හරහා තම ආහාර මිලදී ගැනීමට සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට , මෙම උපකරණය ඔස්සේ අවස්ථාව සලසා දී  ඇත. භාණ්ඩ අඩු වන විට , පරිබෝගිකයාව දැනුවත් කරන අතර ,මෙම උපකරණය නිසා මිනිසුන් IoT යෙදුම්  ගැන වඩාත් අවදානයක් යොමු කිරීමට පටන් ගෙන තිබුණි.

IoT Connected World’s First Refrigerator

මෙම නව නිපැයුම 2005 දී small rabbit-shaped robot විසින් අනුගමනය කරන ලද අතර එමඟින් නවතම පුවත්, කාලගුණ අනාවැකි සහ කොටස් වෙළඳපල වෙනස්කම් වාර්තා කළ හැකිය. IoT පිළිබඳ පළමු ජ්‍යාතයන්තර සමුළුව (International Conference) 2008 දී ස්විට්සර්ලන්තයේදී පැවැත්විණි.අද වන විට IoT වෙත සම්බන්ධිත උපාංග බිලියන 27කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත, ප්‍රවීනයන් මෙම සංඛ්‍යාව 2030 වන විට උපාංග බිලියන 100 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරයි.

IoT Applications and Devices, සෞඛ්‍ය, ප්‍රවාහන, වාණිජ, ගොවිතැන්, සංචාරක, අධ්‍යාපන, ආහාර නිෂ්පාදන, කෘෂිකර්මය සහ ඉංජිනේරු වැනි සියලුම අංශවල භාවිතා වේ. පර්යේෂණ සොයාගැනීම් වලට අනුව, බොහෝ කර්මාන්ත නව තාක්ෂණයන් වෙත නැඹුරු වී ඇති අතර ඔවුන්ගේ අලෙවිකරණ සහ මුල්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා IoT Applications මගින් සහාය ලබා ගැනීමට උත්සහ කරයි.

IoT යනු කුමක්ද?

IoT Architecture

ප්‍රධාන වශයෙන්, IoT Architecture, ස්ථර තුනකින් සමන්විත වේ:

  1. Perception layer-සංවේදක(sensors),උපකරණ(devices),ක්‍රියාකරක(actuators) සහ වෙනත් උපාංග
  2. Network layer -ජාලය (Perception layer සහ Application Layer සම්බන්ධ කරයි)
  3. Application Layer –Cloud and Servers (පරිශීලකයා සමග අන්තර්ක්‍රියා කරන ස්ථරය)

මෙම IoT උපාංග (උදාහරණ: Google Home Voice Controller) ඔවුන්ගේ පරිසරය පිළිබඳ දත්ත රැස් කිරීමට Perception Layer එකේ කුඩා සංවේදක (Sensor) භාවිතා කරයි. පසුව, result එක සඳහා (උදාහරණ: AC need to increase 75F degree ) තොරතුරු නිර්මාණය කිරීම, Application Layer එකේ Data processing මගින් සිදු කරයි. මෙම Perception Layer සහ Application Layer එක අතර අන්තර්සම්බන්ධතාවය පවත්වා ගැනීමට Network Layer එක භාවිත කරයි. IoT Architecture මඟින්, දත්ත (Data) අවශ්‍ය තැනට යොමු වී ඇති බවත් සහ දත්ත (Data) නිවැරදිව සැකසී ඇති (processed) බව සහතික කිරීම මගින් එහි විශ්වෂනීත්වය තහවුරු කර හැක. නිසි IoT Arcitecture එකක් නොමැතිව, ජාලය(Network) විශ්වාස කළ නොහැකිය.

IoT සංකල්පයේ වඩාත්ම වාසිය වන්නේ රැහැන් රහිත (Wireless) භාවිතයයි. මෙම සංකල්පය, Perception Layer එකට අයිති භෞතික Smart සංවේදක (Physical Smart Sensors), ඩිජිටල් උපාංග (Digital Devices), සහ ක්‍රියාකාරක (Actuators) භාවිතා කරමින් , Network Layer එක හරහා ස්වයංක්‍රිය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය සපයයි. Internet of Things, වෙබ් තාක්ෂණය (Web Technology) සහ ජාලකරණයේ දිගුවක් (Extension of Networking) ලෙස සඳහන් කළ හැක.

උදාහරණයක් මගින් IoT තාක්ෂනය ගැන ඉගෙන ගනිමු.

Google Home Voice Controller

මෙහිදී ,Voice Command (උදාහරණ: “Hey Google, set my AC to 72 degree ”) එක අදානයක්(Input) ලෙස ලබාගන්නා අතර ,එම සකස් නොකරන ලද දත්ත cloud වෙත ජාලකරණය  ඔස්සේ යවනු ලැබේ.එම දත්ත Data processors මගින් සකසන අතර  Network Layer හරහා වායුසමීකරණ යන්ත්‍රය හා සම්බන්ධ  වී Voice Command එක ක්‍රියා කරයි.

