“ලංකාවේ දැවැන්තම වේදිකාව මත ලංකාව නියෝජනය කරමින් Mrs. Tourism 2025 ලෙස කිරුල පැළදූ එක මට මහත් ආඩම්බරයක්” දිල්රැක්ෂි

author
0 minutes, 15 seconds Read

ලාංකේය නිරූපණ ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් වසරේ විශාලතම Miss Teen රුවැත්තියට හිමි කිරුළ ලබාදෙන Miss Teen Sri Lanka 2025  තරගය පසුගියදා මීගමුවේ ඇවෙන්රා ගාඩ්න්ස් හෝටල් පරිශ්‍රයේ අති උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණා. ඉතාමත් සුන්දර රුවැත්තියන් පිරිවරා පැවැති එම අවසන් මහා තරගයේදී Mrs Tourism 2025 ලෙස අභිශේෂ ලැබීමට දිල්රැක්ෂි ධර්මසිරි නම් ඇයට හැකියාව ලැබුණා. 

එසේනම් මේ කතා බහ ඇය සමගයි.

මුලින්ම ඔබ ගැන කතා කරමු.

මම දිල්රැක්ෂි ධර්මසිරි. මම මෙවර Mrs Tourism 2025 තරගයේ අපේ රට නියෝජනය කරමි. වෘත්තීමය වශයෙන් මම රජයේ පාසලක උසස් පෙළ අංශයේ ගුරැවරියක ලෙස සේවය කරනවා. දරැවන් දෙදෙනෙකුගේ මවක් වන අතර මම කාර්යයබහුල ගෘහණියකි. මගේ ස්වාමියා වෙළද නාවික ඉංජිනේරුවරයෙක්. ඔහු බොහෝ සෙයින් මගේ මෙම තරඟය සදහා මට සහාය දැක්වූවා.

Miss Teen Sri Lanka 2025 තරඟයෙන් Mrs. Tourism Sri Lanka ලෙස අභිෂේක ලැබීම පිළිබඳව ඔබට හිතන්නේ? 

මෙවර Miss Teen sri lanka තරඟය ඉතා උත්කර්ෂවත් අන්දමින් ඇවෙන්රා ගාඩ්න්ස් හෝටල් පරිශ්‍රයේදි සිදු වුණා . ලංකාවේ දැවැන්තම වේදිකාව මත ලංකාව නියෝජනය කරමින් මම එදා මිසිස් ටුවරිසම්ලෙස  කිරුල පැළදපු එක මට මහත් ආඩම්බරයක් වගේම මහත් සතුටක්. 

මෙවැනි තරඟයකට සහභාගී වීමට හිතුවේ ඇයි?

ඇත්තටම ඒක මුලින්ම ඇති වුණේ ලොකු ආසාවක්. නමුත් මේ ක්ෂේත්‍රයට ආ පසු තේරුනේ ඒක ලොකු වගකීමත් කියලා. රූ රැජිනක් වශයෙන් එතනින් ඔබ්බට යමක් තිබෙන බවක් පෙනුනා. අපේ රට  වෙනුවෙන් අප විශාල සේවයක් කල යුතු බව මම තේරුම් ගත්තා. ඉතින් ඒ වගකීම ගැනීමට මම දැන් සුදානම් .

අනෙකුත් නිරූපණ තරග සහ Miss Teen Sri Lanka  තරඟය අතර ඔබ දකින වෙනස කුමක්ද ? 

අනෙකුත් නිරූපණ තරග මම දැක තිබෙනවා මම ඒ ගැන අසා තිබෙනවා. නමුත් miss teen srilanka කියන්නේ වෙනම වයිබ් එකකින් සිදුවුන බ්‍රෑන්ඩඩ් පැජන්ට්ස් එකක්. අති දැවැන්ත ලෙස එය අපගේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර මහතා ඇතුලු  කණ්ඩායම එය සාර්ථක ලෙස නිම කලා.

තරඟ සංවිධායකවරුන් පිළිබඳව ඔබේ අදහස 

මම හිතන්නේ ලංකාවේ ලබාලතම කඩවසම් ජාතික අධ්‍යක්ෂ සමග මෙවැනි ගමනක් යාමට අපිත් වාසනාවන්ත වෙන්න ඕන. චරිත් ගුණසේකර මහතා ඇතුලු කණ්ඩායම බොහෝ සෙයින් ඉතා කාරැණිකව මේ ගමන යන්න අපට උදවු කරනවා. අපට බොහොම ගෞරවයෙන් සලකනවා. එතුමා අවංකව තම රාජකාරිය ඉටු කරන පුද්ගලයෙක්. එතුමා මම ඉතා ආදරෙන් ගෞරවයෙන් මේ වෙලාවෙදි මතක් කරනවා.

මෙවැනි තරඟයක් පැවැත්වීම පිළිබඳව විශේෂ ස්තූතිය.

මම මුල සිට සදහන් කල ආකාරයට අපගේ ජාතික අධ්‍යක්ෂතුමා වන චරිත් ගුණසේකර මහතා ඇතුලු කණ්ඩායමට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

නම් වශයෙන් සදහන් කලොත් ඉසුරු ගුණසේකර මහතා ,චාමිකා කෞෂල්‍යා මිය, අනුෂි ගුණරත්න මහත්මිය,නිරෝෂා ප්‍රියදර්ශනි මහත්මිය ඇතුළු සියලුම කාර්යය මණ්ඩලයටත් මාගේ ස්තුතිය පුද කරනවා. 

ඒ වගේම මගේ මහත්තයා සහ දරුවෝ දෙන්නා මට ලොකු සහයක් දක්වනවා ඒ අය නිසා තමයි මගේ ගමන මේ ආකාරයට සාර්ථක වෙන්නේ. ඒ අයවත් මම ආදරයෙන් මතක් කරනවා. තව ද මට ගුරුහරුකම් ලබාදෙන වාගීෂ බණ්ඩාර ගුරැතුමාවත් මම ආදරෙන් සිහිපත් කරනවා.

ඒ වගේම මට මෙම අවස්ථාව ලබාදුන් කොළම්බු ජර්නල්  ආයතනයේ බිනාලි මහත්මියටත් මම ස්තුතිවන්ත වෙනවා. 

මෙලෙස නම් කී නොකී නොයෙක් ආකාරයෙන් වචනයකින් පවා උපකාර කල සියලු දෙනාටම මම මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිනවා.

ඔබේ ඉදිරි කටයුතු

මම සහභාගි වෙන්නේ Mrs tourism යන තරගය සදහා බැවින් ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සහ එය තව දුරටත් නගා සිටුවීමටත් දායක වීමටත් මම බලාපොරොත්තුවෙන අතර මෙවර Mrs tourism හි තේමාව වන්නේ A mother who cares for the world  යන්නයි.

මෙම තේමාව යටතේ අපේ රට වෙනුවෙන් කල හැකි කල යුතු දේවල් රාශියක් මම මේ වන විට සැලසුම් කර තිබෙනවා.

සටහන – බිනාලි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa