මොකද්ද මේ INDUSTRY 4.0 කියන්නේ,

author
1 minute, 14 seconds Read

පසුගිය සතියේ දී අපි ඔබත් සමග කතාබහ කළේ කාර්මික විප්ලව ඉතිහාසයේ ඇරඹුම පිළිබඳවයි.

එසේ නම් අද අප සූදානම් වන්නේ වර්තමාන ලෝකය තුළ සිදුවෙමින් පවතින හතරවැනි කාරමික විප්ලවය පිළිබඳව ඔබත් සමඟ කතාබහ කිරීමටයි.

ඊට පළමුව හතරවන කාර්මික විප්ලවය යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි හඳුනාගනිමු.

හතරවැනි කාර්මික විප්ලවය යනු, වර්ෂ 2000 මුල් අවධියෙන් පසු යන්ත්‍ර, තොරතුරු තාක්ෂණය සහ අන්තර්ජාලය ඇතුළු Smart System එක්ක සිදු වූ විපර්යාසයකි. පරිගණක අනුසාරයෙන් කරන ක්‍රියා කරන දේ බුද්ධිමත්, කෘතිම පරිගණක පද්ධතියකට පරිවර්තනය කරමින් අදාළ කටයුතු සිදු කිරීම තමයි හතරවන කර්මාන්ත විප්ලවය ලෙසින් අප හඳුන්වනු ලබන්නේ.

හතරවෙනි කාර්මික විප්ලවය තුළ මිනිසුන් විසින් භාවිත කරන තාක්ෂණය විශාල වශයෙන් වැඩිදියුණු වීමක් සිදු වෙලා තිබෙනවා.

ඒ අනුව හතරවැනි කාර්මික විප්ලවය තුළින් බිහිවූ නව තාක්ෂණික මෙවලම් මොනවාද යන්න මෙතැන් සිට විමසා බලමු.

හතරවැනි කාර්මික විප්ලවයේ දී ප්‍රධාන වශයෙන්  හඳුනාගත හැකිය තාක්ෂණයන් කීපයක් තියෙනවා.

IOT (INTERNET OF THINGS)

IOT කියන මාතෘකාව හතරවන කාර්මික විප්ලවය තුළ ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

IOT (internet of things) යනුවෙන් හඳුන්වනු ලබන්නේ අන්තර්ජාලයේ භාවිත කරන අජීවී උපාංග. උදා – Smart ජංගම දුරකථනය වැනි උපාංග.

මෙහි දී Google එක හරහා voice command එකකින් අපිට අවශ්‍ය තොරතුරු සොයා දීමේ හැකියාව හෝ අපට අවශ්‍ය සේවාව ලබා දීමට කටයුතු කරනවා.

Smart ජංගම දුරකථනය Bluetooth හෝ වෙනත් Smart උපාංගයකට (යන්ත්‍රයක් තවත් යන්ත්‍රයක් හරහා) සම්බන්ධ වෙමින් ස්වයංක්‍රීයව අන්තර්ජාලය හරහා අපට අවශ්‍ය සේවාව ලබාදීම තමයි IOT ලෙස අර්ථ දක්වන්නේ. IOT වලදී  Smart Phones, Smart Cities, Smart Homes, Smart Fridge, Smart Vehicles වැනි Smart උපාංගයක් රැසක් පිළිබඳව කතාබහ කෙරෙනවා.

උදාහරණයක් විදිහට, Smart Fridge උපාංගය තුළින් අප ශීතකරණය තුල කිරි පැකට්ටුවක් ගබඩා කිරීමේ දී එහි කෝඩ් එක හරහා කල් ඉකුත් වීමේ දිනය ස්කෑන් කරනු ලබනවා. ඒ අනුව එම කිරි පැකට්ටුව කල් ඉකුත් වෙන්න ආසන්න නම් අදාළ Smart Fridge යේ තිරයේ අදාල කිරි පැකට්ටුව කල් ඉකුත් වීමට ආසන්න බව පෙන්නුම් කරනවා. ඒ වගේම ශීතකරණය තුළ ආහාර ද්‍රව්‍ය අවසන් නම් අදාළ ශීතකරණයට හැකියාව තියෙනවා අපගේ උපදෙස් මත online stores හරහා ශීතකරණයේ තුළ අවසන් ආහාර ද්‍රව්‍ය නිවසට ඇනවුම් කරන්න.