IoT උපාංග

  1. ස්මාර්ට් නිවෙස් (Smart homes Application and Devices )
  2. ස්මාර්ට් නගර (Smart city Application and Devices)
  3. ස්වයං ධාවනය වන මෝටර් රථ (Self-driven Cars)
  4. IoT සිල්ලර වෙළඳසැල් (IoT Retail Shops)
  5. ගොවිතැන් යෙදුම් සහ උපාංග ( Farming Application and Devices)
  6. ස්මාර්ට්  පළදන Wearables (Ex: Smart watch)
  7. ස්මාර්ට් ජාල (Smart Grids)
  8. කාර්මික අන්තර්ජාලය(Industrial Internet)
  9. Telehealth
  10. ස්මාර්ට් සැපයුම් දාම කළමනාකරණ යෙදුම් සහ උපාංග (Smart Supply-chain Management Application and Devices)
  11. රථවාහන කළමනාකරණ යෙදුම් සහ උපාංග (Traffic Management Application and Devices)
  12. ජල හා අපද්‍රව්‍ය කළමනාකරණ යෙදුම් සහ උපාංග (Water and Waste management Application and Devices)
  13. Google Home Voice Controller
  14. Amazon Echo Plus Voice Controller
  15. Amazon Dash Button
  16. August Doorbell Cam
  17. August Smart Lock
  18. Kuri Mobile Robot
  19. Particle Photon Wi-Fi with Headers
  20. NETGEAR Orb

    

Google Home Voice Controller
Kuri Mobile Robot
IoT Retail Shop

IoT උපාංගවල වැදගත්කම

  1. වඩා හොඳ තීරණ ගැනීම(Better Decision Making)

උපාංගවලට බහු සංවේදක ඇති බැවින්, ඒවාට බොහෝ මූලාශ්‍රවලින් සැලකිය යුතු දත්ත ලබා ගත හැකි අතර, ලැබුණු දත්ත මත ක්‍රියා කරන විට, වැඩ කිරීමට වැඩි තොරතුරු ලබා දේ.උදාහරණයක් වන්නේ ස්මාර්ට්ෆෝන් (Smartphone) ය. උපාංගය ස්වයංක්‍රීයව එහි අතුරු මුහුණත මත ඔබගේ හැසිරීම් නිරීක්ෂණය කරන අතර ඔබගේ ක්‍රියාකාරකම්, ස්ථානය සහ වයස මත පදනම්ව යෝජනා ඉදිරිපත් කරයි.

  • තත්‍ය කාලීන ලුහුබැඳීම සහ අධීක්ෂණය Real-time Tracking and Monitoring

Real-time Tracking and Monitoring පද්ධති සඳහා ඇති හැකියාව අතිමහත්ය. IoT Tracking මගින්, වාහන, නැව්, සොරකම් කරන ලද භාණ්ඩ හෝ නැව්ගත කිරීමේ බහාලුම් වැනි ඕනෑම දෙයක් නිරීක්ෂණය කිරීමට, කාර්යක්ෂම මාධ්‍යයක් සපයයි.විශේෂිත IoT Tracking උපාංගවලට(Special IoT Tracking System) පරිසරයේ වෙනස්කම් පවා හඳුනාගත හැකිය.

  • ස්වයංක්රීයකරණය (Automation)

IoT සොයාගැනීම සඳහා විශාල හේතුවක් වන්නේ දෛනික ජීවිතයේ පහසුව උදෙසාය. දෛනික කාර්යයන් ස්වයංක්‍රීය කරන ස්මාර්ට් උපාංග මිනිසුන්ට වෙනත් ක්‍රියාකාරකම් කිරීමට කාලය සහ  ඉඩ සලසයි. ස්මාර්ට්ෆෝන්, අපට ලොව පුරා සිටින පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසයි. අපට පණිවිඩ යැවිය යුත්තේ කවදාදැයි schedule කළ හැකි අතර අප විසින්ම එය වැළකීමට commands භාවිතා කළ හැක.

  • වඩාත් කාර්යක්ෂම පුද්ගලික සහ ව්‍යාපාරික කාර්යයන්(More Efficient Personal and Business Tasks)

වෙබ් පාදක උපාංග මිනිසුන්ගේ මුදල් සහ කාලය ඉතිරි කරයි. මෙයට, වැඩ කාලසටහන් සැලසුම් කිරීම, කාලය නිරීක්ෂණය කිරීම, ඵලදායී සන්නිවේදනය සහ දෛනික කාර්යයන් සඳහා මතක් කිරීම් සැකසීම ඇතුළත් වේ.

ඉදිරි සතිවලදීත් , අලුත් IoT මාතෘකාවක් සමගින් එකතුවෙමු.

සාකච්ඡා කලේ – පි.ආර්.එච්.එස්.වී. තිලකරත්න

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa