වඩු කර්මානතයේ යෙදෙන්නේ පිරිමින් වුනත් , අවුරුදු 27 ක් වුන මේ දියණිය යතු කැටය අතට ගත්තා. ඇය සුභාෂිනී කුලරත්න. බොහෝ දෙනා ඇය ආමන්ත්‍රණය කරන්නේ “ බාෂි ” යන නමින්.
මම පුංචි කාලයේ ජීවත් වුනේ පිළිමතලාවේ. අපේ අප්පච්චි මේ ප්‍රදේශයේ ලී බිස්නස් එකක් පවත්වා ගෙන ගියා. ඒ නිසා මම පුංචි කාලයේ පිළිමතලාවේ ධීරානන්ද විද්‍යාලයේ ඉගෙණුම ලැබුවා. අපේ අප්පච්චිගේ ගම තලාතුඔය ප්‍රදේශයේ. ඒ නිසා අපි තලාතුඔය ප්‍රදේශයේ ස්ථිර පදිංචියට ගියා.
එතැනින් පසුව මම සාමාන්‍ය පෙළ විභාගය දක්වා අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ඉගණෙුම ලැබුවා. උසස් පෙල විද්‍යා විෂය ධාරාව සඳහා තලාතුඔය මධ්‍ය මහ විද්‍යාලයට ඇතුලත් වුණා. මම ඊට පසුව අනුරාධපුර කෘෂිකර්ම විදාලයෙන් භඪූ 5 සහ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙන් NVQ 6 Higher National Diploma of agriculture production Tecnolgy පාඨමාලාව සම්පූර්ණ කළා.
Bashi home decaration කියන්නේ..
ඒ මගේ සන්නාමය…
ඔබ ව්‍යාපාරික මටට්මට යොමු වුනේ කොහොමද?
මම දැනට මේ ව්‍යාපාරය පටන් ගෙන අවුරුදු එක හමාරක් පමණ වෙනවා.මුලින් මම දන්නා අඳුනන අයට යම් නිෂ්පාදන හදලා දුන්නා. ඉතින් මේ විදිහට කරද්දී මට හිතුනා මේ කටයුත්ත ව්‍යාපාරික මට්ටමින්ම පටන් ගන්න. ඒ නිසා මම ෆේස් බුක් : ( face book ) හරහා දැන්වීමක් දැම්මා. ඒ අනුව ලැබෙන ඇනවුම් බාර ගෙන අලෙවි කරන්න පටන් ගත්තා..

ෆේස් බුක් හරහා ඔබේ ජනප්‍රියත්වය..
ඇත්තෙන්ම කිව්වොත් ෆේස් බුක් පේජ් එක හරහා මට යම් යම් ඇනවුම් ලැබුණා. නමුත් ව්‍යාපාරයක් ප්‍රවර්ධනය වෙන තරමට ඒ ඉල්ලුම මදි බව මට හිතුනා. ඊට පස්සේ මම “Tik Tok ” එකක් කළා. මම හිතුවටත් වඩා මේ “Tik Tok ” එක ජනප්‍රිය වුණා. දැන් මට විශාල වශයන් ඇනවුම් ලැබෙනවා. මට ඇනවුම් බොහොමයක් ලැබෙන්නේ ඔන්ලයින් හරහා. තමන්ට අවශ්‍ය මෝස්තරය දුන්නාම දින 10 ක් පමණ කාලයකින් පසුව ඒ අයගේ නිෂ්පාදනය ලබා දෙන්න මට පුළුවනි. ලොකු ඇනවුමක් ලැබුනාම අප්පච්චිත් හවුල් කර ගෙන කටයුතු කරනවා.
ඔබේ ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂය වුනේ “Tik Tok ” කිව්වොත් නිවරැදියි නේද ?
සහතිකවම ඔව් කියන්න පුළුවනි. “Tik Tok ” ඉතාම හොඳ විදිහට භාවිතා කරන්න පුළුවනි. ඒ ගැන අපි දැණුවත් වීම වැදගත්. සමාජ මාධ්‍ය ජාලා තුළ තමන්ගේ කියන නම ගොඩ නගා ගන්න හොඳම අවස්ථාවක්. නමුත් අපි හරි විදිහට භාවිතා කිරීම වැදගත්.

අපි ඉගෙන ගන්න දෙයින්ම රැකියාවක් කරන්න ඕ්න කියල නියතයක් කොතනකවත් නැහැනේ. ඒ වගේම වඩු වැඩ කර්මාන්තය ගැන මම කිසිම පුහුණුවක් ලබා ගෙන නැහැ. ඒත් මගේ මුල් ගුරුවරයා මගේ අප්පච්චි. අපට වඩු මඩුවක් තිබුණා.මම පුංචි කාලයේ ඉඳන්ම සෙල්ලම් කලේ ලී වැඩ සමග කිව්වොත් නිවරැදියි. අප්පච්චි වැඩ කරන කොට මම බලාගෙන හිටියා. පුංචි පුංචි අත් උදව් දුන්නා. මගේ එකම සෙල්ම් ගෙය වුනේ අපේ වඩු මඩුව.

ඔබ වඩු කර්මාන්තයේ නියැලීම ගැන මව්පියන්ගේ අදහස…
මම උසස් අධ්‍යාපනයක් ලබා ගෙන වඩු කර්මාන්තයේ නියැලීම ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. නමුත් මම ඉතාම සතුටින් මගේ කර්මාන්තය ගැන කථා කරනවා. අපේ රටේ වඩු කාර්මික යන වෘත්තියට සමාජයේ පිළිගැනීමක් නැති වුනාට විදේශීය රටවල පුද්ගලයන් ” I’m a carpenter ” කියන්නේ විශාල අභිමානයකින්. අපේ රටේ ඒ අභිමානය වඩු කර්මාන්තයට නැති බව නම් කනගාටුවෙන් යුනනත් කියන්න ඕන. සමහර දරුවන් පවා තමන්ගේ පියා වඩු කාර්මිකයෙක් කියන්න ලැජ්ජයි. නමුත් මේ වෘත්තීය බොහොම වටිනා ශිල්පියෙක්. ඒ වගේම කලාවක්.
සටහන –
පුන්‍යා චාන්දනී ද සිල්වා