මෙයා ආදී වශයෙන් Smart ගොඩනැඟිලි අද ලෝකය තුළ තියෙනවා. දැනට ලෝකයේ ඇති ස්මාට් ගොඩනැගිල්ල ලෙස සලකනු ලබන්නේ ඇම්ස්ටර්ඩෑම්වල නිර්මාණ කරන ලද Edge නැමති ගොඩනැගිල්ලයි.

මේවන විට සෞදි අරාබිය අලුතෙන් නිර්මාණය කරනවා The Line කියලා smart city එකක්. එය දිගු අතට නිර්මාණය වුණු කිලෝ මීටර 25ක් පමණ ප්‍රමාණයකින් යුත් නගරයක්. ඕනෑම පුද්ගලයෙකුට තමන් අවශ්‍ය මූලික පහසුකම් විනාඩි 05ක කාලයක් තුළ ලබාගන්න පුළුවන් නගරයක්.

මේ ආකාරයට ලෝකයේ බොහෝ රටවල smart city concept එකත් ඉදිරියට යනවා. ඒ වගේම Google homes නමින් තවත් නව තාක්ෂණයක් තිබෙනවා. ඒ උපකරණය හරහා ඔබට පුළුවන් අන්තර්ජාලය හරහා ගෙදර පද්ධතියට voice command තුළින් සම්බන්ධ වී නිවසේ ඇති සියලුම විදුලි උපකරණ නිවසේ සිට හෝ නිවසෙන් පිටත සිට පාලනය කිරීමට.

වැඩිදුර විස්තර

AI (ARTIFICIAL INTELLIGENCE)

AI (Artificial intelligence) ලෙස හඳුන්වන්නේ කෘතිම බුද්ධියයි. IOT වලට වඩා ගැඹුරින් සිතා කටයුතු කිරීමේ හැකියාව AI තාක්ෂණයට තිබෙනවා.

උදාහරණයක් ලෙස, වොට්සන් නමින් IBM ආයතනය මගින් කෘතිම බුද්ධි මෙවලමක් නිෂ්පාදනය කර තිබෙනවා. ඔබට යම් උණ, හිසරදය, කැරකිල්ල වැනි රෝග ලක්ෂණයක් ඇත්නම් ඔබට හැකියාව තියෙනවා මෙම කෘතිම බුද්ධිය මගින් ඔබේ රෝගයට අදාළ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

එසේ මේ දිනවල බොහෝ දෙනා අතර කථා බහ වෙන Chat GPT ලෙස හඳුන්වන තවත් කෘතිම බුද්ධි මෙවලමක් බිහිවී තිබෙනවා.

උදාහරණයක් විදියට Chat GPT වෙත voice command එක ලබා දීම තුළින් මේ හරහා හැකියාව තිබෙනවා වචන භාවිත කරමින් ලිඛිතව අපට අවශ්‍ය දේ සිදුකොට දෙන්න.

උදාහරණයක් වශයෙන්, Chat GPT මගින් රට ගැන රචනාවක් ලියන ලෙස voice command එකක් දුන්නොත් මේ හරහා  තත්පර කිහිපයකින් ඉතාමත් හොඳ මට්ටමින් අදාළ රචනාව තිරයේ ලියා පෙන්නුම් කරනවා.

ROBOTICS

රොබොටික්ස් හතරවන කාර්මික විප්ලවය තුලින් බිහිවූ තවත් තාක්ෂණික මෙවලමක්.

මෙම රොබෝවරුන් සතු සුවිශේෂත්වය තමයි පුද්ගලයකුගේ යම් යම් කාර්යයන් ඉෂ්ට කරල දෙන්න මොවුන්ට හැකියාව තිබෙනවා.

වර්තමාන ලෝකයේ රොබෝවරු මෙහෙකාරයන්, ආරක්ෂකයින්, සුරතලුන් ආදී වශයෙන්  විවිධ ආයතන මගින් නිර්මාණය කොට  තිබෙනවා.  විශේෂයෙන්ම ලෝකයේ සමහර රාජකාරීන් වල පවා මෙම රොබෝවරුන් යොදා ගන්නා අවස්ථාවනුත් තිබෙනවා.

උදාහරණයක් විදියට, සමහර මානුෂීය මෙහෙයුම් වලදී හෝ බෝම්බ නිෂ්ක්‍රීය කිරීම්වලදී පුද්ගලයෙක් වෙනුවට රොබෝ කෙනෙක් යොදවා ඒ අදාල ක්‍රියාව සිදුකර ගන්නා අවස්ථා තිබෙනවා.

ඒ වගේම හතරවෙනි කාර්මික විප්ලවයේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඇඟලුම් කර්මාන්තවල මැහුම් යන්ත්‍ර වශයෙන් රොබෝවරුන් ක්‍රියා කරන අවස්ථාවන් ද තිබෙනවා. එවැනි රොබෝවරුන් අප හදුන්වන්නේ Sewbots නමිනි. මෙවැනි දේ අද ලෝකය තුළ බහුල වශයෙන් භාවිත වෙනවා. මෙයින් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වන අතර අපගේ ජීවන රටාවේ යම් යම් අවස්ථා වෙනස් වෙනස් වීමටත් මෙය හේතුවක් වනවා.

3D PRINTING

මේ සමඟම එකතු වෙලා තියෙන තවත් තාක්ෂණයක් තමයි 3D Printing (ත්‍රිමාණ මුද්‍රණය) කියන්නේ.  මින් ඔබගේ ශරීරයේ අවයවයක්, කුමන හෝ දෙයක් එලෙසෙම කිසිම ගැටලුවක් නොවන අන්දමින් මුද්‍රණය කිරීමේ හැකියාව මෙම තාක්ෂණයට පවතිනවා. සාමාන්‍යයෙන් අප ලබාගන්නා මුද්‍රණ පිටපතට වඩා ත්‍රිමාණ මුද්‍රණය කිරීම මඟින් සර්ව සම්පූර්ණ නිර්මාණයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

CYBERNETIC

Cybernetic යනු යන්ත්‍රයක් සහ පුද්ගලයෙක් එකට සම්බන්ධ කිර්මයි. මෙම තාක්ෂණික සංකල්පයේ නිර්මාතෘ වනුයේ Norbert Wiener නම් පුද්ගලයාය. 1948 දී Norbert Wiener මෙය ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව cybernetics ලෙස හදුන්වනු ලබන්නේ සජීව පද්ධතියක් අජීවී පද්ධතියකට සම්බන්ධ කරන තාක්ෂණයයි.

උදාහරණයක් විදිහට අපේ හෘදයේ යම් රෝගී තත්ත්වයක් හඳුනා ගැනීමට අප pacemaker යන්ත්‍රය යොදා ගනු ලබනවා . මෙය පරිගණක පද්ධතියට සම්බන්ධ කිරීම මඟින් අපට පුළුවන් මේ හරහා හෘදයේ රෝගී තත්ත්වය පිළිබඳව යම් නිරීක්ෂණයක් කරන්න.

මෙවැනි ආකාරයට විවිධ නව තාක්ෂණය බොහොමයක් අද වන විට ලෝකය තුළ නිර්මාණය කොට තිබෙනවා.

BIGDATA

Bigdata තාක්ෂණය ඔස්සේ දත්ත විශාල ප්‍රමාණයක් ගෙන ඒවා ගැඹුරින් අධ්‍යයනය කොට අපට පුළුවන් අනාගතයට අදාල අනාවැකි පල කරන්න. සමහර විට අපි ගත්තොත් එහෙම කාලගුණ විපර්යාසය, යම් යම් පුද්ගලයන්ගේ හැසිරීම් රටාවන්, යම් යම් මූල්‍ය ගනුදෙනු වලදි අනාගතයේ වෙන්න පුළුවන් දේවල් ගැන අපිට යම් යම් අනාවැකි පල කරන්න පුළුවනි.

මේ ආදී වශයෙන් big data කියන තාක්ෂණය කෘෂිකර්මයට, කාලගුණයට, ආර්ථික හා මූල්‍ය අංශ වල කටයුතු සඳහා යොදා ගන්නට පුළුවනි.

BLOCKCHAIN

ඉදිරියේ දී අපි සමහර වෙලාවට මුදල් ඒකකයක් වෙනුවට cryptocurrencies (ඩිජිටල් මුදල්) ඒකක භාවිතයට යොමු වන්නට පුළුවනි. එම තාක්ෂණය  Block chain නමින් හඳුන්වයි.  මෙම තාක්ෂණය තුළින් අපට බොහෝ දේ කරන්නට පුළුවනි.

අප ගනුදෙනු කරන්නේ සල්ලි වලින් හෝ බැංකුවකින් නොවෙයි නම් භාවිතා කරන මුදල් ඒකකය ලෝකයේ ඕනම රටට පිළිගන්නවා නම් ඒ මුදල් ඒකකය අප රට යනකොට ඩොලර් හෝ වෙනයම් මුදල් එකකයට මාරු කරන්න අවශ්‍ය නැත්නම් හෝ එම මුදල් ඒකකය කිසිදු පුද්ගලයකුට  අයිති නැති නම්  නම් එතකොට කාටවත් බෑ මේක පාලනය කරන්න. කාටවත් බෑ මෙයට අභියෝග කරන්න.

නමුත් රජයන් විසින් මේ සම්බන්ධව යම් යම් මත ඵල කරල තිබෙනවා. මෙම මුදල් පාලනය කිරීම නොහැකි බවත්, මෙවැනි මුදල්  මුදල් ඒකක  භාවිත කරමින්  මූල්‍ය සොරකම්, විවිධ වංචා, මුදල් විශුද්ධිකරණයට,  ත්‍රස්තවාදයට භාවිත කළ හැකි අන්දමේ අවදානම් පවතින බවත් ආදී වශයෙන්  යම් යම් කෝණවලින් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ කනස්සල්ල ප්‍රකාශ කොට තිබෙනවා. නමුත් ඔබ දැනගත යුතු වන්නේ මෙම තාක්ෂණයත් හතරවැනි කර්මාන්ත විප්ලවයට සම්බන්ධ බවයි.

ඊට අමතරව ඩ්‍රෝන් තාක්ෂණය වැනි තාක්ෂණික නව මෙවලම් බොහෝමයක් මේ වන විට ලෝකයේ ඇතිවෙලා තිබෙන අතර ඒ සමඟ අපේ කර්මාන්තයට, අප නිෂ්පාදන ක්‍රියාවලියට, අපේ ජීවන රටාවට, අපේ සාමාන්‍ය ජන ජීවිතයට, ලොකු වෙනස්කම් ඇතිවෙලා තිබෙනවා.

උදාහරණයක් වශයෙන්, මේ හැම දෙයක් ම එකකට එකක් සම්බන්ධයි. ස්මාර්ට් ජංගම දුරකථනයෙන් AI , IOT යන තාක්ෂණයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීමේ හැකියාව මේ වන විට පවතිනවා.

ඉදිරි කාලවලදී මිනිසාගේ සිතුවිලිවලින් හෝ මිනිස් ශරීර අවයව  බද්ධ කිරීමට මෙන්ම ඒවා පාලනය කිරීමටත් නව තාක්ෂණය මඟින් හැකියාව ලැබේවි.

 මෙහි වැදගත්ම දේ තමයි පළවෙනි විප්ලවය සිදු වීමට අවුරුදු සියයක කාලයක් ගත වූ අතර දෙවැනි විප්ලවයේ සිට තෙවැනි විප්ලවයට අවුරුදු සියයක පමණ කාලයක් ගත වී තිබුණා.

නමුත් තුන්වන විප්ලවයේ සිට හතර වෙන විප්ලවය සිදු වීමට ගත වී ඇත්තේ අවුරුදු 50 ක වැනි කෙටි කාලයක්.

ඒ අනුව පැහැදිලි වන්නේ පරිගණක තාක්ෂණයේ සහ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකයේ සියලුම දේ ඉතා ඉක්මනින් වෙනමම මානයකට ගොස් ඇති බවයි.

එසේනම් ලබන සතියේ දී අපි සූදානම් වන්නේ මෙරට ආර්ථිකය කෙරෙහි හතරවෙනි කාර්මික විප්ලවයෙන් සිදුව ඇති බලපෑම පිළිබඳව ඔබත් සමඟ කතාබහ කිරීමටයි.

සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally. 

සැකසුම – බිනාලි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa